මේ ඒ වසන්තයයි – 71

0
3244

 

දින දෙකක් ගෙවී ගියේය සෙනසුරාදා දිනයේ ඉසිනි  පත්වෙමින් උන්නේ යම් පීඩනයකටය. නුරාන්  තනිව කොළඹ දමා ඇයට අම්පාරේ යාමට සිදුවීම ඉන් එක හේතුවක් විය.  අනෙක් අතට සඳුදා දුන  සිට රාජකාරි කිරීමට සිදුවන්නේය. නුරාන්  කෙලෙසකින් පැවසුවද, එම   සිදුවීමෙන්  සතියක් ඉක්ම ගියද,  පැතිර ගිය කතාව කිනම් ආකාරයෙන් ඔඩු දුවා ඇත්දැයි ඉසිනි  දන්නේ නැත. අනෙක් අතට හිස කෙලින් තබාගෙන කාර්යාගේ තුළට යන්නට නොහැකි කමක් ඇයගේ සිත තුළ ඉතා දැඩි ලෙසින් වර්ධනය වී තිබුණි. හීන මානයකින් ඕ පෙඟෙමින් තිබුණි..

“නුරාන් …..”

“හ්ම්…..”

“නුරාන්  මං ජොබ් එකෙන් අයින් වුණොතින්,  ඔයාට පුළුවන්ද…. මට ජොබ්  එකක් ඔෆර් කරන්න…..?”

” මොකක්ද ඔයා ඒ පාර අහන්නේ?”

” මට ඔෆිස් ගිහිල්ලා වැඩ කරන්න තරම් මෙන්ටැලිටි එකක් නැහැ කියලා හිතෙනවා….. එදා ඔය කියන ලියුම් ඔෆිස් එකේ හැමෝගෙම අතේ තියෙනවා දැක්ක වෙලාව මට තවම අමතක කරගන්නන බැහැ. මං කොහොමද ගිහිල්ලා ඒ මිනිස්සු  වැඩ කරන්නේ….. අනිත් එක ඒ මිනිස්සු මගේ යටතේ වැඩ කරන අය…..මං යනකල් ඉඳලා මට හිනාවෙයි….”

” ඔය තරම් පසුගාමී විදිහට හිතන්න එපා තාරා..ඔයාගේ යටතේ වැඩ කරා ,  ඔයාට ඉහලින් වැඩ කරා ,  ඒ ඔක්කොම ඔෆිස් ටයිම් එකේ විතරයි…. ඉන් එහාට ඔක්කොම මිනිස්සු…… මම ඔයාට සිංහලෙන් කිව්වා….. මං සංජීව ට ඔයාගේ, මගේ අතීත කතාව නම් හැමදේම කිවා… ඌව  මං සෑහෙන කාලෙක ඉඳන්  දන්න මිනිහෙක්….. මගේ ෆාම් එක පටන් ගන්න දවස්වලත් ඌ මට සෑහෙන්න උදව් කරා…
සංජීව ඔෆිස් එකේ උන්ට මේ කතාව පහදලා කියලා ඇති. අනෙක් පැත්තට ඔය කියන කතන්දර එව්වේ වත්සලා බවත් මං උන්ට කියන්නම්…තමන් වරදක් කරේ නැත්තං, තමන්ට පුළුවන් වෙන්න ඕනෙ ඔළුව කෙලින් තියාගෙන තමන් හිටපු සමාජයට යන්න තාරා……. එහෙම නොවෙන්න ඒ නොකළ වරදට තමන් ඉබේම වැරදි කාරයා වෙනවා……. ඒක මට වඩා හොඳට ඔයාට තේරෙන්න ඕන…”

” වරද කළේ මමයි නුරාන්. ඒ අපේ අම්මලා කියපු දේ අහලා ඔයාව අතාරින්න හිත හදාගත්ත එක….. ඔයාට හේතුවක් කියන්නවත් ඉඩක් නොදී ඔයාගෙන් ඈත් වෙච්ච එක…… අවුරුද්දක් දෙකක් ඇතුළත අරුණෝද ව  මැරි කරන්න තීරණය කරපු එක……”

” වෙන්න ඇති. ඒ දැන් ඒ හැමදේම සිද්ධ වෙලා ඉවරයි. අපි දෙනාට තව අවුරුදු 30ක් ජීවත් වෙන්න තියෙනවා කියලා හිතුවාත් .. ඒකම මදිද ඉසිනි …?

අවුරුදු තිහක් කියන්නේ මාසම කීයක්ද ?  දවස් කීයක්ද  ? විනාඩි කීයක්ද ?  තත්පර කීයක්ද ?  ඔයාගේ අතීතෙන් එළියට එන්න තාරා ….ඔළුව කෙලින් තියාගෙන ඉස්සරහට යමු…අරුණෝද මින්  ඉස්සරහට මොන මොන දේ කරත් , ඒ හැම දේකටම ඔයාගේ ඉස්සරහින් මං ඉන්නවා කියන එක මතක තියාගන්න….. ඒ නිසා ඌටවත් උගේ අක්කලාටවත් ඔයාව ආයි පීඩනයකට  කරදරයකට දාන්න මං ඉඩ තියන්නේ නෑ. ඒක පොරොන්දුවක් …”

ඉසිනි  ඉඳවුන් අසුනෙන් මදක් ඉදිරියට නැවී නුරාන් ගේ  බඳ වටා අත දමා හිස කුස මතින් තබා ගත්තාය. නුරාන්  නිදහසට තිබූ අතින් ඇගේ හිස පිරිමැද්දේය.

තමාට මෙතරම් ශක්තිමත් ලෙසින් අහිමි වීමකට අනුගතව  දරාගන්නට තරම් හැකියාවක් ඇතයි  සැබැවින්ම නුරාන් සිතුවේ නැත. අහිමිවීම් හමුවේ උමතු පිස්සකුව  දැඟලූ කාලයක් තිබුණි.

  දැන් තනිව නැගිට යන්නට බැරි තරමේ අවදානමක් ජීවිතයට කඩා පහත් වී ඇත.

ඒ අවදානමද මැදහත් සිතින් ඉවසා ගන්නට තරම් ශක්තිමත් බවක් තමා සතු වන්නේ මෙම ගැහැණිය තමා අසලින් සිටින නිසා නොවේදයි නුරාණ සිතුවේය. අයගේ ජීවිතයට කිසිදු බරක් නොවන්නට දෙදෙනාගේ ජීවිතයේ සියල්ල සකසා ගනිමින් නිරන්තරණය කරේ ඉසිනි ගේ හිස අවකාශමය  හාදුවකින් තෙමමින්ය.

ගෙවී ගිය කාලය වසර තිස් පහක් තිස් හයක් වුවද ,  තවත් වසර  විස්සක් විසි පහක් හෝ නුරාන්  සමග ජීවිතයේ ඉදිරියට යෑමට ලැබීමේ ආහ්ලාදජනක හැඟීමෙන් ඉසිනි  ඉතා සුවපත් හුස්ම කිහිපයක් ගත්තාය හෙළුවාය. ඇයට තමා අභ්‍යන්තරයේ වූ  ගඳ ගසන කුණු ගොඩවල් බිඳින් බිඳ ක්ෂය වී යන බව දැනුණි. කාලය සියල්ල සුවපත් කරනු ඇත. නුරාන්  ගේ  ප්‍රේමයද, නුරන්ගේ ඉවසීමද, නුරාන් ගේ  පවුලේ අයගේ දරා ගැනීමද , තමාට ජීවත්වීම සඳහා වන ශක්තිය නොඅඩුවම සපයනු ඇතැයි ඉසිනි විශ්වාස කරන්නට ගත්තේ ඒ හුස්ම ක් ගැනීමෙන් සහ හෙලීමෙන් පසුවය.

” හෙට හවස ඔයා අයියයි අක්කයි එක අම්පාරේ යන්න්න තාරා… අම්මයි තාත්තයි මෙහේ ඉන්නවනේ……ඇරත් මගේ යාලුවෝ ඉන්නවා. ඒ නිසා මට මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔයා දවස්  පහ එහේ වැඩ කරලා සිකුරාදා හවස ආයෙ අයියලත් එක්ක මෙහේ එන්න….. අයියටයි අක්කටයිත් නිවාඩු දාන්න බැහැනේ…. ආ……නෑ! සිකුරාද නිවාඩුවකුත් තියනවනේ…… එතකොට ඔයාට බ්‍රහස්පතින්දා හවසම එන්න පුළුවන්. දවස් හතරයිනෙ තාරා…”

“හ්ම්ම්ම්ම්…..හා…..”

ඉසිනි  වචනයකින් පමණක් පිළිතුරු දී නිහඬ වූයේ ඒ සඳහා ඇයගේ අකමැත්ත පෙන්වන්නටය.  එහෙත් කරන්නට අන් කිසිවක් නොමැති බවද ඇය දන්නේය.

” අපේ අයියා එක පැටලෙන්න එපා තාරා…. අපේ අයියා ඔය වෙඩි කාපු ඌරෙක් වගේ දඟලන්න තියාගෙන තියෙන්නේ මේ ලඟක ඉඳ.න්…. එහෙම නැත්නම් ඔය වත්සලගේ සිද්ධියේදිත් ඔච්චර නටන්නේ නැහැ. දැන් ඌට තියන බය වෙන මොකක්වත් නෙවෙයි. මම කලින් වගේ පිස්සෙක් වේවී කියලා…..”

“මං දන්නවා නුරාන් …. මං ධනුක මහත්තයා  එක්ක  පැටලෙන්නේ නැහැ.”

” අනිත් එක ඔය ධනුක මහත්තයා,  පැහැසරා…… මිස් ගාන එක නවත්තගන්න තාරා. ඒකෙන් උන් දෙන්නටත් රිදෙනවා ඔයාටත් රිදෙනවා… ජීවිතය ඉස්සරහට යනකොට සිද්ධවෙන වෙනස් වීම් වලට ඒ ඒ වෙලාවල් වලදීම හුරුවෙන්න පුරුදු වෙන්න තාරා… එතකොට ජීවිතයේ ලේසිවෙනවා…”

” ඔයා ජීවිතය දකින විදිහේ එක අතකින් හරි….. ජීවත් වෙන එක ….පහසු වෙනවා
…….වඩාත්ම වැඩියෙන් වෛර කරන්න ඕන මිනිස්සුන්ට පවා වඩාත්ම වැඩියෙන් ආදරය කරන්න ඔයා කොහොමද පුරුදු වුණේ?”
.
” ජීවිත මෙහෙම දකින්න පුරුදු උනේ අත්දැකීම් වලින්ම තමයි….ඒ  උනාට වඩාත්ම වෛර කරන්න ඕන මිනිහෙක්ට වැඩියෙන්ම ආදරේ කරන්න මට කවදාවත් බැහැ. …….ඔයා මට  හැමදාම  වැඩියෙන්ම ආදරේ කරන්න ඕන කෙනා…. කවදාවත් ඔයාට වයිර කර කරන්න මට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා ඒ නිසා එයා ඒ වාක්‍ය ඉල්ලා අස් කරගන්න…”

ඉසිනි හිස යන්තමින් ඔසවා නුරාන් ගේ කුස මතම හිස තබාගෙන නුරාන් ගේ  ඇස් දෙස බැලුවාය.  පිරුණු කොපුල් පෙනුනාට නුරාන් ගේ  ඇස් පෙනුනේ නැත.

” මම මාව ගැස්සෙන තරම් බයක් දැනෙනවා……. සමහරවිට මේ ඇක්සිඩන්ට්  එක සිද්ධ වෙන්න ඇත්තේ අපේ හොඳට වෙන්න ඇති……”

” මං දන්නැහැ මං එකපාරම වාහනේ එච්චර තදින් වද්දගන්නව කියන අදහසින් වාහනේ අරන් ගියේ මොකද කියල තාරා…… වාහනේ මගේ කන්ට්‍රෝල් එකෙන් යන වෙලාවේ මට වාහනේ නවත්තගන්න ඕන වුණා. ඒත් මට ඒක කරගන්න බැරි වුණා……

“ජීවිතේ එහෙමයි නුරාන්…….. මටත් නවතින්න ඕනෙම කියලා හිතුන  සමහර තැන්වල මට නවතින්න බැරි වුණා……”

එක්වරම ධනුක සහ පැහසරා කාමරය තුළට පිවිසියේ අවසර ගැනීමකින්ද තොරවය. ඉසිනි   තිගැස්සී හිස කෙලින් කළාය.

” ආ සොරි සොරි. ඊයෙ රැයක් තිස්සේ දෙන්නට ටයිම් තිබ්බ නිසා මෙම සීන් එකක් බලාපොරොත්තු නෑ…..”

ධනුක රැගෙන ආ  ආහාර බඳුන් සහිත බෑගය මේසය මත තවමින් කීවේය.  පැහැසරා සිනාසෙමින් රෝහල් කාමරේ ජනෙල් තිර රෙදිත් මදක් පසෙකට කළාය.

” දැන් මොකක්ද ..දැන් මොකක්ද … උඹ කියන්නේ…මෙතන එහෙම අවුල් සීන් එකක් තිබ්බද ?  ඈ උඹට ඒම අවුල්  එකක් පෙන්නද බං එක්කෝ..?”

නුරාන් උස් හඬින්  විමසුවේ ධනුක හා සෙනෙහස්  රණ්ඩුවකට පැටලෙන්නට සූදානම් බව පෙන්වමිනි.

” කවුද බන් දන්නේ ඉතින් තව චුට්ට එහෙම එහෙ උනානම් ඔවුන් සීන් එකක් වෙන්නද තිබුණේ කියලා…?”

ධනුක සරදම මුව  අග රඳවා ගැනිමෙන් එලෙස පැවසුවේ ඉසිනි කෝල හැඟීම පුරවාගෙන  ලැජ්ජාවෙන් බිම බලා ගනිද්දීය.

” උඹව අම්පාරට  ඩිස්චාර්ජ්  එකක් දාගත්තා…..”

ඉසිනි  හිස ඔසවා බැලුවේ කුස තුළ නැගුණු සමනළුන් ඉතා වේගයෙන් රංචු ලෙසින් ගත පුරා විසිරෙද්දීය.

” දැන්  උඹව මූව් කිරීමේ අවුලක් නෑලු …..ඔක්කොම රිපෝර්ට් නෝමල් නිසා මං මෙහෙන් පර්මිශන් අරන් අම්පාරේ සදර්න් එකෙන් රූම්  එකක් බුක් කරා…… තව දවස් දෙක තුනක් උඹ ඇඩ්මිට් වෙලා හිටියහම ඇති කිව්වා. කකුල තුවාල සෑහෙන්න හොඳ මට්ටමකින් සනීප වෙමින් නිසා ලොකු අවුලක්  නැහැ කිව්වා…”

ඉසිනි  හොරැහින් නුරාන්  දෙස බැලුවාය. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here