ඉන්දියාව කියන්නෙ කොහොමත් අපේ මේ දාම ඝාතන ගැන, මිනීමැරුම් ගැන කතාකරන ආටිකල් සීරීස් එකට විවිධ මාතෘකා කාලාන්තරයක් තිස්සෙ සපයපු රටක්නෙ. ඉතින් ඔන්න අද අරගෙන එන මේ කාන්තාවන් ඝාතනය කරන අති බිහිසුණු ලොරි ඩ්‍රයිවර් කියන ආටිකල් එකේ කතාව ඇහෙන්නෙත් ඉන්දියාවෙන්.
මේ කතාවට සමබන්ධ වෙන දාම ඝාතකයාව මුලු ලෝකෙම වගේ හඳුන්වන්නෙ Psycho Shankar කියලා. Psycho Shankar කියන දාම ඝාතකයාගෙ නම M. Jaishankar.
ජයමණී අතුරුදහන් වෙලා
කතාව පටන් ගන්නෙ 2009 අගෝස්තු 29 වෙනිදාවකින්. එදා ඉරිදා දවසක්. තමිල්නාඩුව තිබ්බෙ හරිම කලබලකාරී පරිසරයක. ඒකට හේතුව උනේ මේ ප්‍රදේශයේ තියෙන උත්සවයකට නියෝජ්‍ය මහ ඇමති තුමා එන එක. මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් මේ උත්සවය වෙනුවෙන් සහභාගි වෙන හන්දා ලොකුම ලොකු පොලිස් ආරක්ෂාවකුත් මේ වෙනුවෙන් සපයලා තිබුණා. එදා මේ උත්සවය ඉවරවෙලා සියලුම පොලිස් නිලධාරින් විසිර යන්න සූදානමක හිටියට ඒ ප්ලෑන් එක ඒ විදියටම කරන්න වෙන්නෙ නෑ. මොකද මේ විදියට සේවයේ යොදවලා ඉඳපු එක පොලිස් කොස්තාපල් වරියක් හදිසියෙම අතුරුදහන් වෙන එක නිසා.
එයාගෙ නම ජනමණී. කොච්චර රෑ වෙලා තිබුණත් අනික් සියලුම පොලිස් නිළධාරින් ඉන්නෙ කලබල වෙලා මොකද මේ ජයමණීගෙ අතුරුදහන් වීම නිසා. එතන රැස්වෙලා උන්නු පොලිස් නිළධාරින්ගෙන් ප්‍රශ්න කරද්දි එයාලා කියන්නෙ ජයමිණී හිටියෙ මේ උත්සවය අවසන් වෙලා එයාගෙ නෑ කෙනෙක්ගෙ ගෙදර යන්න බලාපොරොත්තුවෙන් කියලා.ජයමණීගෙ ෆෝන් එකට කෝල් අරගත්තත් ෆෝන් එක වැඩක් නෑ. ජයමණී යන්න බලාපොරොත්තුවෙන් උන්නු නෑ කෙනාගෙ ගෙදරට අරගත්තත් ජයමණී එහෙ ගිහිල්ලත් නෑ කියල හොයාගන්න පුලුවන් වෙනවා.
අතුරුදහන් වෙලා තියෙන්නෙ පොලිස් නිළධාරිනියක් නිසා පොලිසිය ගොඩක් තදට මේ සෝදිසි මෙහෙයුම කරගෙන යනවා. හැබැයි ජයමණී ගැන කිසිම හෝඩුවාවක් නම් හොයාගන්න හම්බුවෙන්නෙ නෑ.
පොලිසිය ජයමණීගෙ ෆොටෝ එකක් මහ ජනතාව අතරටත් යවලා ජයමණීව හොයාගන්න මහජනතාවගෙනුත් උදව්ව ඉල්ලනවා. සති තුනක් හෙව්වත් ජයමණී ගැන කිසිම හෝඩුවාවක් නැතුව ඉද්දි තමයි සේලම් කියන දිස්ත්‍රික්කයේ අධිවේගී මාර්ගයක් අසල තිබිළා මළ සිරුරක් හම්බුවෙන්නෙ.
