මේ ඒ වසන්තයයි – 51

0
2887

සේලයින් ලබා දී ඉසිනිව නිවසට එවීමට වෛද්‍යවරයා කටයුතු කලේය. ඇය යම් කම්පනයක සිටීම නිසාවෙන් ඇතිවූ ශාරිරික දුර්වලතාවයක් මිසෙක, ඇයට රෝගී තත්වයක් නොමැති බව වෛද්‍යවරයා සනාථ කරනතුරු නුරාන් උන්නේ කලබලයෙනි. පැහැසරා  යළි ඉසිනිට ගත දොවා ගන්නට උපකාර කලාය. අත්‍යාවශ්‍ය කටයුතු කිහිපයක් යොදාගෙන තිබුණු නිසා නුරාන් කාර්‍යාලය සහ කර්මාන්තශාලාව වෙත ගියේ ඉසිනිට මදි නොකියන්නට තරවරු සහ  අස්වැසුම් බස් පවසා අවසනය.

ඉසිනි දෑස් පියා ගත්තේ කැබ් රිය පිටව ගිය හඬ ඇසුණු පසුවය. සෝමා නැන්දා සැනෙකින් සිහි විය. ඕ ඇමතුමක් ගත්තාය.

” නෝනේ… කොළඹ ගියයි ? …මං මේ දැනුත් එහෙ ගිහින් එන ගමන්.. මගේ ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා කෝල් එකක් ගන්න විදියක් තිබුනේ නෑ…”

” මං චුට්ටක් අසනීප වෙලා යාලුවෙක්ගේ ගෙදර ආවා නැන්දේ… මම සති අන්තේ මෙහෙ ඉඳලම එන්නේ…. නැන්දා එන්නෙපා මම කියනකල්…”

“මයේ දෙය්යෝ.. මොකක්ද එකපාරටම වුණේ…?”

“දැන් අමාරුවක් නෑ.. නැන්දේ…

කෙටි කතාබහකින් පසුව ඇමතුම විසන්ධි කෙරූ  ඉසිනි, නැන්දාගේ ජංගම දුරකතනය අංකයට මුදල් යැව්වාය. ඉන් පසුව නුරාන් ගේ වට්සැප් ගිණුමට පිවිස නුරාන් ට හඬ පටයක් පටිගත කර යැව්වාය

” මට හිතෙනවා සමහර වෙලාවට, ඔයා මට මෙච්චර ආදරේ වෙන එකයි, ඔයාගේ අම්මලා, ධනුක මහත්තයා, පැහැසරා මිස් මාව මෙහෙම බලා කියාගන්න එකයි, මගෙන් පලිගන්න  ඔයාලාගේ සැලැස්මක පළවෙනි පියවරද කියලා නුරාන් …. මෙච්චර ඉක්මනට මට ජීව්තේ සතුට ලැබෙන්න විදියක් නෑ නැත්නම් …. “

ඕ ඇස් අග්ගිස්සෙන් වැටුණු කඳුළු ඇඳ ඇතිරිල්ලට වැටෙන්නට හැරියාය. දෑස් පියාගත්තාය. ජීවිතයේ අසීරුම දවස් තමා මීට වඩා ශක්තිමත්ව ගෙවා දැමූ බව  ඉසිනි දන්නීය. එනිසා ඉදිරියට උදා වන්නේ කුමක් වුවත්, එය මරණයෙන්  මෙපිට සිට දරාගන්නට තමාට හැකි වනු ඇතැයි ඕ සිතුවාය.

අරුණෝද අමතා තමාට පාඩුවේ සිට දෙන්නයැයි  ඉල්ලා සිටින්නට සිතුනත් ඕ එය පසුවට කල් දැම්මාය. කිසිදිනෙක නොවූ තරමින් තමා දුර්වලව සිටින්නේ නුරාන් තමා රැක බලාගන්නවාය යන  විශ්වාසය තම සිත තුළ නොවෙනස්ව ඇති නිසා වගද ඕ සිතුවේ සැනසීමේ සුසුමක්ද එක්කමය.

ඉසිනි නින්දට වැටුණාය.

ඉසිනි ගේ හඬ පණිවිඩය ඇසුවාට පසු නුරාන් ට හිත එකඟ කරගෙන කිසිඳු කටයුත්තක් කරගන්නට හැකි වූයේ නැත.

” වත්සලා..  මම චුට්ටක් ගෙදර යනවා.. ඔයා හතරට  විතර,  ඩ්‍රයිවර් මහත්තයෙක් කතා කරගෙන අපේ ගෙවල් පැත්තේ එනවාද මේක ෆයිනලයිස් කරගන්න …. ඒමම ඔයා ගෙදරින්  දාවගන්න … “

“හරි සර්…”

වත්සලා ඉතා කැමැත්තෙන් එයට එකඟ වූවාය. නුරාන් වේගයෙන් කැබ්  රිය පදවූවේය. නිවසට ඇතුලු වූයේද ඒ වේගයෙන් මය.

” මොකෝ මල්ලී මේ…”

පැහැසරා ටද පිළිතුරු දෙන්නට නොනැවතී නුරාන් උඩු මහල වෙත ඇවිද ගියේ අඩියෙන් දෙකෙන් ය. පැහැසරා  නුරාන් අතුරුදන් වූ වේගය සිතා ගන්නට නොහැකිව මෙන් ඒ දෙස බලා හිඳ කුස්සිය වෙත යන්නට හැරුණා පමනි. අකුණක හඬින් ඕ තිගස්වමින් නුරාන් ගේ හඬ ඇසුණි.

” උඹට මාව පේන්නේ මොකෙක් වගේද ඒඩී මිස් …?”

පැහැසරා වහ උඩු මහලට ඇවිද ගියාය. උඩු මහලේ කාර්‍යාල කාමරයේ උන් ධනුකද වහා පිටතට විත් නුරාන් සිටින කාමරය වෙත ඇවිහ ආවේය.

ඉසිනි යහනේ කෙළින් වී හිඳගෙන නුරාන් දෙස බැලුවේ ඔහුගේ කෝපයට හේතුව කිසිලෙසකින්වත් ගලපා ගන්නට නොහැකිවය

” උඹට මාව පේන්නේ කොන්ද පණ නැති මිනිහෙක් වගෙද කියපං…”

නුරාන්  ඉසිනි වෙත නැවී ඇගේ දෑසටම එබී ගිණි විදෙන්නට හැර විමසුවේය. ඉසිනිට පියවි සිහිය පවා එල්බ ගන්නට හැකි වූයේ නැත. ඕ අසීරුවෙන් කෙල පිඬක් ගිල දැම්මාය.

” එක අතකට උඹ කෙලෙහිගුණ දන්න ගැණියෙක් වෙන්න බෑ ඉසිනි…”

නුරාන්  ඇගෙන් පසෙකට ඇවිද යමින්, එලෙසින් පවසනවාත් සමඟම පැහැසරා සහ ධනුක කාමරය තුළට ඇතුළු වූවෝය.

” කෑගන්නේ මොකද මල්ලී මේ… අනෙක අසනීප ළමයෙකුට…”

” අක්කේ මගේ ඔලුව කන්නේ නැතුව යනවද මෙතනින්..”

නුරාන්     උන් ආවේගයෙන්ම ඇයටද කෑ ගැසුවාය. ධනුක දෑත් එකිනෙක පටලවාගෙන ඉකිය නවත්වාගෙන අසීරුවෙන් හුස්ම අල්ලන යුවතියව පැහැසරා ට පෙන්වූයේ ඒ අතරය. පැහැසරා වහා ඕ වැළඳගත්තාය.

” අපේ මල්ලී ඔහොම නැට්ට පාගගන්නවා පැටියෝ … නාඬා ඉන්න .. ඔයා නිදාගෙන උන්න නිසා කන්න ඇහැරුවේ නෑ.. අපි   චුට්ටක් කාලා බෙහෙත් පෙත්තක් තියෙනවා ඒක බොමූ… යං පහලට…”

පැහැසරා ඉසිනිව නැඟිටුවා ගන්නට උත්සාහ කලාය. එහෙත් ඉසිනි එය ප්‍රතික්ෂේප කරමින් යහනේම පසෙකට වන්නට උත්සාහ කලාය. එදෙස හැරෙන්නට නුරාන්ට තත්පරයක්වත් ගතවූයේ නැත.

