අපේ හම හැදිලා තියෙන්නෙ සිදුරු වලින් කියන එක අපි හැමෝම දන්නවනෙ. මේ සිදුරු මූණෙ, කකුල්, අතපය කියන හම තියෙන හැම තැනකම තියෙනවා. මේ සිදුරු ඇත්තටම අපිට හරිම වැදගත්. මොකද මේවයින් තමයි අපේ හම හරහා දාඩියයි තෙලුයි පිටකරන්නෙ. ඒ වගේම අපේ හම සිසිල් කරලා නිරෝගීව තියාගන්නත් උදව් වෙනවා.
අපේ රෝම කූපවල විවර කියන්නෙත් සිදුරු තමයි.මේ සිදුරු වලින් අපේ ශරීරයට ලොකු යහපතක් කරත් සමහරු ආස නෑනෙ ඔය සිදුරු වලට. විශේෂයෙන් මූණෙ තියෙන සිදුරු වලට. හැබැයි එහෙමයි කියල අපිට මේ සිදුරු සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ. ඒ වෙනුවට කරන්න පුලුවන් දෙයක් තමයි මේ සිදුරු එලියෙන් බලන කෙනෙක්ට පේන ප්‍රමාණෙ අඩු කරගන්න පුලුවන් එක.
ඒ වෙනුවෙන් කරන්න පුලුවන් treatments ටිකක් තමයි අපි අද ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ.
1. හම ක්ලෙන්සර් කරන්න
තෙල් සහිත හරි clogged pores තියෙන හමක් වෙනුවෙන් කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි මේ හම ක්ලෙන්සර් කරන එක. 2006 දී කරපු සායනික අධ්‍යයනයකින් දැනගන්න පුලුවන් වෙනවා ක්ලෙන්සර් භාවිතා කරන එකෙන් කුරුලෑ රෝග ලක්ෂණ ඩු කරගෙන අපේ හමේ සිදුරු පිරිසිදුව තියාගන්න පුලුවන් කියලා.
හොයාගන්න ලේසි දෙයක්නෙ මේ. ඉතින් මෘදු ක්ලෙන්සර් එකක් පාවිච්චි කරලා හම ක්ලෙන්සර් කරන්න පටන් ගන්න. සාමාන්‍ය හමක ඉඳලා තෙල් සහිත සමක් තියෙන අය වෙනුවෙන් හදලා තියෙන ක්ලෙන්සර් එකක් තෝරගන්න.
උදේ වරුවේ සහ සවස එක වතාවක් මූණ ක්ලෙන්සර් කරන එක ගොඩක් හොඳයි ඕනවට වඩා කරන්න එපා මොකද irritations එන්න පුලුවන්.
2. ජලය හෝ ජෙල් නිෂ්පාදන භාවිතා කරන්න
ඇමරිකානු චර්ම රෝග විද්‍යා ඇකඩමිය (AAD) ජලය හරි ජෙල් අඩංගු නිශ්පාදන තමයි recommend කරන්නෙ.
වතුර හරි ජෙල් අඩංගු වෙන products මේ අපි කතාකරන ප්‍රශ්නෙ විසඳගන්නත් හොඳයි. ඒවා සිදුරු වලින් තෙල් ඉවත් කරන්න සහ ඒවායේ පෙනුම අඩු කරන්න support කරනවා.. තෙල් සහිත සමක් තියෙන අයට මේක මාරම effective කියන්න පුලුවන්.
මේ වගේ products ගනිද්දි හොයලා බලන්න ඕන එක ingredient එකක් තමයි ග්ලයිකොලික් අම්ලය. නිදාගන්න කලින් හැම රාත්‍රියකම රාත්‍රියකම මුහුණ හෝදද්දි ඕනවට වඩා products use කරන්න හොඳ නෑ කියන එක මතක තියාගන්න. මොකද ඒක ඔයාගෙ සම වියළීමට හේතු වෙනවා.
3. තෙල් සහ මධ්‍යසාර based products තෝරගන්න එපා
කිසිම වෙලාවක oil or alcohol based products වලට නොයා ඉන්න උත්සහ කරන්න තෙල් සම මත irritations ඇති කරන්න හේතු වෙනවා වගේම pimples එන්න ලොකු හේතුවක්. Alcohol නිසා වෙන්නෙ හම රතු පැහැ සහ වියළි වෙන එක.
මොයිස්චරයිසින් ක්ලෙන්සර් කියල විකුණන products අප සම මත අපද්‍රව්‍ය ඉතිරි කර තෙල් ප්‍රමාණය වැඩි කරනවා. ඒ නිසා ඔයාට තියෙන්නෙ oily skin එකක් නම් මේ වගේ products කිසිම වෙලාවක යොදාගන්න එපා.
4. සෑම දිනකම මොයිස්චරයිසින් කරන්න
ඔයාගෙ හම moisturize කරන කොට හම සීබම් සහ තෙල් නිපදවන්නෙ අඩුවෙන්.
