කැඳ වර්ග වල මේ විස්තර ඔබ දැනගෙන හිටියද?

කැඳ වර්ග කීවම ඔබේ හිතට එක එක වර්ග වල නම් මතක් වෙන බව අපි දන්නවා. කොළ කැඳ, හාල් කැඳ වල පටන් කැඳ වර්ග බොහෝමයක් තියෙන බව ඔබට මතක් වෙන බවත් අපි දන්නවා.  ඒත් ඉතින් සමහර වෙලාවට කැඳ  වීදුරුවක් හදාගන්න  ගියාම ඒක කම්මැලි බවත් අපි දන්නවා. අන්න ඒ නිසාම අපි අද ස්මාර්ට් ලේඩි එකේ මේ ලිපියෙන් කතා කරන්නේ, කැඳ වර්ග වල ගුණ සහ ඒව හදාගන්න විදිය ගැන.

කොළ කැඳ, කිතුල් පිටි කැඳ, කුරක්කන් කැඳ ඇතුලු සහල් සහ ධාන්‍ය ආශිතව සැකසෙන කැඳ වර්ග වල පහත සඳහන් වෙන පෝෂණ සහ වෙනත් වටිනාකම් තියෙනවා. ඒ කාරණා කියෙව්වම ඔබට අනිවාර්‍යෙන්ම හිතේවි සතියකට දෙපාරක්වත් ඔබේ ආහාර වේල් වලට කැඳ කෝප්පයක් එකතු කරගන්න එක කොයි තරම නම් වැදගත්ද කියලා.

  • ආහාර රුචිය වර්ධනය කරනවා.
  • බඩගින්න හා පිපාසය නසනවා.
  • සම පැහැපත් වෙනවා
  • වා දෝෂසමනය කරනවා.
  • මළ, මුත්‍ර පහකිරීම පහසු වෙනවා
  • ශරීර ශක්‌තිය, නුවණ, ධාරණ ශක්‌තිය වර්ධනය වෙනවා
  • ශරීරයේ  තියෙන  විෂ වල බලය අඩු කෙරෙනවා.
  •  ආයුෂ වැඩි වෙනවා.
  • ආහාර ජීරණය පහසු කරවනවා.

මේ පහසුවෙන් සකස් කරගන්න පුලුවන් කැඳ වර්ග කිහිපයක්.

කොළ කැඳ

කොළ කැඳ හදාගන්​න  අපිට බොහොමයක් කොළ වර්​ග ගන්න පුළුවන්. එදිනෙදා ඔබේ ගෙවත්තේ තියෙන කොළ වර්ග වලින් පවා ඔබට කොළ කැඳ සඳහා අවශ්‍ය වන කොළ සපයා ගන්න පුලුවන්. විශේෂයෙන්ම  ගොටුකොළ,වැල්පෙනෙල, කරපිංචා, , නීරමුල්ලිය වගේ කොළ  වර්ග කොළ  කැඳ හදන්න ගන්නවා.  මේවා තනි තනිව වගේම, එකතුකරලා කලවම් කරලත් කැඳ හදාගන්න පුලුවන්.
 
මුලින්ම  ඔබ කැමති කොළ  වර්ග ටිකක් අරගෙන ඒ ටික හො​ඳට හෝදලා මෝරපු දඬු තියේනම් අයින් කරගෙන කොළ ටික පොඩියට කඩාගන්න.  කඩා ගත්ත කොළ  පොල් කෝප්ප භාගයක් සහ  වතුර  ටිකක් එක්ක බ්ලෙන්ඩර්  කරගන්න. මෙතනදී කොල ටික වතුරෙන් බ්ලෙන්ඩ් කරගන්නත් පුලුවන්. ඊට පස්සේ තව භාජනයක් ලිප තිය  හාල් ටිකක්  සහ  සුදුළූණු දාලා තැම්බෙන්න තියන්න. වැඩිය වතුර දාන්න එපා.  හාල් තැම්බුනාම අපි අර කලින් බ්ලෙන්ඩ් කරපු  යු​ෂ ටික මිරිකලා දාන්න. ගාගත් පොල් වලින්  මිටිකිරි සකස් කරගන්න. මිශ්‍රණයට  ඒකත් දාගන්න. හොඳට හැදි ගාගෙන,රස අනුව ලුණු දාගත්තම කොළ කැඳ වීදුරුවක් හරි.
 
මුංඇට කැඳ

මු๬ ඇට කැඳ කියන්නේත පෝෂණ ගුණය සපිරි කැඳ වර්ගයක්. තම්බපු මුං ඇට නොකන අයට උත්සාහ කරලා බලන්න පුලුවන් වට්ටෝරුවක්.

මුලින්ම තම්බාගත්ත  මුං ඇට භාජනයකට දාගෙන පිරිසිදු හැන්දකින් පොඩි කරගන්​න. ඒ ටික පොඩි උනාම සුදුළූණු සහ ඉඟුරු ටික ඒකට  දාලා ලිපේ තියන්න.  ඒ හැඳි ගාන ගමන්ම පොල් කිරි ටික දාගන්න. තව  හොඳට හැඳි ගාන්න.රස අනුව ලුණු එකතු කර ගන්න. මේ ප්‍රෝටීන සපිරි කැඳක්.
 