ඒ සති තුනකට විතර පස්සෙ සැප්තැම්බර් මාසෙ 19 වෙනිදා.
කාගෙද ඒ මළ සිරුර?
මේ අධිවේගී මාර්ගයේ පඳුරක් අස්සෙ තිබිලා හම්බුවෙන මේ මල සිරුර කාන්තාවකගෙ. ඒ වගේම හරිම නරක විදියට දරුණු විදියට වද හිංසා කරලා තිබුණ කාන්තා මළ සිරුරක් තමයි ඒක.ඒ වෙන කාගෙවත් නෙවෙයි ජයමණීගෙ මළ සිරුර. ඉතින් ඕකෙන් පස්සෙ ජයමණීගෙ මරණ පරීක්ෂණය සිදුකරලා ඒ වාර්තාව ආවට පස්සෙ හැමෝම හරිම වේදනාවට වගේම මුලු තමිල්නාඩුවම හරිම බයට පත්වෙනවා. මොකද ජයමණීව මේ විදියට කරදර කරලා මරලා දාලා තියෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ඉන්දියාවෙම ඉන්න දරුණූතම වර්ගයේ මනෝ ව්‍යාධික දාම ඝාතකයෙක්.
කවුද මේ දාම ඝාතකයා?
ජයමණීගෙ මරණ පරීක්ෂණ වාර්තාව අනුව හොයගන්නවා පසුගිය සති කීපය පුරාවටම එයාව අමානුශික විදියට දූශණය කරපු මේ ඝාතකයා අවසානයේ ගොඩක් වද දීලා තමයි ජයමණීව මරලා දාලා තියෙන්නෙ කියලා. ජයමණී පොලිස් නිලධාරිනියක් වීම නිසාම මේක පොලිසියට වෙච්ච ලොකු කැළලක් හින්දම පොලිසිය හරිම ඉක්මනට විමර්ෂන පටන් ගන්නවා ජයමණීව මේ විදියට මරලා දාපු ඝාතකයව අල්ලගන්න. ජයමණීගේ ඇඟේ තිබුණ ඇඟිලි සලකුණු කීපයක් යොදාගෙන ජයමණීව අවසන් වරට දැකපු තැන සහ එයාගෙ මල සිරුර හම්බුණ අවට ඉන්න සැක සහිත මිනිස්සුන්ගෙන් පොලිසිය මේ විමර්ෂණය පටන් ගන්නවා. ඒ විමර්ෂණයට අනුව ඔක්තෝබර් මාසෙ දවසක පොලිසියට පුළුවන් වෙනවා ජයමණීව මේ විදියට අමානුශික විදියට මරලා දාපු ඝාතකයව අල්ලගන්න.
මිනී මැරුම් නඩුව තවත් තීරණාත්මක වෙන්නෙ මේ සිදුවීමත් එක්ක. ජයමණීව මරලා දාපු විදියට මීට කළින් දරුණු විදියට වද හිංසාවලට ලක් කරලා මරලා දාපු කාන්තාවන්ගෙ මල සිරුරු අධිවේගී මාර්ගය කිට්ටුවෙන් හම්බුවෙච්ච සිදුවීම ගොඩක් විවිධ ප්‍රදේශවල පොලිස් පොත්වල ලියවිලා තියෙන නිසා ඒ ඒ පොලිස් නිළධාරින් සැක කරනවා ජයමණීව මරලා දාපු මේ අල්ලගෙන ඉන්න ඝාතකයම තමයි කියලා ඒ කාන්තාවනුත් මරලා දාන්න ඇත්තෙ.
ඉතින් පොලිසියෙ සැකය හරියටම හරියනවා. මේ දාම ඝාතකයව මිනිස්සු හඳුන්වන්නෙ Psycho Shankar කියලා. 1977 ඉපදිච්ච Psycho Shankar ඉස්කෝලෙ ගියාට හරියට ඉගෙන ගන්නෙ නැති නිසා පස්සෙ එයා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් විදියට රැකියාවට එනවා. රටේ එක එක පලාත්වලට ලොරියෙන් යන්න ලැබෙන නිසා ශංකර්ට ඉන්දියාවෙ තියෙන එක එක භාශාවල් කතා කරන්න පුලුවන් කම තියෙනවා.
