නුරාන් කාමරය පුරා ඇවිදිමින් කතා කරමින් උන්නේය.
” ………….. ඉස්සර ඉසිනි මාර ආසයි මම බත් කවනවාට … මම නෙවෙයි, ඕනි කෙනෙක් බත් කවනවාට එයා ආසයි … අන්තිමට එයා මගෙන් ඈත් වෙන්න තීරණය කරපු දවස් වල, ඉසිනි මං බත් කවනවාට හරියට අකමැති වුනා … ඔව්වා පුරුද්දට ගියාම හරි කරදරයි කිය කියා මඟෑරියා … ඒ දවස් වල ඉසිනි උන්න දෙගිඩියාව මට තේරුනේ නෑ ..
පස්සේ පස්සේ ඉසිනි අපේ අනාගතේ ගැන, මගේ අනාගත සැලසුම් ගැන, ඔයාලා ගැන අහ අහා මට වද දෙන්න ගත්තා …ඒක එයාගේ පැත්තෙන් කොච්චරක් සාධාරනද කියලා මට දැන් තේරෙන්නේ .. ඉසිනිගේ අම්මලා ඉසිනිගේ ඔලුවට නුරාන් මන්දිනු සමරකෝන් ගැන දාපු විෂ වල සැර බාර කරගන්නයි ඉසිනි ඒ උත්සාහ කරලා තියෙන්නේ අක්කේ… අඩුම තරමේ ඒකිට මාත් එක්ක ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්වත් තියාගන්න මම ඉඩ දුන්නේ නෑ අක්කේ…
ඉසිනි මගෙන් අහනකොට, නුරාන් ඔයා දැන්ම මොකක් හරි බිස්නස් එකක් හිතන්නකෝ කියලා, මම කෑ ගැහුවේ ඔලුව කන්නේ නැතුව ඉන්න කියලා.. ඒත් ඒ වෙද්දිත් ඇතුලේ ඉඳන් බිස්නස් කරලා මාසෙට ගේනක් ගහන උන් උන්නා .. මට ඒහෙම හිතන්න බැරි උනා .. මං හිතුවේ කෙලින්ම ජොබ් එකකින් ගොඩ යන්න …. “
නුරාන් ජනේලයෙන් ඉවත බලාගෙන කතා කරමින් උන්නේය. ධනුක සහ පැහැසරා එකිනෙකා දෙස බලන්නේ හෝ නැතිවම නුරාන් දෙස බලා උන්නෝය.
” ඉසිනි අන්තිම කාලේ සෑහෙන්න ඇඬුවා.. මම කලේ ඒ වෙලාවට ෆෝන් ඕෆ් කරලා ටීවී සීරිස් බලපු එක … ඒකි රූම් එකේ උන්ට ගත්තම මම උන්ටත් කෑ ගැහුවා …
අන්තිමේදී, මං ඉසිනිව නැති කරගත්තා කියලා මට තේරෙනකොට, මට කිසිම දෙයක් හරි ගස්සන පුලුවන් කමක් තිබ්බේ නෑ අක්කේ… මං එයාට කිව්වා මම මොකක්ම හරි විදියක් බලන්නම් කියලා.. මං එයාගෙන් සමාව ඉල්ලුවා එයාව ගනන් ගන්නේ නැතුව උන්නට .. මං එයාට පොරොන්දු වෙන්න උත්සාහ කලා මම හොඳට වැඩ ටික කරගෙන ගේමක් ගහනවමයි කියලා.. එයා මා එක්ක ඉන්නවා නම් මට ඕනි දෙයක් කරගන්න පුලුවන් කියලා කියන්න උත්සාහ කලා..
ඒත්, ඒ වෙද්දි ඉසිනිගේ අම්මලා හරිම සූක්ශමව එයාව අරගෙන තිබුනේ.. ඒ අම්මලා එක්ක මට තරහක් නෑ අක්කේ .. කොහොම තරහ වෙන්නද ?…. ඔයාලා අද මේ කරන දේම වෙන විදියකින් එයාලා කලේ.. මොක කරන්නේත් තමන්ගේ කෙනා ගැන ආදරෙන් ….”
