පිණි මුතු පලසක් – 9

0
1895

ආයේ කිසිම හේතුවක් උඩ මන්ත්‍රී බංගලාවට නොයමියි හිතා උන්නද ආච්චි අම්මාගේ දුබල ආයාචනයත්, දුප්පත්කමත් සත්සරාට එවන් දෙයකට ඉඩක් සලසා තිබුනේ නැත. 

“ළමයො ඔය බත් ටික කාලා ඉක්මනට මාත් එක්ක මන්ත්‍රී බංගලාවට ගිහින් එන්න යන්” කියා ආච්චි කියද්දිත් සත්සරා උන්නේ ඒ ගමන තවත් දිග්ගස්සාගනු පිණිස බත් ඇටෙන් ඇටේ මුවට දාගන්න ගමන් ය. සත්සරා ඒ වෑයම ඉක්මන් කරේ ආච්චි අම්මා තවත් දෙතුන් වතාවක් කෑගැසුවයින් පස්සේය. 

“ඇයි අත්තම්මේ අදත් මාව එක්කරගෙන යන්නේ?” කියා සත්සරා ඇහුවේ ආච්චි අම්මාගේ පිටිපස්සෙන් වැටි මන්ත්‍රී බංගලාව දිහාවට යන අතරවාරයේය.

“ලොකු නෝනා එන්න කිව්වා ගැරිජ් එක ඩිංගිත්තක් අස්කරගන්නය කියලා” කියන ගමනුත් ආච්චි අම්මා ගමන තප්පරේකටවත් නතර කරේවත් අඩපණ කරගත්තේවත් නැත.ආච්චි අම්මා මේ වයසෙදිත් මෙච්චරම බරක් කර තියාගන ඉන්නේ තමන් නිසා බව මේ පුංචි වයසට වුණත් තේරුම්ගන්නට බැරිකමක් සත්සරාට තිබ්බේ නැත.

“අර මොකෝ හදිස්සියෙ ආච්චියෙ?” 

“වාහනේ දාන්න ඉඩ ඕනලුනෙ”

“කාගෙ වාහනේද?”

“ඇයි පොඩි මහත්තයා ඇවිල්ලනෙ. මෙදාපාර ඇවිල්ල තියෙන්නේ ආය කාලාන්තරයකට යන්න නෙවෙයිලු.පොඩි මහත්තයගෙ පාවිච්චියට මන්ත්‍රී මහත්තයා වාහනයක් ලෑස්ති කරලාලු. ඒක දාන්න” කියා ආච්චි කියද්දී සත්සරා උන්නේ ඒ වචන නෑසෙන තරම් දුරක මග නතර වී ගල් ගැසීය. “පොඩි මහත්තයා” කියන වචනය තමන්ව මෙච්චරව බය කරන්න හේතුවක් වී ඇති බවත් එළියෙන් තමා කොච්චර හොඳින් හිනාවී කතාකරද, බය නැති බව පෙන්නන්නට කටයුතු කරද තමන්ගේ හිත අස්සේ අඳුරුම ගැඹුරුම තැනක පොඩි මහත්තයා විසින් ඇතිකරන්නට යෙදුණ බයක් රැඳී තිබී ඇති සත්සරා තේරුම්ගත්තේත් ඒ අනුවය.

ඒත් “මොකද බං උඹ යකෙක් ගැහුව වගේ මග ටැග් ගැහුනෙ? මෙහෙ වරෙන්. මේ අව්වේ පිච්චි පිච්චි ඉන්නෙ නැතුව අඩිය ඉක්මන් කරලා යන්” කියා කියූ ආච්චි අම්මාගේ වදන් අනුව ඇය පිටුපස්සේ ගමන නැවත යනවා හැරෙන්නට කල යුතු දෙයක් සත්සරාට එවෙලේ මතක් උනේ නැත. වැලි විසිරූ ගෙමිදුල දිගේ අත්තම්මා පසුපස්සේ ඇවිද එන සත්සරාව දකිද්දීය ලක්ෂිතට එහෙම කෙල්ලක උන් බව පවා මතක් වුනේ. කොළඹ නගරයෙදි නිතර යන්නට යෙදුණ ක්ලබ් වලදී නටන්නට, තුරුලුවෙන්න, සිප වැලඳගන්නට විතරක් නොව ඉන් එහා අනන්තය දක්වා යන්නට ඕන තරම් ලපටි කෙල්ලන් හොයාගන්නට පුලුවන් වූ බව ඇත්තක් නමුත්, සත්සරාවත් ඩැහැගන්නා තුරු තමන්ගේ ගින්න තමන්ට උවමනා තරම් දුර විහිදෙන්නෙ නැති වග ලක්ශිතට මතක් වුණේය. ඒ මොහොතේත් මතක් කරමින් උන්නු සමුධ්‍යාව හිතේ පැත්තකට කර සත්සරාට හිතේ වැඩි කොටසක් ලබා දෙන්නට හේතු වුනේ ඒ ගින්නය.

