වත්සලා නිවසට ගොස් නාන කාමරය තුලට රිංගා ගන්නා තෙක් උන්නේ ගත දැවෙමිනි. සියල්ල එතරම් වේගයෙන් සිදු වූයේ කෙලෙසින්දැයි ඇයට වැටහුනේ නැත. ඒ දික්කසාද ගැහැණිය නුරාන් ගේ නිවසටම රිංගාගෙන , ඔහුට එතරම් සමීපව සිටින්නේ කෙලෙසින්දැයි තමාගෙන්ම විමසමින් ඕ නාන කාමරය තුල කෑ ගැසුවාය. අම්මාට ඒ හඬ ඇසේතැයි බියෙන් ශවරය උපරිමයෙන් විවෘ ත කර තැබුවාය.
වත්සලා නාන කාමරයෙන් පිටතට ආවේ පැයකට පමණ පසුවය. ඕ අම්මා හමුවට ගියාය.
” අම්මා අර මිස්ලාගේ ගෙදර ගියේ නෑනේ ?…”
හඬ නොවෙනස් බව පෙන්නන්නට උත්සාහ දරමින් , මුහුනේ වෙනස නොපෙනෙන්නට අම්මාගෙන් ඉවතක් බලාගෙන ඕ විමසුවේ ව්‍යාජ ලෙසින් නොවූ අවශ්‍යතාවයකට ශීතකරණයද විවෘ ත කරමින් ය.
” අනේ මන්දා .. ඒ නෝනෙත් මොකක් හරි පටලැවිල්ලක … එහෙ අතුරුදන් වෙනවා , මෙහෙ අතුරුදන් වෙනවා ඉවරයක් නෑ …”
” ඇයි ගෙදර නැද්ද ?..”
” ඔහේ නෑ. පලමුදා ඉඳන් නෑ … ගෑණියෙක් එකපාරක් ජීවිතේ වරද්දගත්තම ආයේ ඔලුව උස්සගන්න ලේසි නෑ … ඒ නෝනේ ඔය කසාදේ ඇරගෙන තියෙන්නේ දරුවෙක් නෑ කියලා නේ …. එහෙව් එකේ ඒක ඒ නෝනේගේ වරදක් නෙවෙයි .. එහෙම වෙලත් ඒ කෙල්ලට සැණසීමක් නම් නැති පාටය්..”
අම්මා ඉසිනිට පක්ශව කතා කිරීම අසීරුවෙන් දරා සිටින්නට වත්සලා උත්සාහ කලාය.
” ඒ වගේ යහපත් ගෑණියෙක් දික්කසාද කරපු මිනිහා ඉතින් පවුකාරයා .. දරු සම්පත්ති නම් කොහොම හදාගන්න බැරිද ?,..”
දිගින් දිගටම අම්මාගේ වර්ණනාව අසා සිට් වත්සලාට තවදුරටත් තමා පාලනය කර ගන්නට හැකි වූයේ නැත.
” අනේ අම්මේ වඳ ගෑණියෙක් හිස් මුදුනෙන් තියාගෙන බලා කියාගන්න කොයි මිනිහාද කැමති … තමන්ගේ පරම්පරාව ගෙනියන්න ඉන්න කෙනාගේ වයිෆ්ට ළමයි නැති එක මොන පවුලටද ඉවසන්න පුලුවන් ?.. අනෙක ඔය ඉසිනි කසාද බැඳලා ඉඳලා තියෙන්නේ ඩොක්ටර් කෙනෙක්ලු .. මොකෝ ඔව්වට කරන ප්‍රතිකාර එහෙම නොදැනගෙනද ?.. කරන්න තියෙන හැමදේම කරන්න ඇති .. එහෙම කරලාත් මේ ගෑණි මූසලී වගේ වෙනකොට ඩිවෝස් නොකර වෙන මොනවා කරනන්ද ?.. අම්මගේ අතටයි පොතටයි සල්ලි දෙන නිසා අම්මා ඔය ගුණ යහපත් කම් ගැන කිව්වාට, එ මිනිස්සුන්ට ඒ දිහා එහෙම බලන්න බෑනේ අම්මේ … අනෙක සමාජෙන් කොයි තරම් ලැජ්ජාවක්ද ඒ පවුලට …’
වත්සලාගේ උමතු කෝපය වටහා ගන්නට නොහැකි වු සෝමා ඇයටද බැණ වදිමින් මිදුලට බැස්සාය. වත්සලා කාමරය තුලට වැදුනේ උන් කෝපය තව තවත් හදවත තුල නැඟෙද්දීය.
කර්මාන්තශාලාව විවෘත කර දිනයේ නුරාන් අසල සිට තමා ගත් සේයාරුවක් දෙස බලමින් උන් වත්සලා ඉසිනිට සාප කරමින් සිතන්නට වූවාය
” ලැජ්ජාවක් නැති ගෑණු කියලා අහලා තිබුනට මේ දැක්කමයි .. ගමකට ඇවිල්ලා, ඒ ගමේ යෝධ ගහක් වගේ ඉන්න මිනිහාගේ ඇඟේ එතෙන්න තරම් … අනෙක කෙල්ලෙක් නම් කමක් නෑ.. ගෑණියෙක් .. නටන්න තියෙන දහ අට වන්නම් ඔක්කොම නටලා ඇවිල්ලා.බෝ පැලයක් වගේ ඉන්න කොල්ලාව අල්ලගත්තා… නුරාන් සර්ගේ හිත හොඳ වැඩියි .. ඒ ගෑණි එහෙන් මෙහෙන් නටවලා, කඳුලු ටිකක් පෙරනකොට සර්ගේ හිත උණු වෙන්න ඇති …
ඒත් මට හිතාගන්න බැරි, කොහොමද මේ ගෑණි සර්ගේ ගෙදරටම රිංගගත්තේ කියලා… සර්ගේ අම්මලා, ධනුක අයියලා ඔක්කොමලා අල්ලගන්න තරම් මොකක්ද මේ ගෑණිට තියෙන්නෙ?..”
වත්සලා අසුනෙන් නැගිට කාමරය පුරා ඇවිද්දාය. යමක් අහිමි වීමේ වේදනාව ට වඩා යමක් අහිමි වීමේ බිය ප්‍රබලව දැනෙන බව වත්සලාට සිතෙන්නේය. බිය පලවා හැරීම උදෙසා සැලසුම් සකසන්නට සිතෙනේ එනිසාය. ඕ යහනේ පෙරලෙමින්ද, යලි නැගිටිමින්ද නොසන්සුකම සන්සුන් කරගන්නට උත්සාහ කලාය.
” සමහර විය ධනුක අයියලා මේ ගෑණි කසාද බැඳපු විස්තරයක් දන්නේ නැද්ද දන්නේ නෑ… ඒත් ඒක මට කෙලින් කියන්න පුලුවන්කමක් ඇත්තෙත් නෑනේ…”
වත්සලා යලි යලි හිතුවාය.
” මොක කොහොම වුනත්., නුරාන් සර් මගේ .. මගේම විතරයි .. මම සර්ව කාටවත්ම දෙන්නේ නම් නැහැ…. ඔය වගේ වඳ ජරා ගෑණියෙක්ට නම් කොහොමටවත් නැහැ…”
වත්සලා තමාටම සපත කරගත්තාය.
සෙනසුරාදා රැය නුරාන්ගේ නිවස තුල වෙනස්ම කලබලකාරී බවක් ගෙන තිබුනේය. ඒ කලබලකාරී බව තුල නිවැසියන් වින්දේ කලකට පසු සොයාගත් සැනසීමක කොටසකි. කලකට පසු නුරාන් ගිටාරය ගෙන මිදුලට බැස්සේය. ඉසිනි ඔහු පසුපසින් ඇවිද ගියාය. ධනුකද, පැහැසරාද, අම්මාද, තාත්තාද ආලින්දයේ වූ අසුන් වලට බර වූහ. නුරාධ්‍යා ධනුක අසල වූ කුශන් අසුනේ සුව නින්දකට සූදානම් වෙමින් උන්නාය.
” ඒඩී මිස් සින්දු කියනවාද ?…”
ධනුක එලෙසින් විමසද්දී ඉසිනි සිනාසෙමින්ම නැතැයි කියන්නට හිස සැලුවාය. නුරාන් ඇය වෙනුවට ධනුක හා ගැටුනේය.
” හිතලාම ඒඩී ඒඩී ගාන්නේ නැතුව එක්කෝ නංගි කියනවා , නැත්නම් නමින් කතා කරනවකෝ .. මෙතන නිකන් ඔෆිස් එක වෙනවනේ..”
” තෝ කට වහගෙන හිටපං .. ඒඩී මිස්ට ප්‍රශ්නයක් නැත්නම් තොට මොකක්ද ප්‍රශ්නේ ?..”
ධනුකද විමසුවේය. පැහැසරා දෙදෙනා අතරේ සටන් ගිවිසුම් සකසන තුරුම කතා දිග් ගැස්සුණි.
” මොකක්ද කියන්නෝනා ?…”
නුරාන් අනෙක් අයගේ අවධානයෙන් මිදී ඉසිනිගෙන් ඇසුවාය.
” ඕනි එකක් ..”
ඉසිනි ඉතා සෙමින් කිවාය.
“එහෙම බෑ .. එකක් කියන්න …”
” අර .. කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම් …”
” ම්ම්ම්ම්….”
නුරාන් මද වේලාවක් ඉසිනි දෙස බලා හිඳ එයට හිස සැලුවේය. ඇගේ හදවත තුලට රිංගා එය කියවාගන්නට නුරාන්ට ලෝබ හිතෙන්නේ ඕ එලෙස දයාබරව හැසිරෙන විටය. අමුවෙන්ම ඔහු ඉදිරියේ ඉන්නා විටය.
නුරාන් ගිටාරයේ තත් කිහිපයක් බින්දේය. ධනුක කුඩා ඩොල්කියෙන් තාල ඇල්ලුවේය.
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්
ඉර කියන්නෙ අත හරින්න අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියා මේ හිතවත්කම්……….
මොනවාදෝ මේ හැටි අපි කල නොපනත්කම්
ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත්කම්……….
ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්
ගසුත් වැලුත් බලා ඉන්නෙ දෙවමින් අවමන්………….
මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නපුරුකම්
ඇළ දොළ ගහකොල දන්නෙද අපෙ මනුස්සකම්……………
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්
ඉසිනි කඳුලු වැටෙන්නට නොදී උන්නේ අසීරුවෙනි. ඇයට හදවත තුල වැයුනේ පද පේලි දෙකක්ම පමණි. අනෙක්වා කොහොමටත් රිදවන්නේය.
” අඬන සින්දු කියන්නේ නෑ ආයේ… “
නුරාන් තත් බිඳින අතරේ ඉසිනි වෙත නැවී කීවාය. ඉසිනි තොල් නොපිට පෙරලමින් ඔහුට යමක් පවසන්නට උත්සාහ කලාය.
” මේ තමුසේ සින්දුවක් කියනවකෝ මල්ලී…”
ධනුක උස් හඬින් පවසන තෙක්ම නුරාන් උන්නේ ඉසිනිගේ හැඬුම් නවතාගන්නට ලෙසින් වන සොඳුරු තර්ජන එක්කය.
ඉසිනි නින්දට ගියේ පෙර දින නොවූ සැහැල්ලුවෙනි. ලෝකයේ කිනම් ලෙසින් ගැටෙන්නට ආවද , තමා ඒ ගැටීමට මුහුණ දෙන්නට හෝ තාවකාලිකව ඉන් බෑහැර වන්නට තරම් සැලසුම් සහගත විය යුතු බව ඕ සිතුවාය.
ඉසිනිගේ ජංගම දුරකතනය නාද විය. ඇගේ මුව මත සිනහ රැල්ලක් විය.
” ම්ම් …”
” හීන් සීරුවේ දොරේ ලොක් එක අරින්නකෝ තාරා.. මට නින්ද යන්නේ නෑ …”
” දොර ලොක් කරේ නෑ …”
ඉසිනි හොර පූසියක ලෙසින් කීවාය. නුරාන් ගේ උණුසුම ඉල්ලනට නොවූ හයිය, ඇයව පෙලබවූයේ එලෙසින් නවතින්නටය. නුරාන් සැනින් නැගිට්ටේය.