එයාට හැමෝම කතාකරේ උන්මාද චිත්‍රා කියලා. චිත්‍රාව ඇහැට දැක්කෙවත් නැති මනුස්සයෙක් උනත් එයා ගැන කිව්වේ “දැක්කම පිස්සු හැදෙනවා” කියලා. ඒ නිසා හැමෝම චිත්‍රාව අඳුන්වලා දුන්නෙ උන්මාද චිත්‍රා කියලා.
කෙල්ලෙක් ලස්සන කෙල්ලෙක් වෙන එක මිනිස්සුන්ට බය වෙන්න කාරණාවක් නොඋනට චිත්‍රාව දැන අඳුරගෙන උන්නු මිනිස්සු චිත්‍රගෙ මේ පිස්සු හැදෙන ලස්සන නිසා හරිම බයකින් හිටියෙ. ඒකට හේතුවෙච්ච කාරණාවක් තිබ්බා. කොල්ලො දහ දෙනෙක්ට පස්සෙ ඉපදෙච්ච එකම කෙල්ල වෙච්ච චිත්‍රා ඉපදිච්ච වෙලේ මාළිගාවෙ උන්නු නැකැත් කාරයන්ට කියන්න ලොකු කතාවක් තිබ්බා.
“මේ කුමාරිගෙ ලස්සනට පිස්සු වැටෙන කුමාරයෙක් හන්දා මේ කුමාරි දරුවෙක් බිහි කරනවා. එයා පුතෙක්. ඒ පුතා තමන්ගෙ මාමාවරු දහ දෙනාම මරලා රජකම අයිති කරගන්නවා”
ඔන්න ඔය අනාවැකිය තමයි චිත්‍රව මුළින්ම හිර කූඩුවකට ඇදලා දාන්න හේතු උනේ.
අම්මා වෙච්ච භද්දකච්චායනා ඇඬුවා. තාත්තා වෙච්ච පණ්ඩුවාසුදේව උන්නෙ “what to do?” කියලා කල්පනා කර කර. හැබැයි සහෝදරයන්ට නම් ඕකට දෙන්න උත්තරයක් තිබ්බා.
“ඕකිව එළියට බහින්න බැරි තැනක හිර කරන්න අප්පච්චි. මේකිගෙ ලැජ්ජ නැති වැඩ හන්දා අපි මොකටද දුක් විඳින්නේ?” කියලා කොල්ලො දහ දෙනෙක් එක කටහඬෙන් කියද්දි මොන අම්මටද, මොන අප්පච්චිටද අහන්නෙ නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නෙ. චිත්‍රා තමන්ගෙ සහෝදරයන්ට threat එකක් වගේම චිත්‍රාව මාළිගාවෙ තියන එක චිත්‍රාට threat එකක් කියලා තේරිච්ච හන්දා තමයි චිත්‍රාගෙ මව් දෙමව්පියො එක්කහු වෙලා චිත්‍රව එක්ටැම් ගේක හිරකරලා තියන්න හිතුවෙ.
හිරකරන්න යනවා උනත් හිරකරන්නෙ කුමාරියක් හන්දා එක් ටැම් ගේ හැදුවේ පුදුම තරම් සැප පහසුකම් එක්ක. Attached bathroom, Spring Mattresses වගේ අරවා මේවා ජාති ගොඩක් එක්ක ලස්සන හිර කූඩුවක් චිත්‍රා වෙනුවෙන් අප්පච්චි හදලා දුන්නා. Bathroom වල Hot, Cold වතුර දෙකම තිබ්බා. හරිම සනීප රෙදි වලින් හදපු ඇඳවල් එහෙම තිබ්බා. හැබැයි මේ හිර කූඩුවෙ චිත්‍රට තමන්ව බලන්න කණ්ණාඩි මුකුත් තිබ්බෙ නෑ. කාටවත් එන්න පුළුවන්කමක් තිබ්බෙත් නෑ. අහසට ළඟ උනාට පොළොවට ඈතින් තමයි තිබ්බේ.
