නුරාන් දිනය පුරා කාර්යබහුල වූයේය. ඉසිනි සහ අරුණෝදගේ විවාහ මංගල්‍යයේ ස්තූතිපත සඟවා තිබූ ලාච්චුවෙන් පිටතට ගෙන ඒදෙස බලා උන්නේය. වසර ගනනාවක් තිස්සේ අතටම එය දියවී ගොසිනි. එහෙත් නුරාන් තවම එය ඉවතකට විසි කර දමා නැත. කෙතරම් පැරණි වුවත් ජීවිතය ඇතැම් දේ ඉවතකට දමන්නට දෙන්නේ නැත. එලෙසින් ඉවතක දැමුවද එකී දේව්ල් යළි යළි හිස ඔසවමින් නැගෙන්නේය.
” අරුණෝද වෙඩ්ස් ඉසිනි …”
නුරාන් දෙතොල් පමණක් සෙලවෙන්නට දී එය කියෙව්වේය. ඊයේ ඉසිනි හමුවනතුරුම නුරාන් සිතා උන්නේ ඉසිනි සහ නුරාන් දෙදෙනා නොගැලපෙන බවය. ඔවුන් දෙදෙනා ආයාසයෙන් එකිනෙකා හා සමඟ ජීවත් වනවා ඇතැයි කියාය. තමා ඉසිනි හා මැවූ ලෝකය , ඉසිනිට ජීවත් වන්නට අවැසි වූ ලෝකය වෛද්‍ය අරුණෝදට ලබා දෙන්නට නොහැකිව ගොස් ඇතියැයි කියාය. එහෙත්, ඉසිනි පැවසූ ආකාරයට එවැන්නක් නැත. ඕ අරුණෝද සමඟ සිටින්නේ සතුටින් බව පැහැදිලිය. අරුණෝද නිසා ඇයට තමා අමතකවම ගොස් ඇත. ඇයට වරදක් කිව නොහැක. ඕ කොහොමටත් අවංක එකියක් බව නුරාන් දනි. එනිසාම විවාහක මිනිසාට මිසෙක, කලකට පෙර ප්‍රේමය කියා දුන් මිනිසාට මෙතරම් කල් පෙම් කරමින් සිටීවියැයි සිතීම පවා විහිලුවකි.
නුරාන් යළි කාඩ්පත තිබූ තැනින්ම දැම්මේය. වතුර වීදුරුවක් හිස් කලේය. විදෙස් ඇණවුම් කිහිපයක් වෙනුවෙන් වූ විද්‍යුත් පණිවිඩ සඳහා අනුමැතිය සැකසුවේය.
ඉසිනි හමුවේ නොසැලී සිටින්නට තමන් කල යුත්තෙ කුමක්දැයි සිත විටින් විට විමසද්දී, නුරාන් වින්දේ පහසු හැඟීමක් නොවේ. ඇය සිටින මානයක සුළඟවත් නොදැනෙන වසර ගණනාවක් ඉතා අපහ්සුවෙන් පසු කලේ මතක කඳු තුළ පමණක් ගිලී යමිනි. ඒ අතරේ ඇය අන් සතු වග සිතමිනි. එහෙත්, ඇය තම දෑස් මානයේ සිටින විට එලෙසින් පාලනය විය නොහැකි බව නුරාන්ට දැනෙයි.
