යෝග ව්‍යායාමයකින් දවස අරඹමු… පහසුවෙන් නිරෝගී වෙමු

දවසේ අපට කලයුතු දහසක් රාජකාරී මැද කායික මෙන්ම මානසික නිරෝගීතාවය නිසි පරිදි පවත්වා ගැනීම ඇත්තෙන්ම අභියෝගයක්. එහෙත් වැඩි කාලයක් ඉඩකඩක් නොයන මේ යෝග ව්‍යායාමය ඔබට දවස සතුටින් ගෙවන්නට අවශ්‍ය පණ නළ ලබා දෙන බවට කිසිදු සැකයක් නැහැ.

යෝග ශ්වසන ක්‍රමය – ප්‍රාණ යාම යෝග ශ්වසන ක්‍රම ගණනාවක් තිබුණත් ඉන් වඩාත්ම ප්‍රචලිත ක්‍රමය වන්නේ නාඩි ශෝෂණ ප්‍රාණ යාමය වනවා. නිවැරදි ලෙස මෙම අභ්‍යසයන්හි යෙදෙන විට ඇතිවන මානසික, කායික සුවය අති මහත්. මෙය තමන් පිලිබඳ මහත් ආකර්ෂණයක් ඇතිවන අභ්‍යාසයක් බවයි පැවසෙන්නේ. ශිව දෙවියන්ට ඉතාමත්ම සමීපවන ආසනයක් බව ද පැවසෙනවා. ඒ වගේම දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගත හැකි ආසනයක් ලෙසටද සැලකෙනවා.

  • මෙම යෝගාසනයේ යෙදෙද්දී ඔබ මේ කරුණු පිළිබදව සැලකිලිමත් විය යුතුයි
    • නිර්මාංශ වීම
    • මෘදු දිරවිය හැකි ආහාර තෝරා ගැනීම
    • සුදු හෝ කහ පැහැති වස්ත්‍ර ඇඳීම
    • දිනපතා ප්‍රාණ යාමවල යෙදීම
  • මේ අභ්‍යාස වලට පෙර ඕම්කාර භාවනාවේ යෙදීම සුදුසුයි. මේ කරුණු පිළිපැදීමෙන් වඩාත් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
  • පාන්දර 5.30 දිවා 11.30, සවස සහ රාත්‍රී වේලාවන් මේ සඳහා සුදුසුයි.
  • අධික ලෙස ආහාර ගැනීම හෝ නිරාහාරව සිටීම සිදු නොකළයුතුයි.
  • නිදි මැරීම,අධික ලෙස කය වෙහෙසීම, පයින් එක දිගට සැතපුම් ගණනක් ඇවිදීම නොකල යුතුයි.
  • ප්‍රාණ යාමයට පෙර හොඳින් ස්නානය කරන්න. පිරිසුදු වාතය ඇති තැනක් තෝරා ගන්න.
  • පද්මාසනයෙන් හෝ සුඛාසනයෙන් කොන්ද ඍජු ලෙස තබා ගන්න. එසේ අපහසු අය පුටුවක් උපයෝගී කරගන්න.
  • ප්‍රාණ යාම ඇරඹීමට පෙර කිරි හෝ ජලය ටිකක් පානය කරන්න.
  • අධිකව කතාබස් කිරීම, උසුලු විසුලු කිරීම නවතන්න. සන්සුන්වන්න.
  • උතුරට හෝ නැගෙනහිර දෙසට හැරී පිළියෙල කරගත් අස්නෙහි වාඩිවෙන්න.
  • පළමුවෙන් සියලු සත්වයා කෙරෙහි මෙත් වඩන්න. ඉන්පසු ඕම්කාර භාවනාවේ යෙදී තුන් වරක් ඕම් ශාන්තී, ශාන්තී,ශාන්තී යනුවෙන් පවසන්න.
  • දැන් ඔබේ හිස මුදුනේ දහසක් පෙති ඇති නෙලුම් මලක් පිපී ඇති සේ සිතින් පරිකල්පනය කරන්න. ඔබ වඩාත් වඳින පුදන විශ්වාස කරන දෙවියන් හිස මත වැඩ සිටිනවා සේ සිතා එම දෙවියන්ට මලින්, පහනින්, සුවඳින් මානසිකව පූජා කරන්න. නිතරම උදරය පිට කොන්ද දෙසට හකුලුවා ගන්න. දෙනෙත් වසාගෙන සිටින්න.
  • දකුණු නාස් පුඩුව දකුණු අතේ මාපට ඇඟිල්ලෙන් තදින් වසා ගන්න. වම් නාස් පුඩුවෙන් ඉතා සෙමින් ශබ්දයකින් තොරව ආශ්වාස කරන්න. දැන් එම නාස් පුඩුව දකුණතේ සුලඟිල්ලෙන් වසා ගන්න. දකුණු නාස් පුඩුවෙන් ප්‍රාශ්වාස කරන්න. මෙය දවසකට දහය බැගින් මාස තුනක් පුරුදු පුහුණු කරන්න.
  • දිනපතා ප්‍රාණ යාම කිරීමෙන් හදවත් රෝග, පෙනහලු රෝග සුව වනවා. මුහුණේ පැහැය, තරුණ බව ඇති වෙනවා. සම පැහැපත් වී රැළි දුරුවෙනවා. තමන් තුළ ආකර්ෂණයක් ඇති වෙනවා. තමන්ගේ ප්‍රශ්න, ගැටලු, ක්‍රමයෙන් නිරාවරණ වන බවක් දැනෙනවා.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles