සබන් විකුණන්න ආව ගෑණූ අවතාරයක කතාවක්!

අද අපි අරගෙන එන්නෙ ඇත්තටම වෙච්ච හැබැයි අත්භූත සිදුවීමක් ගැන කතාවක්. මේ සිද්දිය වාර්තා වෙන්නෙ 2001 අවුරුද්දෙ ජුනි මාසෙ 3 වෙනිදා ඉන්දියාවෙ චෙන්නායි වලින්.

මාධවන් කියන්නෙ ටිකක් මැදි වයසෙ මනුස්සයෙක්. මෙයාටයි මෙයාගෙ බිරිඳටයි අවුරුදු හතක විතර පුතෙක් ඉන්නවා. මෙයාගෙ රස්සාවෙ මාරුවක් හම්බුවෙච්ච නිසා මාධවන් ඉන්නෙ ගෙයක් හොයන ගමන්. ගෙයක් කියන්නෙ ටිකක් ලොකු ගෙයක් තමයි මෙයා හොයන්නෙ. කොහොමහරි මෙහෙම ඉද්දි මාධවන්ට ආරංචි වෙනවා තමන් බලාපොරොත්තු වෙන පැත්තකින් ලොකු ගෙයක් අඩු ගානට හම්බුවෙනවා කියලා. ඉතින් මාධවන් ඔය ගෙදර බලන්නයනවා.

ගේ බලන්න ගියාම තමා මාධවන් දකින්නෙ මේක ගෙයක් නෙවෙයි ලොකු බංගලාවක් බව. “මෙච්චර ලොකු බංගලාවක් මෙච්චර අඩු ගානකට දෙන්නෙ ඇයි?” කියන ප්‍රශ්නෙ හිතට ආවත් මාධවන් ඒව කාගෙන්වත් අහන්න යන්නෙ නෑ මොකෝ මේක තමන්ට වෙන වාසියක් හන්දා. ඉතින් ඔක්කොම විස්තර කතාකරගෙන මාධවන් මේ බංගලාව කුලියට ගන්න කැමති උනාම මේ බංගලාව අයිතිකාරයා කියනව එක කොන්දේසියක් තියෙනවා කියලා.

ඒ තමයි”කිසිම හේතුවකට පැලයක් හිටවන්නවත් මේ වත්තෙ වලක් හාරන්න බෑ. අපි වත්ත සුද්ද කරන්න මනුස්සයෙක්ව එවනවා. වත්ත සම්පූර්ණයෙන්ම අපි නඩත්තු කරන නිසා ඔයාලට කරන්න දෙයක් නෑ” කියල. මුලින් මේක නිකන් අමුතුයි වගේ දැනුනට ලස්සනට මේන්ටේන් වෙන වත්ත දැක්කම මාධවන්ට ඒකත් අවුලක් නැතුව යනවා.

කොහොමහරි මාධවන් තමන්ගෙ නෝනා, දරුවා සහ සුරතල් බල්ලා එක්ක තමයි මේ ගෙදරට එන්නෙ. මුල් දවස් ටිකේ අවුලක් නැතුව ගියාට ඔන්න පස්සෙ තමයි අමුතු අමුතු දේවල් වෙන්න පටන් ගන්නෙ.

මෙයාලා නිදාගන්න කාමර තියෙන්නෙ උඩ තට්ටුවෙ. දවසක් නිදාගෙන ඉන්න මාධවන් දවසක් රෑ ඇහැරෙනවා. මෙයාලගෙ බල්ලා රෑට ඉන්නෙත් ගේ ඇතුලෙ. දවසක් මහ රෑ මාධවන්ට ඇහෙනවා බල්ලා මහ අමුතු විදියට බුරනවා. ඉතින් ඕක බලන්න කාමරෙන් එලියට එන මාධවන් උඩ තට්ටුවෙ ඉඳල පල්ලෙහ බලන මාධවන් දකින්නේ මාර බය හිතෙන දෙයක්.

ඒ තමයි එයාලගෙ සාලේ සෝෆා එකේ නිල් පාට සාරියක් ඇඳලා ඉන්න තරුණ ගෑණූ ළමයෙක්ව. රෑ එකට විතර තමන්ගෙ ගේ ඇතුලෙ මෙහෙම අද්භූත ගෑණු කෙනෙක්ව ඉන්නව දැක්කම බය හිතෙන එක සාමාන්‍ය උනත් බයෙන්ම මාධවන් එයාගෙන් අහනවා “ඔහේ කවුද?” කියලා. ඒත් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැතුවම ඒ ගෑණූ කෙනා අතුරුදහන් වෙනවා. ඒ එක්කම බල්ලා බුරන එකත් නතර වෙනවා.