නුරාන් අසල තිබූ වතුර බෝතලය හිස් කලේය.
” තමුසේ අයියේ, ඉසිනිව මාරම විදියට ප්‍රෙශර් කරනවා.. දෙයියන්ගේ නාමෙන් ඒක නවත්තනවා… මං ඉසිනිව අතාරින්නේ නෑ.. තමුසේලා එකඟ නොවී, ආශිර්වාද නොකර, මට ඉසිනිව බඳින්න වෙන්නේ නෑ හිතමු .. ඉසිනි ඒකට ඉඩ දෙන එකක් නෑ .. කමක් නෑ .. දැන් ඔය ඉන්න ඉසිනි ජීවිතේ කටු කාලා හයිය වුන ගෑණියෙක්.. එයා කොහොමම හරි මේ හැමදේම අල්ලගෙන අන්තිම මොහොත වෙනකල් ඉඳීවි .. හැමදේම කිව්වාම මාත් එක්ක ..ඔක්කොම අයිතියි …”
නුරාන් දෑත් යහන මතට බර කර යහනේ හිඳගත්තේය. අතීත පාපොච්චාරණය පහසු නැත. ඉසිනි තමා නිසාවෙන් විඳි මානසික පීඩා පිළිබඳව කිසිවෙකු නොදන්නා තෙක් සියල්ලන්ට වැරදි ඉසිනිය. තමා පීඩාවට පත් පරමාන්ද ප්‍රේමයක් දැරූ ප්‍රේමවන්තයාය. එහෙත්, නුරාන් කාලයත් සමඟ බොහෝ දෑ වටහාගත්තේය. හුදෙකලා වී සමාජය දෙස බලා හිඳ බොහෝ දේ අවබෝධ කරගත්තේය. ජීවිතය තුල ආදරය අරුත්වාගන්නට කල යුත්තේ අයිති කරගැනීමම නොවන වග වටහාගත්තේය.
” මේ සිද්දිය අම්මලා දැන ගන්න ඕනි කියලා හිතනවා නම් කියන්න ..මොකද උබටයි අක්කටයි මගේ ජීවිතේ සෑහෙන්න තනි අයිතියක් තියෙනවා.. මං ඒක හෙට්ටු කරන්නේ නෑ .. ඒත්, මගේ ජීවිතේ මට තියෙන අනෙක් තනි අයිති කෑල්ල වෙනුවෙන් මම පෙනී ඉන්නවා අක්කේ … මෙවෙලේ මම ඉසිනිව මගේ ජීවිතේට අලවගෙන ඉවරයි .. මට ජීවිතේ ගැන මාරම ආසයි … මගෙන් මට මාරම ආලෝකයක් පේනවා..
ඒක මම උඹලා දෙන්නට වෙන වෙන වෙනම කියන්න දෙයක් නෑ මම හිතන්නේ ..උබලාත් ජීවිතේ කටු කාගෙන ආදරේ කරපු මිනිස්සු නිසා…”
” මල්ලි .. ඒත් .. ඒඩී මිස්ට බබාලා නෑ කියලා ඔයා දන්නවාද ?..”
පැහැසරා තුරුම්පුවක් ලෙස සිතා නොව, අරමුනක් නොමැතිව ඇසුවාය.
” ඔව් .. එයා කිව්වා …”
” එතකොට ඒක ?…”
” මට නුරාධ්‍යා ඉන්නවා අක්කේ .. ඒ මදි හිතුනොත් තමුසෙලාට තව බබෙක් හදන්නත් පුලුවන් .. ඒත් මදි හිතුනොත්, ලෝකේ හරි දියුණුයි අක්කේ… ඉසිනිම කියන විදියට අරුණෝද ඩොක්ටර් කෙනෙක් වෙලත් එහෙම දේවල් ඉසිනිට පත්තියං නොවෙන්න ඇත්තේ ඇයි කියලා මට දැන් තේරෙනවා… ඉසිනි ඒ අවුරුදු පහේ අපායක ඉඳලා තියෙන්නේ අක්කේ.. ඒ අපායට දරුවෙක් නොගැලපෙන නිසයි, දරුවෙක් නැති උනේ …”
නුරාන් එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් වලින් එලෙසින්ද කීවේය.
