ඕවර් තින්කින් කියන වචනේ ඔයාට නුහුරු නැති බව අපි දන්නවා. මේ ඕවර් තින්කින් කියන්නේ අසනීපයක්වත් මානසික රෝගයක්වත් නෙවෙයි. ඒත්, ඕනෑවට වඩා මේ ඕනෑවට සිතීම ඔයාගේ ජීවිතේට යම් අපහසුතා ඇති කරන්න පුලුවන්. ඒ හින්දා අපි අද ඔයාට කියන්නේ ඕනෑවට වඩා හිතන එකෙන් වැලකෙන්න ඔයාට කරන්න පුලුවන් සරල දේවල් කිහිපයක්
ඔබේ සිත ගැන අවධානය දෙන්න
හිත පාලනය කරගන්න කියන කතාව ඕනෑ තරම් අහලා ඇතිනේ. ඒත් ඒක හිතන තරම් ලේසි නැහැ. හැබැයි ඔයාට පුලුවන් ඔයාව පීඩනයට පත් කරන සිතුව්ලි හිතට එන බව දැනෙන වෙලාවට කොලයක් අරගෙන ඒ ගැන ලියන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් තනියම ඒ ගැන හඬ නඟා කතා කරන්න. තනියම හිතින් සිතුවිලි එක්ක දුර යන පුරුද්ද නවත්තගන්න ඔයාට උදවුවක් ලැබේවි
මේ මොහොතේ ජීවත් වෙන්න
මේ මොහොතේ ජීවත් වීම කියන්නේ ඕනෑවට වඩා හිතන කෙනෙක්, එහෙම නැත්නම් මේ ඕවර් තින්කර් කෙනෙක්ට කරන්න පුලුවන් හොඳම ප්‍රතිකර්මයක්. අතීතය ගෙවී අවසන්, අනාගතය තවම උදාවී නැහැ කියලා හිතන එක සෑහෙන්නම ධනාත්මක ප්‍රතිචාරයක්. අතීතයේ සිදුවුන කිසිම දෙයක් වෙනස් කරන්න නොහැකියි කියලා වගේම, අනාගතයේ සිදු වන්නට යන සියල්ලටම මුහූණ දීමට සිදුවෙන බවත් ඔයා ඔයාටම ඒත්තු ගන්වන්න. ඒ සියලු දේට මුහූන දීඒවා පසු කිරීම කල නොහැකි දෙයක් නොවන බවත් පිලිගන්න.
ඍණාත්මක සිතුවිලි වලට ඔබව වසා ගන්න ඉඩ නොදෙන්න

මට නම් කවදාවත් ගොඩ ඒමක් නෑ කියලා හිත හිතා ජීවිතේ ඔයාට වැරදුණු, පැටලුණු තැන්ම ආයේ ආයෙම මතක් කර කර විස්සෝප වෙන එක නවත්තගන්න. වැරදුණු දේවල් මත්තේම ආයේ ආයේම වැඩිපුර හිත එකෙන් ඔයා වටේ හැදෙන්නේ සුවදායික පරිසරයක් නෙවෙයි. ඒ වෙනුවට ඔයා අසීරුවෙන් හරි ලඟා කරගත්ත ජයග්රහන සමරන්න. ඔයා සතුටින් උන්න සිදුවීම් වලින් සැනහෙන්න.
ඔබේ කායික සෞඛ්‍ය වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න

ශරිරය වෙහෙසවීම තුල මනස සුවපත් වෙනවා. යම් සිතුවිල්ල ඔයාව පීඩාවට පත් කරන්න ගන්නකොකොට ඉන්න තැනින් නැගිටලා ටික දුරක් ඇවිදින්න පුලුවන් වීම පවා ඔයාව සුවපත් කරනවා.
විනෝදාංශයක් සොයාගෙන කාර්යබහුල වෙන්න
අපි එදිනෙදා ජීවත් වෙනකොට අපිට නේක විධ තරාතිරම් වල සැරිසරන්න වෙනවා. එහෙම වෙලාවට අපිට මුහුන දෙන්න වෙන තත්ව වෙනස්. සමහර වෙලාවට ඔයා නොකරපු වැරැද්දකට කාර්යාලයේදී ඔයා බැණුම් අහන්න පුලුවන්. එහෙම නැත්නම් ඔයාගේ අත්වැරදීමකට පිරිසක් ඉදිරියේ ඔයාට ලැජ්ජ කරන්න කවුරු හරි ඉදිරිපත් වෙන්න පුලුවන්. මේ ඕනෑම දෙයක් දවසක් ඇතුලත ඔයාට මුහූණ දෙන්න වෙන සිදුවිම්. ඉතින්, ඔයා ඕනෑවට වඩා සිදුවීම් ගැන හිතන කෙනෙක් නම්, ඔයාට ගෙදර ආව වෙලාවේ ඉඳන් නින්දට යනකල්ම, එහෙම නැත්නම් මුලු දවස පුරාම ඒ සිදුවීමේ පසු සිදුවීම් විය හැකි ආකාර හිත හිතා ඉන්නයි වෙන්නේ.ඒ අය එහෙම හිතන්න ඇති, බොස් මං ගැන මොකක් හිතුවාද දන්නේ නෑ, සමහරවිට මට ආයෙම රෙස්පොන්සිබිලිටිස් දෙන එකක් නෑ වගේ නේක විධ කාරණා වලින් ඔයා පීඩා විඳීවි. නමුත් ඔයාට විනෝදාංශයක් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයා ආශාවෙන් කරන, අනෙක් හැමදේම අමතක කරලා ඔයාට කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම්, ඔයා අනිවාර්යෙන්ම එහෙම ඕනෑවට වඩ හිතන එකෙන් අයින් වේවි.
ගැඹුරු හුස්ම පුහුණු කරන්න
එක සිතුවිල්ලක් දිගේ ඔයා ආයේ ආයෙම ආපස්සට සහ ඉස්සරහට හිතන්න පටන් ගන්න බව දැනෙනකොටම ඇස් පියාගෙන ගැඹුරු හුස්ම ගන්න සහ ඒ හුස්ම ඒ ගැඹුරින්ම පිට කරන්න උත්සාහ කරන්න . අපේ ශරීරය සහ මනසට ඍ ජු බලපෑමක් කරන්න අපේ ශ්වසන පද්ධතියට පිලිවන්. ගැඹුරු හුස්ම ගන්න වෙලාවට ඒ දේට විතරක්ම අවධානය දෙන්න. එහෙම වෙලා, මෙහෙම වෙලා, අරහෙම වෙලා කොහොම වෙයිද කියාගෙන හිත හිතා ඔයා ඔයාටම වද දෙන සිතුවිලි පාලනය කරගන්න අනිවාර්යෙන්ම ඔයාට පුලුවන්.
ඔබේ සාර්තකත්වය ගැන සතුටු වෙන්න

මෙතනදී ඔබ මහ ලොකු දේවල් ගැන කල්පනා කරන්න අවශ්‍ය නැහැ. එක දිගට සතියක් උදේ හයට අවදිවෙන්න ඔයාට ඉඩක් ලැබුනා නම් ඒ ගැන සතුටු වෙන්න. ඔයා සතියේ එක දවසක් ඔයාගේ කෑම වේලක් සකස් කරගත්තා නම් ඒ ගැන සතුටු වෙන්න. එහෙම වුනාම ඔයාට නොවැදගත් කාරනා දිගේ ආයේ ආයෙම හිතන්න කල් ගත වෙන්නේ නැහැ.
නැවත නැවත එකම සිතුවිල්ලෙන් ඔබව පීඩනයට පත් කරන්න ඉඩ නොදී ඉන්න
අපි හිතමු ඔබ නිතරම හිතනවා ඔබේ රැකියාව අහිමිවීමක් ගැන, ඒත් ඇත්තටම එහෙම අවධානමක් ඇත්තේම නැති තත්වයක් තමයි ඔයා වටේ තියෙන්නේ. ඒත් ඔයාගේ කාර්යාල සගයෙක් ඔයාව ඉක්මවන වැඩක් කලාම ඔයා හිතනවා ඔයාගේ දුර්වලතාවයක් නිසා තමයි ඔහු දක්ෂ වුනේ, ඒ නිසා ඔයාට රැකියාව අහිමි වේවි කියලා. මේ සිතුවිල්ල එන වෙලාවට ඔයා ඔයාවම ප්‍රශ්න කරගන්න. ඔයා ඔයාටම ඒත්තු ගන්වන්න, ඔහු ඉදිරියට යෑම ඔයාට තර්ජනයක් නොවන බව. ඔයා ඔයාගේ හැකියාවන් වර්ධනය කර ගත යුතු බව.
ඔබ ඔබවම ලෙසින් පිළිගන්න
මිනිස්සු ඕනෑවට වඩා වැඩිපුර හිතන්න පෙළඹෙන තවත් කාරණාවක් තමයි සංසන්ධනය. අනෙක් අය එක්කල තමන්ව සංසන්ධනය කරන එක ඇත්තටම මනසට වදයක්. එහෙම සංසන්ධනය කරන ගමන් ඒ ගැන ඕනෑවට වඩා හිතන්න ගැනීම තුල ඔයා ඔයාවම මහා පීඩනයකට ඇදලා දාගන්නවා. ඒ නිසා නිතරම විශ්වාස කරන්න, ඔයා ඔයා විදියට පැවතීම තමයි මේ ලෝකෙට අවශ්‍ය කියලා. ඔයා වගේ තව කෙනෙක්වත්, තව කෙනෙක් වගේ ඔයා වෙන්නවත් ලෝකෙට අවශ්‍ය නැති බව. ඔයාගේ උපරිමයෙන් උත්සාහ කරන්න ඕනි ඔයාගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න. ඔයාව සමාජය තුළ තරුවක් කරගන්න එක තියෙන්නේ ඔයා ඇතුලේම බව විශ්වාස කරන්න.
ඔබේ බියපත් දවස් පිළිගන්න
ඔබට බියක් දැනෙන දේවල් පිලිගන්න. ලෝකේ ඕනෑම කෙනෙක්ට ඒ වගේ බියපත් දවස් තියෙන්න පුලුවන්. ඒ බිය දිගේ වැඩිපුර හිත හිතා දුර නොයන්න වග බලාගත්තම ජීවිතේ පහසු වෙනවා.
උදව් ලබාගන්න
සමහර වෙලාවට අපිට අපිව පාලනය කරගන්න බැරි බව දැනෙනවා. ඕනෑවට වඩා හිතන එකට සීමාවක් ණැතුව ඔයාව ගිලගන්න බව දැනෙනවා. එහෙම වෙලාවට වෘ ත්තීමය සහාය ලබාගන්න දෙපාරක් හිතන්න එපා. කලබල මනසක් ක්‍රම ක්‍රමයෙන් පිළිවෙලවෙන එක ඇත්තටම සුවයක්. ඒක අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේට ආලෝකයෙක් වේවි.
ReplyForwardAdd reaction |