කොච්චර හිතට බය උනත් මාධවන් මේක තමන්ගෙ බිරිඳට කියන්නෙ නෑ මොකද එයත් බය වෙයි කියල හිතලා. මේක මෙතනින් ඉවරයි කියල හිතුවට ඉවර වෙන්නෙම නෑ. ඊට පස්සෙන්දත් මහ රෑ මේ විදියටම බල්ල බුරන සද්දෙට පල්ලෙහට එන මාධවන් ඔය සිදුවීම එහෙමම දකිනවා. එදා මුකුත් ප්‍රශ්නයක් අහන්නෙ නැතුවම මාධවන් පල්ලෙහට ඇවිත් බලද්දි එදා වගේම අර ගෑණූ කෙනා සෝෆා එක උඩ පේන්න නෑ.

හැබැයි මේ වෙද්දි ඒ ගෑණූ කෙනා තමන්ගෙ ගෙදර උඩ තට්ටුවෙ ඉන්නවා මාධවන් දකිනවා. ඒ ගෑණූ කෙනාගෙ රූපේ  මූණ පොඩ්ඩක් විකෘති වෙලා තියෙනව මාධවන් දකිනවත් වගේම ඒ ගෑණු කෙනා පාවෙල වගෙ උඩ තට්ටුවෙ කොරිඩෝවක් දිගේ කාමරයක් දිහාට යනවා. මාධවන් මොකද කරන්නෙ කොච්චර බයෙක් උනත් එයත් ඒ පස්සෙන් යනවා.

මේ ගෑණු ළමයගෙ ජායාව තමන්ගෙ නිදන කාමරයට එහා පැත්තෙ තියන වහලා දාලා කාමරයක දොර හරහා යනවා දැක්කම මාධවන්ට තේරෙනව මේක තමන් හිතනවට වඩා දරුණු දෙයක් කියලා. ඒ නිසාම මාධවන් පස්සෙන්දා මේ විස්තරේ කියනවා. සාමාන්‍යයෙන් මාධවන් හොල්මන් වගේ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙවෙන හන්දම මාධවන්ගෙ බිරිඳත් මේක විශ්වාස කරලා ෆාදර් කෙනෙක්ව එක්කරගෙන එනවා ගෙදරට ආරක්ෂාවක් කරගන්න.

ෆාදර් කෙනෙක් ගෙදරට ඇවිල්ලා කියනවා “මේ ගෙදර එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. මම ආරක්ශාවක් කරල යන්නම්” කියලා. ඊට පස්සෙ සතියක් විතර කිසි අවුලක් නැතුව ඉද්දි මාධවන් සහ බිරිඳ දෙන්නම හිතනව ෆාදර් කරපු ආරක්ශාවෙන් තිබ්බ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙලා යන්න ඇති කියලා,

ඒ උනාට එහෙම ඉන්න පුලුවන් වෙන්නෙ සතියක් වගේ විතරයි. ඉන්පස්සෙ ආයෙ දවසක රෑක මාධවන් වගේම එයාගෙ බිරිඳත් අර නිල් සාරිය ඇඳගෙන ඉන්න ගෑණූ කෙනාව දකිනවා. මෙහෙම දේවල් වෙද්දි මේ ගෙදර තව දුරටත් ඉන්න බැරිකම හන්දම මාධවන් තමන්ට පදිංචියට යන්න වෙන ගෙයක් හෙව්වට එහෙම ගෙවල් හොයන එක ලේසි නැති හන්දම මෙයාලට ටික දවසක් මේ ගෙදරම ඉන්න වෙනවා.