හැබැයි “කෙල්ලට පාලු ඇති” කියලා හිතලා අප්පච්චි එක්ටැම් ගේ පිරෙන්න පොත් ගොඩ ගැහුවා. චිත්‍රා ලස්සනට ලොකු උනේ ඕන්න ඔය පොත්වල තිබ්බ ඒව කියව කියව.
ඒ නිසාම එයා තව හිරකාරියෙක් විතරක්ම උනේ නෑ. එයා වෙලාවකට student කෙනෙක් වුණා. තව වෙලාවක scholar කෙනෙක් වුණා. තව වෙලාවක dreamer කෙනෙක් වුණා. ඇවිදලා කරන්න දකින්න බැරි ලෝකෙ පොත්වලින් කියවලා ඉගෙන ගත්තා. චිත්‍රා ඉගෙන ගත්තා තමන් වගේම හිරකරන්න හැදුව හැබැයි බැරිවුණ, රැජිණියො, භික්ෂුණී වහන්සේලා ගැන, රණ ශූරියො ගැන වගේම තමන්ගෙ ඉරණම වෙනස් කරන්න මහන්සිවෙච්ච දාහක් ගෑණු ගැන කතන්දර චිත්‍රා ඒ පොත්වලින් කියෙව්වා.
ඒ එක පොතක් අස්සෙ තිබිලා තමයි චිත්‍රාට ඒ නම කියවන්න ලැබුණේ.
දීඝ ගාමිණී – කැරලිකාර කුමාරයෙක්. රණශූර කවියෙක්. කපටියෙක්.සර්පයො පවා වශී කරගන්න පුලුවන් විදියෙ charm එකක් තියෙන dial එකක්.
පොත්වලින් මිදිලා ඔය චිත්‍රාට කන්න greek yoghurt, smoothee, macha එහෙම හදාගෙන එන සේවිකාවො එක්කෙනා එක්කෙනාත් ඔය දීඝ ගාමිණී කියන කොල්ලා ගැන කතා කරනවත් “එයා එනවලු නේද?” කියලා කතාකරනවත් චිත්‍රාට ඇහුණා.
“කුමාරිව බේරගන්නලු එන්නේ. බඳින්නලු එන්නෙ. මේ හිර කූඩුවෙන් බේරගන්නලු එන්නෙ” කියලා කට්ටිය කතාකරද්දිත් චිත්‍රා කරේ සද්ද නැතුව අහගෙන උන්නු එක.
ගාමිණී ආවෙ හොඳට හඳ පායපු හරි ලස්සන රැයක. චිත්‍රාව දකින්න හිතේ තිබිච්ච ආසාවෙ තරමට ගාමිණී එක්ටැම් ගේ නැග්ගෙ සිං සිං ගාලා. වෙනදා මේ වගේ mission එකකට එද්දි අරන් එන අවි ආයුධ වෙනුවට මනුස්සය මෙදා පාර අරගෙන ආවෙ කෙල්ලො වශී කරගන්න පුලුවන් විදියෙ කවි සින්දු තමයි.
හැබැයි කොච්චර රණ ශූරයා උනත් චිත්‍රාගෙ හඳ එළිය වැටිච්ච මූණ දැක්කම නම් ගාමිණීටත් සිහිය නැතිවෙච්ච එක ඇත්තක්.
“ඔයා ලස්සනයි කියල මම අහලා තිබ්බ. ඒත් මෙච්චර ලස්සනයි කියල මම අහලා තිබ්බෙ නෑ.හැබැයි කවුරුවත් මට ඔයා මෙච්චර දැනුමක් තියෙන කෙනෙක් කියලා කිව්වෙ නෑ” කියල ගාමිණි කිව්වම චිත්‍රා කලේ හිනාවෙන එක.
“ඔව් එයාලට ඒක වැඩක් නෑනෙ”
චිත්‍රා ඉස්සරහ දණ ගැහුව ගාමිණී හඳ එළිය මැද්දෙ ලස්සනට propose කරා.
“මං ඔයාව බේරගන්නම්. මං ඔයාව රැජිණක් වගෙ තියාගන්නම්. Will you marry me?” කියලා තමන් ඉස්සරහින් දණ ගහගෙන propose කරද්දි චිත්‍රා කරේ අර සුපුරුදු හිනාවෙන්ම ගාමිණී දිහා බලාගෙන උන්නු එක.
“ඔයා එහෙම කියන්නෙ මට ඇත්තටම තියෙන ආදරේ හන්දද? එහෙම නැත්තම් ඔයාට මේ හිරකරලා උන්නු කෙල්ලෙක්ව බේරගත්තා කියන එක මාර ආතල් එකක් හන්දද එහෙම අහන්නේ?”
ගාමිණීත් පොඩ්ඩකට silent උනා ඒ කතාව ඉස්සරහදි.
“ඔයා දැක්කෙ මාවද? එහෙම නැත්තම් කට්ටිය කිව්ව අනාවැකියද?”
කියලා චිත්‍රා ආයෙ අහද්දි ඒකට දෙන්න උත්තරයක් ගාමිණිට තිබ්බෙ නෑ. ඒ Silence එකේදි තමයි චිත්‍රා ඇත්ත දැක්කෙ.
“ගාමිණී කියන්නෙ මගේ නිදහස නෙවෙයි.
එයත් තව එක කූඩුවක් විතරයි.
එළියෙන් හරි soft, sweet හැබැයි තවත් එක කූඩුවක් විතරමයි”
ගාමිණී ආයෙ ආයෙ ආවා. චිත්‍රාව බේරගන්න ආවෙ කියලා කිව්වා. ඒත් චිත්‍රා හැමදාම එකම කතාව කිව්වා.
“I am not waiting to be saved. මම මම වෙන්නයි බලාගෙන ඉන්නෙ”
ගාමිණී ආපහු හැරිලා ගියේ හරියට confuse වෙලා. මොන ගෑණිද තමන් වගේ කුමාරයෙක්ව එපා කියන්නෙ කියන ප්‍රශ්නෙ ගාමිණිගෙ ඔලුවෙ තිබ්බා. කතාව නොහිතපු පැත්තකට හැරුණා. ඒත් චිත්‍රා උන්නෙ සන්තෝසෙන්. නිදහසෙන්. හිරකූඩුව උනත් ඒක තමන්ගෙ හිර කූඩුව කියලා චිත්‍රා හිතුවා.
“දන්න හිර කූඩුව හොඳයි, නොදන්න මිනිස්සු ඇවිල්ලා හදලා දෙන්නම් කියන මාළිගාවලට වඩා” කියලා චිත්‍රා තමන්ටම කියාගත්තා.
චිත්‍රාට පුතෙක් ලැබුණත් නැතත් එයාගේ සහෝදරයො දහ දෙනා සහ එයාලගෙ පුතාලා ඔටුන්න වෙනුවෙන් fight කරා. අවුරුදු ගණන් කාලෙ ගෙවුනා. මිනිස්සුන්ට කාලෙත් එක්ක අමතක උනා ඇත්තටම මොකද උනේ කියලා. මිනිස්සු එක එක කතා කිව්වා. “පිරිමි පිස්සු වට්ටන්න තරම් ලස්සනක් තිබ්බ හන්දා පිරිමින්ව පරිස්සම් කරගන්න හිර කරපු කුමාරියක්” කියලා මිනිස්සු එයා ගැන කිව්වා.
හැබැයි ඇත්ත ඊට වඩා වෙනස් බවත් ඒ ඇත්ත කවුරුහරි කවදහරි දැනගනී කියලා විශ්වාසයක් චිත්‍රාගෙ හිතේ තිබ්බා.
අතීතේ අතීතෙට එකතු වෙලත් ගොඩක් කාලයකට පස්සෙ හම්බුවෙච්ච පරණ සන්නසක ඒ නිසාම එයා මෙන්න මෙහෙම ලියලා තිබ්බා.
“They feared my womb.
But I built a world without using it.
I owe no kingdom a son.
I owe myself the truth.”
ReplyForwardAdd reaction |