පොඩි කාලේ විහිලුවට මේ සෙල්ලම කරලා තියෙනවද?

ඉස්කෝලෙ යන කාලෙ යාලුවො එක්ක එක එක විදියෙ සෙල්ලම්, පොඩි පොඩි විහිලු වගේ දේවල් කරන්න අපි හරිම ආසයි ඒ වගේම ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි එහෙම හිතුවට ඒක හැමතිස්සෙම එහෙම වෙන්නෙ නෑ. සමහර සෙල්ලම් තියෙනවා ඇත්තටම අපේ ජීවිතේට ලොකුම ලොකු හානි කරන්න හේතු වෙන්න පුලුවන්. අන්න ඒ නිසාමයි අපි අද හිතුවෙ ඔයාලා එක්ක බෙදාගන්න ළමයි අතරෙ ප්‍රසිද්ධ, හැබැයි පස්සෙ එක එක ප්‍රශ්න වලට හේතුවෙන්න පුලුවන් සෙල්ලම්ක ගැන.

ඉස්සර දැන් කාලෙ වගේ ඔය phone, laptop අරවා මේවා තිබ්බෙ නැති හන්ද අපි ඔය හොයාගන්න පුලුවන් පොඩි පොඩි පැන්සල් කෑලි අරව මේව හොයාගෙනනෙ සෙල්ලම් කරේ. මේ අද කියන්න යන කතාවත් අන්න ඒ වගේ සෙල්ලමක් ගැන කතාවක්.

ඔන්න දවසක් එක ඉස්කෝලෙක යාලුවො සෙට් එකක් තමන්ගෙ තව යාලුවෙක්ට විහිලුවක් කරන්න හිතාගෙන තමන්ගෙ යාලුවා වාඩි වෙන පුටුව උඩ පොඩි කට්ටක් වගේ එකක් තියලා තියෙනවා. කට්ටක් කියන්නෙ අර නිකන් ඇණුනට දැනෙන්නෙ නැති ලෙවල් එකේ, හානියක් නෑ කියල හිතන ලෙවල් එකෙ පොඩි කට්ටක්.

කොහොමහරි මෙහෙම කට්ටක් තමන්ගෙ පුටුව උඩ තියෙනව දන්නෙ නැති යාලුවා මොකද කරලා තියෙන්නෙ වෙනද විදියටම ක්ලාස් රූම් එකට ඇවිල්ලා කට්ටිය එක්ක කතා බස් කරන ගමන් පුටුවෙ වාඩි වෙන්න ගිහින්.

හැබැයි පොඩි කට්ටක් වුනත් අපේ ශරීරයේ thigs වලට පොඩ්ඩක් ඕක දැනෙන හන්දා කට්ට ඇණිච්ච ගමන් මෙයා උඩ ගිහින් පුටුවෙන් බිමට විසික් වෙලත් තියෙනවා. යාලුවො ඔක්කොම හිනාවෙද්දි තමා මෙයාට තේරිලා තියෙන්නෙ මේක මේ කට්ටිය එක්කහු වෙලා කරපු විහිලුවක් කියන එක. ඉතින් යාලුවො එක්ක කොහොමත් ආතල් එකේ ඉන්න මේ ළමයාත් තමන්ට කරපු විහිලුවට කට්ටිය එක්කම හිනාවෙලා සාමාන්‍ය විදියට වැඩ ටික කරන්න පටන් ගන්නවා.

හැබැයි එහෙම වෙයි කියල හිතුවට ඒක එහෙමම වෙන්නෙ නෑ. මොකද හිතුවෙ නැති විදියට හදිසියෙම මේ ළමයා කලන්තෙ දාලා, සිහිය නැතුව වගේ බිමට වැටෙනවා. ඉස්කෝලෙ එයාගෙ පංතියෙ ඉන්න හැම කෙනාම එයාගෙ මූන වතුර ගහල, කලන්තයක් වෙන්න ඇති, එයා දැන් නැගිටීවි කියල හිතුවට ඒක එහෙමම වෙන්නෙ නෑ.