සත්සරා උන්නේ ඇස් දෙක කැමරා දෙකක් මෙන් එහෙ මෙහෙ හරවමින් පොඩි මහත්තයා කොහෙන් හෝ මතු වේ දැයි බලමිනි. “මං කුස්සිය අස්පස් කරන කම් උඹට පුලුවන් නෙ ගැරිජ් එකේ තියෙන බඩු ටික එලියට ඇදලා දාන්න” කියා ආච්චි අම්මා විධාන දුන්නයින් පස්සේ එළියට ගොස් ඒ වැඩේ කරනවා ඇරෙන්න සත්සරාට වෙන කරන්න දෙයක් තිබුනෙ නැත. අනෙක් අතට උඩ තට්ටුවේ කුමක් හෝ රාජකාරියකට යවනවට වඩා ආච්චි අම්මා තමන්ව එළියෙ තැනක වැඩකට යෙදෙව්ව එක ගැන සත්සරාගේ හිතට පොඩි හරි සහනයක් තිබුණාය.

සත්සරා තනිවම ගැරිජිය දෙසට යනයුරුත්, කුඩා අත පය හසුරවමින් යුහුසුළුව වැඩ කරනුත් ලක්ශිත දුටුවේ උඩ තට්ටුවේ කාමරයක හිඳ සත්සරාට හොරෙන් ඇය දෙස බලාගෙනය. ඒ තරම් උඩක සිට වඩා හොඳින් බලන්නට හැකියාව තිබූ නිසාවෙන්ම සත්සරා වැඩ කරන අතරවාරයේ පහත් වෙද්දී නැවෙද්දී දකින්නට ලැබුණ හිරිමල් ශරීරය ලක්ෂිතගේ දැනටමත් දූශිත මානසිකත්වය තවදුරටත් විනාස කරන්නට හේතු වුණි. ලක්ශිත කිසිවෙකුට නොපෙනෙන්නට පහල තට්ටුවට ආ වේ හිත අස්සේ වූ ගින්න තව තවත් ගොර දමා ඇවිලෙද්දීය. ලක්ශිත පහලට එනුවත්, තමාට පිටිපස්සෙන් හිටගන්නවාවත් එක එක කල්පනා අස්සෙ දේවල් දාහක් හිතන අතරවාරයේ වැඩ කරමින් උන් සත්සරාට ඇසුනේ නැත. 

සත්සරා ගැස්සුණේ ලක්ශිත පිටිපස්සේ සිට උගුර පාදමින් කල සද්දයටය. වටපිට බලමින් කවුරුහරි දකීවිද කියා සිතමින්, එසේ දැක්කොත් එයට කිව යුතු නිදහසට කාරනා හිතමින් උන් ලක්ෂිත එක එල්ලේම සත්සරා දෙස බැලුවේය.

“මං බලාගෙන උන්නෙ හොරා වගේ යනවා. මං නිකමටවත් ඉන්නවද කියල බැලුවෙ නෑ නේද?” කියා ලකී මහත්තයා වෙනදා වගේම හිනාවෙමින් අහද්දි පෙර මෙන් එයට පිළිතුරු සිනා සපයන්නට සත්සරාට මෙදා පුලුවන් උනේ නැත. ඒ ලකී මහත්තයාගේ හිනාව අස්සේ සැඟවී තිබුන භයානක කතාව සත්සරා දැන් වඩා හොඳින් වටහා ගෙන උන් නිසාවෙනි.

“මොකෝ මේ බය වෙලා? මේ ඒකනෙවෙයි ඔයා මාර ලස්සන වෙලානෙ හිටියට වඩා. මේ හිටිය දවස් ටිකට කොහොමද ඔහොම ලස්සන උනේ? මං බලාගෙන හිටියෙ උඩ ඉඳගෙන ළමයගෙ ලස්සන” කියද්දී ඒ වචන අස්සේ තැවරී තිබුන ජාගර සිතුවිලි කන්දරාව සත්සරාව තව තවත් බියට පත් කලාය.

