බෙඩ් ටයිම් ස්ටෝරි – 4

රෑට නිදාගන්න යද්දී අනේ අම්මා මට කතාවක් කියන්නකෝ කියලා අයදින පොඩි පැටව් ඔබේ නිවසෙත් ඉන්න බවත් ඒත් ඔවුන් ඉල්ලන තරම් කතා ගොඩක් කොහෙන් හොයන්නද කියලා ඔබ සිතන බවත් අප දන්නවාබස් එකේදීපොඩි විවේකයකදී ෆේස් බුක් එන ඔබට ස්මාට් ලේඩි වෙබ් අඩවියට ඇවිත් ඉතාමත්ම සුලු මොහොතකින් ඔබේ පුංචි පැටියාට කියන්න ට රසවත් කතාවක් බලාගන්නට පුළුවනි.

ඔබ වෙනුවෙන්ම දැනටමත් කතා කිහිපයක් එක්කර ඇති අතර ඉදිරියේදී ත් කතා රැසක් ඔබට තිළිණ කරන්නයි අපේ වෑයමඔන්න ඉතින් දැන් කලබල වෙන්න දෙයක් නැහැකතාවක් ඕන වුන ගමන්ම අප ලඟට එන්න අමතක කරන්නට එපා.

ඔන්න අද පුංචි හා පැටියාගේ උපන්දිනේහැමෝම එයාට ආදරේට කිව්වේ රාබි කියලාගෙදර ඉන්නේ රාබියිඅම්මයි තාත්තයි විතරයිහවස ට උපන්දිනේ නිසා තේ බොන්න රාබි එයාගේ හොඳම යාළුවො දෙන්නටත් එන්න කිව්වා.

රාබිගේ අම්මා හවස කේක් එකක් හදන්න ගත්තායාළුවො දෙන්නත් ඉක්මනින්ම ඇවිත් රාබි එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තාඅම්මා වෙනද හදන කේක් එකට වඩා අමුතු රසම රස සුවඳක් කේක් එකෙන් ආවාරාබි හෙමින් හෙමින් අවන් එකට එබිලා බැලුවාකේක් ගෙඩිය හිනාවෙනවා වගෙයි එයා දැක්කේඒක කොහෙත්ම වෙන්න බැහැනේඑයා හිතුවා.

කේක් සුවඳ කුස්සියෙන් කාමරේටකාමරෙන් සාලෙටසාලෙන් මිදුලට විහිදුණාදොරවල් වහලා තිබ්බත් සුවඳ ඒවා අස්සෙන් රිංගලා ගියා වගේඔන්න දොරට කවුද තට්ටු කරන්න ගත්තාඅම්මා දොර ඇරියාතෑගී බෝග අරන් වලස් පවුල ඇවිත්ඒත් එයාලට ආරාධනා කරලා නැහැනේකේක් මදිවෙයිපොඩි ගෙඩියක්නේ අපි හැදුවේ රාබි හිතුවාඒත් අම්මා නම් කිසිම කලබලයක් නැහැආයෙමත් දොරට කවුදෝ තට්ටු කළාඅලි පුංචා අම්මයි තාත්තයි එක්ක ඇවිත්හරිම වැඩේරාබි ආයෙමත් කේක් එක බලන්න දිව්වාකේක් එක හරිම පුංචියිසුවඳයි.මටවත් කෑල්ලක් කන්න ලැබෙන්නේ නැහැ මේ යන විදියට රාබි හිතුවාඒ එක්කම කේක් එක හිනාවෙනවා වගේ එයා දැක්කාඒක වෙන්න බැහැරාබි හිතුවාඑයා කල්පනා කරමින් සාලෙට ගියාමුළු සාලෙමත්කාමරවලත්ගෙවත්තෙත් අමුත්තෝ පිරිලාඑයාල තවමත් වැල නොකැඩි එමින්කේක් කපන වෙලාව ආවා...

අම්මා හිනාවෙවී කේක් එක අරගෙන මිදුලට ආවාහැමෝම හැපී බර්ත්ඩේ ටූ යූ කියලා ගායනා කළාරාබි පරිස්සමින් කේක් එක කැපුවාඉන්න හැමෝටම ඇතිවෙන්න කේක් කෑලි නිකන්ම කැපුණාරාබිට හරිම පුදුමයියාළුවො රස කරමින් කේක් කෑවාකේක් වලට ස්තුති කරලා රාබිට තෑගී බෝග දීලා එයාලා පිටත් වුණා.

තෑගි හැමතැනම පිරිලා තිබුණාඒත් කේක් ඉවර නැහැකේක් ගෙඩිය එහෙම්මම තිබුණාරාබි පුදුමයෙන් බලද්දී කේක් ගෙඩිය ආයෙමත් හිනාවුණා.

මම මැජික් කේක් ගෙඩියක්එයා හිනාවුණා.අම්මත් හිනාවුණාරාබිටත් හොඳටම හිනාකොහොම වෙතත් අම්මගෙන් මැජික් කේක් හදන්න ඉගෙන ගන්න ඕන කියලා එයා හිතුවා..

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles