තාදී – 42

0
3804

” නාලක කියලා පොරක් එක්ක තව පොරක්ව arrest කරලා මචං. උඹට දැන් එන්න පුළුවන්ද? අපිට පොලිසියට යන්න වෙයි ” 

ආයුශ් දුන් ආරංචිය අනුව ධීර තවත් මොහොතක් හෝ ප්‍රමාද වූයේ නැත. ඔහු එසැණින් නැවතත් වාහනයට නැග පිටත් වූයේ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තන් ගේ සැබෑ අරමුණ සහ ඔවුන් මෙය කාගේ වුවමනාවට කළා දැයි දැනගැනීමේ කුතුහලයෙන් සහ නොඉවසිල්ලෙනි. 

ධීර Clothez වෙත පැමිණෙන විට ආයුෂ් විසින් යොදවන ලද සේවකයන් කිහිප දෙනෙකු විසින් එහි වූ සුන්බුන් අස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබුණි. රක්ෂණ කටයුතු සඳහාද දෙදෙනෙකු පැමිණ සිටි අතර තාදී ගේ අනුදැනුම මත ඒ කටයුතුද සිදු වෙමින් පැවතුණි. සියල්ල නිසි ආකාරයෙන් සිදුවෙන නිසා ආයුශ් සහ ධීර පොලිසියට යාමට පිටත් වූයේ ආයුශ් ගේ මිතුරෙකු වන පොලිස් පරීක්ෂක දේවපුර ගෙන් ලද ඇමතුමකට අනුවය. දැනට සිදු වෙමින් පවතින කිසිවක් තාදීට නොකියා ඉන්නට ධීර වග බලා ගත්තේ ඇය විවේක ගත යුතු බැවිනි. 

ධීර සහ ආයුශ් පොලිසියට යන විට පොලිස් පරීක්ෂක දේවපුර සිටියේ ඔවුන් දෙදෙනා ගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. 

” ගුඩ්මෝනින් දේවා ” 

” ගුඩ්මෝනින් ආයුශ්. අපිට ඉතින් හම්බවෙන්න මේ වගේ දෙයක්ම වෙන්න ඕන නේද ? ” 

දේවපුර සිනාසුනේ එසේ අසමිනි. ඔහු පෙන්වූ අසුන් වල ධීර සහ ආයුශ් අසුන් ගත් අතර ධීර උන්නේ දැඩි නොසන්සුන් බවකිනි. ඔහුට වුවමනා වූයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්  පිළිබඳව දැන ගැනීමටය.

” මේ ධීර නේ ? ” 

” ඔව් මිස්ටර් දේවපුර. මං ධීර ගජනායක ” 

” එතකොට මේ ශොප් එකේ ඕනර් තාදී , මිස්ටර් ධීර ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද ? “

” ඔව් ” 

පොලිස් පරීක්ෂකවරයා මොහොතක් කල්පනා කළේය. ධීර උන්නේ නොසන්සුන්වය. ඔහු බලා සිටියේ පොලිස් පරීක්ෂකවරයා තවත් යමක් කියන තුරුය.

” එතකොට මිෂෙල් කියන්නේ ? ” 

ධීර සහ ආයුශ් මුහුණින් මුහුණ බලා ගත්තේ පොලිස් පරීක්ෂක දේවපුර සෘජුවම මිෂෙල් ගැන විමසූ විටය. මෙය මේ මොහොතේදී කිසි සේත්ම බලාපොරොත්තු නොවූවකි. ධීරට දැනුනේ සියොළඟම ගැහෙන බවකි. 

” අපි ඔය ඇරෙස්ට් කරපු දෙන්න ගෙන් නාලක කියන මිනිහා බය වුනා අපි පොඩි සද්දයක් දාපු ගමන්. පස්සේ හැමදේම කිව්වා.මිනිහා තමයි මේකේ මහ මොළ කාරයා. ඌ තමයි වැඩ්වෙ ප්ලෑන් කරලා තියෙන්නේ මිෂෙල් ගේ කීමට. මිනිහා මේක යාළු කමට කරපු දෙයක්  මිසක් මිනිහා එහෙම  පාතාලෙට වත් සම්බන්ධ පොරක් නෙමෙයි. ඒ නිසා මිනිහා පොඩ්ඩක් බය වුනා. මේවට පුරුදු කාරයෙක් නම් ඉතින් ඔච්චර ලේසියෙන් අපිට ඇත්ත එලියට ගන්න වෙන්නෙ නෑ ” 

මෙය තමා සිහිනකින්වත් නොසිතූ දෙයකි. මෙවන් විනාශයක් මිෂෙල් ගේ උවමනාවට කවුරුන් හෝ විසින් සිදු කළා යැයි තමාට කොයිම මොහොතක දී වත් සිතුනේ නැත. අඩුම තරමේ මිෂෙල් ගැන කුඩා හෝ සැකයක් වත් තමාට ඇති වූයේ නැත.ඒ වෙනුවට තමා කලේ තමාගේම පියාව සැක කිරීමය. ඒ නිසා ධීර උන්නේ දෙගිඩියාව මුසු හැඟීම් ගොන්නකට අතරමැදිවය. 

” මොකද්ද මිෂෙල් ගෙයි ධීර ගෙයි තියෙන ප්‍රශ්නේ ? මං අහන්නේ මෙච්චර ලොකු දෙයක් කරන්න තරම් මිෂෙල් කියන කෙනාට ඔයාත් එක්ක තියෙන තරහ මොකද්ද ? ” 

පොලිස් පරීක්ෂක දේවපුර නැවත ඇසුවේ ධීර ඒ මොහොතේ නිහඬව හුන් නිසාය.

” මිෂෙල් කියන්නේ ධීර ට ගෙදරින් ප්‍රපෝස් කරපු ගර්ල්. ධීර එයාට කැමති නෑ කියලා කියලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙයාගෙ තාත්තවත් ඒ ගර්ල් වත් ඒක පිළිගන්නේ නැහැ දේවා. ඕකට මේ දවස් ටිකේම ධීර ගේ ගෙදර ප්‍රශ්න ” 

ධීර වෙනුවට ආයුශ් පිළිතුරු දුන්නේය.

” එතකොට මේ නාලක කියන මිනිහවයි , අනිත් එවුන් ටික වයි එවල තියෙන්නේ මිෂෙල් ? ” 

ධීර නිහඬතාවය බින්දේය. මෙය ඇදහිය හැක්කක් නොවුවත් කළ යුතු දෙයක් කළ යුතු වන්නේ මේ සිදුවීමේ මුල සිට අග වනතුරු සියල්ල දැනගැනීමෙන් පසුවය.

” පැහැදිලිවම. මේක මිෂෙල්ගෙ උවමනාවට කරපු දෙයක් කියලා නාලක කට උත්තරයක් දීලා තියෙනවා. ඒකට මිෂෙල් නාලකට සෑහෙන ගානක් ගෙවලත් තියෙනවා එයා මේකට එක්කන් ආව අනිත් අයටත් එක්කම . ඔතන කැමරාස් තියෙන එක ගැනවත් එයාලට ගානක් නැති වෙලා තියෙන්නේ මේක මහා ලොකුවට ප්ලෑන් කරලා පුරුද්දට කරපු දෙයක් නොවෙන හින්දා. ෆුල් ෆේස් හෙල්මට් දාන් ආවම මේක අහුවෙන එකක් නෑ කියල එයාලා හිතන්න ඇති. ඒත් වාසනාවකට වගේ අපිට බයික් නම්බර්ස් ගන්න පුලුවන් උනා. අනිත් දෙන්නා වත් තව ටිකකින් අපි ඇරෙස්ට් කරනවා .අනිත් එක. මිෂෙල් වත් අපිට ඇරෙස්ට් කරන්න වෙනවා ධීර. මොකද ,මෙතනදි එයාල තාදී ටත් කරදරයක් කරන්න ගිහින් තියෙනවනේ ” 

පොලිස් පරීක්ෂක දේවපුර තත්ත්වය පැහැදිලි කළ අතර ධීර සහ ආයුශ් සියල්ල සාවදානව අසා සිටියහ. 

” ඊයෙ දවල් මමයි තාදී යි ශොප් එකේ ඉන්නකොට මිෂෙල් කොහොම හරි එතනට ආවා. හැබැයි එයා රණ්ඩුවටම ආවට තාදී සද්ද නොකර හිටපු නිසා ලොකුවට මුකුත් උනේ නෑ එයා හිතුවා වගේ. ඒත් මට හිතා ගන්න බැරි මිෂෙල් මට මුකුත් නොකර තාදි ට මේ වගේ දෙයක් කරපු එකයි. ” 

” හේතුව , එයාට ඔයාගෙන් පළිගන්න පුළුවන් හොඳම ක්‍රමය තාදී නිසා ” 

දේවපුර පිළිතුරු දුන්නේ මද හිනාවක් ඇතිවය. මිෂෙල් වැනි තරුණියක් මෙවැනි ක්‍රියාවක් කලේ දුරදිග නොබලා බව සක්සුදක් සේ පැහැදිලිය. නමුත් සිදු කර ඇති දේපළ හානිය සහ එයට අනුබල දීම නිසා ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.

” අපිට දැන් මිෂෙල් ව ඇරෙස්ට් කරන්න වෙනවා ධීර. ඒ ගැන මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ ?  “

 ” ඇරෙස්ට් කරන්න ” 

ධීර තප්පරයක් වත් නොසිතා පිළිතුරු දුන්නේය. වරදක් සිදු කළා නම් එයට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුය. අනෙක් අතට තාදී වැනි කිසිවෙකුටත් හානියක් නොකරන ඉතා අහිංසක තැනැත්තියකට මේ සා විශාල හානියක් සිදු කළ අයෙකුට දඬුවම් ලැබිය යුතුමය. 

” මිෂෙල් ගේ තාත්තා කොහොම හරි එයාව ඉක්මනට එලියට ගනියි.ඒත් , එයා වැරැද්දක් කරා නම් එයාට මේකට පනිෂ්මන්ට් එක ලැබෙන්නම ඕනේ.එයා කරපු වැරැද්දේ බරපතල කම එයා තේරුම් ගන්න ඕනේ ” 

ධීර තවදුරටත් කීවේය. මේ මොහොතේ තමා කළ යුත්තේ තාදී ව ආරක්ෂා කිරීමය.ඇය වෙනුවෙන් පෙනී සිටීමය. ඇයට වූ අසාධාරණයට සාධාරණයක් ගෙන දීමය. වැරදීමකින් හෝ මේ සිදුවීමේ දී තාදී ට ජීවිත හානියක් සිදු වූවා නම් තමාද එයට වගකිව යුතුය. එහෙත් වාසනාවකට මෙන් තාදීට කිසිදු කරදරයක් නොවූවත් ඇය වෙනුවෙන් මේ මොහොතේ තමාට කළ හැකි සියල්ල උපරිමයෙන් කිරීමට ධීර දැඩිව සිතා ගත්තේය.

” මිෂෙල් ලේසි පහසු කෙල්ලෙක් නෙමෙයිනෙ බං බලන් ගියාම ” 

ආයුශ් කීවේ පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණෙන අතරතුරය. ධීර ද තවමත් උන්නේ පුදුමයෙනි. පෙර දිනයේ මිෂෙල් සිදු වූ කිසිවක් තම පියාට නොපවසා තිබූ නිසා ධීර සිතාගෙන සිටියේ ඇය මින් මතුවට නිහඬව සිටී යයි කියා හෝ පරාජය භාර ගෙන ඇතැයි කියා ය.නමුත් සිදු වී ඇත්තේ අනෙකකි. මෙවැන්නක් ඇය විසින් සැලසුම් කළා යැයි සිතා ගන්නට වත් නොහැකිය. දැන් ඇයට ඇය සිදු කළ මහා විනාශය වෙනුවෙන් දඬුවම් ලැබීමට සිදු වනු ඇත. තමාට ඇත්තේ සිදුවන දෙයකට සිදු වන්නට හැර බලා සිටීම පමණි යැයි ධීර වාහනයට නගින අතරතුර සිතුවේය.

” දැන් උඹ මේක වසන්ත අංකල් ට කියනවද ? ” 

” ඔව් අනිවාර්යෙන්ම කියන්න ඕන. මොකද මිෂෙල් කියන්නේ එයා මහ ලොකුවට විශ්වාස කරලා වර්ණනා කරලා හොයලා දීපු කෙල්ලනේ. අද තමයි තාත්තා එයාගේ හැටි හරියටම දැන ගන්නේ  ” 

ධීර රිය පැදවූයේ කෝපයෙනි. මේ සියල්ලටම වග කිව යුතු වන්නේ තම පියාය. මේ සියලු අනවශ්‍ය ප්‍රශ්න ඇති වී ඇත්තේ ඔහු විසින් ගෙන ඇති වැරදි තීරණ නිසාය. නමුත් ඔහු දැන්වත් එය තේරුම් ගනීදෝයි සැකයක් ද ධීර ගේ සිත තුළ විය.

” සිරාවටම මිෂෙල්ව ඇරෙස්ට් කරයිද ධීර දැන් ? “

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here