හැබැයි මහ භයානක දෙයක් වෙන්නෙ ඔන්න ඔහොම ඉද්දි. දවසක් රෑ මෙයාලා දකිනවා තමන් එක්කම ඇඳේ නිදාගෙන උන්න තමන්ගෙ දරුවා නෑ කියලා. හොඳටම බය වෙන මාධවන් වගේම එයාගෙ බිරිඳත් මුලු ගේ පුරාම දරුවව හොයනවා. ඒත් ගේ ඇතුලෙ කිසිම තැනකින් දරුවව දකින්න මෙයාලට ඉඩ හම්බුවෙන්නෙ නෑ. දරුවගෙ නම කිය කිය දරුවව හොය හොය ගෙයින් එලියට එන මාධවනුයි බිරිඳයි දකිනවා එයාලගෙ දරුව ගෙදර එලියෙ තිබ්බෙ පරණ ඔංචිල්ලාවක වාඩිවෙලා එක පැත්තක් බලාගෙන කාත් එක්කද කතා කර කර ඉන්නවා.

මේක දකින මාධවන් සහ නෝනා හොඳටම බය වෙනව. දුවගෙන දරුව ලඟට එන මේ දෙන්නා දරුවගෙන් අහනවා “තනියම ඔයා මොකද මෙතන කරන්නෙ?” කියලා. එතකොට දරුව කියනවා “ඇයි අම්මා ඔයාලට පේන්නෙ නැද්ද මේ මාත් එක්ක අක්කා කෙනෙක් මෙතන ඉන්නවනෙ?” කියලා.

ඊටපස්සෙ දරුවා කියනවා “මං නිදාගෙන ඉද්දි අක්කා කෙනෙක් ඇවිත් සෙල්ලම් කරන්න යන් කියලා. මං ඒකයි ආවෙ” කියලා.

මේ සිද්දියෙන් පස්සෙ මාධවන් තේරුම්ගන්නව තවදුරටත් මේ ගෙදර ඉන්න එක කාටවත් හොඳක් වෙන්නෙ නෑ කියලා. ඒ නිසාම උදේ වෙන්නෙ තියෙන්නෙ තව පොඩි වෙලාවනෙ. ඒ නිසාම නිදාගන්නෙ නැතුව මේ දෙන්නා හෙට උදේම මේ ගෙදරින් යන්න ප්ලෑන් කරනවා. ඒත් ඒ ප්ලෑන් එක ඒ විදියටම කරන්න වෙන්නෙ නෑ.

මොකද උදේ එලියට බහිද්දි මාධවන්ලා දකිනවා එයාලගෙ බල්ලා අර ඔංචිල්ලාව තිබ්බ තැන අඩියක් විතර ගැඹුරු වලක් හාරලා තියෙනවා කියන එක. මතකනෙ ගෙදර අයිතිකාරයා කිව්වා එහෙම කරන්න එපා කියලා. ඔය වල ලඟට එන මාධවන් දකිනවා වල ඇතුලෙ තියෙන රෙද්දක් බල්ලා ඇද ඇද ඉන්නවා. ඒ වගේම මේ වලෙන් හරිම අමුතු ගඳක් එනවා. ඒ නිසාම මාධවන් බලනවා මොකද්ද මේ බල්ලා ඇදපු රෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඒක එයායා දැක්ක හොල්මන් ගෑණූ ළමයා ඇඳන් උන්නු වගේ ලා නිල් පාට සාරියක් කියලා.

මේ නිසාම මාධවන් එයාගෙ නෝන එක්ක එකතුවෙලා මේ වල තව ටිකක් හාරලා බලනවා. එහෙම කරද්දි තමයි මෙයාලා දකින්නෙ එතන ගෑණු කෙනෙක්ගෙ කොන්ඩ ගස් වගයක් තියෙනවා කියලා.

ඉන්පස්සෙ එයා තේරුම්ගන්නවා මේක වලදාපු මල සිරුරක් කියලා.

පොලිසියට කතා කරොත් මේක තමන්ටත් ප්‍රශ්නයක් වෙනවා කියල දන්න හන්දම පොලිසියට කියනව වෙනුවට මාධවන් ගේ අයිතිකාරයට මේ විස්තරේ කතා කරලා කියනවා. ඒ අයිතිකාර මනුස්සය එන්නෙ තමන්ගෙ පුතයි තව පුතාගෙ යාලුවො තුන් දෙනෙකුයි එක්ක. තමන්ගෙ වත්තෙන් මැරිච්ච ගෑණු කෙනෙක්ගෙ සිරුරක් හම්බුනාම හැසිරෙන්න ඕන විදියට නෙවෙයි ඒ මිනිස්සු හැසිරෙන්නෙ. එයාලා මාධවන්ට බණිනවා මෙහෙම වලක් හෑරුවෙ ඇයි කියලා එයා එපා කියල තියෙද්දිත්.

