තාදී – 4

0
512

” පොඩි පොඩි තුවාල ටිකක් ඇරුනම එයාට දැන් ලොකු අවුලක් නෑ. ඔලුවේ තියෙන තුවාලේ ටිකක් ඩීප් නිසා එයා ටික දවසක් රෙස්ට් කරොත් හොඳයි. අනික එයාට සිහිය නැති වෙන්න ඇත්තෙ ෂොක් එකට.  ” 

වෛද්‍යවරයා කීවේ ධීරට ය. ආයුශ් පැමිනෙන විටම වාගේ ගයාත්‍රි ද පැමිණියේ හඬමිනි. ඒ වන විට තාදී සිහිය ලබා තිබුණි.

” අනේ මං මිස්ට කිව්වා ටිකක් ඉඳලා යන්න කියලා ” 

ධීර ගයාත්‍රි දෙස බැලුවේ කුතුහලයෙනි.

” මේ මගේ බොස්. මිස් උදේ ශොප් එකෙන් එද්දි කකුල පැටලිලා වැටෙන්න ගියා. මං කිව්ව ටිකක් ඉඳලා යන්න කියලා. ළමා නිවාසෙට යන්න පරක්කු වෙනව කියල ගියා ” 

තාදී ගැන දැන ගන්නට හොඳම අවස්ථාව මෙය බව ධීරට සිතුනෙ ගයාත්‍රි එසේ කී විටය.

” ළමා නිවාසේ කිව්වේ ? ” 

ධීර ගේ පැනය හමුවේ ගයාත්‍රී මදකට නිහඬ වූවාය.

” මේ.. මිස් පොඩි කාලේ හැදුන ළමා නිවාසේ ” 

ගයාත්‍රී පිළිතුරු දුන්නේ ඇහෙන නෑහෙන ගානටය.

” මිස් ඒකට යනවා කියලා උදේ ශොප් එකෙන් ආවේ.  ” Clothez ” කියන්නේ අපේ ශොප් එක. ඒකත් මිස්ගේ ” 

තාදී ගැන දැන් පැහැදිලිය.ධීර කල්පනාවට වැටෙද්දී තමන් දන්නා සත්‍යය නාඳුනන පුද්ගලයෙකු හමුවේ කීම නිසා ගයාත්‍රී උන්නේ පසුතැවීමෙනි. 

” මම මෙයාව බාර දෙනකොට දුන්නේ ඒ ඇඩ්‍රස් එක. මොකද මං මෙයාගේ විස්තර දන්නේ නැති නිසා අයිඩී එකේ තිබ්බ ඩීටේල්ස් තමයි දුන්නේ ” 

” ඒ නිවාසයේ ගොඩක් දේවල් දැනටත් කෙරෙන්නේ මිස් අතින් තමයි. මහත්තයා පණිවිඩය දීලා තිබුණේ නැනෝ අම්මට. නැනෝ අම්මා තමයි මිස්ව පොඩි කාලෙ ඉඳලම හැදුවේ  ” 

ගයාත්‍රී අමාරුවෙන් වචන පිට කළාය. එසේ නම් තමා සිතුවා හරි බව ධීර සිතුවේය.

” එයාගේ පේරන්ට්ස්ලා ? ” 

ධීර ආයෙම ඇසුවේය.

” ඒක නම් දන්නෙ නැහැ සර්. අපි දන්නේ මිස් පොඩි කාලෙදි ළමා නිවාසෙක හැදුනා කියලා විතරයි. එයා හැබැයි ඒක බය නැතුව ඕන තැනක කියනවා ” 

එතැන් පටන් ධීර උන්නේ කල්පනාවක පැටලී ගෙනය.තාදී ව මුණගැහුණු පළවෙනි දිනයේ තමා සිතා උන්නේ ඇය ධනවත් පවුලක තරුණියකයි කියාය.නමුත් සිදුවෙමින් පවතින්නේ ඊටත් වඩා හාත්පසින්ම වෙනස් දෙයකි.වචන වලට පෙරළා ගත නොහැකි කුමක්දෝ අමුතු හැඟීමකින් හදවත පෙළෙන බව ධීර ට දැනෙමින් තිබුණි.

” පේශන්ට් ඔයාට කතා කරනවා ” 

හෙදියක පැමිණ කීවාය. ධීර වාඩිවී හුන් තැනින් නැගිට හෙමින් සීරුවේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇදුනේය.

” Thank you so much ” 

තාදී කීවේ අපහසුවෙනි.

” දැන් ඔයාට කොහොමද තාදී ? ” 

ධීර ඇසුවේ ඇසුවේ ඇගේ ස්තූති කිරීම නොතකමිනි

” Hey ඔයා කොහොමද මගේ නම දන්නෙ ?” 

” දැන් ඒකද මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ? ” 

එවර ධීර ගේ මුහුණෙ රැඳුනේ සිනහවකි.

” කියන්නකො ? ඔයා කොහොමද මාව හොස්පිටල් එකට ගෙනාවේ ” 

” මං හිටියේ මගේ වැඩකට යන ගමන්. traffic එක නිසා පරක්කු වෙද්දී මම ඉතින් හිතින් බැන බැන accident එක බලන්න ආවා. එතන කවුරුත් හිටියේ නෑ ඔයාව හොස්පිට්ල් ගේන්න. මං ළඟට ආවට පස්සේ තමයි දැක්කේ ඒ ඔයා කියලා ” 

ධීර තවත් යමක් කියන්නට ගොස් ගිල ගත්තේය.

” ඔයා තව මොනවා හරි කියන්න හැදුවා ” 

තාදී කීවාය. 

” එතන ඔයා නැතුව වෙන කෙනෙක් හිටියත් මං ඒ උදව්ව කරනවා තාදී ” 

තාදී සුසුමක් හෙළුවාය. එසේ නම් මෙය ඔහු තමා නිසා විශේෂයෙන් කළ උදව්වක් නොවේ.

” ඔයාගේ මූණ වෙනස් වුණා ” 

ධීර සිටියේ තාදීගේ මුහුණ හොඳින් නිරීක්ෂණය කරමිනි.

” නෑ මං මේ කල්පනා කරේ මගේ වැඩ ටික කොහොම කරගන්නද කියලා ” 

” මට ඔයාට උදව් කරන්න පුළුවන්. ළමා නිවාසෙ වැඩ වලටයි ඔයාගේ ෂොප් එකේ වැඩ වලටයි ” 

තාදීගේ පුදුමයෙන් විසල් වූ දෑසින් ධීර දෙස බැලුවාය.

” දෙයියනේ ඔයා කොහොමද මං ගැන ඔච්චර විස්තර දන්නේ ඇත්තටම ? ” 

” උත්සහ කලොත් බැරි දෙයක් නැහැනේ ඉතින්. ඔයාගේ හෑන්ඩ් බෑග් එකයි ෆෝන් එකයි මම අර ගයාත්‍රී කියන ළමයට බාර දුන්නා. සොරි මට ඔයාගේ බෑග් එක අවුස්සන්න වුනා. මොකද හොස්පිටල් එකට දෙන්න මං ඔයාගේ නමවත් දැනගෙන හිටියෙ නැහැනේ. වෙලාවට ඒකේ ඔයාගේ අයිඩී එක තිබුණා.  ” 

” මෙච්චර කතා කරලත් මට ඔයාගේ නම අහගන්න බැරි වුණා “

තාදී කීවේ ඒ පිළිබඳව සමාව අයදින ස්වරූපයෙනි 

” මම ධීර ” 

” Thank you so much ධීර ” 

ගයාත්‍රී ඇතුළට ආවේ එවිටය. ඇය හැඬූ බවට සලකුණු තවමත් මුහුණේ තිබූ හෙයින් තාදී කම්පාවට පත් වූවාය.

” මං කිව්වනේ මිස් යන්න එපා කියලා. කියන දේ අහල චුට්ටක් නතර උනානම් මේක වෙන්නේ නෑනේ ” 

ගයත්‍රි ආයෙම හඬන්නට පටන් ගත්තාය.

” මං මැරුණේ නෑනෙ ළමයෝ. අඬන්නෙ නැතුව ඉන්න. මට දැන් හොඳයි. ඔයා ශොප් එකට යන්න. ගිහින් ඒ වැඩ ටික බලන්න. මම ඉක්මනින් එනවනේ ” 

තාදී කීවේ ගයාත්‍රීගේ අත අල්ලා ගෙනය.

” පණ්ඩිතකම නම් තියෙනවා ” 

ධීර හිතෙන් හිතුවේය. එහෙත් එය වචන වලට පෙරලන්නට ගියේ නැත.

” ඔයාට හිතන තරං ඉක්මනින් ආපහු වැඩ කර ගන්න බැරිවෙයි. මුලින්ම රෙස්ට් කරලා හොඳටම සනීප වෙලා ඉන්න. doctor කිව්වා ඔයාට රෙස්ට් එකක් ඕනේ කියලා ” 

ධීර කීවේ දෙදෙනාටම ඇසෙනෙ ලෙසය.

” නැනෝ අම්මා දන්නවද ? ” 

තාදී ඇසුවේ ගයාත්‍රිගෙනි.

” නැනෝ අම්මා තමයි මට කෝල් කරලා කිව්වේ. මං දැන් කතා කරල  කිව්වා මිස් හොඳින් ඉන්නවා කියලා ” 

” තව පොඩ්ඩක් ගියා නම් බලන්න තිබ්බ මිස් හොඳින් ඉන්න හැටි ” 

ධීර කීවේ සිනාව සඟවාගෙනය.

” අනේ ඇත්තමයි ධීර, මට හිතන්නවත් වෙලාවක් නැති වුණා අර බස් එක ආපු විදිහට ” 

” මම යනකොට ඒ බස් එකේ ඩ්‍රයිවර් ව මිනිස්සු අල්ලගෙන හිටියේ. සමහරවිට ඒ මනුස්සයා ගුටි කන්නත් ඇති ” 

ධීර කීවේ ඒ මොහොත ආයෙමත් සිහිපත් කරමිනි.තාදීගෙන් අසන්නට බොහෝ දේ ඇතත් ඒවා අසන්නට මෙය වෙලාව නොවන බව ධීර සිතමින් උන්නේය. අනෙක් අතට ගයාත්‍රී ද සිටින නිසා පෞද්ගලික තොරතුරු ඇසීම එතරම් හොඳ නොවන බව ධීර සිතුවේය.

” ගයාත්‍රි , ඔයා දැන් ශොප් එකට යන්න. නැනෝ අම්මාවත් පොඩ්ඩක් බැලන්ස් කරගන්න. මට දැන් අමාරුවක් නෑ නේ ” 

තාදීගේ කීමට අනුව ගයාත්‍රී පිට වූවාය. ධීර බලා උන්නේ කතා කරන්නටය. එහෙත් පටන් ගන්නේ කොතනින්දැයි සිතා ගැනීමට නොහැකිව ඔහු ලත වෙමින් උන්නේය.

” ඔයා වර්ක් කරන්නේ නැද්ද ? “

තාදී කතාව පටන් ගත්තාය.

” මගේ තාත්තට හොටෙල් එකක් තියෙනවා. අද මං ඒකෙ වැඩ බාරගන්න යන ගමන් හිටියේ ” 

ධීර කියා දැම්මේය. 

” අනේ I am sorry ධීර. ඔයා එහෙනම් දැන් යන්න. ” 

” ඒක ප්‍රශ්නයක් නෑ. මම තාත්තට කිව්වා ” 

තමාට උදව් කළ මේ අපූරු තරුණයා ගැන තාදී උන්නේ විශාල පැහැදීමකිනි. එහෙත් තව දුරටත් ඔහුට කරදර කළ යුතු නැත. මතක ඇති කාලයක තමා රෝහල් ගත වී නැත. මේ අනතුර කිසි සේත්ම අපේක්ෂා නොකළ එකකි. එහෙත් ජීවිතයේ මේ තාක් දුර සියල්ලටම මුහුණ දුන්නා සේම තමා මෙයටද මුහුණ දිය යුතුව ඇත.

තාදී ධීර දෙස බලද්දී ඔහු උන්නේ කල්පනාවකය. 

” ධීර ? ” 

ධීර ගැස්සුනේ තාදී ගේ හඬටය.

” ඔයා ගැස්සුනා ” 

” තාදී… මං දෙයක් අහන්නද ? ” 

ධීර වචන ගලපා ගත්තේ අපහසුවෙන් බව වටහා ගන්නට තාදීට පුළුවන් විය.

” ඕන දෙයක් අහන්න ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here