මේ විදියට ලොරි ඩ්‍රයිවර් කෙනෙක් විදියට යන ශංකර් දවසක් කෑම කඩයක් ළඟ නතරකරනවා. මේ කඩේ ළඟ නතරකරන්න හේතුවක් ශංකර්ට තියෙනවා. ඒ තමයි මේ කඩේ අවට ලිංගික ශ්‍රමිකයන් එහෙම නැත්තම් කෝල් ගර්ල්ස්ලා ඉන්නවා. කෝල් කරලා ගෙන්න ගන්න පුලුවන් මේ කාන්තාවකට කෝල් කරලා තමන් ඉන්න තැනට එන්න කියන ශංකර්ගෙ බලාපොරොත්තුව හැබැයි අනිත් මිනිස්සු එහෙම කාන්තාවකට කෝල් කරලා එන්න කියලා බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. හිත අස්සෙ තියෙන එක එක හේතු නිසා තමන්ගෙ කෝල් එකට එන මේ කාන්තාවක්ව ශංකර් පැහැර ගන්නවා.

ඒකට හේතුව වෙන්නෙ සාමාන්‍යයෙන් මේ කාන්තාවො යන්නෙ තමන් දන්න තැන්වලට. තමන්ට ආරක්ෂාව තියෙන තැනට. අන්න ඒ නිසා තමයි ශංකර් මෙයාලාව පැහැර ගන්නෙ. ඒ විදියට කාලයක් තිස්සෙ පැහැර ගන්න කාන්තාවන්ව ශංකර් සති ගණන් තියාගෙන තමන්ගෙ විකෘති ආශාවල් ඉස්ට කරගන්නවා. හැබැයි මේ විදියට පැහැරගන්න හැම කෙනෙක්වම ශංකර් මරලා දාන්නෙ නෑ. එයා මරන්නෙ පොලිසියට ගිහින් මේ ගැන පැමිණිල්ලක් දාවි කියලා හිතෙන කාන්තාවන්ව විතරයි.
තමන් මොන තරම් වද දුන්නත් ඉවසගෙන අමාරුවෙන් ඉන්න කාන්තාවන්ට ශංකර් යන්න දෙනවා. එහෙම නොකරන කාන්තාවන්ව වද දීලා මරලා දාන්න ශංකර් එයාගෙ බෑග් එකේ පොරවක් වගේම පිහියක් තියන් ඉන්නවා. ඒ විදියට මරලා දැම්මයින් පස්සෙ එයාගෙ ලොරිය යන එක එක හයි වේ අද්දරින් ඒ මළ සිරුරු විසික්කරගෙන යන එක ශංකර් පුරුද්දක් කරගන්නවා.
තත්ත්වය දරුණු වෙන්නෙ මෙන්න මෙහෙම
සමහර කාන්තාවො පැනල යන්න හදද්දි මරලා දාන එකටත් ශංකර් ටිකෙන් ටික ඇබ්බැහි වෙනවා. ශංකර් මේ විදියට කාන්තාවන්ව මරලා දාන්නෙ හරිම සූක්ශ්මව. කිසිම සාක්කියක් ඉතුරුවෙන්නෙ නැතිවෙන්නෙ. ශංකර්ගෙන් බේරිලා ගිය කිසිම කාන්තාවක් ලැජ්ජාව, සමාජෙන් කතා අහගන්න වෙයි, ලිංගික ශ්‍රමිකයෙක් විදියට කරන රස්සාව ලෝකෙ මිනිස්සු දැනගනී වගේ විවිධ හේතු නිසා ශංකර් ගැන පොලිසියට කියන්න පෙළඹෙන්නෙ නෑ.