එතකොට මාධවන් කියනවා “මං නෙවෙයි අපේ බල්ලා තමයි හෑරුවෙ?” කියලා ඒක අහපු ගමන් මේ ගෙදර අයිතිකාරයගෙ පුතා වෙච්ච නිකිල් බල්ලට ගහන්න යනවා. ඕකට තරහා යන මාධවන් නිකිල්ට ගහගෙන ගහගෙන යන්නෙ හරියට නිකිල්ව මරන්න හිතාගෙන ආවේස වෙලා වගේ. මාධවන් ගහන එකෙන් බේරෙන්න හිතන් නිකිල් පාර පැත්තට දුවල ගියත් ඒ පස්සෙ දුවලා යන මාධවන් ආයෙ නිකිල්ව අල්ලගෙන ගහගෙන ගහගෙන යනවා. ඕක දකින ගමේ මිනිස්සු පොලිසියට දැනුම් දෙනවා. පොලිසිය විස්තර අහද්දි මාධවන් මෙච්චර දවසක් වෙච්ච හැමදේම පොලිසියට කියලා දානවා.

ඉතින් පොලිසිය ඇවිල්ලා හැමදේම චෙක් කරද්දි අර මල සිරුර එක්කම බෑග් එකකුත් හම්බුවෙනවා. මේ බෑග් එක අස්සෙ මහ අමුතු දෙයක් තමයි පොලිසියට හම්බුවෙන්නෙ. ඒ තමයි එකම සමාගමකින් හදපු සබන් කැට හතලිහක් විතර. අඩි දෙකක් විතර පොඩි වලක මාස ගාණක් වලදලා තිබ්බ ගෑණු මල සිරුරක් ලඟින් සබන් කැට හතලිහක් දාපු බෑග් එකක් හම්බුවෙන එක ටිකක් අමුතු දෙයක් හන්දම පොලිසිය මේ සබන් හදපු කම්පනි එක හොයාගෙන යනවා විස්තර ටිකක් දැනගන්න හිතාගෙන.

මේ සබන් කැට හදලා දැම්මට පස්සෙ කඩේට දානවා වගේම සමහර මිනිස්සුන්ටත් මේ සමාගමේ අය සබන් දෙනව ගෙවල් වලට ගිහින් විකුණන්න. විකුණලා ගේන සබන් වලට සමාගමෙන් පස්සෙ සල්ලි දෙනවා. ඒ වගේම එහෙම අය ගනිද්දි මේ සමාගම එයාලගෙ විස්තර එහෙමත් අරගන්නවා.

ඉතින් පොලිසිය අහනවා අර වල දාලා ඉන්නව වගේ ගෑණු ළමයෙක් මේ සමාගමෙන් ඔහොම සබන් ගත්තද කියලා. ඒ අනුව සමාගමේ තිබ්බ විස්තර බලලා මේ මැරිච්ච ගෑණු කෙනාගෙ නම බුවනා කියනා හොයාගන්න පොලිසියට පුලුවන් වෙනවා.

ඉන්පස්සෙ පොලිසියට ඇතිවෙන ප්‍රශ්නෙ තමයි “එහෙම මේ සමාගමේ වැඩට ආව ගෑණූ ළමයා අර ගෙදර මිදුලෙ වලකින් හම්බුවෙන්නෙ කොහොමද?” කියලා. මුලින්ම මෙයාලා ප්‍රශ්න කරන්නෙ මාධවන්ගෙන්. ඒත් මාධවන් කියනවා තමන් ආවෙ සති දෙකකට කලින් ඒනිසා මේක තමන් කොහොමත් සිද්ද වෙද්ද විදියෙ දන්නෙ නැති කේස් එකක් කියලත් මාධවන් කියනවා. ඒ වගේම ගේ ගනිද්දිම ගෙදර අයිතිකාරවා වත්ත හාරන්න එපා කිව්ව කතාවක් පොලිසියට මාධවන් කියනවා.

