නිරෝගී, දිලිසෙන සහ ශක්තිමත් හිසකෙස් කියන්නේ හැම කාන්තාවකගේම හීනයක්.
අද කාලෙ ගත්තම ගොඩක් කාන්තාවො හරිම ආසයි තමන්ට නිරෝගී, ලස්සන, ශැම්පු ඇඩ් එකක තියෙනවා වගේ කෙස් කළඹක් ලබාගන්න. ඒක නිසාම තමයි ගොඩක් අය අතිරේක කෙරටින් පෝෂණ සත්කාරවලට යොමුවෙන්නෙ. හැබැයි සැලොන් එකකට ගිහිල්ලා කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරගන්නවා කියන්නෙ ටිකක් විතර වියදම් වැඩි වැඪක් නෙ. ඒ වෙනුවට, ගෙදරදිම හරිම පහසුවෙන් සොයාගන්න පුලුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ගෙදරදිම ඔයාගෙ කොණ්ඩෙට කරගන්න පුලුවන් කෙරටින් ට්‍රීට්මන්ට් කීපයක් ගැන විස්තර තමයි අපි අද ඔයාලා එක්කා බෙදාගන්න හිතුවෙ.
කෙරටින් ට්‍රීට්මන්ට් එකකින් ලැබෙන ප්රතිලාභ වෙන්නෙ,
දුර්වර්ණ හිස කෙස් අලුත්වැඩියාව.
හිස කෙස් වලට මනා පෝෂණයක් ලබාදීම.
දීප්තිමත් කෙස් කලඹක් ලැබීම.
දිගු පිරිපුන් කෙස් කලඹක් ලැබෙනවා.
යෝගට් Hair Mask එක
ඕන කරන ජාති:
උකු පොල් කිරි කෝප්ප 1/2
යෝගට් මේස හැඳි 2
කෝමාරිකා ඉත්තක මදය සූරලා
ඉරිගු පිටි -කෝන්ෆ්ලවර්, මේස හැඳි 2
එඩරු තෙල් මේස හැඳි 1 / පොල්තෙල් මේස හැඳි 1
ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි 1
විටමින් E කරල් 3
මී පැණි
හදාගන්න විදිය:
විටමින් E සහ මී පැණි නැතුව අනිත් සියල්ලම දාලා හොදට බ්ලෙන්ඩ් කරගන්න. ලිපෙ තියන්න පුළුවන් බාජනයකට දාගෙන මද ගින්නෙ කැටි ගැහෙන්නෙ නැතිව හැදි ගාන්න. ක්‍රීම් ගතියට ආවම, ලිපෙන් බාගෙන නිවෙන්න දාලා විටමින් E, මී පැණි දාලා හොඳට මිශ්‍ර කරන්න.
Apply කරන්නෙ කොහොමද?
මේක කෙරටින් ක්‍රීම් එකක් වගේ ඔලුවෙ හොඳට ගාන්න. පැයක් තියලා, මෘදු ෂැම්පු එකක් දාලා නාන්න.
කෙසෙල්-පැපොල් hair mask එකක්
ඕන කරන ජාති:
කෙසෙල් 1
කුඩා පැපොල් කැබැල්ලක්
මී පැණි තේ හැඳි 1
නැවුම් කිරි තේ හැඳි 1
හදාගන්න විදිය:
මුලින්ම කෙසෙල්, පැපොල් බ්ලෙන්ඩ් කරගන්න. එයට මී පැණි සහ කිරි එකතු කර හොඳට මිශ්‍ර කරන්න.
Apply කරන්නෙ කොහොමද?
හොඳට වේලගත්ත හිසකෙස් සහ හිස් කබල මත apply කරන්න. ඒකට ඔයාලට බ්‍රශ් එකක් වගේම ඇඟිලි තුඩු පාවිච්චි කරන්නත් පුලුවන්. ඊටපස්සෙ විනාඩි 30ක් වගේ කාලයක් මේක තියලා හොඳ, mild shampoo වර්ගයක් පාවිච්චි කරලා හොඳට හෝදලා යවන්න.
බිත්තර සහ කෙසෙල් Mask
ඕන කරන ජාති:
බිත්තර 1
මී පැණි තේ හැඳි 1
මී කිරි තේ හැඳි 2
එඬරු තෙල් තේ හැඳි 1/2
ඇඹුල් කෙසෙල් 2
කෝමාරිකා ජෙල් තේ හැඳි 2
හදාගන්න විදිය:
කෙසෙල් ගෙඩි වල ලෙල්ල අයින් කරලා හොඳට බිත්තර එක්ක බ්ලෙන්ඩ් කරගන්න. ඒකට මී පැණී, මී කිරි, එඬරු තෙල් හා කෝමාරිකා ජෙල් ටිකත් දාලා තලපයක් වගේ හදාගන්න.
Apply කරන්නෙ කොහොමද?
හොඳට වේලගත්ත හිසකෙස් සහ හිස් කබල මත apply කරන්න. ඒකට ඔයාලට බ්‍රශ් එකක් වගේම ඇඟිලි තුඩු පාවිච්චි කරන්නත් පුලුවන්. ඊටපස්සෙ විනාඩි 20ක් වගේ කාලයක් මේක තියලා හොඳ, mild shampoo වර්ගයක් පාවිච්චි කරලා හොඳට හෝදලා යවන්න.
බණ්ඩක්කා සහ Jojoba Oil Mask
ඕන කරන ජාති:
බණ්ඩක්කා 5
හාල් පිටි තේ හැඳි 2
ජොජෝබා ඔයිල් තේ හැඳි 2
වතුර කෝප්ප 1
හදාගන්න විදිය:
බණ්ඩක්කා කරල් ටික හොඳට සුද්ද කරලා බ්ලෙන්ඩර් කරලා භාජනේකට දාලා වතුර කෝප්පයක් එක්කහු කරලා මද ගින්දරේ රත්කර ගන්න. පස්සෙ ඒක නිවුණම භාජනේකට එකලා පෙරලා අරගෙන හාල් පිටි සහ ජොජෝබා ඔයිල් එකතු කර මෘදු mixture එකක් හදාගන්න.
Apply කරන්නෙ කොහොමද?
හොඳට වේලගත්ත හිසකෙස් සහ හිස් කබල මත apply කරන්න. ඒකට ඔයාලට බ්‍රශ් එකක් වගේම ඇඟිලි තුඩු පාවිච්චි කරන්නත් පුලුවන්. ඊටපස්සෙ විනාඩි 20ක් වගේ කාලයක් මේක තියලා හොඳ, mild shampoo වර්ගයක් පාවිච්චි කරලා හොඳට හෝදලා යවන්න.
පොල්කිරි සහ Vitamin E Mask
ඕන කරන ජාති:
පොල් කිරි කෝප්ප 1/4
කෝමාරිකා ජෙල් තේ හැඳි 1
එඬරු තෙල් තේ හැඳි 1
විටමින් ඊ කරල් 3-4
හදාගන්න විදිය:
පොල් කිරි, කෝමාරිකා ජෙල් හා එඬරු තෙල් හොඳට මික්ස් කරලා ඒකට විටමින් ඊ කරල් එකතු කරන්න. ඊලගට මේ ඔක්කොම ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනා.
Apply කරන්නෙ කොහොමද?
හොඳට වේලගත්ත හිසකෙස් සහ හිස් කබල මත apply කරන්න. ඒකට ඔයාලට බ්‍රශ් එකක් වගේම ඇඟිලි තුඩු පාවිච්චි කරන්නත් පුලුවන්. ඊටපස්සෙ විනාඩි 20ක් වගේ කාලයක් මේක තියලා හොඳ, mild shampoo වර්ගයක් පාවිච්චි කරලා හොඳට හෝදලා යවන්න.
ReplyForwardAdd reaction |