තම දියණිය වෙනුවෙන් ඇගේ දියණිය කුස දරා සිටි 50 හැවිරිදි මව

ප්‍රේමයෙන් සහ දරාගැනීමෙන් ලෝකය සුන්දර කරන කාන්තාවන් ගැන අද වැඩියෙන් අසන්නට ලැබෙනවා.මේ කතාවත් එහෙම අම්මා කෙනෙක් සම්බන්ධයෙන්.

මවකගේ පරිත්‍යාගයට සීමාවක් නැති බව ඔප්පු කළ ඈ 50 හැවිරිදි මවක් වන ජුලී ලවිං. ඇගේ දියණියගේ සිව් වසරක මඳසරු භාවයේ අරගලය නිසා වේදනාවට පත් වන ජුලියා තමන්ගේ දියණියට Surrogate ක්‍රමයට දරුවෙකු තනා දීමට ඉදිරිපත් වුණා.

දැන්, අලුත් අම්මා බ්‍රෙනා ලොක්වුඩ් මෙසේ පවසනවා

“මගේ අම්මා දුෂ්කර දරු ප්‍රසූතියක් හරහා වීරවරියක් වුණා.මේ කුඩා සතුටු පෙත්ත අපේ ලෝකයට ගෙන ඒමට ඇය ගත් කැපකිරීම් මගේ හුස්ම මඳකට නවතනවා” 

ඇය කියන්නේ ආදරයෙන්.

දියණියකට අම්මා වූ පසු තමන්ගේ අම්මා තමන් වෙනුවෙන් කළ කැපවීම ගැන බ්‍රෙනාට බොහෝ දේවල් කියන්නට තිබුණා.

දුවව මගේ තුරුලේ තියාගෙන ඉන්නකොට මගේ හිත පිච්චිලා යනවා. මම මේ දරුවාට අවශ්‍ය ඕනෑම දෙයක් කරන්නේ කෙසේද යන හැඟීමෙන් මා ඇය දෙස බලනවා.එතකොට මගේ අම්මා මා වෙනුවෙන් කළ දේ නැවත ආවර්ජනය වෙනවා.”

 ඇය තවදුරටත් කියා සිටියා

“මම මගේ දුව වෙනුවෙන් ගන්නා සෑම පියවරක්ම සහ තීරණයක්ම, මම මගේ අම්මා මාව ඇති දැඩි කළේ කොහොමද කියලා මට උත්තර හොයලා දෙනවා. ඇය මට ආදරය කරන ආකාරය සහ ඇය මේ සිදුවීම හරහා පිට කරන පරාර්ථකාමීත්වය නිර්මල, අව්‍යාජ සහ කරුණාවන්ත එකක් බව මට හිතෙනවා.”

තමන්ගේ ජීවිතයේ විශාලම සිහිනයක් වෙනුවෙන් තමන් රැගෙන ගිය තමන්ගේ අම්මා ගැන බ්‍රෙනා කතා කරන්නේ පුදුමාකාර ආදරයකින්.

බ්‍රෙනාගේ සීයා රෝගී වීමෙන් පසු ඔහු පිළිකාවෙන් මියැදෙන්නට පෙර ඔහුට මී මුණුබුරෙකු පෙන්වීමට බ්‍රෙනාට උවමනා වුණා. ඇය දරුවෙකු වෙනුවෙන් උනන්දු වන්නට ගත්තේ ඉන්පසුවයි.  ඇය නිතරම හිතුවේ එය ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවක්. නමුත් ඒ සිහිනය ඉටු නොවීම නිසා ඇය කම්පනයට පත් වන්නට පටන් ගත්තා.දරුවෙකු සම්බන්ධ සිහිනය ඉටු නොවීමට ඇයට රෝගයක් හරස් වී ඇති බව බ්‍රෙනා දැන ගන්නේ ඒ අතර කාලයේදී. Fertility Centers of Illinois, හි වෛද්‍ය බ්‍රයන් ඔවුන්ට සරොගේට් ක්‍රමය යෝජනා කරන්නේ ඉන්පසුවයි. ඩොලර් 100,000 පමණ වැය වූ මේ ප්‍රතිකාරයට දරුවා කුස දරන මව වන්නට බ්‍රෙනාගේ ආදර අම්මා වූ ජුලී ලවිං කිසිම පෙරැත්තයකින් තොරව ඉදිරිපත් වුණා.

ඇය පවසන්නේ දරුවෙකු නොමැතිවීම සමහර කාන්තාවන්ට ඉතාමත් වේදනාවක් බවත් ඇගේම දියණිය එම වේදනාවෙන් පෙළීම තමන්ට දරාගත නොහැකි වේදනාවක් වූ බවත්. ඒ නිසා තමන්ගේ දියණියට මේ අවස්ථාවේ දී පිහිට වන්නට ජූලි තීරණය කර තිබුණා. ඇයට තමන්ගෙ වයස අවුරුදු තිහක් පමණ දැනුණු බව ඇය පවසනවා. තමන් ඒ තරමට තරුණ ගැහැනියක බව සිතා ඇය මේ ප්‍රතිකාර ක්‍රමයට හිත සවිමත් කරගෙන තිබුණා.

කොලෙස්ටරෝල් ප්‍රතිකාර, මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සහ රුධිර පරීක්ෂා බොහොමයකට සහභාගී වන්නට ජූලිට සිදු වුණා. ඇය සරොගසි අම්මා වීම වෛද්‍යවරයාට පවා මුලදී විස්මයක් වූ බවයි කියැවෙන්නේ.

“මෙය පැහැදිලිවම ඉතා සුවිශේෂී අවස්ථාවක් වන අතර ඉතා සුපරික්ෂාකාරී පුද්ගලාරෝපිත වෛද්‍ය, මනෝවිද්‍යාත්මක සහ සදාචාරාත්මක කරුණු සලකා බැලීමෙන් පසුව සිදු කරන ලද්දක්”  බව වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කර සිටිනවා. ජූලි මැරතන් ශූරියක වීම නිසා ඇගේ ශාරීරික සෞඛ්‍යය ද හොඳ මට්ටමක පැවතුණා.

අම්මාගේ කැපකිරීම නිසා බ්‍රෙනා සහ ආරොන් දෙමාපියන් බවට පත් වෙනවා.

වර්තමානය වෙද්දී බ්‍රෙනා ඇගේ සරොගසි ක්‍රමයට දුව ලබාගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේ ලෝකෙ ඕනෑම ගැහැනියක් මේ නිසා පීඩාවට පත්වීමට ඇති ඉඩකඩ හේතුවෙන්. මඳ සරුභාවය සහ දරුවන් ලැබීමට ඇති නොහැකියාව වේදනාවට පත් වීමට අවශ්‍ය දෙයක් නොවන බවත් ඇය ඒ හරහා පැහැදිලි කරනවා.

එවැනි මාවතක් කිසිසේත්ම පහසු නැති බව ඇත්තක්. බ්‍රෙනාට මෙන් දරා ගන්නා සහ ඕනෑම කැප කිරීමක් කරන බවක් හැම ගැහැනියකටම ලැබෙන්නට ඉඩක් නෑ. නමුත් තමන්ගේ හිතේ හයියට කළ නොහැක්කක් නැති බව අමතක කරන්න එපා.

“මේ කතාව තේරුම් ගන්නට පුලුවන් කාලයක් පැමිණි වහාම මගේ දුවට ඒ ගැන කියන්න මම කැමති. ඇගේ අත්තම්මා ඇය සහ මම වෙනුවෙන් කළ දේ ඇය දැන ගන්නටම ඕනෑ.”

බ්‍රෙනා එසේ කියන්නේ ඉතා ආදරයකින්.

Related Articles

Don't Miss


Latest Articles