ආහාරවලට එක් කරන Dry herbs ගැන ඔබ දන්නවාද?

සුපිරි වෙළඳ සැල් වල spice section නම් තැනක් තිබෙනවා. මෙහි පවතින්නේ ආහාර වලට එක් කරන්නට හැකි පැලෑටි වර්ගයි. අපි බොහෝ විට ආහාරවලට එකතු කරන්නේ කෘත්‍රිම සුප් කැට හා සෝස් වර්ග වුණත් ඒවා අපේසිරුරට ඒ තරම් හිතකර නොවන නිසා මේ පැලෑටි වලින් ඉටු වන්නේ හොඳ සේවයක්. මේවා dried spice/dry herbs ලෙසයි අලෙවිය සඳහා පවතින්නේ.

මේවායින් බැසිල් සහ මින්ට් නම් ඔබට නිවසේදීම වගා කරන්න පුලුවන්. අනිත්වා dry sprice/dry herbs ලෙස සුපිරි වෙළඳ සැල් වලින් ලබා ගන්න පුලුවනි.

කුඩා බඳුන් වල වවාගත් මේ පැළ මුළුතැන්ගෙයි සින්ක් එක මත තබා ගන්නටත් පුලුවන්!

මේ පැළ ආහාරවලට එක් කිරීමෙන් ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා. අපි කෘත්‍රිම රසකාරක වලින් වැළකීම ප්‍රධානම කාරණයක්. ඒවාගේ පවතින විශේෂිත රස හා සුවඳ නිසා ආහාර වලට හොඳ රසයක් සහ සුවඳක් ලැබෙනවා.

මස් මාළු බදින විට හා සීසන් කරද්දී, විවිධ බත් හා සුප් වර්ග සකසන විටදී,  තෙම්පරාදු සහ විවිධ බැටර් වර්ග සකසන විටදී, පීසා, බේක් පොටැටෝ, කොත්තු රොටී සකසන විට, පැස්ටා සකසන විට මේ පැළ භාවිතා කරන්න අපිට හැකියාව තිබෙනවා.

ඒ වගේම සෝස් වර්ග, පැස්ටා, සකසන ලද මස් වර්ග, ස්වීට්ස් වර්ග, චොකලට්, සොසේජස් සහ මීට් බෝල්ස් වර්ග, මස් පිරවුම්, රස ගන්වන ලද චීස් වර්ග වැනි සකසන ලද ආහාර වර්ගවලත් මේ හර්බ්ස් වර්ග අඩංගුයි.

ඔබේ ආහාරවලට අලුත් රසක් සහ සුවඳක් එකතු කරන්නට මේ ඖෂධිය පැළෑටි වර්ග ආහාරවලට එකතු කරන්න ඔබටත් හැකියි. සුපිරි වෙළඳ සැලකට ගිය අවස්ථාවකදී මේවා මිලට ගන්නට අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles