රන්බීර් ආලියාව ප්‍රසිද්ධියේ විවේචනය කරේ ඇයි?

රන්බීර් කපූර් සහ ආලියා කියන්නෙ කොහොමත් බොලිවුඩයට පුවත් මවන ජෝඩුවක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. එයාලාගෙ පෙම් සබඳතාවය, විවාහය, ඉන්පස්සෙ එයාලගෙ පුංචි දුව රාහා වගේම තවත් බොහෝ පුවත් බොලිවුඩයට ලබා දීපු මේ ජෝඩුව ගැන දැන් ටික දවසක ඉඳල මිනිස්සු ආයෙම කතාකරන්න ගත්තනේ.

ඒ ආලියා කරපු වීඩියෝ එකකදි එයා කිව්ව පොඩ්ඩක් හිත ගැස්සෙන වචන කීපයක් අපේ මිනිස්සු රෙඩ් ෆ්ලෑග් එකක් විදියට අඳුරගත්ත නිසා.

“රන්බීර් නම් කැමති නෑ මම ලිප්ස්ටික් ගානවට. එයා මම ලිප්ස්ටික් ගාන හැම වෙලාවකම කියනවා පිහිදාන්න, පිහිදාන්න කියල. මම හිතන්නෙ ඒ එයා ආස මගේ නැචුරල් ලිප් කලර් එකට නිසා”

මෙන්න මේ විදියට ආලියා කිව්ව වචන පේළිය බොලිවුඩය වගේම ඉන් එහාටත් ආලියා සහ රන්බීර්ගෙ ෆෑන්ස්ලව පොඩ්ඩක් එහෙට මෙහෙට කරන්න හේතුවක් උනා කිව්වොත් හරි.

දෙදෙන්නෙක්ගෙ සබඳතාවයක මේ වගේ දෙයක් දැනගත්ත ගමන් ඉතින් අපි අදාල තාඩන පීඩන එල්ල කරන පාර්ශ්වයට Red Flags කියල නම්බු නාමයක් දෙනවනෙ. ඉතින් රන්බීර්ටත් ඒ තහඩුව ඒ විදියටම වැදුනා. හැබැයි වීඩියෝව බලන කෙනෙක්ට නම් ආලියා ඒව නිකන් අර කිව්වට කිව්ව මිසක්ක එහෙම ලොකුවට ඒක ගැන හිතන්නෙවත් වද වෙන්නෙවත් නෑ කියල තමයි දැක්කෙ.

කොහොම උනත් මිනිස්සු ඕක ගැන කතා කරන එක නම් නතර වුනේ නෑ. ඉතින් තමන් “නුසුදුසු, red flagged සැමියෙක්” කියල සමාජ මාධ්‍ය වල Troll වෙද්දි රන්බීරුත් කටවහන් හිටියෙ නෑ.

තමන් සහභාගි වුණ, සමාජ්‍ය මාධ්‍ය වල සජීවි රසික අන්තර් ක්‍රියා වැඩසටහනකදි මේ සිද්දිය ගැන කතා කරමින් රන්බීර් කපූර් සමාජ මාධ්‍යවල නිෂේධාත්මකභාවයට මුහුණ දීම ගැන කතා කරා.

“ මම සමාජ මාධ්‍යවල නොසිටින නිසා මට එය සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය නැත, එය විශිෂ්ට දෙයක්. නමුත් විශේෂයෙන් ඔබ කලාකරුවෙකු නම් නිෂේධාත්මක බව ඉතා වැදගත් බව මට හැඟෙන අතර ඔබට එහි යම් වැඩ කොටසක් තිබේ නම් මම සිතන්නේ ඒ දෙකම පැවතිය යුතු බවයි, මන්ද එවිට එය සමතුලිතතාවයක් ඇති කරයි. ඔබ දන්නවා සමහර වෙලාවට නළුවෙක් විදියට ඔබ ගැන බොහෝ දේ ලියැවෙන බවත්, අනවශ්‍ය මත ගොඩක් ගොඩ නැගෙන්නේත්, චිත්‍රපට හෝ චිත්‍රපටවලින් නිර්මාණය වී ඇති මගේ මේ ප්‍රතිරූපය නිසාත්. මම රඟපාන හෝ මාධ්‍ය මගින් කරන චරිත මට අයිති නැති දෙයක්.”

ඔහු ගැන ලියැවුණු ප්‍රවෘත්ති ගැන කතා කරමින් රන්බීර් කිව්වේ, “පසුගියදා මම විෂ සහිත වීම සහ මා කළ යම් ප්‍රකාශයකට සම්බන්ධ ලිපියක් කියවමින් සිටි අතර මට මෙය වැටහුණි. මම ඉන්නේ ඒ වෙනුවෙන් සටන් කරන මිනිසුන්ගේ පැත්තේ. විෂ සහිත පුරුෂාධිපත්‍යය, ඔවුන් මාව එහි මුහුණුවර ලෙස භාවිතා කරන්නේ නම්, එය හොඳයි, මන්ද ඔවුන්ගේ සටන මට වඩා විශාල බැවින් මම පැවසූ දේ ගැන ඔවුන් මතයක් දැරීම ගැන කණගාටුයි”

රන්බීර් මේ ගැන මෙහෙම කතා කරද්දි ආලියා Koffee With Karan Season 8 වැඩසටහනේදිත් මේ ගැන තමන්ගෙ වේදනාව ප්‍රකාශ කරා. ඒ මෙන්න මේ විදියට.

“මම හැම තිස්සෙම උත්සහ කරන්නෙ අවංකව කතා කරන්න. මම ඒ විඩියෝ එකේදි කිව්ව දේවල් වලින් කිසිසේත්ම රන්බීර් නරක මනුස්සයෙක් වෙන්නෙවත් එහෙම කරන්න උවමනාවක්වත් මට තිබුනෙ නැ.මගේ සෝශල් මීඩියා ප්‍රොෆයිල්ස් හැන්ඩ්ල් කරන අයත් කිව්වෙ දැන් මේකෙ පාලනය අපේ අතින් ගිලිහිල ගිහින් තියෙන්නෙ කියල. රන්බීර් ගැන ලියල තිබුන දේවල් මට ඇත්තටම හිතාගන්න අපහසු උනා. එයා ටොක්සික් මනුස්සයෙක්, නරක මනුස්සයෙක්, මම එයාව අතෑරල දාන්න ඕන කියල. මට තියෙන දුක රන්බීර් මගේ ලිප්ස්ටික් ගැන එහෙම දෙයක් කිව්වෙ එයා අවංකවම මගේ නැචුරල් ලිප් කලර් එකට කැමති නිසා මිසක් එයා ටොක්සික් හස්බන්ඩ් කෙනෙක් නිසා නෙවෙයි”

ඉතින් තමන්ගෙ බිරිඳ සමාජ මාධ්‍යයකට තමන් එහෙම කිව්ව එක ගැන රන්බීර් මොකද හිතන්නේ කියලත් කට්ටිය ආලියාගෙන් අහලා තිබුණා. ආලියා ඒකට කියල තිබුනෙ මෙන්න මේ වගේ අදහසක්.

“රන්බීර් කියන්නෙ මාව අයිති මගේ ප්‍රේක්ෂකයන්ට. ඉතින් එයාලට පුලුවන් මට ඕනම දෙයක් කියන්න කියල. එයාගෙ එකම කන්සර්න් එක මම ඒව ගැනම හිත හිත වොරි වෙන එක තමයි. රන්බීර් කියන්නෙ මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න කියල ඔයා සන්තෝසෙන් ඉන්න කියල විතරයි”

කොහොමත් ඉතින් සමාජ මාධ්‍ය කියන්නෙ හොඳට වඩා නරක පතුරන්න මහන්සි වෙන තැනක් බව අපි අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කෙන්ද කන්ද කරගෙන දැඟලුවට සමහර විට ඇත්තටම රන්බිර් ආලියාට ලිප්ස්ටික් ගාන්න එපා කියල කියනව ඇත්තෙ රන්බීර් ඇත්තටම ආලියාගෙ නැචුරල් සුන්දරත්වයට ආස කරන නිසා වෙන්න පුලුවන්.

ආදරය මුල් කරගෙන කටයුතු කරන සබඳතාවයක් නිසා ආලියා සහ රන්බීර් මේ වගේ දේවල් වලින් තමන්ගෙ සබඳතාවය පලුදු කරගන්නෙ නැති එකම ගොඩක් වටිනවා.

අපි කියන එක වචනයක් වැරදි තැනකින් අල්ලගෙන අපේ තුන් හිතකවත් නොතිබ්බ දේවල් මවන පෙන්නන සමාජ මාධ්‍ය ඉස්සරහ අපි මොනතරම් පරිස්සමෙන් හැසිරෙන්න ඕන ද නේද?

ආලියා රන්බීර් වගේ ජනප්‍රිය චරිත වලට විතරක් නෙවෙයි, ඔයා මම වගේ සාමාන්‍ය මනුස්සයෙක්ටත් ඒ කතාව ඒ විදියටම වැදගත්.

ඉතින් හැමතිස්සෙම අමතක කරන්න එපා, සමාජ මාධ්‍ය ඉදිරියේ දෙයක් කියන්න කලින් දහ පාරක් හිතන්න. මොකද අපි කියන එක වචනයකින්, නොකී කතා දාහක් ගැන පුවත් මවන්න සමාජ මාධ්‍ය වලට පුලුවන් නිසා!

Related Articles

Don't Miss


Latest Articles