” අපායක කිව්වේ ?…”
” පැහැසරා ඉන් පසුව විමසුවාය.
” ඒ කතා තේරුමක් නෑ .. ඉසිනිට වෙනසක් නොකර ඉන්න අඩුම තරමේ .. ඔය දෙන්නාට එයා එක්ක වැඩ කරන්න බැරි නම්, එයා ට්‍රාන්සර් එකක් කොහෙට හරි හදාගන්නකල්වත් අඩුම තරමේ.. මියුචුවල් දාගෙන ඇවිල්ලා නිසා ඒක ටිකක් අමාරුයිලු .. ඒත් එයා මොකක් හරිම කරාවි …”
ධනුක නැගිට්ටේට. කිසිවක් නොපවසා කාමරයෙන් නික්මුනේය. යලි හැරුනේය
“එහෙම එක එක්කෙනා ට්‍රාන්සර් යන්නොන්නෑ .. ඉන්න ඹැරි නම් යන්න ඕනි අපි දෙන්නා නේ.. ඒක අපි දෙන්න බලාගන්නම් …”
පැහැසරා ධනුක දෙස සහ නුරාන් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය.
” මේක නෝර්මල් කරගන්න බලනවා අයියේ … අපේ මේ ගේ ඇතුලේ ඉසිනි වෙනුවෙන් පොඩිම පොඩි ඉඩ්ක් දෙන්න අපිට බැරි නෑනේ අයියේ ..”
” ඉතින් උඹ දීගනින් .. මෙව්වා උඹේ නේ ..උඹ කැමති දෙයක් කරපං .. මට මගේ ගෑණිවයි දරුවාවයි අරගෙන එලියට බහින්න පුලුවන් …”
ධනුක මහ හඬින් කෑ ගසමින් යලි කාමරය තුලට ඇවිද ආවේය. පැහැසරා ඔහු නවතා ගන්නට උත්සාහ කලාය. නුරාන් නිසොල්මනේ බලා උන්නේය.
” උඹ ඉඩ හදාගෙන කියහං .. අපි එලියට බහින්නම් …”
ධනුකගේ උස් හඬ කාමරය තුල දෝංකාර දුන්නේය.
” හෙමින් ධනුක …”
” කාට ඇහෙනවාටද සරා .. අම්මලා දැනගන්න ඕනි මේ කෙලෙහෙගුණයක් නැති එකාගේ කෙරුවාව …”
ධනුක නොනැවතී කියෙව්වේය.
” අයියේ … තමුසේගේ හිතේ තියෙන එව්වාට පණ පිඹගෙන කෑ ගහන එකට මට කරන්න දෙයක් නෑ … මං යකෝ, එහෙම දෙයක්ද දැන් කිව්වේ ?…”
” මූණ බලන්නවත් ආස නැති ගෑණියෙක්ට මේ ගෙදරින් ඉඩක් දීපං කියලා එහෙනම් තෝ මොකක්ද නුරාන් බලාපොරොත්තූ වෙන්නේ /?…”
” මටත් ඉසිනිව පිලිගන්න පුලුවන් නම්, ඇයි ඕයි අයියේ තමුසේලාට බැරි ?…”
” බැරි ?.. බැරි ?.. අන්න නෝනා.. මූට පැහැදිලි කරලා කියලා එනවා ඒක .. ආයේ මෙතන මම හිටියොත් මගේ අත ඉස්සෙනවා…”
ධනුක පැහැසරාගෙන් මිදී ඉවතට ඇවිද්දේය.
ReplyForwardAdd reaction |