එතකොට පොලිසිය තේරුම්ගන්නව මේක ගැන විස්තර දන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මේ ගෙදර අයිතිකාරයා කියලා. ඒ වෙද්දිත් ඒ මිනිස්සු ඉන්නෙ හොඳටම බය වෙලා කියන එකත් ලොකුවටම බය වෙලා ඉන්නෙ නිකිල් කියන එකක් තේරුම්ගන්න පොලිසිය නිකිල්ව තනි කරගෙන එයාගෙන් ප්‍රශ්න කරනවා.

අන්න එතනදි තමයි මේ සිද්දියට අදාල ඔක්කොම විස්තර දැනගන්න හම්බුවෙන්නෙ.

බුවනා කියන්නෙ ඉගෙනගන්න දක්ශ ළමයෙක්. එයාට කැම්පස් යන්නත් පුලුවන් උනාට දුප්පත්කම හන්දා එයා පාට් ටයිම් ජොබ් එකක් කරන්න හදනව. එහෙම තමා එයා සබන් කම්පනි එකේ වැඩට එන්නෙ.

කැම්පස් යන ගමන්ම එයා රස්සාව කරනවා. සබන් විකුණන්න හැමදාම එකම පැත්තට ගිහින් වැඩක් නැති හන්දා එයා දවසක් පෝසත් ගෙවල් තියෙන පැත්තකට යනවා වැඩිපුර සබන් විකුණගන්න පුලුවන් වෙයි කියලා හිතලා.

මෙහෙම ගෙවල් කීපෙකට යනව බුවනා දකිනවා එක ගෙදරක ගේට් එක ඇරලා තියෙන්නෙ කියලා. ඒ ගෙදර දොරට තට්ටු කරනව බුවනාට දොර අරින්නෙ නිකිල්. තමන් සබන් විකුණනවා කියලා බුවනා කිව්වම නිකිල් කියනවා ගේ ඇතුලට එන්න කියලා. ගේ ඇතුලට ගියාම බුවනා දකිනවා නිකිල් ඉන්නෙ එයාගෙ යාලුවො එක්ක හොඳට මත් පැන් බොන ගමන් කියලා. ඕක දැක්කම බුවනා තේරුම්ගන්නව තමන් ඇවිත් ඉන්නෙ වැරදි තැනට ඉන්නෙ කියලා.

ඒ නිසාම එයා යන්න හැදුවම නිකිල් කියනවා “මං අම්මට එන්න කිව්වා. එයා දැන් ඒවි” කියලා. ඒත් අමුත්තක් තේරිච්ච හන්දම මෙතනින් යන්න හදන බුවනා ගෙයින් එලියට යන්න හැදුවට පැනල බුවනව අල්ලගන්න නිකිල් සහ එයාගෙ යාලුවො උඩ තට්ටුවෙ කාමරේකට ගෙනියන බුවනව ඇඳේ ගැටගහල එයාට පැය ගාණක් කරදර කරනවා.

සිහිය නැතිවෙන බුවනට ආයෙ සිහිය එද්දිත් නිකිල් ප්ලෑන් කරලා ඉවරයි බුවනව මරලා දාන්න. ඒ නිසාම මේ දෙන්න මත්වෙලා ඉන්න ගමන්ම බුවනගෙ හුස්ම හිර කරලා බුවනව මරලා දාලා වලක් හාරල එයාව වල දානවා.

තමන් කරේ වරදක් බව මෙයාලට තේරෙන්නෙ මත් ගතිය ගියාට පස්සෙ. තමන්ගෙ අතින් වෙච්ච වරද වහලා දාන්න බෑ කියල දන්නවා උනාට නිකිල් එයාගෙ අම්මටයි තාත්තටයි මේ විස්තරේ ගිහින් කියලා දානවා. හොදටම බය උනත් අම්මයි තාත්තයි තමයි එක්කහු වෙලා මේ බුවනව වල දාලා තියෙන තැන තණකොල වවලා එතන ඔංචිල්ලාවක් සෙට් කරන්නෙ.

ඉන්පස්සෙ මේ ගේ විකුණලා දාන්න හැදුවත් එකපාර එහෙම දෙයක් කරද්දි සැක හිතෙන නිසා තමයි නිකිල්ගෙ තාත්තා මුලින්ම් මේ ගෙදර කුලියට දෙන්න ප්ලෑන් කරන්නෙ. අන්න ඒ විදියට තමයි මාධවන්ගෙ පවුල හරහා මේ කතාව එලියට එන්න පටන් ගන්නෙ!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles