මේ ඒ වසන්තයයි – 25

0
1884

ඉසිනි කාර්‍යාලය වෙත ඇවිද ගියේ හොර පූසියක ලෙසිනි. කල්පයක් තිස්සේ කුසගිනේ හිඳ කුසට යමක් වැටුනාට පසු දැනෙන සැනසීම පිළිබඳව අපට සිතාගන්නටවත් නොහැක. එහෙත් ඉසිනි විඳිමින් උන්නේ ඒ සා සැනසීමකි. සිතද, කුසද දරා ගත නොහැකි ප්‍රාමාණික බාවයකින් පිරී ගොස් තිබුණි. අද පැහැසරා සහ ධනුක කාර්‍යාලගත රාජකාරි සඳහා නොපැමිනෙන දවසක් වීම නිසා ඉසිනි උන්නේ සැහැල්ලුවෙමි. ඕ කැබිනය තුළට රිංගාගත්තේද් හොර පූසියක සේය. ජංගම දුරකතනය මේසය මතින් තැබූ ඕ , බැහැර නාමලේඛණයේ පැමිණීම සඳහන් ර  ගැඹුරු හුස්මක් හෙලුවාය. වට්සැප් පණීව්ඩයක් ආ හඬ ඇසුණි. ඕ කුඩා කෙල්ලක මෙන් ජංගම දුරකතනය වෙත එබුණාය. තවමත් සුරක්ශිත කර නොමැති , එහෙත් කිසිදිනක අමතක නොවී තිබුණු අංකයෙන් පණිවිඩයක් විත් තිබුණි. ඉසිනි වහා එය විවෘත කලාය.

“ බත් කටක් කවනකොට, තමුසෙගේ ඇස් දිලිසුණු ඒ තාලෙන්ම තාම ඇස් දිලිසෙන්නේ කොහොමද තාරා ?…. මම බත් කටක් කවන එක එච්චරට හැඟීමක්ද තවම  ?……”

ඉසිනි යළි යළි ඒ පණිවිඩය කියෙව්වාය. ඇතැම් විට වසන්තය උදා වීමේ ඉඟි දැනෙන්නේ මෙලෙසින් විය යුතුය. ඕ ජංගම දුරකතනයෙන් ගලවා ගත් දෑස් වීදුරු ජනේල වීදුරුවෙන් එපිටට රැඳෙව්වාය. පරිසරයේ වෙනසක් කොහොමදෝ තමාට පෙනෙන බව සිතුණි. එතෙක් කල් දූවිලි පාටට පෙනුණ අම්පාරේ, ඇයට දැන් කොළ නිල් පැහැය පෙනෙන්නේය.

“ තාරා … මගේ පපුවට දැනෙන්නේ පුදුම සැනසීමක් තාරා …. “

නුරාන් යළි එලෙසින්ද එවා තිබූ පණිවිඩය ඉසිනි යළි කියෙව්වාය.

“ බත් කටක් කවනකොට, තමුසෙගේ ඇස් දිලිසුණු ඒ තාලෙන්ම තාම ඇස් දිලිසෙන්නේ කොහොමද තාරා ?…. මම බත් කටක් කවන එක එච්චරට හැඟීමක්ද තවම ?……”

ඉන් ඉහලින් වූ පණිවිඩයද යලි කියෙව්වාය.

එයට තමා දිය යුතු පිළීතුර කුමක්දැයි ඕ කල්පනා කලාය. සිටින්නේ රාජකාරි කාලයේ කියා සිතුවිල්ලක්වත් නොනැඟෙන තරමට ඕ උන්නේ ප්‍රහර්ෂණීයම වෙමිනි.

“ ඔයා වැඩ කරගන්න …. පරෙස්සමට ….”

නුරාන් එලෙස යළි පණිවිඩයක් එවනතුරුද ඉසිනි උන්නේ පාවෙමිනි.

“ උයලා කවන්න පුලුවන් කොල්ලෙක් ලැබෙනවට මම හරි ආස කලා නුරාන් … ඒත් කවදාවත් මට එහෙම කෙනෙක් මගේ කරගන්න වාසනාව තිබුනේ නෑ … කන වෙලාවට එක බත් කටක්, එක පාන් කෑල්ලක් මගේ කටට ඔබන එකෙන් මට මහා පුදුමාකාර පිරීමක්, නිවීමක් දැනෙනවා නුරාන් …. මං දන්නේ නෑ ඒකට හේතු කියන්න … ඒත් , මට ඒ හැඟීම මතක ඇති කාලේ ඉඳන්ම දැනුනා….. තවම දැනෙනවා……..”

ඉසිනි හදවත වාන් දමමින් තිබූ ප්‍රීති ප්‍රමෝදයෙන් ඉතා කුඩා සාන්ද්‍රණයක් පමණක් එලෙසින් තවරා නුරාන්ට පිළිතුරු ලීවාය.

නුරාන් ඉසිනිගේ පණිවිඩය කියවන්නට ගත්තේ මෝටර් රිය ධාවනය කරන අතරේය. ඔහු වාහනය පාරේ පසෙකට කර නැවැත්වුයේය.

“ උයලා කවන්න පුලුවන් කොල්ලෙක් ලැබෙනවට මම හරි ආස කලා නුරාන් … ඒත් කවදාවත් මට එහෙම කෙනෙක් මගේ කරගන්න වාසනාව තිබුනේ නෑ … කන වෙලාවට එක බත් කටක්, එක පාන් කෑල්ලක් මගේ කටට ඔබන එකෙන් මට මහා පුදුමාකාර පිරීමක්, නිවීමක් දැනෙනවා නුරාන් …. මං දන්නේ නෑ ඒකට හේතු කියන්න … ඒත් , මට ඒ හැඟීම මතක ඇති කාලේ ඉඳන්ම දැනුනා….. තවම දැනෙනවා……..”

ඉසිනිගේ ඒ ප්‍රභාවත් ඇස් පණිවිඩය පුරාවටම නුරාන්ට මැවි මැවි පෙනුණි,

“ අතීතය වෙනුවෙන් පසුතැවෙන එක නවත්තන්න තාරා .. අපි වර්තමානය පිළිඅරගෙන අනාගතය වෙනුවෙන් සූදානම් වෙමු … මිනිස්සු ඉස්සරහට යන්න නම් අතීතෙන් පාඩම් ඉගෙන ගෙන මූව් වෙන්නම වෙනවා ….”

නුරාන් එලෙසින් කියා එව්වේය.

“ ඔයා අතීතෙන් පාඩමක් ඉගෙනගත්තා නම්, අද මට මෙහෙම මැසේජ් කරන්නෝනි නැහැ නුරාන් …”

එක්වරම හිරු රැස් මහා චණ්ඩව නැඟුණු බව ඉසිනිට දැනුණි. ගත දාහයෙන් පෙඟී යන බව දැනුණි. වස්සානයක පෙර මං පෙනුන දෑසට අඳුරු, පාලු සුසානයක් පෙනෙන්නට ගෙන තිබුණි.

ඉසිනිගේ දෑස් වලට උණුසුම් කඳුලු වල තෙත දැනෙන්නට ගත්තේය. ඕ දෑස් හෙමින් තද කර හැරියාය. ජංගම දුරකතනය පසෙකට තැබුවාය. මේසය මත වු වතුර බෝතලයෙන් උගුරු කිහිපයක් බිව්වාය.

තමා මෙලෙසින් විය යුතු නැත. කිසිදිනෙක සමාව ලැබෙන්නට තරම් තමා කල කිසි දෙයක් සාධාරිණීකරණය කල යුතු නැත.  නුරාන් ගේ ජීවිතයට වාසනාව ගෙන ආ තත්පරය ඇරඹුණේ කොහෙන්හැයි තමා නොදන්නා බව ඉසිනි සිතුවාය. එහෙත්, ඔහුට අවාසනාව ගෙන ආ තත්පරය ඇරඹුවේ තමා බවට සැකයක් නැතැයි ඕ සිතුවාය.

නුරාන්ගේ ජීවිතයට හා වීමට තමාට කිසිඳු අයිතියක් නැත. එවැන්නකට සිහිනයකින්වත් උත්සාහ නොකරන්නයැයි නුරාන්ගේ සොහොයුරාම තමාට අවධාරණය කර ඇත. එලෙසින් තිබියදී තමා මෙලෙසින්, වචනයෙන් , සිතුවිලිවලින් හෝ ඔහු හා බැඳිම කල යුත්තක් නොවේය.

නුරාන් එක දිගටම ඉසිනිට පණිවිඩ එව්වේය. ඇය දැන් අනන්තයටම සිතමින්  විස්සෝප වීම අරඹා ඇති බවට සැක නැතිවම නුරාන් දැන උන්නේය. ඇය පණිවිඩ බලන්නේ හෝ නැතිව සිටිද්දී නුරාන් නොඉවසිල්ලෙන් ඇයට ඇමතුමක් ගත්තේය.

ඉසිනි ඇමතුම දෙස බලා උන්නා පමණි.

යළි තිරයේ වැටුණු පණිවිඩය ඉසිනි අහම්බෙන් දුටුවාය.

“ ආන්සර් කරේ නැත්නම් එහෙම මම ඔෆිස්  එකට එනවා….”

ඊළඟ ඇමතුම තිරයට වැටෙද්දීම ඉසිනි එයට පිළිතුරු  දුන්නාය.

“ මොකද්ද ඒ කිව්වේ ?….”

නුරාන්ගේ හඬෙහි වූ කෝපයෙන් ඉසිනි මදක් සැණසුනාය. ඇතැම් කෝපය තැවරුණු හඬක ඇත්තේ අප්‍රමාණ ප්‍රේමයය.

“ මො.. කද්ද ?…”

“ තාරා මේ .. මේ ඔයාගේ ඩියුටි ටයිම් එක .. ඒ නිසා මම වැඩිය හුරුතල් කතා කියන්නේ නෑ .. ඒත් මම මේ කියන එක හොඳට අහගන්න … මිට අවුරුදු හය හතකට කලින් හිටියේ හරි අමාරුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරපු නුරාන් මන්දිනු කෙනෙක් තාරා .. ඒකට එකම හේතුව වුනේ සල්ලී …. සල්ලි නැති වෙච්ච හින්දා මම ජීවිතේ අල්ලගෙන උන්නේ හරි අමාරුවෙන් … ඔයා මා එක්ක රණ්ඩු  කරපු හැම වතාවකම මම නිහඬව උන්නේ ඒ නිසයි තාරා….

ඔයා බලාපොරොත්තු වෙන ජීවිතේ හදාගන්න බැරි ආදරයක් මට දැනුනේ දුර්වල තැනක් විදියට… සටන් කරන්නවත් උත්සාහ නොකර, ඔයාට යන්න දුන්නේ ඒ නිසයි …. …. මෙච්චරට අවබෝධයක් තිබිලා හිතුවාට නෙවෙයි, මං විශ්වාස කලා, ආදරේ නම් සැපෙන්, සැනසිමෙන් ඉන්න පුලුවන් කමට බාධාවක් නොවෙන්න ඕනි කියලා තාරා …

ඒත් මට මගේ ජීවිතේ තනියෙන් අල්ලගෙන ඉන්න බැරි වුනා ඔයා ගියාම ..දුක් වින්දා.. කොහොමහරි, මම ඔලුව උස්සගත්තා… මං දැන් දන්නවා, ඇයි මම එහෙම ඔලුව උස්සගෙන ජීවත් වුනේ කියලා… අම්මා, තාත්තා ., අක්කා ඇරුනම ඒකට මං ඇතුලේ ඉඳගෙන හයිය දීලා තියෙන්නේ ඔයයි තාරා… ඒකේ සැකයක් තියාගන්න එපා …. ජීවිතේ කවදාහරි දවසක ඔයා ආයෙම මගේ ලඟට එනවා කියන සංවේදනය ඔයා විශ්වයේ කොහෙටම හරි මුදාහරින්න ඇති ……. මට විශ්වාසයි තාරා, මම ඔලුව උස්සගත්තේ මට නොපෙනුන ශක්තියක උදව්වෙන් … මෙච්චර දේවල් ගොඩ නගා ගත්තේ ඒ හයියෙන්..

දැණ් මට ඇති වෙන්න සල්ලි තියෙනවා තාරා … ඔයා බලාපොරොත්තු වෙන සුව, සැනසීම එක්ක ඔයාලාගේ බලාපොරොත්තු වෙන තැනත් දැන් මට තියෙනවා.. ඒ හින්දා මම දැන් සටන් නොකර අතාරින්නේ නෑ.. කවුරු හරි කියනවා නම් ආදරේ සටන් කරලා දිනාගන්න බැරි දෙයක් කියලා…, මම කියනවා පුලුවන් කියලා තාරා.. මම මෙච්චර කල් මා එක්කම  සටන් කරේ අපේ ආදරේ වෙනුවෙන් .. දැන් මම ඕනි කෙනෙක් එක්ක සටන් කරන්න ලෑස්තියි .. ඔයා එක්ක වුනත් ..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here