” අක්කේ ගිහින් වැඩක් බලාගන්නවා… හිතුවක්කාර, ගුණයක් නැති ගෑණු නලවන්න තියාගන්නේ නැතුව….  සිංහලෙන් කියනෙක මුන්ට තේරෙන්නේ නෑ..    ඒ හින්දා ආයේ තව කියලා වැඩක් නෑ.. අන්න  කාර් එක මිදුලේ ඇති… කී එක සාලේ ඇති, ඕනි දිහාවක යනවා…”

නුරාන් ඉසිනි දෙස ඍජුවම බලාගෙන කීවේය. නුරාන්ගේ  ස්වරයේ දැඩි බවට ඉසිනි ගල් වූවාය. හැඬුම් පවා නැවතුණි.  ඕ දරදඬුව ගිය බව පැහැසරා ටද දැනුණු. ඉසිනි යළි කල්පනා කලාය. නුරාන් පවසන්නේ යන්නට කියාද ? එහෙත්, ඔහු තමා ඔහු සමීපයේ තබා ගන්නට පොරොන්දු වූවා නොවේදැයි කල්පනා කලාය.

සිහිය අවුල් වෙමින් තිබූ නිසාම ඇයට පැහැදිළි තේරීමක් ලැබුනේ නැත. ඕ නුරාන් ට යමක් පවසන්නට  හෝ ඔහුගෙන් යමක් විමසන්නට උත්සාහ කළාය.

එහෙත් නුරාන් කලේ කාමරයෙන් පිටතට යෑමය. ඉසිනි පැහැසරා දෙසත්, ධනුක දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. ගල් ගැසී තිබූ කඳුළු මෙලෙක්ව ඇද වැටුණේය .

” ඌට ඔහොම නැට්ට පෑගෙනවා .. මං බලන්නම් ඒඩී මිස් … සරා… මුකුත් කාලා බෙහෙත් දීලා ඉන්නකෝ..”

ධනුක ද වහා කාමරයෙන් පිටව යමින් කීවාය.

” මල්ලි එක්ක රණ්ඩු කලාද ?”

පැහැසරා සෙමින් විමසුවේ ඉසිනිගේ කොපුල් පිසදමමිනි. ඉසිනි නැති බව පවසන්නට හිස සැලුවාය.

” එහෙනම් මොකද අර ?”

පැහැසරා එය විමසා ගත්තේ තමාගෙනමය. ඒ ස්වරයෙන්ම ඉසිනිද එය තමාගෙන්ම  විමසා ගත්තාය. ඕ උදෑසන නුරාන් සමුගැනීමෙන් පසු වූ කෙටි සිදුවීම් එකින් එක සිහිපත් කලාය.

සෝමා නැන්දාගේ ඇමතුමට පසු….,ඉසිනි කොහෙන්දෝ ආ හයියකින් පැහැසරා ගෙන් මිදිඋ ජංගම දුරකතනය සෙව්වාය. එහි වට්සැප් යෙදවුමේ  නුරාන් ගේ නම සොයා ගත්තාය. එහි වූ පටිගත කරන ලද හඬ පැහැසරා ටද ඇසෙන සේ  විවෘත කලාය.

” මට හිතෙනවා සමහර වෙලාවට, ඔයා මට මෙච්චර ආදරේ වෙන එකයි, ඔයාගේ අම්මලා, ධනුක මහත්තයා, පැහැසරා මිස් මාව මෙහෙම බලා කියාගන්න එකයි, මගෙන් පලිගන්න  ඔයාලාගේ සැලැස්මක පළවෙනි පියවරද කියලා නුරාන් …. මෙච්චර ඉක්මනට මට ජීව්තේ සතුට ලැබෙන්න විදියක් නෑ නැත්නම් …. “

පැහැසරා ගේ දෑස් විසල් විය.ඉසිනි ජංගම දුරකතනය පසෙකට වැටෙන්නට හැරියාය. පැහැසරා ඕ තමා වෙත වාත්තු කර ගත්තාය. ඉසිනි ඒ විමසන්නේ හිතේ ඇති පීඩනයේ දිගුවන් බව පැහැසරා ට වැටෙහෙන්නේය.

වෙනදාට නම් නුරාන් ද මෙවැනි සිදුවීම් වටහා ගන්නේය. එහෙත්  අද ඔහු සිටින්නේ ද එවන්ම පීඩනයක් මතය.

පැහැසරා ඉසිනිගේ හිස පිරිමැද්දාය

” මල්ලීට දුක හිතෙන්නැති ඒඩී මිස්… එයා ඉතින් චුට්ට ඇත්නම් රෝස මල සමහර වෙලාවට…. නිවේවී.. එතකල් අපි කාලා බීලා ඉමු.. නැත්නම් ආයේ ඊළඟට පත්තු වෙන්නේ ඒකට..”

“මට යන්නනේ කිව්වේ පැහැසරා මිස් එයා…”

ඉසිනිට එවර නැඟුණේ අලුත්ම හැඬුමකි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here