Garlic butter egg

අද smart lady අපි ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ අපිට පුරුදු බිත්තර වෙනස්ම විදිහකට රසම රසට හදාගන්නෙ කොහොමද කියලයි.

බටර් සහ සුදුළූණු රසට චීස් නැතුව වුනත් චීස් වගේ රසට හැපෙන්න හදාගන්න පුළුවන් මේ රසම රස garlic butter egg හදාගන්න ඕන අමුද්‍රව්‍ය මොනවද කියල අපි එහෙනම් බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ක්‍රැම්බල් එග් සඳහා 

බිත්තර 08 ක් 

ලුණු කුඩු තේ හැඳි ¼ ක් 

ගම්මිරිස් කුඩු තේ හැඳි ¼ ක් 

කෑලි මිරිස් තේ හැඳි ¼ ක් 

කුඩා කොටු හැඩයට කපාගත් සුදුළූණු තේ හැඳි 01 ක් 

තෙල් තේ හැඳි 01 ක් 

බටර් මේස හැඳි 02 ක් 

තැවරුම සඳහා 

බටර් මේස හැඳි 05 ක් 

කුඩා කොටු හැඩයට කපාගත් සුදුලූණු ගෙඩියක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක් 

කෑලි මිරිස් තේ හැඳි 01 ක් 

කෝන් ෆ්ලා තේ හැඳි 01 ක් 

උණු කරගෙන නිවාගත් කිරි කෝප්ප 01 ක් 

කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ මිටක් හෝ කරපිංචා ඉත්තක කොළ 

සාදාගන්නා ආකාරය 

මුලින්ම අපි බිත්තර ස්ක්‍රැම්බල් කරගමු.

ඒ සඳහා, තරමක් විශාල භාජනයක් ගෙන එයට බිත්තර, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස්, සුදුළුණු දමා සුදු මදය සහ කහ මදය හොඳින් කලවම් වනසේ බීට් කරගන්න. 

ඊළඟට, තරමක් පැතලි භාජනයක් මඳගින්නෙ ලිප තබා  එයට තෙල් එකතු කර තෙල් රත්වන විට බටර් එකතු කරන්න. 

බටර් ටික දියවුන පසු තැටිය පුරාම බටර් ටික යවා එයට බීට් කරගත් බිත්තර දමන්න. 

දැන් පැතලි හැන්දක් ආධාරයෙන් බිත්තර සෙමින් හැඳිගාමින් ස්ක්‍රැම්බල් කරගන්න.

බිත්තර ස්ක්‍රැම්බල් කරගන්නා විට තෙත් ලොකු කැබලි සිටින සේ බිත්තර කැබලි වලට කඩාගන්න ඕන.

දැන් මේ ස්ක්‍රැම්බල් කරගත් බිත්තර වෙනම භාජනයකට ඉවත්කර භාජනයට නැවත තැවරුම සඳහා අවශ්‍ය බටර් එකතු කරගන්න.

බටර් දියවෙන විට එයට කුඩාවට කපාගත් සුදුළූණු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, කෝන් ෆ්ලා, කිරි සහ කොත්තමල්ලි කොළ එකතු කර කලවම් කරගන්න.

විනාඩි කීපයකට පසු මිශ්‍රණය උකුවීගෙන එන විට කලින් සාදාගත් බිත්තර එයට එකතු කරගෙන බිත්තර කැබලි වල හොඳින් තැවරුම ගෑවෙන සේ කලවම් කරගන්න. 

විනාඩියක් පමණ ලිපේ තබා ඔන්න දැන් රසම රස garlic butter egg ලිපෙන් ඉවත් කරගන්න ඔබට පුළුවන්.

චීස් රසට චීස් නැතුව ස්ක්‍රැම්බල් එග් මේ විදිහටත් හදල අපි එක්ක රස බෙදාගන්න අමතක කරන්න එපා. 

Related Articles

Don't Miss


Latest Articles