කවුරුත් බලාසිටි දීපිකාගේ දරු ප්‍රසූතියේ ඇත්ත

ඉතින් කාලයක් තිස්සෙ එහෙම ඇහැ යොමුවෙලා තිබුන තාරකා යුවලක් තමයි දීපිකා සහ රන්වීර් කියන්නෙ. මේ දෙන්න දිහාට කට්ටියගෙ ඇස් යොමුවෙලා තිබුනෙ ලස්සන නිසාවත් දක්ෂ නිසාවත් විතරක්ම නම් නෙවෙයි.

“දීපිකා සහ රන්වීර් තාම බබෙක් හදන්නෙ නැද්ද?” කියන කතාව බොලිවුඩයත් ඉන් එහාටත් පැතිරිච්ච ඕපදූපයක් වෙලා තිබුන හන්ද.

සෑහෙන කාලයක් තිස්සෙ දීපිකා ප්‍රෙග්නන්ට්, ලබන අවුරුද්දෙ බබා හම්බෙනව අරකද මේකද කියල කතා ගොඩක් බොරුවට පතුරවපු බොලිවුඩයට ඔන්න දීපිකා සහ රන්වීර් අලුත්ම ආරංචියක් එක්ක කලඑලි බැහැල කියලයි ආරංචිය.

ඒ තමයි මේ 2024 අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේදි එයාලා දෙන්නගෙ ආදරණීය දරුවා මේ ලෝකයේ එලිය දකිනවා කියල ඉන්ස්ටග්‍රෑම් එකේ සඳහන් කරල තිබුණ පණිවිඩය.

දීපිකා ප්‍රෙග්නන්ට් කියල ගොඩක් අය සැක පහල කරන්න වෙච්ච් හේතුවක් තමයි BAFTA සම්මාන උලෙලට එද්දි සාරියක් ඇඳගෙන ආව දීපිකා තමන්ගෙ කුස ප්‍රදේශය හංගගෙන ඉඳිය වගේ පෙන්නන ජායාරූප සමාජ මාධ්‍ය වලට මුදා හැරුණ එක.

ඒ වුනාට ඉතින් දීපිකා සහ රන්වීර් සමාජ මාධ්‍ය ඇතුලෙ මොන වගේ කතා පැතිරුණත් ඒවට උත්තර නම් දුන්නෙ නෑ.

එහෙම ඉඳල ඉඳල තමයි ලස්සනම ලස්සනම පෝස්ට් එකකින් ඉන්ස්ටග්‍රෑම් එකෙන් මේ දෙන්න මේ පණිවිඩේ මුලු ලෝකය පුරාම විසිරිලා ඉන්න එයාලාගෙ හිතවතුන් සහ රසිකයින් එක්ක බෙදාගත්තෙ.

මේ ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් එකට බොලිවුඩයේ විතරක් නෙවෙයි මුලු ඉන්දියාවෙම ජනප්‍රිය, දක්ශ මිනිස්සු රාශියකගෙ සුබ පැතුම් කමෙන්ට්ස් විදියට ඇවිත් තියෙනව ඔයාලටත් බලන්න පුලුවන්.

අපිත් දන්න ශ්‍රියා ගෝශාල් සුබ පතල තිබුනා “අම්මෝ!!!! ඔයාලා දෙන්නා ගැන ගොඩක් සතුටුයි, ගොඩක් සතුටුයි. බොහෝ සුබ පැතුම්..🩷🩷.” කියලා.

ක්‍රිති සැනොන් සුබ පතල තිබුනෙත් “අම්මෝ !!!! ඔබ දෙපලට සුභ පැතුම්!!! ❤❤❤❤🤗.” කියලා.

සොනාක්ශි සිංහ නම් සුබ පතල තිබුනෙ මේ තමයි ඔයාලගෙ හොඳම නිමැවුම කියලා.

තමන් සහ රන්වීර් දරුවන්ට ආදරය කරන බවත්, අපි අපේම පවුලක් ආරම්භ කරන දිනය එනතුරු බලා සිටින බවත් දීපිකා මීට අවස්තා කීපයකට කලින් මාධ්‍යයට කියල තිබුනා. එයා සම්මුඛ පරීක්ෂණයක්දි කියල තිබුනා  ඇය “මේ ක්ෂේත්‍රය තුළ, කීර්තිය හා මුදලින් ඉවත් වීම පහසුයි. ඒත් ගෙදර කවුරුත් මට ප්‍රසිද්ධ කෙනෙක් විදියට සලකන්නේ නැහැ. මම මුලින්ම දුවක් සහ සහෝදරියක්. මට එය වෙනස් කිරීමට අවශ්‍ය නැහැ. මගේ පවුලෙ අයත් එක්ක මම පොලොවෙ පය ගහපු මනුස්සයෙක් වගේ හැසිරෙන්නෙ. මමයි රන්වීරුයි අපේ දරුවො හදන්න බලාපොරොත්තු වෙන්නෙත් එහෙම”

2018 නොවැම්බර් 14 වෙනිදා විවාහ වෙද්දිත් අවුරුදු හයක් පෙම්වතුන් වෙලා ඉඳියා.

ඉතින් දීපිකා කියන්නෙත් බොලිවුඩයේ ඉන්න ඉතාම ජනප්‍රිය දක්ශ නිලියක් වුනාට එයාගෙ පවුලෙ ඇතුඑ හරිම සාමාන්‍ය, පොලොවෙ පහ ගහපු ගැහැණියක්. ඉතින් අම්මා කෙනෙක් විදියටත් දීපිකා ඉතාම හොඳට තමන්ගෙ භූමිකාව කරාවි කියල අපි විශ්වාස කරනව.

ඒ වගේම ලෝකය මොන දේ කිව්වත්, සමාජය මොන දේ ඇහුවත් විවාහක කාන්තාවක් සහ පිරිමියෙක් තමන් දෙමව්පියන් වෙන්න ගන්න තීරණය ගන්න ඕන “මේ තමයි ඒකට සුදුසුම කාලය” කියල හිතෙද්දි. දීපිකා සහ රන්වීර්ගෙන් අපිට ඒ පාඩම ලස්සනට ඉගෙන ගන්න පුලුවන්.

ඉතින් ජනප්‍රිය සහ දක්ශ මිනිස්සු රාශියක් සුබ පතපු දීපිකා සහ රන්වීර් ජෝඩුවට අපිත් සුබ පතන්නෙ නැතුව කොහොමද නේද?

දීපිකා වගේ ලස්සන, දක්ශ සහ රන්වීර් වගේ හරි සන්තෝසෙන් ඉන්න ලස්සන දරුවෙක්ව අපිට සැප්තැම්බර් මාසෙදි දකින්න ලැබෙනව බව දැන් ඉතින් ස්තිරයි.

ලංකාව පුරාත් විසිරිලා ඉන්න දීපිකාගෙ රසික රසිකාවියන්ටත් මේ සතුට ඒ දෙන්නට තරම්ම ලැබෙනව ඇති කියල අපි හිතනවා!

Related Articles

Don't Miss


Latest Articles