ගුණයෙන් පිරිපුන් දේශීය සහල්

වී වගාව කියන්නේ වසර තුන්දහසක් පමණ පැරණි අතීත උරුමයක්. වී වගාව ගැන මුලින්ම වාර්තා වන්නේ ක්‍රිස්තු පූර්ව 2800 දී චීනයෙන්. ඉතින් ප්‍රධාන ආහාර වේල බත් ලෙස අපට උරුම වුනේ වසර දහස් ගණනකට පෙර සිටමයි. කෘෂි කර්මාන්තය ඇසුරු කල අපගේ ඉපැරණි මුතුන් මිත්තන් යෝධ බල ශක්තියෙන් පිරිපුන්ව වැව් අමුණු, දාගැබ්, වෙහෙර විහාර ගොඩ නැගුවේ මේ ආහාර වල පිහිටෙන් ලද සවියෙන්. ඉතින් අද පවතින සහල් වලට වඩා ගුණයෙන් මෙන්ම රසයෙන් දපිරිපුන් දේශීය සහල්ගැන දැනුවත් වෙන්නයි මේ යන්නෙ.

මසුරන් – පිළිකාවට වඩාත්ම සුදුසු ඔසු ගුණයෙන් පිරිපුන් ආහාරයක් ලෙස මෙම සහල් වර්ගය හඳුනාගෙන තිබෙනවා.මෙය රතු පැහැති දිගටි සහලක්.යල කන්නයේදී මාස තුන හමාරකින් සහ මහ කන්නයේදී මාස හතර හමාරකින් අස්වනු නෙලා ගන්නපුලුවන්.නිවුඩ්ඩ සමග ආහාරයට ගත්විට දියවැඩියාව,ස්නායු රෝග,කොලෙස්ටරොල්,රෝග තත්වයන්ටත් ගුණදායකයි.ප්‍රති ඔක්සිකාරක නිසා ආතතිය වැනි තත්ත්වයන් අවම කරනවා.

කහවණු – මෙය සුදු පැහැති සහල් වර්ගයක්.වගා කර මාස තුන හමාරකින් හෝ හතරකින් අස්වනු නෙලා ගන්නට පුලුවන්.පිළිකා සුවපත් කිරීමේ හැකියාව සහිතයි.

සුවඳැල් – සුවඳැල් සහල් එදා වගේම අදත් තවමත් ජනප්‍රිය සහලක්.මිල තරමක් වැඩි නිසා එදිනෙදා ජීවිතයේදී නිතර ආහාරයට ගැනීම තරමක් අපහසුයි. සම පැහැපත් කරවන,කටහඬ මිහිරි කරන,සිරුරේ බහිස්‍රාවීය ද්‍රව්‍ය හොඳින් පිට කරවීම,ඇස් රෝග පාලනය කර ස්නායු වර්ධනය කිරීම,දියවැඩියාව පාලනය ආදී රෝග රැසකට මෙම සහල් ඉතාමත්ම හිතකරයි.සමබර කායික වර්ධනයක් ලබාදෙනවා.හෝමෝන සමතුලිත කිරීමට සමත්. මෙම සහල්වල අධික ලෙසින් ග්ලූකෝස් නැති නිසා කුරහන්,තල,මුං වැනි ධාන්‍ය සමග කලවම් කර කැඳ හෝ තලප ආකාරයට පිළියෙල කරගන්නට පුලුවන්.කුඩා දරුවන් වෙනුවෙන් තවමත් මවු වරුන් මෙම සහල් වර්ගය තෝරාගන්නවා.

පච්ච පෙරුමාල් – මෙහි තේරුම වන්නේ භාග්‍යවතුන්වහන්සේගේ වර්ණය යන්නයි. පාරම්පරික සිoහල සoස්කෘතියේ මෙම සහල් දිව්‍යමය සහල් ලෙසයි හඳුන්වන්නෙ. සියපත්ඇල් ලෙසද මෙම වී වර්ගය හඳුන්වනවා.එහි තේරුම නෙලුම් මලක පත්‍ර සියයකින් ලැබෙන ශක්තිය එක වී ඇටයක අඩoගු වී ඇති බවයි. මෙය දිගු වගා කාලයක් සහිත වී වර්ගයක්.යල කන්නයේයි වගා කරන්නෙ.රතු දුඹුරු පැහැයෙන් යුතුයි.අස්වනු ලබා ගැනීම සඳහා මාස හයක පමණ කාලයක් ගත වනවා. කාය ශක්තිය වර්ධනය කිරීම,මල බද්දය,ස්ථුලතාවය පාලනය කිරීම,මුත්‍රා සමග පෝශක කොටස් පිටවීම පාලනය කිරීම,රතු රුධිර සෛල නිපදවීම වැඩි කිරීම,අවශ්‍ය එන්සයිම,හෝමෝන උත්තේජනය,සිරුර සිසිල් කිරීම,තුවාල ඉක්මනින් සුවපත් කිරීම,ආදී ගුණයන්ගෙන් යුතුයි.ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතාමත්ම වැඩියි.

රත්දැල් – මෙම සහල් රෝස පැහැයෙන් යුතුයි.මාස තුනකින් අස්වනු නෙලා ගන්නට පුලුවනි.ක්ෂය රෝග තත්ත්වයට,සම පැහැපත් වීමට,දද,කුශ්ට සුව කිරීමට හැකියාව තියෙනවා.සිරෝසිස් රෝගීන්ට ඉතාමත්ම ගුණදායකයි.

කුරුලුතුඩ – වර්තමානයේ වෙලඳපොලෙන් මිලදී ගන්නට පුලුවනි.නමුත් ඉපැරණි වී වර්ගයක්.මාස තුනකින් පමණ අස්වනු නෙලා ගන්නට හැකියි.ශරීරයේ කැල්සියම් ආරාක්ෂා කරයි. මුත්‍රා රෝග සඳහා ගුණ දායකයි.හන්දිපත් අමාරුව,රක්ත හීනතාවය,ආදී රෝගීන්ට සුවයක් ගෙනෙනවා.පිත්තාශය ආශ්‍රිත රෝග වලට ඉතාමත්ම ගුණයි.

හැට දා වී – රතු පැහැති සහල් වර්ගයක්. දියවැඩියාව පාලනයට උපකාරී වනවා . මාස දෙකකින් පමණ අස්වනු නෙලාගන්නට හැකියි.සිරුර සිසිල් කරයි.කායික ශක්තිය වැඩි කරන අතර හර්ද රෝග,ලේ වමනය වැනි රෝග වලට ගුණදායකයි.

පොක්කාලි -රතු පැහැති සහල් වර්ගයකි.මාස තුන හමාරකින් පමණ අස්වනු නෙලා ගන්නට හැකියාව තිබෙනවා.ස්නායු,චර්ම ,දියවැඩියාව රෝගීන්ට ගුණ දායකයි.

මීට අමතරව මාවී, මඩතවාලු, කලු හීනටි, දිග් වී,ගෝනබරු, බෙහෙත් හීනටි, දහ නල,ගොඩ හීනටි ලෙස ඉපැරණි සහල් වර්ග ගණනාවක් පවතිනවා.

-චම්ම-

Related Articles

Don't Miss


Latest Articles