තෙල් රහිත මොයිස්චරයිසර් එකක් තෝරාගෙන මූණ හෝදල ඉවරවෙලා ඒක මූණෙ apply කරන්න මේකෙන් සෙබස් ග්‍රන්ථි වලින් ලැබෙන තෙල් සම ගැඹුරට විනිවිද යාමට ඉඩ දෙනවා වගේම සිදුරු අවහිර වෙන එකෙන් වලක්වනවා.
5. Tropical රෙටිනොයිඩ් භාවිතා කරන්න
රෙටිනොයිඩ් සංයෝග සහිත නිෂ්පාදන – ඒ කියන්නෙ විටමින් A තියෙන නිශ්පාදන මේ pores වල පෙනුම අඩු කරන්න උදව් වෙනවා කියල හොයාගෙන තියෙනවා. ඒ නිසා ඔය අරගන්න products වල – රෙටිනෝල්, රෙටිනන් ඇල්ඩිහයිඩ් හෝ රෙටිනයිල් එස්ටර තියෙනවද කියල හොයලා බලන්න.
හැබැයි රෙටිනෝල් පාවිච්චි කරන කොට පරිස්සම් වෙන්න ඕන මොකද රෙටිනෝල් සම හරියට sensitive කරනවා. ඒ නිසා සතියට එකපාරක් දෙපාරක් use කරානම් හොඳයි.
6. Exfoliate කරන්න
මූණ scrub කරන එකෙන් මූණ උඩ රැඳිලා තියෙන කුණු දූවිලි වගේ අපද්‍රව්‍ය ඉවත් කරගන්න පුලුවන්. ඒකෙන් ඔයාගෙ මුහුණ සිනිඳු, pores අඩු පෙනුමක් ලබා දෙනවා. මේකට ඔයාලට යොදාගන්න පුලුවන් ග්ලයිකොලික් තියෙන products.
7. Clay Mask දාන්න
Inflammation අඩු කරන්න වගේම pimples ඇතිවෙන එක අඩු කරන්න පුලුවන් හොඳ විදියක් තමයි මේ clay mask පාවිච්චි කරන එක.
2012 දී කරපු පරීක්ශනයකදි හොයාගෙන තියෙනවා සතියකට දෙපාරක ජොජෝබා තෙල් එක්ක මිශ්‍ර කළ clay mask එකක් පාවිච්චි කරාම කුරුලෑ ඇතිවෙන එක 54% කින් විතර අඩු වෙනවා කියලා. Clay mask ඔයාලට සතියට දෙපාරක් වගේ පාවිච්චි කරන්න පුලුවන්කම තියෙනවා.
8. Essential Oils පාවිච්චි කරන්න
ගෙදරදිම කරගන්න පුලුවන් treatment එකක් විදියට මේ essential oils හඳුන්වන්න පුලුවන්.
කරාබු නැටි සහ කුරුඳු පොතු තෙල් වගේ අත්‍යවශ්‍ය තෙල් අපේ හමෙන් බැක්ටීරියා ඉවත් කරන්න උදව් වෙනවා කියන එක පරීක්ශනවලින් හොයාගෙන තියෙනවා. ඒවා අපිට සමබර පෙනුමක් ඇති සමක් වගේම pores ලොකුවට පේන්නෙ නැති සමක් හදාගන්න උදව් වෙනවා.
Essential oils එහෙමම මූණෙ ගාන්න එපා. ඒවා ආමන්ඩ් හරි ජොජෝබා හරි තෙල් එක්ක එක්කහු කරලා ගාන්න. ඒ වගේම මිශ්‍රණය මූනෙ විනාඩි කීපයකට වඩා තියන්න එපා.
9. Sunscreen ගාන්න අමතක කරන්න එපා
ඉර එළියට නිතරම open වෙන එකෙන් හම ටක්ගාලා වේලෙන්න ගන්නවා.ඒක නිසා pores ලොකු වෙන්න වගේම හමේ නම්‍යතාව අඩුවෙනවා.
SPF 30 හෝ ඊට වැඩි හිරු ආවරණ ආලේපනයක් දිනපතා ගාන්න අමතක කරන්න එපා.එහෙම නැත්තම් SPF තියෙන moisturizer එකක් අරගන්න.ඊට අමතරව scarf එකක් දාන එක, තොප්පියක් දාන එක වුනත් recommend කරන්න පුලුවන්.
10.නිදාගන්න කලින් makeup අයින් කරන්න
මේකප් දාගෙන නිදාගන්න යන එක pores ඕනවට වඩා clogged වෙන්න ලොකු හේතුවක්. ඒ නිසා කොච්චර මහන්සි උනත් නිදිමත් උනත් මේකප් හොඳට remove කරගෙන නිදාගන්න යන්න අමතක කරන්න එපා.
මේකප් වල තියෙන ingredients, හමේ තියෙන තෙල් සහ බැක්ටීරියා එක්ක එකතුවෙලා pores clogged වෙනවා. ඒක නිසයි මේකප් remove කරලා නිදාගන්න යන්න කියලා කියන්නෙ.ඒ වගේම නිකන්ම පිහදාලා දාන එක නෙවෙයි මෙතනදි කරන්න ඕන. Proper විදියට makeup remove කරන්න
ReplyForwardAdd reaction |