ටික ටික වැඩේ හුරුවුනයින් පස්සෙ ශංකර් ලිංගික ශ්‍රමික කාන්තාවන්ව විතරක් නෙවෙයි අනෙක් සාමාන්‍ය කාන්තාවන්ව පවා පැහැරගන්න පටන් ගන්නවා. කොටින්ම ශංකර්ට අහුවෙච්ච පොඩි ගෑණු දරුවෙක්ව වත් ශංකර් ඉතුරු කරලා නෑ කියල තමයි විස්තර වල සඳහන් වෙන්නෙ.
ජයමණීව ශංකර්ට අල්ලගන්න පුලුවන් වෙන්නෙ ඒ අනුව. ජයමණී ඒ උත්සවය අවසානයේ තමන්ගෙ ඇඳුම් මාරු කරලා පොලිස් නිළ ඇඳුම ගලවලා යන නිසා තමයි ශංකර් එයාව අල්ලගන්නෙ. එතනදි තමයි ශංකර්ට වැරදෙන්නෙ. මොකද එයා දැනගෙන ඉන්නෙ නෑ ජයමණී කියන්නෙ පොලිස් කාන්තාවක් කියලා.
ශංකර් පැනලා යන්නෙ කොහොමද?
බන්ධනාගාරෙ ඉඳලා පොලිස් ආරක්ෂාව එක්ක තවත් නඩුවකට වෙන පලාතකට ශංකර්ව අරගෙන යන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන කොට තමයි පොලිස් නිළධාරියෙක්ට පහරා දීල ශංකර් පැනගන්නෙ. පොලිසිය මුලු ප්‍රදේශය පුරාම ශංකර්ව හෙව්වත් එයාව අහුවෙන්නෙ නෑ.
පොලිසියට මෙක නින්දාවක් උනත් පොලිසියට අවදානමක් ගන්න බෑ. ඒ අනුව තමයි පොලිසිය මුලු තමිල්නාඩුවටම අනතුරු අඟවන්නෙ ශංකර් පැනලා ගිහින් කියන එක ගැන. ශංකර් පැනලා යන්නෙ තමන්ගෙ වරදින් කියල හිතන මේ චින්නසාමි කියන පොලිස් නිලධාරියා ඉන්නෙ හරිම කම්පනයෙන්. ශංකර් පැනලා ගිහින් දවස් දෙකක් ගතවෙනවා. එයා ගැන කිසිම හෝඩුවාවක් නෑ.
ලොකුම ලොකු මානසික කම්පනයක ඉන්න චින්නසාමි තමන්ගෙ වරද ගැන පසුතැවි තැවි ඉඳලා තමන්ගෙ ජීවිතේ නැතිකරගන්නවා. මේ අතරෙ හැංගිලා ඉන්න ශංකර් දවස් ගාණක් කිසිම කෑමක් නැතුව ඉඳලා තමන් හැංගිලා ඉන්න තැනින් එලියට ඇවිත් ළඟ ගෙදරකට ගිහින් කෑම ටිකක් ඉල්ලගන්නවා. ශංකර් ගැන මාධ්‍ය වලින් කොච්චර දේවල් කියල තිබුනත් ඒ කිසිම දෙයක් දැකලා නැති මේ ගෙදර ඉන්න ගෑණු කෙනා ශංකර්ට අනුකම්පා කරලා කෑම වතුර එහෙම දෙනවා. ඒත් ශංකර්ගෙ විකෘති ආශාවන් නිසාම ශංකර් මේ මනුස්සයවත් දූශණය කරන්න හදනවා. මේ කාන්තාවගෙ කෑගැහිල්ල ඇහිල ගෙදරට එන එයාගෙ සැමියා සහ තවත් පිරිමි ටිකක් ශංකර්ව අල්ලගෙන හොඳටම තඩිබාලා පොලිසියට ගිහින් භාර දෙනවා.
එතනින් කතාව ඉවරද?
නෑ මෙතනිනුත් කතාව ඉවරවෙන්නෙ නෑ. බන්ධනාගාර ගතවෙන ශංකර් අවුරුදු දෙකකට පස්සෙ ආයෙ හිර ගෙදරින් පැනලා යන්න උත්සහ කරනවා. හිරගෙදර ආරක්ශාව අඩු තැන් වැඩි තැන් හොඳටම දැනගෙන ඉන්න ශංකර් මේ ඔක්කොම හොඳට ඉගෙන ගෙන හිර ගෙදරින් පැනලා යන්න උත්සහ කරනවා.
ඉදි කිරීම් කටයුතු වලට බන්ධනාගාරෙ එක පැත්තක ආරක්ෂාව අඩු වෙලා තියෙද්දි තමයි ශංකර් පැනලා යන්නෙ. තමන්ගෙ හිර ඇඳුමට යටින් පොලිස් නිලධාරි ඇඳුමක් ඇඳගෙන ඉන්න ශංකර් හරිම අමාරුකම් මැද්දෙන් හිරෙන් පැනලා යනවා.
පැනලා ගිය ශංකර්ව අල්ලල දෙන කෙනෙක්ට තෑගි මුදලක් දෙනව කිව්වට මුලු තමිල්නාඩුවවම බයෙන් තමයි ඉන්නෙ. ශංකර් පැනලා ගිය තැන් ගැන සහ හිර ගෙදරින් ශංකර් පැනලා යද්දි එයාට තුවාල උනා කියන එක දැනගන්න පොලිසිය ඒ කරුණු මත නිගමනයකට එනවා “ශංකර්ට හොඳටම තුවාල වෙලා තියෙනවා සහ ඒ අනුව එයාට වැඩි දුරක් යන්න බෑ” කියලා. ඒ අනුව අහල පහල රෝහල් හැම එකකම වගේ හෙව්වත් ශංකර්ව හොයාගන්න පුලුවන් වෙන්නෙ නෑ. ඊටපස්සෙ පොලිසිය කරන්නෙ ශංකර් හිරේ ඉද්දි ආශ්‍රය කල අයව සෝදිසි කරන එක. ශංකර් හිරේ ඉද්දි ආශ්‍රය කරපු එක මනුස්සයෙක් ඉඳලා තියෙනව කියල දැනගන්න පොලිසිය ඒ මනුස්සය ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. එතකොට තමයි පොලිසිය දැනගන්නෙ තමන්ගෙ දඬුවම් කාලය ඉවරවෙච්ච ඒ මනුස්සය ටික දවසකට කලින් හිරෙන් නිදහස් වෙලා ගිහින් කියලා.
ඒ මනුස්සය ගැන සැක කරන පොලිසිය මේ මනුස්සයගෙන් ප්‍රශ්න කරන්න යනවා. එතනදි පොලිසියට හෝඩුවාවක් හොයාගන්න පුලුවන් වෙනවා.
ඒ අනුඅ තමයි සැප්තැම්බර් 6 වෙනිදා පොලිසියට පුලුවන් වෙන්නෙ ශංකර්ව ආපහු අත් අඩංගුවට ගන්න. ඉන්පස්සෙ ආයෙ බන්ධනාගාරෙ අධි ආරක්ෂක කුටියක හිරකාරලා තිබුනත් ශංකර් ආපහු අවුරුදු පහකට පස්සෙ ආයෙ පැනලා යන්න උත්සහ කරනවා හැබැයි ඒක සාර්තක වෙන්නෙ නෑ.
ඉන්පස්සෙ බන්ධනාගාරෙ කොණ්ඩෙ කපන්න එන බාබර් ළඟ තියෙන බ්ලේඩ් තලයක් හොරකම් කරනවා ශංකර් තමන්ගෙම බෙල්ල කපාගෙන ජීවිතේ අවසන් කරගන්නවා.
පොල්සි වාර්තාවලට අනුව ශංකර් කාන්තාවන් තිස් දෙනෙක්ව දූශණය කරලා තියෙනවා සහ එයින් 19 දෙනෙක්ව මරලා දාලා තියෙනවා. ඊට අමතරව ශංකර් මංකොල්ල කෑම් කීපෙකුත් කරල තියෙනවා.
හැබැයි ඒ වාර්තාවල සඳහන් වෙලා තියෙන පැමිණිලි ටික විතරයි.
එතකොට සඳහන් වෙලා නැති cases නම් කොච්චර තියෙනවා ඇතිද?