සව් කැඳ 
මේක ණම දැවෙන පිච්චෙන්න දවස් වලට අපූරු කැඳක්. ගත සිසිල් වෙන්න කදිම පානයක්.

මුලින්ම සව් ටික සෝදලා තැම්බෙන්න තියන්න. ඒ තැම්බෙන අතරේ කැටි නොහැදෙන්න ටික ටික හැඳි ගාන්න ඕනි. ඊට අස්සේ මේකට එනසාල්, කරාබුනැටි සහ කුරුඳුපොතු කෑල්ලක් දාගන්න. ඒ අතරට  හකුරු කැබැල්ලක් ග්‍රේට් කරගන්න.  දසව් ටික තැම්බුනාම හකුරු ටික එකතු කරගෙන හොඳට හැඳි ගාන්න. හක දිය කරගන්න ඕනි. ඊට පස්සේ මිටි කිරි එකතු කරන්න. රස අනුව තමයි ලුණු දාන්න ඕනි.
කැටි හැදෙන්නේ නැති වෙන්න හැඳි ඝාන එක් වැදගත්.  ඒ වගේම වියළි මිදි සහ කජු එකතු කරගත්තම මේක දිව්‍යමය පානයක්.

කිරි කැඳ 

කිරි කැඳ වල තියෙන්නෙත් සිසිල් කාරක ගුණ. ඒ නිසා ශරීර අභ්‍යන්තරයෙන් නිවෙන්න අවශ්‍ය අයට මේක බොහොම සුදුසු කැඳක්. ඒ වගේම ගෙදර එදිනෙදා තියෙන දේවල වලින් ලේසියෙන් හදාගන්නත් පුලුවන්.
 
හාල් ටික හෝදලා වතුර ටිකක් වැඩියෙන්  දාලා ලිප තියන්න. ඊට පස්සේ ඒකට සුදුළූණු ටිකත් දාලා බත බෙරි වෙන්න වගේ උයාගන්න. වතුර ටික හිඳුනාම පොල්කිරි ටික එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. ඒ වගේම මතක තියාගන්න, පොල්කිරි ටික නටනකල් හැන්දකින් කලවම් කරගන්න. බත් ටික හැන්දෙන්ම පොඩි කරගන්න. එහෙම නැත්නම් එක පාරක් බ්ලෙන්ඩ් කරලා ගන්න.
ඕට්ස් කැඳ

ඕට්ස් කියන්නේ මේ වෙනකොට ප්‍රචලිත උදෑසන ආහාරයක්.ඕට්ස් වලින් රොටී, වඩේ, පාන් වගේ විවිධ ආහාර හදන්න පුලුවන්. අපි මේ කියන්නේ ඕට්ස් කැඳ ගැන.

ඕට්ස් ටිකට වතුර ටිකක් දාලා ඒක පෙඟෙන්න දෙන්න. ඊට පස්සේ  ඒකටම  සුදුළූණු දාලා තැම්බෙන්න තියන්න. හොඳට තැම්බුනාම පොල්කිරි ටික දාල ටිකක් වහලා තියන්න. රස අනුව ලුණු දාගන්න. ටික වෙලාවක් යනකොට  පොළ් කිරි නටන්න ගන්නවා. ඊට පස්සේ ලිපෙන් බාලා, නිවෙනකල්ම හැඳිගාන්න.

 කොහිල කැඳ

කොහිල කන්න දෙන්න කියන්නේ කාටද කියලා දන්නවානේ ?මේ කියන්න යන්නේ ඒ ගැන හයියක් වෙන කැඳක්  ගැන. 

මුලින්ම හාල් ටික සෝදලා අරන් වතුර ටිකක් දලා තැම්බෙන්න තියන්න.  ඊට පස්සේ ඒකට කපාගත් සුදුළූණු ටික දාන්න. ඒ අතර්ටා  කොහිල ටික පොඩියට කපාගෙන වතුර ටිකක් දාලා  හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. 
ඒ කොහිල මිශ්‍රණය  අර හාල් මිශ්‍රණයට දාලා තැම්බෙන්න තියන්න. හො​ඳට තැම්බුනාම පොල් කිරි ටික එකතු කරලා රස අනුව ලුණු දාගන්න.
 
කුරක්කන් කැඳ

බර අඩු අයට වගේම නිරෝගීව ඉන්න කැමති හැමෝටමත් ඉතාම වැදගත් කැඳ වර්ගයක්.

 හාල් ටික වතුර වැඩියෙන් දාලා බෙරිවෙන ගාණට උයාගන්න. පොල්කිරි එකට කුරක්කන් පිටි ටික දාලා දියකරගන්න. එනසාල් ටිකත් එකතු කරගන්න. හොඳට බෙරි වෙන්න උයාගත් බත් එකට පොල්කිරි එක කලවම් කරගන්න. ලිප අඩු කරලා හොඳට හැඳිගාන්න. මෙතන හාල්  වෙනුවට සවු පාවිච්චි කරන්නත් පිලිවන්.

ඊට පස්සේ රස බලලා ලුණු දාගන්න.  ඉන් පස්සේ උතුරගෙන එනකොට ලිපෙන් බාගන්න. 

Related Articles

Don't Miss


Latest Articles