” උඹ ඔහොම නෙවෙයි, කොහොම කිව්වත් උඹ පිළිගන්න ඕනි දේ පිළිගනින් නුරාන් … ඒකි උඹත් එක්ක යාලු වෙලා හිටියා … සංස්කෘතිකයි … එකඟයි …. ඒකි උඹට ආදරෙත් කලා… සංස්කෘතිකයි … එකඟයි…… ඒකි උඹව බලා කියා ගත්තා .. ඒකත් හරි .. මචං .. සංස්කෘතිකයි … එකඟයි.. හැබැයි … ඒකි උබව අතෑරියා … මචං …මිනිස්සු යාලුවෙනවා.. ආදරේ කරනවා.. දෙපැත්තට වෙනවා .. ඒවා හරි සාමාන්‍ය දේවල් බං .. ඒත් උඹ හිතලා බලපං … හොඳට මතක් කරපං ..ඉසිනි උඹව දාලා ගියේ උඹට ඒ යන්න කියපු හේතු ගැන කතා කරන්නව්ටහ් ඉඩක් නොදී ගැබා … ඒකි එක්ක කතා කරන්න අපි කොච්චර ට්‍රයි කලාද කියලා උඹ දන්නේ නෑ බං … ඒකි ඒ කිසිම ඉඩක් දුන්නේ නෑ බං .. එහෙව් එකේ, ඇයි බං උඹ හිත හදාගන්නේ නැත්තේ ….?”
ඉසිනි මෙහි පැමිණ ඇති බව නිකමට පැවසූ වහාම අම්පාරටම ආ සරසවි මිතුරන් දෙදෙනාගේ පැහැදිලි කිරීම් පරයා යන පිලිතුරු නුරාන්ට තිබුනෙ නැත.
” බබාගේ බර්ත්ඩේ පාර්ටි එකට ඉසිනි ඇවිල්ලා උන්නා කියලා උබ ඊයේ රෑ කිව්වම මම එවෙලෙම මූටත් කියලා, නිවාඩුත් ඇපෲ කරවගත්තා බං .. උදෙන්ම එන්න ආ එක මේ ..”
ඔහු එයට එහෙමද එක් කරද්දී තමාට කිසිවක් පවසා ගන්නට නොහැකි වූ බව නුරාන් සිහි කලේය. ජීවිතය ඇතියැයි සිතා අත් හරින්නට උන් සමයක සියල්ල නිවැරදි වන තෙක් තමා අල්ලා උන්නේ මේ දෙදෙනාය.
” මිනිස්සුන්ගේ රේස් මැදට පැනලා අපිට ඒවා විනාෂ කරන්න අපිට අයිතියක් නෑ බං … ඒ වගේමයි,අපි හරි අමාරුවෙන් ටයිමින් හදාගෙන දුවන රේස් මැද්දට පැනලා ඒවාගේ එන්ඩ් එක විනාශ කරන්න අනෙක් මිනිස්සුන්ට ඉඩ දෙන්නත් එපා බං .. එච්චරයි මම ඉල්ලන්නේ ….”
අනෙකා බියර් වීදුරුව හිස් කර මේසය මත තැබුවේම ඉන් එපිටට කිසිවක් නොපවසන ස්වරයක්ම එහි දවටමින් බවද නුරාන්ට මතකය.
” උඹලා කියන කතා මට නොතේරෙනවා නෙවෙයි බං .. මට තේරෙනවා .. ඒ උනාට බං … ඒකි මගේ පපුවෙන් ගැලවෙන්නේ නැති එකට මං මොකද්ද බං කරන්නේ ?… මොකද්ද කරන්නේ මං ?… මං දන්නවා දැන් ඉසිනි මගේ නෙවෙයි … අඩුම ඉසිනිගේ හිනාවක් දිහා බලලාවත් පපුව පුරවගන්න මට අයිතියක් නෑ .. ඒත් , ඒකි මගේ ඉස්සරහට ආවම මට ඔය ඔක්කොම අමතක වෙලා යනවානේ බං … අරුණෝද කාරයාට කුද ගහගන්න කියලා, එක වතාවක් ඉසිනි එක්ක කතා කරන්න මට හිතෙනවා යකෝ .. උඹට කියන්න මාව දැක්කම ඒකි ගැස්සුණා බං .. තත්පර ගානකට පස්සේ සුදුමැලි වෙලා ගියා … මට තේරෙන්නේ නෑ ඒක … එකපාරටම මගේ ජීවිතේ මහා අන්ධකාරයක් ආලෝකමත් වෙලා ගියා කියලා මට දැණුනේ …. මට …”
තමා එක හුස්මට එලෙසින් පවසාගෙන යද්දී මිතුරන් දෙදෙනා දෑස් විසල් කරගෙන බලා උන් ආකාරය සිහිවූ නුරාන් වහා අතීතකාමයෙන් මිදුණේය. ලිපි ගොනු වෙතට දෑස් ඇලවූයේය.
” එක්කෝ .. මේ වැඩ ටික මෙහෙමම යන්න දීලා, මාසෙකට දෙකකට කොළඹවත් වරෙං බං …”
සමුදෙන්නට පෙර දෙමිතුරන්ම එලෙසින් පැවසූ වගද නුරාන්ට මතකය.
” බලමු …”
” බල බලා ඉන්න දෙයක් නෑ බං … උඹට එහෙ ඉඳන් මැනේජ් කරන්න පුලුවන් නේ … උඹ වරෙං .. මං උඹට එහෙන් කෙල්ලෙක් සෙට් කරන්නං ටික දවසකට .. ඒකි මට ශුවර් එකියක් .. ඒකි එක්ක ටික කාලයක් ඉඳපං මං කියනවාට .. කොහොමටත් ඒකි මාස තුනකින් මයිග්රේට් කරන්න ඉන්නේ …. ඒ නිසා උඹට අවුලකුත් නෑ ඒකිට කේස් එකකුත් නෑ …”
තාවකාලික සම්බන්ධතා පිළිබඳවම පමණක් විශ්වාසය තබා ඇති මිතුරාගේ අවසාන යෝජනාවද නුරාන්ට සිහි විය,
” ආදරේ කියලා ඔහොම විඳවන්න තියාගන්න එපා බං .. උඹ මොන කරුමයක්ද කියපංකෝ ගෙවන්නේ ?… ජීවිතේ මීට වඩා දේවල් තියෙනවා යකෝ …. උඹට යකෝ ලෝකෙට පරමාදර්ශී පෙම්වතා වුනා කියලා ලැබෙන්නේ මොනාද කියපංකෝ ..ඔක්කොමත් හරි, අනුන්ගේ ගෑණියෙක්ට ලව් කරලා උඹට එහෙම පරමාදර්ශී කමක් ලැබෙනවාද හිතපංකෝ .”
” මං ඉසිනිට ආදරේ කරන්නේ ලෝකෙට පරමාදර්ශී පෙම්වතෙක් වෙන්න නෙවෙයි බං .. මට ඒකිට ආදරේ කරන්න මම වැය කරපු ශක්තිය මගෙන් ගලෝලා දාන්න ඹැරි නිසා.. ඒ ශක්තිය ගලෝලා දැමෝත් මම මැරිලා යන නිසා .. උඹලට සමහරවිට මේක කවදාවත්ම තේරෙන එකක් නෑ බං … වෙන මිනිහෙක්ගේ පපුවක් උඩ ආදරේ තියන ගෑණියෙක් ගැන උඹලගෙ පපුවේ ආදරේ පිරෙන දවසක මේක තේරෙයි .. මට ඉසිනිව අමතක කරලා දාන්න පුලුවන් වුනා නම් මම ඒක කරලා යකෝ .. ඒක කරන්න බෑ … ඒක හරියන් නෑ … මෙච්චර කල්, මං ඉසිනිට මගේ හුස්මකින්වත් බාධා කරලා නෑ බං … උඹලා ඒක දන්නවා.. ඒත් මේකි මේ මගේ අස්සටම ආවට පස්සෙ මට ඉන්න තේරෙන්නෙත් නෑ බං …”
නුරාන් තමාගේ පාපොච්චාරණය යලි සිහි කලේය. සියල්ල ඉතා අපහසු බව දැනෙන්නේය.
ඉසිනිට බැණ වැදුනාට, ඇය රිදවමින් කෑ ගැසුවාට ඉන් තමාට කෙතරම් රිදුනේදැයි නුරාන් දනී.
ReplyForwardAdd reaction |