ඒ 2012 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 05 වෙනිදා. ඒ කොලොම්බියා වල වෙස්ට්මිනිස්ටර්.ජෙසිකා කියන්නේ අවුරුදු 10 ක පොඩි ගෑණු ලමයෙක්. ජෙසිකා උන්නේ එයාගෙ ගෙදර ඉඳලා ඉස්කෝලේ යන ගමන්. එයාගෙ ඉස්කෝලේ තිබුණෙ එයාලගෙ ගෙදරට පොඩි දුරකින්.
මේ ගමනෙදි තමයි ජෙසිකා අතුරුදහන් වෙන්නෙ. ගෙවල් ලඟ තියෙන ඉස්කෝලෙට යමින් ගමන් උන්නු ගෑණු ළමයෙක් එහෙම එකපාර අතුරුදහන් වෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ අපි හැමෝටම තියෙනවා. හැබැයි අපිටත් ඒක සැකයක් උනාට ඒක එහෙම වෙලා තියෙනවා. වෙනදට නම් ජෙසිකා ඉස්කෝලේ යන අතරවාරෙ එයාගේ යාලුවො එහෙම පාක් එකේදි හම්බුනාම කතා කරාට එදා නම් එයා උද්‍යානයට ඇවිල්ලත් නෑ ඉස්කෝලෙට ගිහිල්ලත් නෑ.
ජෙසිකා ඉස්කෝලේ ආවෙ නෑ කියලා ඉස්කෝලේ දැනගත්තට පස්සෙ එයාලා ජෙසිකාගේ අම්මට උදේ දහයට විතර කතා කරලා මේ විස්තරේ කියනවා. හැබැයි ඒ වෙද්දිත් ජෙසිකාගෙ අම්මා ඉඳලා තියෙන්නෙ නිදාගෙන. ඒ හන්දා එයා මේ පණිවිඩේ භාර අරගෙන නැ. කොහොමහරි ජෙසිකාගෙ අම්මා ජෙසිකාගෙ මේ අතුරුදහන් වීම ගැන පොලිසියට දැනුම් දෙන්නෙ දවල් වරුවෙ.
අන්න ඒ අනුව තමයි ජෙසිකාගේ මේ අතුරුදහන් වීම ගැන ලොකුවටම පොලිස් පරීක්ෂණ ආරම්භ වෙන්නේ.ඒ වගේම පොලිස් නිලධාරින් ජෙසිකාගෙ ගෙවල් පැත්තෙ ඉන්න හැමෝගෙන්ම වගේ DNA සාම්පල් පවා පරීක්ෂා කරලා තියෙනවා. මේ සෝදිසි මෙහෙයුම්වලට අනුව දවස් දෙකකට පස්සෙ පොලිසියට පුලුවන් වෙනවා හොයාගන්න ජෙසිකාගේ මුත්‍රා වලින් පෙඟිච්ච එයාගෙ බෑග් එක සහ එයාගේ කණ්ණාඩි. ඒ හොයාගත්ත දේවල් එක්ක තවදුරටත් සෝදිසි මෙහෙයුම කරගෙන යධ්ඩි පොලිසියට හොයාගන්න පුලුවන් වෙනවා කොටස් වලට වෙන් කරපු, කලු බෑග් වල දාලා තිබුන ජෙසිකාගේ පුංචි සිරුරෙ කොටස්.ඒ ළඟ පාතම තිබුණ අර්වාඩා කියන ටවුන් එකෙන්.
ඒ අනුව අතමයි ජෙසිකා සෙවීම වෙනුවෙන් පටන් ගත්ත මෙහෙයුම එයාගේ ඝාතකයා සොයාගැනීම ගැන මෙහෙයුමක් බවට පරිවර්තනය වෙන්නෙ.
ඒ මෙහෙයුම අතරවාරෙදි හිතපු නැති දෙයක් වෙනවා. 2012 ඔක්තෝබර් 23 වෙනිදා 17 හැවිරිදි ඔස්ටින් සිග්ස්ගෙ අම්මා 911 ඇමතුමක් ලබා දෙනවා. ඒ අම්මගෙ කෝල් එක කියන්නෙ හරිම අමුතු කතන්දරයක්.
