ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා හිතලා තියෙනවද?

“මගේ පලවෙනි අෆෙයාර් එකේදිත් උනේ එයා මාව රවට්ටපු එක. දෙවනි එකේදි උනෙත් ඒක. ඒ දෙන්නටම වෙන කෙල්ලො ඉන්නව කියන එක මුලු ලෝකෙම දැනගෙන ඉඳලා මං විතරයි ඒ කිසිම දෙයක් දැනගෙන ඉඳලා නැත්තෙ.

මට හැමදේම එපාවෙලා තියෙන්නෙ. වෙලාවකට මට හිතෙනව මං වගේ කෙනෙක් ජීවත්වෙලා තේරුමක් තියෙනවද කියලත්. මිනිස්සු කොච්චර සන්තෝසෙන් ඉන්නවද? ඇයි මටම මෙහෙම වෙන්නෙ?”

කව්රුහරි ආදරේ කරනකොට, විශ්වාස කරනකොට, dreams දාගෙන relationships ගොඩනගනකොට, ඒක break වුනාම hurt වෙන එක හරිම සාමාන්‍ය මනුස්ස හැඟීමක. ඒත් නිතර නිතර එහෙම වෙද්දි, “මට විතරද මෙහෙම වෙන්නෙ?” කියලා හිතෙනවා නම්, ඒ ගැන ඇත්තටම අපි හොඳට නිවිහැනහිල්ලෙ කල්පනා කරන්න ඕන.

ඔයාටත් කවද හරි හිතිලා තියෙනවද “ඇයි මටම මෙහෙම වෙන්නෙ?” කියලා?
එහෙනම් බලමු – මොකක්ද මෙහෙම වෙනවට හේතු? කොහොමද මේ feeling එක හරියට handle කරන්නේ කියන එක.

මට විතරක්ද මෙහෙම වෙන්නෙ? – නෑ!

මෙහෙම හිතෙන එක සාමාන්‍යයි. ඒත් ඇත්තටම, කව්රුත් perfect relationship එකක ජීවත් වෙන්නේ නෑ. Social media වල couple goals දකිද්දී ඔයාට හිතෙන්න පුළුවන්, හැමෝටම happy, successful love story එකක් තියෙනවා කියලා. ඒත්, reality එකේ හැමෝටම ප්‍රශ්න තියෙනවා.

කවුරුත් තමන්ගේ worst moments සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්නන්නෙ නෑ. Ghosting, cheating, unreciprocated love, toxic relationships – මේ හැමදෙයක්ම නිසා ජීවිතේ ඔයා වගේම තව හිත රිද්දගත්ත අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේක මේ ඔයාට විතරක් වෙන දෙයක් කියලා හිතන එක ඉස්සෙල්ලා නාතරකරගන්න.

මේක මගේ වරදක් නිසා වෙන දෙයක්ද?

ඇයි මෙහෙම මගේ ආදරේ කඩාකප්පල් වෙන්නෙ මාගේ වරදක් නැතුව, අදහසක් නැතුව hurt උනාම, ඔයාට හිතෙන්න පුළුවන් – මේක මගේ මොකක් හරි වරදක් නිසා වෙන දෙයක්ද කියලා.

 මගේ taste එක වැරදියිද?
 මම විශ්වාස කරන්නේ වැරදි අයටද?
මගේ boundaries අඩුද?
 මම over-expect කරනවද?

මේ ප්‍රශ්න විතරක් නෙවෙයි, ඔයාත් relationship එකේ දැනටමත් තිබ්බ red flags ignore කරලා, toxic love traps වලට ගිහින් තමන්ම hurt කරගන්නවද කියලාත් බලන්න. ඔයාටම hurt වෙන pattern එකක් තියෙනවද කියලා check කරන්න.

ඒක හරියට තේරුම් ගත්තනම් සමහර විට ආයෙ ඉස්සරහට එහෙම දෙයක් නොවෙන්න පාර හදාගන්න ඔයාට පුලුවන් වෙයි.

කාටවත් මාව වටින්නෙ නැද්ද?

මේක හිතෙන එක ටිකක් dangerous! අපි deserve කරන ආදරේ අපිට ලැබෙන්නේ නැහැ කියලා කිසිදාක හිතන්න එපා.


සමහර ආදර කතා තියෙනවා, hurt කරනව, manipulate කරනව, love කියලා toxic vibes දෙනවා.
තව ආදර කතා තියෙනවා ඒවා හරිම clear, secure, healthy, trusting relationship කියල කියන්න පුලුවන්

මොනවා උනත්, ඔයා deserve කරන්නේ මේ දෙවනියට කියන ආදරේ වර්ගෙ කියන එක අමතක කරන්න එපා.

මේවගේ දේකින් ගැලවෙන්න ඔයා මොකද්ද කරන්න ඕන?

කිසිම දෙයක් කරගන්න හිතක් නැතුව, නිතරම දුක් වෙවී කෙලවරක් අල්ලගෙ ඉන්න එක වෙනුවට ඔයාට heal වෙන්න help කරන දෙවල් කරන්න පුළුවන්. මොනවද ඒ විදියට කරන්න පුලුවන් දේවල්?

Self-reflection කරන්න – මම මගේ expectations හරියට manage කරනවද? මම relationships වලදී boundaries set කරනවද? කියන එක ගැන හිතන්න


 Counselling හෝ therapy consider කරන්න – මේක ඔයාට ලොකුවටම හිතට වද දෙන දෙයක් නම් ඔයාට counselling හරි therapy හරි consider කරන්න පුලුවන්.


 New experiences try කරන්න – Solo travel, journaling, art, gym, new hobbies – hurt වෙන එකත් self-growth එකක් වෙන්න පුළුවන්ේ නිසා ඔයාගෙ මනස වෙන දේකට යොමු කරන්න.


 හරි මිනිස්සුන්ව ජීවිතේ ලං කරගන්න – Friends, family, ඔයාට genuinelyආදරෙයි කියලා ඔයාටම තේරෙන අය එක්ක hang out වෙන්න.


Future relationships වලදී clear boundaries හදාගන්න – Red flags දකින්න, ඕනවට වඩා විශ්වාස කරන්න කලින් observe කරන්න, emotional intelligence develop කරන්න.

ඒ වගේම තමයි එක පාරක් දෙපාරක් මෙහෙම උනා කියලා ඔයාගෙ මුලු ජීවිතේ පුරාවටම ඔයට හම්බෙන්න නියමිත හැම ආදර කතාවක්ම මේ විදියට ඔයාව රවට්ටන ආදර කතාම වෙයි කියල හිතන්න එපා.

ඔයා කියන්නෙත් කවදහරි හොඳම හොඳ ආදරයක් හම්බුවෙන කෙනෙක්. ඔයා deserve කරන්නේ good love, and it will come. මේ hurt feelings, self-doubt, lonely vibes – ඔක්කොම තාවකාලික දේවල්. Healing time එකකට ඉඩ දෙන්න. එතකොට කවදහරි ඔයාටම තේරෙවි “මේ හැමදේම වෙන්නෙ මට විතරක් නෙවෙයි” කියලා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles