මිනීමැරුම් සහ ඇඟ හිරිවැටෙන තරමේ භයංකර සිදුවීම් ගැණ ලිපි ස්මාර්ට් ලේඩි කියවන ඔබට නිතරම කියවන්න ලැබෙනවානේ. මේ වගේ කතන්දර ලිපි විදියට සකස් කරලා ඔබට කියවන්න දෙන එකෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ සමාජයේ අපිට නොපෙනෙන, අපිට ස්පර්ශ නොවෙන ඒ වගේ අඳුරු පැතිකඩකුත් තිබෙන බව ඔබට සිහි ගනවන එක. ඒ වගේ සිද්දීන් වලින් ඔබ නිතරම පරෙස්සමින් සිටීම සඳහා තම තමන්ගේ ආරක්ශාව තහවුරු කර ගත යුතු බව අපි සිහිපත් කරන්නේ අපි ජීවත් වන සමාජයේ කොහොමටත් අඳුරු පැතිකඩක් තිබෙන බව අපි දන්න නිසා.
අපි දන්නවා අම්මලා සහ දූවරු අතර තියෙන්නේ ඉතාම ප්‍රේමණීය සම්බන්ධතාවයක්. ඒත් සමහර වෙලාවට අම්මලා වගේම දූවරුනුත් එකිනෙකාට දරාගන්න නොහැකි සීමාවන් වල ඉඳලා යම් යම් අකාරුණික දේවල් එකිනෙකාට කරගන්නවා. තමන්ගේ අම්මා එක්ක තිබුණ තරහ හිතේ තද කරගෙන ඉඅඳලා ඒ අම්මාව මරලා දාපු දියණිකය්කගේ කතාව තමයි අද අපි ඔබට කියන්නේ.

2014 අවුරුද්දේ අගෝස්තු මාසයේදී, ඉන්දුනීසියාවේ බාලි දූපතේ සිදු වෙන ඉතාම අනුවේදනීය මරණයක් නිසා මුලු ලෝකයේම ඇස් ඒ දිහාවට යොමු වෙනවා. මේ අනුවේදනීය කතාවට පදනම් වෙන්නේ ඇමරිකානු ජාතික Sheila von Wiese Mack කියන කාන්තාව. මේ සිදුවීමේ තියෙන අනුවේදනීය සහ වඩා ඛේදනීය කොටස තමයි, ඇගේ ඝාතනය සිදු කරලා තියෙන්නේ ඇයගේම දියණිය වන Heather Mack සහ ඇගේ පෙම්වතා Tommy Schaefer විසින් බව පොලිසිය විසින් සොයා ගන්න එක. ඇය මරා දමා ඇති බව පොලිසියට වාර්තා වීම එක්ක පොලිසියේ වගේම දෙස් විදෙස් මාධ්‍යවේදින්ගේ ඇසුත් ඒ දිහාවට යොමු වෙනවා.
Sheila von Wiese Mack විවාහ වෙලා උන්නේ ජනප්‍රිය සහ සම්මානනීය සංගීත ශිල්පියෙක් වුන James L. Mack එක්ක. සංචාරයකදී පාදයේ ඇති වුන තුවාලයකට හරිහැටි ප්‍රතිකාර නොලැබීමක් නිසා James L. Mack එකපාරටම ඔහුගේ ශරීරයේ එක් පැත්තක් පණ නැතිව යවා. එහෙම තියෙද්දීත් ඔහු සංගීත කටයුතු වල නියැළෙන්නේ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ගමන්. ඊට පස්සේ ග්‍රීසියේ සංචාරයක් අතරවාරයේදී James L. Mack හදිසියේම ජීවිතක්ශයට පත් වෙනවා. මේ මරණය එක්ක වාසනාව උදා වෙන්නේ ඔහුගේ විවාහක බිරිඳ වුන Sheila von Wiese Mackට. ඇය එක් රැයකින් ඩොලර් කෝටි ගාණක තනි හිමිකාරිනිය බවට පත් වෙනවා. ඒ වෙද්දිත් රැකියාවක් කරපු උගත් කාන්තාවක් වුන Sheila von Wiese Mack මේ වස්තු සම්භාරය එක්ක ඉතා සුව පහසු ජීවිතයක් වෙනුවෙන් සූදානම් වෙනවා.
Heather Mack කියන්නේ මේ යුවලට දාව උන්න එකම දියණිය. මේ Heather Mack, කුඩා කාලයේ සිටම මානසික හා ගෘහස්ථ ගැටළු වලට මුහුණ දෙන්න සිදු වුන කෙනෙක් බව කියැවෙනවා. මේ Heather Mack සහ ඇගේ මව අතර නිතර තද තද ගැටුම් සිදුවූ බවත් වාර්තා වෙනවා. 2004 ඉඳන් 2014 වෙනකල් අවස්තා 86කදී Heather Mack විසින් සහ Sheila von Wiese Mack කරපු පැමිනිලි විභාග කරන්න පොලිසිය ඔවුන්ගේ නිවසට ඇවිල්ලා තියෙනවා. එක් වතාවක් Sheila von Wiese Mack ගේ පාදයක් කැඩෙන තරමින් Heather Mack ඇයට පහර දීලා තියෙනවා. ඒ වගේම තමා සතුව තිබුන ඩොලර් 1000ක් හොරකම් කල බව කියලාත් මේ Heather Mackට විරුද්ධව Sheila von Wiese Mack පැමිණිලි කරලා තියෙනවා.
Heather Mackට ඇගේ පෙම්වතා වෙන Tommy Schaefe මුනගැහෙන්නේ ඇගේ උසස් පාසැලේදි. ඔහු රැකියා විරහිත රැප් ගායන ශිල්පියෙක්. මේ දෙන්නා සම්බන්ධතාවය පටන් ගත්තා වුනත්, Sheila von Wiese Mack මේ සම්බන්ධතාවයට එකඟ වෙන්නේ නැහැ. ඊට පස්සේ Sheila von Wiese Mack තමන්ගේ නිවසත් විකුණලා දාලා දියණියවත් අරගෙන වෙනත් ප්‍රදේශයක පදිංචි වෙන්න යනවා. එහෙම ගියත් Heather Mack සහ ඇගේ පෙම්වතා වෙන Tommy Schaefe අතරේ තිබුණ සම්බන්ධතාවය නවත්තන්න Sheila ට හැකි වෙන්නේ නැහැ. Heather ඇගේ පෙම්වතා නිසා ගර්භණී තත්වයට පත් වෙනවා. ඉතාම උපක්‍රමශීලී විදියට Sheila තමන්ගේ දියණියගේ කුසේ තියෙන කලලය ගබ්සා කරවනවා. ඉන් පස්සේ ආයෙම වතාවක් Heather ගර්භණී වෙනවා. ඒ වතාවෙත් තමන් සතු මුදල් බලය සහ Heather ට කිසිවක් ලබා නොදෙන බව තර්ජනය කරන මේ Sheila ඒ දරුවාවත් ගබ්සා කරවනවා. ඊට පස්සේත් මේ දෙන්නාගේ ප්‍රේම සම්බන්ධතාවය නවතින්නේ නැහැ. Heathe තුන්වෙනි වතාවටත් ගර්භණී වෙනවා. ඒ අතරේ Sheila ඉන්දුනීසියාවේ බාලි දූපතට සංචාරයක් සූදානම් කරගන්නේ දියණිය එක්ක එහෙ ගිහින්, දියණියව තුන් වෙනි වතාවටත් ගබ්සාවකට ලක් කරන අදහස එක්ක.
2014 අගෝස්තු 12 වෙනිදා දින, බාලි හි නාංග් උරා වල තියෙන රෙජිස් කියන හෝටලයේ නවාතැණ් ගන්න Sheila von Wiese Mack හීනෙකින්වත් හිතන්නේ නැහැ තමන් එක්ක එකම කාමරයක් බෙදාගන්න දියණිය තම්නව මරා දමන්න සැළසුම් කරන බව. ඊට පස්සේ Sheila von Wiese Mackගේ ක්‍රෙඩිට් කාඩ්පත හොරා ගන්න Heather තමන්ගේ පෙම්වතාවත් බාලි වලට ගෙන්නගන්න ව්‍යාපාර පන්තියේ ටිකට්පතක්ම වෙන් කරනවා.
ප්‍රශ්න කිරීම් වලදි Tommy Schaefer කියන්නේ තමන් බාලි වලට ආවේ තමන්ගේ පෙම්වතියගේ ගර්භණී භාවය ගැන ඇගේ මව සමඟ සම්මුතියකට එලැඹිලාඇයව විවාහ කරගන්න අවසර ඉල්ලාගන්න කියලා. ඒත් ඔවුන් දෙදෙනාගේ ඊමේල් පණිවිඩ පරික්ශා කරනපොලිසිය සොයාගන්නවා ඔවුන් Sheila von Wiese Mackව මරා දැමීමේ සැලසුමෙන් කාලයක ඉඳලා වැඩ කරලා තියෙන බව.
2014 අගෝස්තු 14 වෙනිදා හවස Sheila von Wiese Mack සහ ඇගේ දියණිය ඉතාම දැඩි කතාබහක පැටලෙනවා. ඊට පස්සේ එදා රෑ Sheila von Wiese Mackගේ කාමරයේදී Tommy Schaefer විසින් ඇයව මරා දමනවා. ඉන් පස්සේ හවස Sheila von Wiese Mackගේ මල සිරුර සූට්කේස් එකකට දාගන්න මේ යුවල, ඒ සූට්කේස් එක හෝටලයේ නවත්තලා තිබුණ ට්‍රක් එකක පිටුපසට දානවා. ඊට පස්සේ වෙන හෝටලයකට ගිහිල්ලා ඉන්නවා. මේ අතරේදී ට්‍රක් එකෙන් ලේ බේරෙනවා දකින හෝටල් කාර්‍ය මණ්ඩලය වහාම පොලිසිය දැනුවත් කරනවා. එතනදී හවස Sheila von Wiese Mackගේ දියණිය සහ ඇගේ පෙම්වතාව යාබද හෝටලයක ඉඳලා අත් අඩංගුවට ගන්නත් පොලිසිය සමත් වෙනවා. ඒත් ඔවුන් කියන්නේම හවස Sheila von Wiese Mackව ඝාතනය කරන්න ඇත්තේ යම් කොල්ලකරුවන් පිරිසක් විසින් බව.

කොහොම වුනත් අධිකරණ විභාගය මගින් හෙළි වෙන්නේ Tommy Schaefer විසින් කාමරයක දී ඇයව යකඩයකින් පහරදීලා මරා දාලා තියෙන බව.. Heather Mack මෙම ක්‍රියාවට සෘජුවම සම්බන්ධ වී සිටි බවත්, මෙම ඝාතනය සිදු කරන එකේ අරමුණ වෙන්නේ Sheila von Wiese Mack සතු සියලු අම්පත් ඇය නමට ලබා ගන්න එක බවත් හෙලි දරවු වෙනවා.
ඉන්දුනීසියාවේ නීතිය අනුව, Heather Mackට වසර 10ක සිරදඬුවමක් හා Tommy Schaeferට වසර 18ක සිරදඬුවමක් නියම වෙනවා. ඔවුන් දෙදෙනාම Kerobokan සිරගෙදර සිර කෙරෙනවා. Heather Mack, සිරගතව සිටින අතරතුර දී තම දියණිය බිහිකරනවා.
තමන්ගේ සිර දඬුවම අතරවාරයේ 2021දී ඇමරිකාවට යැවෙන Heather Mack, ඇගේ මවගේ මරණය සම්බන්ධයෙන් ඇමරිකානු නීතිය යටතේ නැවතත් අත්අඩංගුවට ගන්නවා.
Sheila von Wiese Mack සිදුවීම නීතිය, පවුලේ සම්බන්ධතා හා මානසික සෞඛ්‍යය යන කරුණු එකට සම්බන්ධ වූ අභිරහස් ගණනාවක් නිරාවරණය කළ සිදුවීමක්. අම්මාකෙනෙකුගේ ජීවිතය, තමන්ගේම දියණිය හා ඇගේ පෙම්වතාගේ දැඩි සැලැස්මකින් නිමාවට පත් වූයේ, මනුෂ්‍ය වටිනාකම්, සන්සුන් පවුල් සබඳතා සහ සමාජ වගකීම් පිළිබඳව අපව නැවත සිතාබැලීමට ඉඩක් දීලා.
ReplyForwardAdd reaction |