ධනුක හැකි තරම් ඉසිනිව මඟ හැරියේය. ඔහුගේ රාජකාරි කටයුතු වල විමසීම් වලදී පවා ඇය මුණ නොගැසී දුරකතන මාර්ගයෙන් කටයුතු කිරීමට ඇතැම් විට ධනුක කටයුතු කලේය. පැහැසරා සහ නුරාධ්‍යා ඉසිනි සමඟ දක්වන දැඩි හිතවත්කම පාලනය කර ගැනීමට කුමක් කල යුතුදැයි විටින් විට කල්පනා කරමින් ඒ සඳහා විවිධ දේ කීවද කලද, පැහැසරා එතැනදී ධනුක ඉක්මවා යමින් කටයුතු කලාය.
” ඒඩී මිස් නරක කෙනෙක් නෙවෙයි .. එයාට බබාලා නැති එක හරි .. ඒත් එයා නුරාධ්‍යාට නරකක් කරන්න හිතන්නේ නෑ …”
අම්මා සහ තාත්තා දඹදිව සංචාරය නිම කර නිවසට පැමිනෙන්නට නියමිත දිනයේ ඔවුන් කැටුව එන්නට සූදානම් වෙමින් උන් ධනුකට පැහැසරා යළි පැහැදිළි කලාය. ධනුක එයට කිසිත් නොපවසා කමිසයේ බොත්තම් දැමීම කෙරෙහි පමණක් අවධානය දුන්නේය. තමා සඟවා සිටින රහස පැහැසරා දැන ගත යුතු නැතැයි තරයේ අවධාරණය කර ගත්තේය.
” තමුසේලා ඉන්නවකෝ එක්කෝ ..මං ගිහින් අම්මලාව එක්ක එන්නද ?…”
පිටත්ව යන්නට සූදානමින් සිටින ධනුකගෙන් නුරාන් යළි විමසුවේය.
” අනේ මේ . ඊයේ දැන් ඔලුව උස්සගන්න බැරුව නේද හිටියේ … ඔයා කොහේ යන්නද ?.. කාලා නිදාගන්න .. ෆ්ලයිට් එක රෑ දොළහට … බෑග් රිලීස් කරගෙන එලියට බහිනකොට එක දෙක වෙයි .. ධනුකට නිදිමත වගේ නම් අපි එන්නේ නින්දක් දාලා.. එතකොට ආයේ දවල් වෙනවානේ … එහෙව් එකේ අසනීප තියාගෙන ඔයා ආයේ රෑ මැද ඇහැරන් නටන්නේ මොකටද ?…”
පැහැසරා දැඩිව පැවසුවාය. නුරාන්ට ඇගේ තීරණය ඉක්මවා යන්නට ඉඩක් නොලැබෙන බව දන්නා නිසාම ධනුක කිසිවක් පවසන්නට හෝ උත්සාහ කලේ නැත.
” කෙල්ලට මහන්සි වෙයි අක්කේ ..”
” එයාට ඇති මහන්සියක් නෑ … නිදාගෙන යන එකනේ …”
පැහැසරා යළි කීවාය.
” හරි එහෙනම් ..පරෙස්සමෙන් …. “
” රෑට කාලා බෙහෙත් බොන්න …”
නුරාන් අවසානයේ තිදෙනාට සමුදුන්නේය. ඉන් පසුව දොරවල් වසා කාමරය තුලට වැදුනේය. දින දෙකක පටන් පීඩා විඳින උණ රෝගය බෝවන්නට ඇත්තේ කොහෙදීදැයි නුරාන්ට එතරම් කල්පනාවක් නැත. එහෙත් ඉන් තමා අසාමාන්‍ය ලෙසින් ශාරීරිකව දුර්වලව ගොස් ඇති බව ඔහුට වැටහෙන්නේය. දින දෙකම උන්නේ සයනයේ වැටීගෙනය. උගුරෙන් පහලට වැටෙන යමක් වූවානම්, විනාඩි කිහිපයක් ඇතුලත සියල්ල යළි ශරීරයෙන් බැහැරව යන තරමටම ශරීර කර්තව්‍යන් අඩපණව තිබුණි. යන්තමින් හෝ හිස ඔසවාගෙන සුප් කෝප්පය හිස් කලේ අද දහවලේය. නුරාන් යහනේ ඇලවී ජංගම දුරකතනය අතට ගත්තේය.
වත්සලා සම්පූර්න වැඩකටයුතු විස්තරය යොමු කර තිබූ නිසා නුරාන් යළි ඒ පිළිබඳව වෙන වෙනම සොයා බලන්නට කාලය වෙන් කලේ නැත.
රාත්‍රී ආහාරය සැහැල්ලුවෙන් ගත් නුරාන් බෙහෙත් අහුරම ගිල දැම්මේය. එක්වරම සිහි වූයේ විශාදය නිසාවෙන් ප්‍රතිකාර ලබා ගත් කාලයේ පානය කෙරූ බෙහෙත් ප්‍රමාණයන් ය.
නුරාන් වහා අවධානය වෙනතකට හරවා ගත්තේය.
” අකේ … මම නිදාගන්න හැදුවේ .. එයාර්පෝර්ට් එකට ගිහින් කෝල් එකක් දෙන්න..”
” හරි මල්ලි .. බෙහෙත් බිව්වානේ ?..”
” ඔව් …”
නුරාන් යළි ජංගම දුරකතනය අතට ගෙන එය පසෙක තබා නින්දට වැටුනේය. මද වෙලාවකින් එක්වරම තිගැස්සී අවදි වූයේය. එක දිගට වට්සැප් පණිවිඩ එන හඬ ඔහුට හීනෙන් මෙන් ඇසුණි. මහා වැස්සක්ද අකුණු පුපුරා යන හඬද ඇසුණි. අඬ නින්දේම ඔහු ජංගම දුරකතනය අතට ගෙන වට්සැප් තිරයට එබුණේය. වට්සැප් පණිවිඩ වලින් පිරී යමින් තිබුනේ කාර්‍යාලයේ වට්සැප් සමූහය විය.
නුරාන් අගම තිබූ පණිවිඩය දුටුවේය. සැනින් නින්දෙන් පියවි සිහියට එලැබුනේය.
” තුංමංහන්දියෙන් එහා කෑල්ලේ අලි රංචු පහක් විතරලු කියලා අපේ තාත්තා කිව්වේ.. ඒ පැත්තේ කුඹුරු කපලා නිසා පාරෙන් මෙහාට ඒවිලූ .. ඒ හරියේ ගෙවල් වලටත් වදීද උන් කියලා සැකේ …”
” ඒ මිනිස්සු අලි වෙඩිවත් තියන් ඇතිනේ …”
” ඒ වුනාට එහෙම මීට කලින් ඇවිල්ලා නෑනේ?..”
” ඒ හානියක් වෙන ගානට ඇවිල්ලා නැතාට, එනවා යනවලු .. අවුල තියෙන්නේ මෙතන සෑහෙන්න ගානක් ලු .. මහ වැස්සත් නේ …”
නුරාන් සැනින් යහනින් පැන්නේය. ඇඳ උන් කෙටි කලිසමටම කමිසයක් දමා ගත්තේය. කැබ් රියේ අලි වෙඩි තිබෙන වව දනී. ලයිටරය සක්කුවේ ඔබා ගත්තේය. යළි ආපස්සට හැරී ජංගම දුරකතනයද අතට ගත්තේය. ගතෙහි වූ විඩාව කොහිදැයි ඔහුම නොදන්නේය.
වහා කැබ් රියට ගොඩ වූ නුරාන් එය මදක් ඉදිරියට ධාවනය කලේය, යළි ඉන් බැස ගේට්ටුව විවෘත කර දමා කැබ් රිය පිටතට ගෙන ගේට්ටුව වසා දැමුවේය. ඉසිනිගේ ජංගම දුරකතන අංකය නොවෙනස්දැයි ඔහු නොදන්නේය. තමා සතු ඇගේ ජංගම දුරකතන අංකයට ඇමතුමක් ගනිම්දෝයි වන සිතුවිල්ල ඔහු සැනෙකින් පසෙකට දැම්මේය.
” ඒ නම්බර් එක කා ළඟද දන්නේ නෑ නේ…”
ඔහු එලෙසින් සිතුවේය. මහා වැසි මැදින් වන ගමන නුරාන්ට පහසු වූයේ නැත. ඔහුට තිබූ කලබලයට කැබ් රිය ගෙන යන්නටද හැකි වූයේ නැත. තුංමං හන්දියට මෙපිටින් තුන් පත්රෑනක් පසු විය. එහෙත් නුරාන්ට බාධාවක් වූයේ නැත. ඔහු වාහන්අය කෙලින්ම නැවතුවේ ඉසිනිගේ නිවස ඉදිරියේය. මහ වැස්ස බව අමතකව මෙන් ඔහු කැබ් රියෙන් බැස්සේය. ගේට්ටුවට කිහිප වතාවක් ගැසුවේය. ඒ අතර වාරයේ වටපිට බැලුවේය. අනෙක් පස නිවසේද විදුලි පහන් නිවා දමා තිබුණි.
තමා කලබල වී පැමිණියාට ඇතැම් විට ඉසිනි මේ කලබල කිසිවක් නොදැනම සුව නින්දක සිටිනවා විය නොහැකිදැයි එක්වරම නුරාන්ට සිතුණි.
ඔහු උන්නේ පෙඟෙමිනි. ඒ සිතුවිල්ල සමඟ ඔහු අභ්‍යන්තරයෙන්ද පෙඟී ඉරී ගියේය. නුරාන් ආපසු හැරුනේත්, නිවසේ විදුලි පහන් දැල්වී ඉදිරිපස දොර විවෘත වූයේත් එක මොහොතේය. ඉසිනි, ඇයද වැස්සේම ඇවිද එනු නුරාන් බලා උන්නේ පියවි සිහියෙන් ඉක්මෙමිනි.
ඇය ගේට්ටුව ඇර දමා පසෙකට වූ පසු නුරාන් කැබ් රිය මිදුලට දැම්මේය. ගේට්ටුව වසා දැම්මේ ඉසිනිය. දෙදෙනාම එකිනෙකා හා සමාන්තරව නිවසේ ප්‍රධාන දොර තෙක් ඇවිද ගියෝය.
ඉසිනි පළමුව ඇතුලු වූවාය.
” ඇතුලට එන්න නුරාන්…”
ඇය සිටින්නේ හඬා බව නුරාන් හඳුනා ගත්තේ එවෙලෙහිය. වැස්ස ඇගේ කඳුලු ඔහුගෙන් සඟවා දමා තිබුණි. ඔහු ඇය දෙස බලාගෙනම නිවෙසට ඇතුළු වූයේය. තමා නිවෙසින් පැමින ඇත්තේ නිරුවත් දෙපයින් බව ඔහුට සිහි වූයේ එවෙලෙහිය. නුරාන් ඒ වගක් නැතිවා මෙන් සිටින්නට උත්සාහ කලද, ඉසිනි එය මඟ හැර ගත්තේ නැත.
ඔහුට එතරම් කලබලයක් ……….,
ReplyForwardAdd reaction |