තත්ත්වෙ බරපතල බවත්, මේ ලමයට සිහිය එන්නෙ නෑ කියල තේරුණ නිසාත් ඊලඟට හැමෝම එකතුවෙලා මොකද කරන්නෙ මෙයාව ඉස්පිරිතාලෙ අරගෙන යන එක.

ඉස්පිරිතාලෙට අරගෙන ගියත් ඒ වෙද්දිත් හොඳටම පරක්කු වැඩියි කියල මේ ඉස්කෝලේ යාලුවො හැමෝම දැනගෙන්නෙ වෛද්‍යවරයා ඇවිල්ල කිව්වම “ඔයාගෙ යාලුවා මිය ගිහින්” කියලා. මේ පැය ගානකට කලින් තමන් එක්ක හොඳට හිනාවෙලා කතා බහ කරපු යාලුවාට මෙහෙම දෙයක් වෙලා කියල දැනගත්තම ඉවසගන්න අමාරු වෙන තැන යාලුවො හැමෝම එකට එකතුවෙල අඬනවා දුක් වෙනවා. ඒ ඔක්කොම අස්සෙ වෛද්‍යවරු උත්සහ කරනවා කොහොමද මේ උදේ හොඳට හිටිය ළමයා දවල් වෙද්දි මැරෙන්නෙ කියලා හොයාගන්න. ඒ පරීක්ශන වලට අනුව තමයි වෛද්‍යවරුන්ට දැනගන්න ලැබෙන්නෙ ශරීරයේ කොතන හරි වෙච්ච තුවාලයකින් ශරීරයේ රුධිරයට එකතු වෙච්ච යම් බැක්‍ටීරියාවක් නිසා තමයි මේ ළමයා මිය ගිහින් තියෙන්නෙ කියන එක.

එතකොට කොහොමද මේ වගේ මාරාන්තික බැක්ටීරියා එකක් මේ ඉස්කෝලෙ යන ළමේක්ගෙ ශරීරෙට එන්නෙ?

හොයාගෙන යද්දි තමයි දැනගන්නෙ ඒක ඇස් රතුවෙන විහිලුවක් දුර දිග ගිය එකක් කියලා.

මතකද මම කලින් කිව්ව මේ මියගිය ළමයගෙ යාලුවො එයාගෙ පුටුවෙ කටුවක් තිබ්බ කියලා විහිලුවට. බැක්ටීරියා රැඳිලා තිබිලා තියෙන්නෙ අන්න ඒ කටුවෙ. ඒ කටුව ශරීරයේ ඇණිලා ඇතිවෙච්ච පුංචි තුවාලෙ හරහා තමයි කටුවෙ ගෑවිලා තිබුණ බැක්ටීවියා මේ ළමයගෙ රුධිරයට එකතුවෙලා ඒ ළමයගෙ ජීවිතේ අවසන් කරලා දාලා තියෙන්නෙ.

ඉතින් මේ වගේ විහිලු අපි කරන්නෙ වැඩිය දුර හිතන්නෙ නැතුව. ඒකයි මම කිව්වෙ සමහර විහිලුවල කෙලවර අපි හිතන්නෙ නැති තරම් දරුණු එකක් වෙන්න පුලුවන්. විහිලුවකින් වෙන්නෙ කෙනෙක්ගෙ හිත රිදෙන එකද, ශරීරයට රිදෙන එකද කියන එක නෙවෙයි අපි බලන්න ඕන.

ඒ විහිලුව කරන කෙනාට වගේම විහිලුවට ලක්වෙන කෙනාටත් ඒ විහිලුව හිනාවෙලා දරාගන්න පුලුවන් විදියෙ විහිලුවක් වෙන්න ඕන කියන එක අමතක කරන්න එපා!

Related Articles

Don't Miss


Latest Articles