හිතේ සැනසීම වෙනුවෙන් නිශානි කළ දේ හරිද වැරදිද?

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

ඒ මැසේජ් එක එද්දි නිශානි හිටියෙ ඇඳේ හාන්සිවෙලා. අවුරුදු හයක් වෙච්ච ලොකු දුව නිදාගන්නෙ එහා කාමරේ. දෙවනි බබා වෙච්ච අවුරුද්දක් වෙච්ච දරුවා නිදාගන්නෙ තමන්ගෙ කාමරේම තියෙන කොට් එකේ. එහා පැත්තේ හාන්සිවෙලා උන්නෙ තරිඳු. නිශානි හිතුවෙ තරිඳු නිදි කියලා. ඒ නිසාමයි නිශානි කිසිම ගාණක් නැතුව තමයි ෆෝන් එකට ආව නොටිෆිකේශන් එක බැලුවෙ.

“සැප ඇත්තෝ කති බොති නිදති, මං තාම වැඩ අනේ” කියලා හිනාවෙන එමොජි එකක් එක්ක මැසේජ් එක එවල තිබ්බේ සුරිත්. ඒ මැසේජ් එක දැක්කමත් නිශානිට හිනා. කොහොමත් ඉස්කෝලෙ යන කාලෙත් සුරිත් හරි විහිලුකාරයා උනාට ඉස්කෝලෙන් අවුට් වෙලා කසාද බැඳලා අවුරුදු ගාණක් ගියාටත් පස්සෙ අහම්බෙන් සුරිත් ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දානකම්ම නිශානිට ජීවිතේ කලබල අස්සෙ එයාව අමතක වෙලාමයි තිබ්බේ.

“මං මේ නිදාගන්න අනේ හදන්නෙ. හෙට කෝල් එකක් ගන්නද?” කියලා මැසේජ් එක ටයිප් කරාට ඒ මැසේජ් එක සෙන්ඩ් කරන්න නිශානිට උනේ නැත්තෙ අත දාලා තරිඳු ෆෝන් එක ඇදල අරගත්ත හන්දා.

“කවුද මේ? කාටද තමුසෙ මේ රෑ තිස්සෙ මැසේජ් කරන්නෙ?” කියලා තරිඳු යකා ආවේශ වෙලා වගේ අහද්දි “ඇයි මොකද්ද ඔය කියල තියෙන එකේ වරද? මගෙ රට ඉන්න යාලුවෙක් ඔය?” කියලා කිව්වට පස්සෙ තරිඳු අත උස්සල තමන්ගෙ කම්මුලට ගැහුවෙ ඇයි කියන එක නිශානිට හිතාගන්න පුලුවන් උනේ නෑ.

සුරිත් මුලින්ම මැසේජ් එකක් එව්ව දවස නිශානිට තාම මතකයි. “හලෝ ළමයා මාව මතකද?” කියලා ආව මැසේජ් එකට රිප්ලයි කරන්න කලින් මේ කවුද කියල බලන්න හිතාගෙනයි නිශානි සුරිත්ගෙ ප්‍රොෆයිල් එකට ගියේ. ඉස්කෝලෙ කාලෙ උන්න කැහැටු කොල්ලා වෙනුවට ලස්සනට තරුණ වෙච්ච, ඒ වගේම පිටරටක හොඳ රස්සාවක් කරන සුරිත්ව නිශානි දැක්කෙ වෙන විදියකට. දිගටම කතා කරේ ඒ හන්දා. ඒ කතා බහ අස්සෙ නරකයි කියන්න කිසිම දෙයක් කතා කරේ නැති විත්තිය නිශානිට විශ්වාසයි.

එහෙම එකේ තරිඳු තමන්ට බැන්නෙ වගේම කම්මුලට පාරක් ගැහුවෙ ඇයි කියන එක නිශානිට දවස් කොච්චර ගෙවුනත් හිතාගන්න පුලුවන් උනේ නෑ. ඒ සිද්දිය වෙලා කොටින්ම තරිඳුත් ඒක අමතක කරාට පස්සෙවත් නිශානි උන්නෙ දෙයක් අමතක කරන්න බැරුව. දේකට දෙන්න ඕන උත්තරේ හිතාගන්න බැරුව.

ඒ නිසාමයි නිශානි counselor කෙනෙක් ළඟට ගියේ. එයාගෙ හිතේ කැරකි කැරකි තිබිච්ච ලොකු ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න. වෙච්ච හැමදේම නිශානි counselor ට කිව්වා. තමන් මෙහෙම විවාහ වෙච්ච දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් බව, තමන්ගෙ පවුල් ජීවිතේ ඇත්තටම හොඳ එකක් බව, ඉස්කෝලේ කාලෙ යාලුවෙක් කාලෙකට පස්සෙ තමන්ට කතා කර බව, ඒ කතාබහ දරුවන්ගෙ වැඩ, ගෙදර වැඩ එක්ක කාර්‍යබහුල වෙච්ච ජිවීතේට, මානසික පීඩනේට ලොකු සැනසීමක්, සහනයක් වෙච්ච බව කිව්ව නිශානි අන්තිමට තමන්ගෙ ප්‍රශ්නෙ ඇහුවා.

“එයා එක්ක කතා කරන එක මගෙ හිතට ලොකු සැනසීමක් නම් මං ඉස්සරහටත් ඒ විදියට ජිවීතේ අරගෙන ගියාට කමක් නැද්ද?”

ඇත්තටම ඒ ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියන එක ඔයාලා කල්පනා කරනවා ඇති. අපි හැමෝම ආසයි හරිම සැනසීමෙන් ජීවත්වෙන්න. සතුටෙන් ජීවත්වෙන්න. මිනිස්සු කියන්නෙ කොහොමත් හිතේ ප්‍රශ්න කරදර තියෙද්දි පොඩි සැනසීමක් හරි ලැබෙන තැනක් දැක්කොත් අර ලාම්පුවෙ එළියට රැවටිලා පළගැටියා ඒ දිහාවට ඇදිලා ගිහින් පිච්චිලා මැරෙනවා වගේ ඉරණමක් අත්පත් කරගන්නවා.

ඇත්තටම හිතට සැනසීමක් දැනෙනවා උනාට ගිලෙන්න ගියපු තැන්වල එල්ලිලා බේරිච්ච තුත්තිරි ගහේ අපි දිගටම එල්ලිලා ඉන්න ඕනද?

අපි හැමෝම සාමයෙන්, සැනසීමෙන් ජීවත් වෙන්න කැමතියි. සතුටින් ඉන්න. ජීවිතේ නිදහසේ ගෙවන්න ඕන කෙනෙක් ආසයි. හැබැයි ජීවිතය හැම තිස්සෙම පහසු නෑ. අපේ මනස ආතතියෙන්, දුකෙන් පිරිලා යන්න හේතුවෙන දේවල් ජිවීතේට එනවා ඒ වගේම ඒක සාමාන්‍යයි. අපි මානසික අවපීඩනයක ඉද්දි, තප්පරේකට උනත් ලැබෙන සතුටක් අපිට මාර දෙයක් විදියට දැනෙනවානෙ.එහෙම වෙලාවට අපි මොකද කරන්නේ ඒ පොඩි දේ උනත් හරියට තදට අල්ලගන්නවා.

ඒක සාමාන්‍ය දෙයක්. ඕනම මනුස්සයෙක්ගෙන් වෙන්න පුලුවන් දෙයක්. අපි උත්සහ කරනවනෙ හිතට ප්‍රශ්නයක් ආවම දන්න හැම විදියකින්ම ඒක විසඳගන්න.

හැබැයි ඒ සැනසීම long term barrier එකක් නම් අපේ ජීවිතේට?

ඒක තමයි ඇත්තටම අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්නය. සැනසීමක් තියෙන්නේ නම් හොඳයි. හැබැයි ඒ සැනසීම අපේ ජීවිතේ වැඩි දියුණු වීම අරඹන්න තිබ්බ උනන්දුව, උත්සාහය, විශ්වාසය වගේ දේවල් ආවරණය කරලා දාලා තියෙනවා නම් — ඒක සැනසීමක් නෙවෙයි. ඒක බාධකයක්.

ඒක හරියට අර toxic relationship එකක ඉන්න ගමන් “අනේ එයා මට ආදරෙයිනෙ” කියල හිතනවා වගේම තමන්වම පාග ගන්න විදියෙ දෙයක්.

ඒ නිසා මෙන්න මේ දේ අමතක කරන්න එපා.

“තාවකාලික සහනයක්, සැනසීමක් වෙනුවෙන් ජීවිතේ දීර්ඝ කාලීන වටිනකම් නැතිකරගන්න එපා. මොකද ගිලෙන්න යන වෙලාවෙ එල්ලිච්ච තුත්තිරි ගහ එවෙලෙ ගැලවෙන්න උදව්වක් උනාට ගොඩට ආවයින් පස්සේ ඒ තුත්තිරි ඇට ඇඟේ ඇලවිලා තියෙන එක ගමන ඉස්සරහට යන්න ඔයාට බාධාවක් වෙන්න පුළුවන් හන්දා”

ඉතින් මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles