වාස්තු දෝෂ නැති සොඳුරු නිවසක්

0
5995

තමන්ගේම නිවසක සතුටින් සැනසිල්ලෙන් ජිවත් වෙන්න කවුද අකමැතිඑහෙත් සාර්ථක වන්නට සතුටින් ඉන්නට විවිධ වාස්තු දෝෂ මග හරවා ගත යුතු බව අපේ පැරැණ්නන් පවසනවාසමහර අවස්තාවලදී මේවායේ සත්‍යතාවයක් නැත්තෙමත් නැහැඒ නිසා අප සිතුවා එවැනි වාස්තු දෝෂ මග හරවා ගන්නා ක්‍රම කිහිපයක් ගැන ඔබට කියන්නඒත් මතක තියාගන්නමේ සියල්ලගේම නියමුවා ඔබ බවත්ඔබේ දැක්මනිරෝගී බවසතුටින් සිටින්නට ඔබම සොයාගන්නා ක්‍රම ඔබව සැනසිල්ලට පත් කරනු ඇති බව.

  1. නිවස අතු ගා කුණු දුවිලි ඉදිරිපස දොරටුවෙන් බැහැර කරන්නට එපාප්‍රධාන දොරටුව අසල සිට හිස පීරීමවත් සුදුසු නැති බවයි ගැමියන්ගේ විශ්වාසයප්‍රධාන දොරටුවේ සිට පිටිපස දොරටුව තෙක් අතු ගාගෙන යාම මීට හොඳ විසඳුමක් වනවා.
  2. වන්දනාමාන සිදු කිරීමට සුදුසුම උතුර සහ ඊසාන දිශාවයිඑමෙන්ම ප්‍රධාන දොරටුව කෙලින්ම වන්දනාමාන කරන ස්ථානය සකස් කිරීම සුදුසු නැහැප්‍රධාන දොරටුව කෙලින්ම පහන දැල්වීම දේවතා වෙද දෝෂයක් ලෙස හැඳින්වෙනවා.
  3. බොහෝ නිවෙස් වල අලංකාරයට විශාල මල් බඳුන් තබා තිබෙනවාඑවැනි බඳුන් හිස්ව තැබීම සුදුසු වන්නේ නැහැඑය නිවැසියන් ගන්නා තීරණවලට බලපෑම් කරන බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවාවැලි වැනි දෙයක් පුරවා තැබීමෙන් මෙය විසඳා ගන්නට පුළුවන්.
  4. පාවහන් ඇසිරීමේදී ප්‍රධාන දොරටුව කෙලින්ම නොතබා පැත්තකින් ඇසිරීම සුදුසුයි.
  5. සෝෆාව කියන්නේ විසිත්ත කාමරයේ ප්‍රධාන අංගයක්එය ස්ථාන ගත කිරීමේදී යට ලී බාල්ක මගහැර ස්ථාන ගත කරන්න.
  6. වාස්තු විද්යානුකූලව කෑම මේසය තැබිය යුතු දිශාවක් සඳහන් වන්නේ නැහැනමුත් අවට පිරිසුදුවලට්ට ලොට්ට නැතිව පිළිවෙලට එය සකස් කරගන්නනිවසේ ගෘහ මුලිකයා දකුණු දිශාව බලා ආහාර ගැනීම වඩාත් සුදුසු බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා.
  7. ඊසාන දිශාව කියන්නේ පුජනීය දිශාව කියලයි හඳුන්වන්නේදරුවන්ගේ අධ්‍යාපන කාමරපුද පුජා කරන ස්ථාන සකස් කලයුතුවන්නේ ඊසාන දිශාවටයිඔබ නොදැනුවත්ව ඉඩමේ ඊසාන දිශාවට නිවසේ කුණු බැහැර කරනවානම් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නකුණු එකතුකර පිළිස්සීමස්නානය කරන වතුර ඒකරාශී වීමට ඉඩ තැබීම නිවැසියන්ගේ වාසනාවට බාධා ගෙන දෙන බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා.
  8. ගෘහ අලංකරණයේදී වර්ණ සංකලනයන් උදෙසා විවිධ පින්තුර එල්ලා තබන අයුරු දක්නට පුළුවනිමෙහිදී විරූපී මුහුණු ආදිය එල්ලා තැබීම නිසා මානසික බලපෑම් ආදිය සිදුවෙන්න පුළුවනි.
  9. යට ලී බාල්ක යට තබන අල්මාරි නිසා ඔබේ ආර්ථිකය පිරිහෙන්නට ඉඩ තිබෙන බව වාස්තු විද්‍යාව පවසනවාඒ වගේම අල්මාරිය තුල අඳින්නට නොහැකි ඇඳුම් තිබේ නම් ඒවා ඉවත් කර පිළිවෙලකට තබන්න.
  10. වාස්තු විද්‍යාවට අනුව නිවෙස සාදා ගැනීමෙන් පමණක් භව බෝග සැප සම්පත් නිවෙසට ගලා එන්නේ නැහැනිවෙස පිළියෙළ කරගන්නා ආකාරයද වැදගත් වනවාකුස්සිය ඉතාමත්ම පිරිසුදුව තබා ගැනීම නිවසට වාසනාව ගෙන දෙනවා.
  11. ගෙවත්ත සඳහා මල් තෝරා ගැනීමේදී රතු සහ සුදු මල් ප්‍රධාන දොරටුව කෙලින් සිටුවීම නිවැසියන්ගේ දියුණුවට බාධා ඇති කරනවා. කටු සහිත මල් ගස්ද සුදුසු වන්නේ නැහැනෙල්ලිමාදම් සුබ පැළෑටි ලෙස හඳුන්වන්නට පුළුවනිනිවසින් එලියට බසින විට දකුණු අත පැත්තට සිටින ලෙස ඒ පැළෑටි සිටුවන්න.

– ඉරේෂා –