ඒ “මගේ පුතා වෙන ඔගස්ටස් එයා තමයි ජෙසිකාව මරලා දැම්මෙ කියලා පිළිගත්තා. ඔයාලට පුලුවන්ද අපේ ගෙදරට එන්න. එයා පිළිගත්තා එයා ජෙසිකව මැරුව කියලා. ඒ වගේම ජෙසිකගෙ ශරීරයේ කොටස් අපෙ ගෙදර තියෙනවා” කියලා. මේ පණිවිඩේ ආව ගමන් කෝල් එක රිසීව් කරපු කෙනා තවදුරටත් ප්‍රශ්න අහගෙන යනවා. මෙහෙම ප්‍රශ්න අහගෙන යද්දි ඔස්ටින් ෆෝන් එකට කතාකරන්න එනවා. එයා අහන්නෙ එකම එක දෙයයි.
“මම තමයි ජෙසිකව මැරුවෙ. ඔයාලා ඇයි මගෙන් මෙච්චර ප්‍රශ්න අහන්නේ?” කියලා.ඒ වගේම ඔස්ටින් කියනවා එයා එදා උද්‍යානයේ ජොගින් කර කර ඉඳපු කෙනෙක්ට එයා පහර දුන්නා කියන එක වගේම ඒ ආයුධත් ගෙදර තියෙනවා කියලා.
ඒ වගේම ඔස්ටින් කෝල් එක ගත්ත නිළධාරියට කියනවා “මගේ කාමරේ පිහි එහෙමත් තියෙනවා. තව තුවක්කුත් තියෙනවා. ඒ උනාට බය වෙන්න එපා ඔයාලා එද්දි මම ඒව ඔක්කොම නැතුව නිරායුධව ඉන්නම්” කියලා. මේ අතරවාරෙ කෝල් එක ගත්ත කෙනාට ඇහෙනවා ඔස්ටින් ගෙ අම්මා වෙන මින්ඩි අඬනවා. ඒ වගේම ඔස්ටින් කෝල් එක කට් කරන්න කලින් මින්ඩි ආයෙ වතාවක් ෆෝන් එකට එනවා.
පස්සෙ ඔස්ටින් පිළිගන්නවා එයා කවදාවත් මීට කලින් ජෙසිකාව දැකලා නෑ කියලා වගේම එයා ජෙසිකව එයාගෙ වාහනේට දාගෙන තමයි කිඩ්නැප් කරගත්තෙ කියලා. ඔස්ටින් කියනවා එයා ජෙසිකව වාහනේ පිටිපස්සට ගෙනිහින් එයාගෙ මණික් කටුවයි වලලුකරයි එක්කහු කරලා ගැටගැහුවා කියලා.
“මම එයාට බොරු කිව්වා. මම කිව්වා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා” කියලත් ඔස්ටින් පොලිසියට කියනවා. මේ විදියට ජෙසිකව පැහැරගත්තට පස්සෙ ඔස්ටින් මොකද කරන්නෙ ජෙසිකාව එයාගෙ අම්මලගෙ ගෙදර එක්කරගෙන යනවා. එහෙදි තමයි ඔස්ටින් බෙල්ල මිරිකලා ජෙසිකව මරල දාලා එයාගෙ ඇඟ කොටස් වලට කපලා වෙන් කරන්නෙ.මුලින් නැ කිව්වට පස්සෙ ඔස්ටින් පිළිගන්නවා එයා ජෙසිකට ලිංහික අතවර කරා කියලත්.ඒ කතාව ඇහුවට පස්සෙ පොලිසියට පුලුවන් වෙනවා ඔස්ටින්ගෙ ගෙදරින් ජෙසිකගෙ ශරීරයේ තව කොටස් හොයාගන්නවා.
ජෙසිකාව සොයන මෙහෙයුමේදි පොලිසිය එක්කහු කරගත්ත DNA සාම්පල අතර ඔස්ටින්ගෙ සාම්පල වගේම ජෙසිකාගෙ ඇඟෙන් සහ වතුර බෝතලයෙන් ගත්ත සාම්පලත් එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඒ DNA සාම්පල අර ජොගින් කරන කෙනාගෙන් ගත්ත DNA සාම්පල් වලත් සම්බන්ධ කරන්න පොලිසියට පුලුවන් වෙනවා.
ඒ අනුව 2012 ඔක්තෝබර් මාසෙ first-degree murder, sexual assault, kidnapping කියන සිදුවීම් වලට ඔස්ටින්ට විරුද්ධව නඩුවක් ගොනු වෙනවා. ඒ වගේම විමර්ශනයෙදි හම්බ වුන ළමා ලිංගික අපයෝජන පිලිබඳ සාක්කි හන්දා ඔස්ටින්ට විරුද්ධව ළමා ලිංගික සූරාකෑම සම්බන්ධයෙනුත් චෝදනා එල්ල වෙනවා. 22 හැවිරිදි කාන්තා ජෝගර් පැහැර ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහුට වෙනම චෝදනා එල්ල වෙනවා.ඒක වෙලා තියෙන්නෙ ජෙසිකාගෙ සිදුවීම වෙන්න මාස කීපෙකට කලින්.ඔස්ටින්ව අත් අඩංගුවට අරගෙන ටික කාලෙකට පස්සෙ එයා එක්ක එකට ඉගෙන ගත්ත යාලුවො ඔස්ටින්ගෙ “චිත්තවේගීය හා තර්කානුකූල” හැසිරීම ගැන කතා කරන්න මාධ්‍යයට එනවා. ඔස්ටින් අපරාධ ස්ථාන ගැන හොයන්න මහන්සි උනා කියන එකත් ඒ වගේම එයා සස් පාසලේ අවසාන වසර මඟ හැර අරපහෝ ප්‍රජා විද්‍යාලයේ මෘත ශරීරාගාර විද්‍යාව හැදෑරීමට ගියා කියන එකත් ඒ ළමයි ඔස්ටින් ගැන කියනවා. 2013 ඔක්තෝම්බර් මාසයේදී ඔස්ටින් අවසානයේ නඩු දෙකටම අදාළ චෝදනා 15 කට වරද පිළිගන්නවා. ඒ එයාගෙ මිනීමැරුම් නඩුව පටන් ගන්න දවස් දෙකකට කළින්.
පස්සෙ එයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හම්බුවෙනවා වගේම වසර 40 කට පසු සමාව ලබා ගැනීමේ හැකියාවත් හම්බුවෙනවා. ඝාතනය වුන වෙලාවෙ ඔස්ටින්ට වයස අවුරුදු 18ට අඩු හන්දා එයාට මරණ දඬුවම ලැබෙන්නෙ නෑ. ඔස්ටින්ගේ විත්තියේ නීතිඥවරයා ඔස්ටින්ගෙ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ ඉතිහාසය නිසා ඝාතනය සිදු වූ විට ඔහු “නිවැරදි මානසික තත්ත්වයකින් නොසිටි” බව කියන්න උත්සහ කරත් හැබැයි නඩු පවරන මිනිස්සු කිව්වෙ , “ඔහු වේදනාවෙන් සතුටක් ලබන කෙනෙක්. ඔහු අවයව කැඩීමෙන් සතුටක් ලබනවා” කියලා.
අද වෙද්දි ජෙසිකාගෙ ආත්මය මතක් කරලා එයා අතුරුදහන් උන දවසෙ යාලුවන්ව හම්බුවෙන්න ඉඳපු පාර්ක් එකේ එයා වෙනුවෙන් සමරුවක් තියලා තියෙනවා. ඒකෙ ජෙසිකා රිජ්වේ අනුස්මරණ උද්‍යානය කියලා හඳුන්වන කොටසක් තියෙනවා. “සෑම වසරකම සිය ගණනක් ළමයින් සහ වැඩිහිටියන් විනෝදය සහ ජෙසිකා සිහිපත් කිරීම සඳහා උද්‍යානය භාවිතා කරති,” කියලා ඒ උද්‍යානය වෙනුවෙ හදපු වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා.
ReplyForwardAdd reaction |