මේ ඒ වසන්තයයි – 30

0
2674

ඉසිනි දෑස් යන්තමින් තද කර යලි විවෘත කලාය. අවට සියල්ල යලි අඳුරට පෙනෙන්නේය.

” ම්ම්ම් …”

” සෝමා නැන්දා කීයටද යන්නේ ?..”

” අනේ එහෙම එන්නෙපා නුරාන් ..මිනිස්සු කතා කියාවි …ඒක මට කොහොම උනත් ඔයාට හොඳ නෑ … “

” අපි පොඩි උන්ද තාරා ?…”

” ඒ වුනත් එපා .. එපා ……..,”

” හරි … ඕෆ් වෙලා එහෙමම ටව්න් එකට යන්න .. මම එන්නම් ….”

” හ්ම් ….”

” හෙට වුනත් තමුසේව බඳින්නම් තාරා හිත කලබල නම් … මං ඉන්නවා මොන දේ වුනත් .. මට ඉස්සර වෙච්ච දේවල් අදාල නෑ .. ඒත් මෙතනින් ඉස්සරහට තමුසේ කරන කියන දේවල් මට අදාලයි තාරා … ඒ නිසා මාව පිස්සු වට්ටන දේවල් කරන්නෙපා…”

” මං ඔයාව දාලා ගිහින්, සල්ලිකාරයෙක් කසාද බැඳලා, ඒ මනුස්සයා එක්ක ලස්සන ජීවිතයක් වෙනුවෙන් උත්සාහ කරා කියන එක ඔයා ඔච්චර ලේසියට අමතක කරන්නේ කොහොමද නුරාන්…?”

” ජීවත් වෙනකොට, එක එක අවස්තාවල, අපි හීනෙකින්වත් නොහිතන තීරණ ගන්න වෙන බව තේරුම් ගන්න තරම් මම දැන් දැනුම් තේරුම් තියෙන මිනිහෙක් තාරා… ඔයා මාව අතෑරිය නෙවෙයි.. ඔයා ඔයාගේ අම්මලාව තෝරගත්තා … ඔයාට අම්මලා එක්ක රණ්ඩු කරලා හරි මගේ ලඟට එන්න තරම් තත්වයක් මගේ වටේ නොතිබුන නිසා ඔයා එහෙම කරන්න ඇති තාරා… මම කිසි බලාපොරොත්තුවක් නැති ගානට ඒ උන්න ජීවිතේ එක්ක ඔයා එහෙම කරාට මම කොහොමද තරහ වෙන්නේ ? අපි උන්න ගෙදර ඔයාගේ අම්මලා ඔයාට පෙන්නුවට පස්සෙත් ඔයාට මං එක්ක එන්න නොහිතෙන එක මට දැන් තේරෙනවා තාරා .ආදරේ කලාට, ජීවත් වෙන්න ඒක ප්‍රමාණවත් නැහැ කියලා මම තේරුම් ගත්තා…… ඒක ඒ දවස් වල තේරුනේ නෑ . … මම අඩුම තරමේ මම ගොඩ නැගෙන්නම් කියන පොරොන්දුවවත් ඔයාට දීලා තිබුනා නම් දේවල් වෙනස් වෙන්න තිබුණා…”

” ඔව්වා ඔක්කොම සුරංගනා කතා නුරාන්.. තමන්ගේ මිනිහාට හයියක් වෙලා ජීවිත ගොඩ දාන ගෑණු කොච්චරක් නම් ඉන්නවද ?.. බින්දුවේ ඉඳන් පටන් අරන්  හැමදේම හදාගන්නකල් මිනිස්සු තනි නොකරන ගෑණුන්ගේ හයිය කතා  කොච්චරක් තියෙනවාද නුරාන් ?… “

” මිනිස්සු පරිණත වෙන්නේ අත්දැකීම් එක්ක තාරා.. වයස එක්ක … මාපලානේ ගේට්ටුවෙන් ඇතුලට ආව තාරා සල්ලි වලින්, සැප සම්පත් වලින් විතරක් ජීවිතේ දකින්න, විඳින්න දැනගෙන උන්න පොඩි කෙල්ලෙක්.. ඒ කෙල්ල එක්ක ජීවත් වෙන හැම තත්පරයකම ඒක මට මහ බරට දැනුනා. ….  ඒ කෙල්ල ජීවිතේ අනාගතේ ගැන මහ බයක් හිතේ තියන් උන්න කෙනෙක් .. ඒත් ඒ ගේට්ටුවෙ එලියට ආවට පස්සේ, ලෝකේ එක්ක හැප්පිලා ඔයා දැන් මහ ගෑණියෙක් වෙලා තාරා … ඔයාට දැන් පුලුවන් මගේ පැත්තකින් හිටගෙන මාව අල්ලගන්න …”

නුරාන් මේසය මත වූ ලිපිගොනුවක් හරවා එහෙන් මෙහෙන් ඒ දෙස බලන අතරේම එලෙසින් කීවේය.

” ඔයා හරියන්නේ මෝටිවේශන් ටෝර්කෙර් කෙනෙකුට නුරාන් …”

” අනිවාර්‍යෙන්ම තාරා …”

නුරාන් සිනාසෙමින්ම පිලිතුරු බැන්දේය,

” හරි.. දැන් ගන්න පඩියට ණය නොවී වැඩ කරන්න .. වැඩ ඉවර වෙලා එන්න කලින් මට ගන්න …”

ඉසිනි හිස සැලුවේ නුරාන්ට එය නොපෙනෙන බව අමතක කරමිනි.

” තාරා …”

” හා ..”

” අනෙක් ඔක්කොම අමතක කරලා මාව  ෆෝකස් කරන් ඉන්න තාරා.. එතකොට එක විකාර කතාවකටවත් ඔයාව අවුල් කරන්න බෑ ..”

” හ්ම්ම්…”

“හරි එහෙනම් ..”

” පරෙස්සමට නුරාන් .. කලබල නොවී එන්න …”

නුරාන් සිනාසෙමින්ම ඇමතුම විසන්ධි කලේය. දිග හැර තිබූ ලිපිගොනුව මදක් පරික්ශා කලේය. ඒත් සමඟම අයියාගේ මැදිහත් වීම සිහි වූයේය. ඔහු සුසුමක් සමඟ ලිපි ගොනුවෙන් ඉවතට දෑස් යොමු කලේය. අයියා සමඟ කතා කිරීම පසු කිරීමේ සීමාව සනිටුවන් කර ගත්තේ කොහින්දැයි ඔහුට වැටහෙන්නේ නැත. වෙනදාක නම් අයියාට පෙර අක්කා සමඟ මේ සියල්ල කතා බහ කරන්නට ඉඩ තිබුණි. එහෙත් ඉසිනි සමග අක්කාගේ කෝපය තමාට සිතා ගන්නට නොහැකි තරමේ බව නුරාන් දනියි. එහෙත් මේ සියල්ල එකිනෙකා අතරේ සැඟවී තිබෙනතුරු අලු යට ගිණි පුපුරු මෙන් වන සිදුවීම් පමණක් අත් දකින්නට සිදු  වන්නේය.

අවසානයේ නුරාන් තීරණය කලේය. අද ඉසිනි හමුවීමෙන් පසුව අයියා සහ අක්කා මේ ගැන දැනුවත් කරන වග සිතුවේය. ඉන් පසුව ඔවුන් අම්මා සහ තාත්තා සමඟ මේ පිළිබඳව කතා කරනු ඇත.

නුරාන් ඉන් පසුව වන වැඩ කටයුතු සිදු කලේ උද්‍යෝගයෙනි. වත්සලා කැඳවාගෙන තවත් කටයුතු කිහිපයක්ද සාකච්චා කර අවසන් කලේය. ඉන් පසුව නව කර්මාන්තශාලාවේ  කටයුතු පුලුල් කිරීම සඳහා වන කටයුතු කිහිපයක් සඳහා ඉංජිනේරු මිතුරෙකු සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූයේය.

ඉසිනි ගේ ඇමතුම පැමිණියේ ඒ අතරේය. මිතුරාගේ ඇමතුමෙන් මොහොතකට මිදුණු නුරාන් ඉසිනි හා සම්බන්ධ වූවේය.

” තාරා …”

” මම ඕෆ් ..”

” නියමයි .. ඔයා ඔහොමම පිටත් වෙන්න .. මාත් දැන් එන්නම් …”

” ඔයා තවම ෆැක්‍ට්‍රි එකේද ?..”

” ඒ කිට්ටුව …”

” හා …”

” හරි ..පරෙස්සමට එන්න …”

වත්සලා කැබිනය තුලට ඇතුලු වූයේ ඇමතුමේ අවසාන  වචන කිහිපය ඇසෙද්දීය. වත්සලා ඒ ගැන සැලකිලිමත් වූවාය.  ගෙවුණු දින කිහිපයේම නුරාන් උන් වෙනස ඇයට ඉතා හොඳින් වැටහී තිබුණි.

” කාටද සර් පරෙස්සමින් එන්න කිව්වේ ?..”

ඕ එලෙස විමසාගෙනම ෆයිල් කවර දෙක නුරාන් වෙත දිගු කලාය. නුරාන් ඇස් උස්සා ඇය වෙත බැල්මක් හෙලා, තොල් නොපිට පෙරලා නිහඬව උන්නේය. චමත්කාද පිළිතුරක් බලාපොරොත්තුවෙන් මෙන් බලා උන්නේ  දින කිහිපයක් තිස්සේ සිතෙහි වූ කුකුසද නිසාය.

” යාලුවෙක් යාලුවෙක් …”

නුරාන් ෆයිල් කවරයක් පෙරලමින් කීවේ චමත්කා පිළිතුරක් බලාපොරොත්තු වන බව වටහාගෙනය.

” සාමාන්‍ය යාලුවෙක් නම් වෙන්න බෑ සර් ….”

චමත්කා එලෙසින් කීවාය. නුරාන් ඇය දෙස විමතිය පෙන්වන බැල්මක් හෙලුවේය. ඉන් පසුව සිනාසුනේය.

” එහෙනම් කොයි වගේ යාලුවෙක් වෙන්න ඕනිද ?…”

” විශේෂ යාලුවෙක් වගේ තමයි පේන්නේ නම් සර් …”

” ම්ම්ම් .. චමත්කාට දැන් පේන කියන්නත් පුලුවන්ද ?.. පාර්ට් ටයිම් දේවාලයක් දාගත්තා නම් දෙයියනේ කියලා සෑහෙන්න හම්බ කරන්න තිබ්බා …”

නුරාන් උන් සිනාවෙන්ම කීවත්, ඉන් වත්සලාගේ හදවත ගැස්සුණේය.

” ඒ කියන්නේ විශේෂ යාලුවෙක් ?..”

ඕ ඒ ගැස්ම නොපෙන්වා සිටින්නට ප්‍රවේශම් වූවාය.

” ඇයි දැන් අපිට විශේෂ යාලුවෝ ඉන්න බැරිද ?….”

නුරාන් ඇසුවේ වත්සලාගේ හදවත කැබලි වන තරමේ ස්වරයකිනි.

ඒ ඉරි තැලීම් වලට හේතුව වත්සලා වටහා නොගත්තා වුඅද, අපට එය වැටහෙනවා නොවේද ?.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here