Maxim Gorkey කියන විදියට මේ ලෝකෙ ලස්සනම දේවල් නිර්මාණය වෙලා තියෙන්නෙ දේවල් දෙකක් හන්දනෙ. එකක් තමයි හිරු කිරණ. අනිත් දේ තමයි මව් කිරි. සාමාන්‍යයෙන් හිරු කිරණ කියන්නෙ මද තත්ත්වයෙන් ගත්තම අපේ සමට හොඳ දෙයක් වුනාට ඕනවට වඩා තද හිරු එළිය නම් අපේ සමට හොඳම නෑ කියන එක අපි දන්නවා.
දැඩි අව් රශ්මිය දීර්ඝ කාලීනව අපේ සම මතට වැටෙන එක හම රැළි වැටෙන්න, විවිධ skin rashes, skin irritations ඇතිවෙන්න විතරක් නෙවෙයි හමේ පිළිකා තත්ත්වයන් පවා ඇතිවෙන්න හේතුවෙනවා කියන එක අපි දන්නවා.
දැඩි අව්ව නිසා අපි ඇඳුමක් ඇඳගෙන ගියාම ඒ අව්වෙන් වැසුණෙ නැති තැන් සහ වැසුණ තැන් අතර ශරීර පැහැයේ වෙනසක් තියෙනවා කියන එක අපි අත්විඳලා තියෙනවා. කොහොමද sunscreen එකකින් මෙන්න මේ තත්ත්වය මග හැරගන්නේ?
ඉතින් අද මේ කතාබහෙන් අපි ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ natural ingredients වලින් ගෙදරදිම sunscreen එකක් හදාගන්නෙ කොහොමද කියන එක ගැන. මේ විස්තර අප වෙත අරගෙන එන්නෙ
Beheth – බෙහෙත් by Dr Namal YouTube Channel එකෙන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
Aloe vera Gel
පොල්තෙල් හෝ ඔලිව් ඔයිල්
Non-Nano Zinc Oxide Powder
හදන්නෙ කොහොමද?
මුලින්ම අපි කරන්න ඕන මේ Aloe Vega Gel එකෙන් තේ හැන්දක් අපි අරගත්ත තෙල් තේ හැන්දක් එක්ක පිරිසිදු භාජනේක හොඳට paste එකක් එන විදියට මිශ්‍ර කරගන්නවා.
ඊට පස්සෙ මේ paste එකටම අපි zinc oxide තේ හැඳි භාගයක් වගේ ප්‍රමාණයක් එකතු කරලා ඒකත් හොඳට මිශ්‍ර කරගන්නවා.
මේ Non nano zinc oxide ඔයාලට ගෙදරට වුණත් order කරලා ගෙන්න ගන්න පුළුවන්. මෙතනදි අපි මේ Non Nano zinc oxide ම පාවිච්චි කරන්නෙ nano zinc oxide අපේ හම වැඩිපුර penetrate කරන්න හේතු වෙන හන්දා.
Zinc oxide මිශ්‍ර කරාට පස්සෙ අපි ආයෙම වතාවක් Aloe Vera Gel තවත් තේ හැන්දක් එකතු කරලා ආයෙම වතාවක් හොඳට මිශ්‍ර කරගන්නවා.
මෙ මිශ්‍රණය ඔයාට පුළුවන් හිරු එළියට යන්න කළීන් බෙල්ලට, අත්වලට වගේ පැය බාගෙකට කලින් ගාලා යන්න පුළුවන්. ඒ වගේම මේ මිශ්‍රණය ඔයාලට ශීතකරණයේ තියාගෙන පාවිච්චි කරන්න පුලුවන් දවස් 10-20 වගේ කාලයක්.
මේක කීප වතාවක් use කරලා හොඳයි කියලා හිතුනොත් ඔයාලට දිගටම පාවිච්චි කරන්න පුලුවන්. මොකද හැම treatment එකම හැම කෙනාටම එකම විදියට උදව් වෙන්නෙ නැති නිසා.
ඊලඟට කට්ටිය අපෙන් අහන දේ තමයි මේ හම ඉර අව්වට පිච්චුනාට පස්සෙ මොකද්ද කරන්න පුළුවන් කියලා.
මෙතනදි අපිට පුළුවන් ලෙමන් සහ මී පැණි එකට එක මිශ්‍ර කරලා ඒක ඉර අව්වට පිච්චුණ තැන් වල ආලේප කරලා විනාඩි කීපයක් තියලා හොඳට නිවාගත්ත පිරිසිදු වතුරෙන් හෝදලා දාන්න.
ලෙමන් වල තියෙන citric acid, natural bleaching ingredient එකක් විදියට වැඩ කරනවා. ඒකෙන් තමයි ගොඩක්ම මේ පිච්චුන පැල්ලම් මැකෙන්න හේතුවක් වෙන්නෙ. ඒ වගේම මී පැණි වල තියෙන moisturizing and anti-inflammatory properties skin එක නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න.
ඊට පස්සෙ මේ විදියටම වැඩ කරන තවත් එක natural remedy එකක් තමයි යෝගට් සහ පිපිඤ්ඤා සත්කාරය. මෙතනදි යෝගට් කෝප්ප භාගයක් එක්ක, පිපිඤ්ඤා පෙති කීපයක් හොඳට blend කරලා එන mix එක ඔයාගෙ සම මත ආලේප කිරීමෙනුත් මේ ඉර අව්ව නිසා පිච්චුණ සමට ප්‍රතිකාරයක් කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.
පිපිඤ්ඤා වල තියෙන coolants වගේම යෝගට් වල තියෙන ලැක්ටික් ඇසිඩ් සම cool කරන්න වගේම හමේ මැරුණු සෛල ගලවල ඉවත් කරලා සම ලස්සන කරන්න උදව් වෙනවා.
හැබැයි මේ මොනව කරත් දවසකට අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන එක, හොඳට එලවලු පලතුරු කන එක වගේම හොඳ නින්දක් ලබාගන්න එකත් අපේ හම ලස්සන කරගන්න වගේම නිරෝගී කරගන්නත් උදව් වෙනවා කියන එක අමතක කරන්න එපා.
ඒ වගේම තමයි අපි ගන්න ආහාරවල තියෙන විටමින් c කියන්නෙ අපේ හමේ තියෙන melanin production එක අඩු කරලා අපේ හම පැහැපත්ව තියාගන්න උදව් වෙනවා කියන එක අමතක කරන්න එපා. දොඩම්, නාරම්, ටැන්ජරින්, තක්කාලි වගේ දේවල් වල තියෙන විටමින් c ශරීරයට ඉතාම වැදගත්.
ඉතින් ඔයා ඉන්නෙ කාර්‍යබහුල ජිවීතයක ඉන්නවා නම් මේ වගේ natural remedies use කරන්න වෙලාවක් නැත්තම් නිවැරදි sunscreen එකක් use කරන්න අමතක කරන්න එපා. නිවැරදි sunscreen එකක් තෝරාගනිද්දි uv A+, uv B +, IR protection සහ SPF අගය 30 සහ 15 අතර තියෙන එකක් තෝරගන්න එක අමතක කරන්න එපා.
අව්වට යන්න පැය භාගෙකට කලින් ඒ sunscreen එක පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා හිතනවනම් sunscreen නැතුව වෙන කරන්න පුලුවන් දේවල් මොනවද කියලා විටමින් c අඩංගු වෙලා තියෙන ක්‍රීම් වර්ගත් ඔයාගෙ හම ලස්සනට, අව්වෙන් පරිස්සම් කරලා තියාගන්න උදව් වෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ හම අව්වට පිච්චිලා තියෙනවා නම් ඔයාට එතනදි කරන්න පුළුවන් හොඳම දේ තමයි chemical peeling එකක් හරි laser treatment එකකට හරි යන එක.
ඉතින් මේ අපි කිව්ව options වලින් ඔයාට හොඳටම ගැලපෙන option එක තෝරගෙන ඔයාගෙ හමත් ඉර අව්වෙන් පරිස්සම් කරගන්න අමතක කරන්න එපා!
ReplyForwardAdd reaction |