ලකී මහත්තයව මෙතන තනිකර එලියට දුව යන්නට කොච්චර උවමනාව තිබුනද එය කරන්නට නම් ලකී මහත්තයව පෙරලාගෙන හෝ තල්ලු කරගෙන තමා එලියට යා යුතු බවත්, එය කල නොහැකි දෙයක් බවත් මතක් වෙද්දි සත්සරා උන්නේ ඊළඟ අඩිය තිබිය යුත්තේ කොයි පැත්තටද කියා සිතමිනි. 

“මං අල්ලගන්න හිටියෙ ඔයාව” කියා ලක්ෂිත කියද්දී සත්සරා තව තව ගැහුණාය. 

“ඔයාට මාව මතක් උනේ නැතුවට මට නම් ඔයාව මතක් උනා. අදනෙ මං ළමයගෙ ඇත්ත ලස්සන දැක්කෙ. ඔය ලස්සන ඔහොම හංගගෙන ඉන්නෙ අපරාදෙ” කියා ලකී මහත්තයා අඩියෙන් අඩිය ඉස්සරහට තියද්දි සත්සරා අඩියෙන් අඩිය පස්සට ගියාය. අතේ තිබූ බාගට පිරවී තිබුන තින්ත භාජනය අතට තව තද වෙද්දී සත්සරා එය ලකී මහත්තයාගේ ඇඟට දමා ගසා ලකීව තල්ලු කරගෙන මෙන් ගැරිජියෙන් එලියට බැස තමන්ගේ ගේ තිබෙන දිහාවට ගම්මානය ඔස්සේ දුව ගියාය. සත්සරා ගැර්‍රිජිය පැත්තේ ඉඳගෙන දුවගෙන වත්තෙන් එලියට යනවාත්, ලක්ශිත ගැරිජිය පැත්තේ සිට එළියට ආවේත් ගුණවතී එක්ක අනෝමා ගැරිජිය දිහාවට ඇවිද ආවේත් එකම වේලාවේය.ගුණවතීත් අනෝමාත්  මුලින් දුටුවේ දුවගෙන යන් සත්සරාය. “කෙල්ලො කොහෙද යන්නෙ? මොකද උනේ?” කියා ආච්චි අම්මා කියූ දේට උත්තර දෙන්නවත් නොනැවතී සත්සරා දුවගෙන යද්දි ගුණවතීගෙත්, අනෝමාගේත් දෙනෙත් ලක්ශිතට දෙසට යොමුවුනේ ලක්ශිතගේ මුවෙන් පිටවුණ මැසිවිල්ල නිසාය. 

“හප්පේ මේ මොකද ළමයො මේ හරියට නිල් බාල්දියට වැටිච්ච නරියා වගේ නෙ?” කියා අම්මා කියද්දී ගුණවතීගේ දෙනෙත තමන් වෙතට එක එල්ලේ පතිත වෙද්දී ලක්ශිත උන්නේ හිස අස්සෙන් මහා කලබලයකය. ඒ කලබලය ඔස්සේ “මං වාහනේ ඇතුලට දාන්න ඉඩ තියෙද කියල බලන්න ගැරජ් එකට ගිය වෙලාවෙ අර ළමය මගෙ ඇඟේ තීන්ත හැලුවනෙ” කියා කිව්වට ඒක සත්සරාට දුවගෙන යන්නට හේතුවක් ලෙස පෙන්වන්නේ කොහොමද කියා අදහසක් ලක්ශිතට එවෙලෙ තිබ්බේ නැත. කුමක් හෝ හේතුවකට ඒ වෙලාවේ පිහිට උනේ අම්මාගේ වචනය.

“ඒ ළමයා දුවන් ගියේ ඔයා ඒකට බනිවි කියල හිතලද දන්නෙ නෑ අනේ” කියා අනෝමා නෝන කිව්වට පොඩි මහත්තයාගෙ යකා ගෙ තරම දන්න හන්දා තරහ නිවන්නට මෙන් ගුණවතී නම් “බණින්න නෙවි ඕකිට තඩිබාන්න ඕන බෙබි මහත්තයගෙ ඇඳුමට කල විනාසයට” කියා කිව්වාය.

මන්ත්‍රී නිවසේ ගැරිජියෙන් මතු වුන ඒ දිවිල්ල සත්සරා නතර කරන්න සිතුවේ ගෙදරින් නොවේ. 

ගෙදර තව දුරටත් ආරක්ශිත නොවන බව දන්න හන්දාම සත්සරා උන්නෙ මෙයට පෙර යන්නට නොසිතු දුරක් දුව යන්නට බලාගෙනය. ඒ ගමන අවසානයේ තමන්ට කුමක් හො සැනසුමක් අත්වෙන බව සත්සරා හිතට කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here