සැමියාගේ ආදරය අඩු වූ නිසා අනියම් සබඳතාවයක් අරඹා ගැටලුවකට මැදිවූ බිරිඳ.

අනියම් සම්බන්ධතා සහ විශ්වාසය බිඳ වැටීම පවුල් ජීවිත සම්පූර්ණයෙන්ම අවුලෙන් අවුලට ඇද දමන්නක්.මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට අද කියන්නේ අප්සරාගේ කතාව. ඒ එවැනි කතාවක්.

අප්සරාව ඇගේ සැමියා ලහිරු රැගෙන එන්නේ අප්සරා සියදිවි නසා ගන්නට ඕනෑ බව කියන බව දන්වමින්.නමුත් ඔහු එයට හේතුව කියන්නේ නෑ.රත්නා මහත්මිය අප්සරා සමඟ කතාබහ අරඹන්නේ ඒ නිසා.ඉහළ රැකියාවකින් ඇය ඉවත් වි  ඉතාම කෙටි කාලයක් වීම ගැන අප්සරාගෙන් මුලින්ම විමසනවා

“මාව රස්සාවෙන් අයින් කරගත්තේ ලහිරු..මං ගෙදර ඉන්න ආස නෑ.මං ඉගෙන ගත්තු කෙනෙක්.මට මැරෙන්න හිතෙනවා”

අප්සරා එහෙම කියනවා.නමුත් රැකියාවෙන් ඉවත් කරගන්නට වූයේ ඇගේ වරදක් නිසා බව ලහිරු හෙළි කරේ ටික වෙලාවකින්.

“දුව ලැබුණට පස්සේ ලහිරුටත් ජොබ් එකේ ඉහලට යන උවමනාව වැඩි වුණා.එයා නිතරම උත්සාහ කරේ තමන්ගෙ ටාගට් වලට යන්න.මාව එයාට මඟ ඇරුණා.මාත් එක්ක කතා කරන්නවත් වෙලාව නැතුව ගියා..මං හැමතිස්සෙම හිටියේ පාලුවෙන්.”

අප්සරා ඒ අඩුව පුරවා ගන්නට ඇගේ කාර්යාලයේ නුවන්ට ළං වෙනවා.නුවන් අප්සරාටත් වඩා වසර කිහිපයක් ලාබාල තරුණයෙක්.නුවන් සමඟ සම්බන්ධයක් පටන් ගන්න අප්සරාගේ හැසිරීමේ වෙනසක් පෙනෙන විට ලහිරුට බිරිඳ ගැන විමසිලිමත් වෙන්න හිතෙනවා.

“මං මෙයාගේ ෆෝන් එකේ ලොකේෂන් මට හොයා ගන්න පුලුවන් වෙන විදියේ ටෙක්නිකල් වැඩක් කළා.දවසක් ඔෆිස් යන්න ගිහින් අප්සරා ආයේ ගෙදර ආව නිසා මාත් ආවා.”

ඔහු එහෙම එද්දී අප්සරා නිවසේ ඉන්නේ නුවන් සමඟ.කේන්තිය ඉහවහා යන ලහිරු අප්සරාටත් නුවන්ටත් පහර දෙනවා.නමුත් ඔහු අප්සරාව දික්කසාද කරන්නේ හෝ පලවා හරින්නේ නෑ.

“මීට පස්සෙ රස්සාවට යන්න බෑ.”

ඒ තීරණය අප්සරා සම්පූර්ණයෙන්ම මානසික ගැටලුවකට ඇද දමනවා.නුවන් ඒ කාර්යාලයෙන් ඉවත් වී ගියත් ලහිරු අප්සරාට යළි රැකියාවට යන්නට ඉඩ දෙන්නේ නැහැ.

ලහිරු කාර්යබහුල වීම නිසා අනියම් ප්‍රේමයක පැටළුනු අප්සරා ඊට පසු පීඩා විදින්නේ ඇගේ ආදායම් මාර්ගය අහිම් වීම නිසා.අනිත් කාරණය ගෙදරට කොටුවී හිඳින්නට ඇය කැමති නෑ.

ජීවිතය යනු මුදල්ම නොවන බවත් බිරිඳට ආදරය අවශ්‍ය බවත් ලහිරු උපදේශනය නිසා වටහා ගන්නවා.සැමියාගේ ආදරය නොලැබෙන්නේ නම් වෙනත් ආදරයක් සොයා යාම නොව ඔහු සමඟ කතාබහ කළ යුතු බව අප්සරා ද තේරුම් ගන්නවා.

දැන් ඇය නැවත රැකියාවක නිරත වෙනවා.ආදරය කළ මුල් කාලයේ තරමටම ආදරයක් ඇයට ලහිරුගෙන් ලැබෙන නිසා අප්සරා දැන් සතුටු දායක ජීවිතයක් ගෙවනවා.

අඹුසැමියනි,

ආදරය කියන්නේ මුදල්ම නොවෙයි.ඔබ අරමුණු හඹා යද්දී ඔබට බිරිඳ හෝ සැමියා මඟ හැරෙනවා නම් එතැන විශාල වරදක් තිබෙනවා නේද.ඒ නිසා විය යුත්තේ දෙදෙනා එක්ව අරමුණු හඹා යාමයි.

අනිත් කාරණාව පවුල් උපදේශනය බොහෝ ගැටලු ඉක්මනින් නිරාකරණය කරනවා.සැමියා ඔබෙන් ඈත් වී ඇති බවක් දැනෙනවා නම් උපදේශනයට යොමු වී එයට පිළියම් සොයනවා විනා අනියම් සම්බන්ධයක් වැනි අනුවණ තීරණ කිසිවිටෙක ගන්න එපා.ජීවිතය නැති කරගන්නට තරම් ගැටළු මතු වන්නේ අන්න ඒ අවස්ථවලයි.

විවාහය කියන්නේ අතුරේ යාමක්.නමුත් සහයෝගය සහ ආදරයත් තේරුම් ගැනීමත් ඇත්නම් ඒ ගමන අපහසු එකක් නෙවෙයි.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ උපදේශන සේවය ඔබට අවශ්‍ය නම් 0714113457 / 0740650012 යන Whatsapp අංක ඔස්සේ පනිවිඩයක් යවා ඇගේ වෘත්තීයමය සේවය ලබාගන්නා ආකාරය දැනගත හැකියි.

Related Articles

Don't Miss


Latest Articles