Autism එක්ක ජීවිතේ පිහිනා ගිය Jia Rai

මේ ලෝකෙ කියන්නෙ opportunities දෙන තැනකට වඩා barriers හදන්න මුල් වෙන තැනක් බව අපි හැමෝම දන්නවා. හැබැයි Jia Rai කියන්නෙ අන්න ඒ කතාව සහමුලින්ම වෙනස් විදියකට ලියන්න උත්සහ කරලා ජය ගත්ත අවුරුදු 16ක ගැහැණු ළමයෙක්.

වයස අවුරුදු 16ක් වගේ පොඩි කාලයක්දි Jia අත්පත් කරගත්ත මේ ජයග්‍රහණය සුලුපටු එකක් නෙවෙයි. ඒක සුලුපුටු ජයග්‍රහණයක් නොවෙන්නෙ හේතු කීපයක්ම නිසා. Jia කියන්නෙ autism තියන ගෑණු ළමයෙක්. Autism කියන තත්ත්වයෙ ඉන්න අතරවාරෙම එයා පැය 17 යි මිනිත්තු 25 ක් ඇතුළත කිලෝමීටර් 34 ක් පළල English Channel එක හරහා, ඒකෙ තියෙන අයිස් වගේ සීතල කොච්චර කරත් tolerate කරන්න අමාරු වතුර මැද්දෙන් පීනලා ගිහින්න් ජයගත්ත ඔටිසම් වර්ණාවලී ආබාධයෙන් පෙළෙන ලාබාලතම සහ වේගවත්ම පැරා-පිහිනුම් ක්‍රීඩිකාව බවට පත්වෙනවා.

මේ ජයග්‍රහණය විශේෂ වෙන්නෙ ආන් ඒ හන්දමයි. හැබැයි මේක පිහිනීම ගැන කතාවක් විතරක් නෙවෙයි.පොඩි කෙල්ලෙක්ගෙ හිතේ තිබුණ ධෛර්‍යය ගැන, stereotypical  අදහස් ගැන, අභියෝග ජයග්‍රහණ බවට පත් කිරීම ගැන කතාවක්.

වයස අවුරුදු දෙකේදී ඔටිසම් වර්ණාවලී ආබාධයකින් පෙළෙනවා කියල අඳුරගත්ත Jia තමන්ගෙ ජිවීතේ මුල් කාලෙදි කතා කරන්න බැරිකමකිනුත් පීඩා විඳලා තියෙනවා. ඉතින් එහෙම ගමනක්, එහෙම ජීවිතයක් ලේසියි කියලා කියන්න බැරිබව අපි හැමෝම දන්නවා. හැබැයි Jia ගෙ අම්මලා තාත්තලා, විශේෂයෙන්ම එයාගෙ තාත්තා වුණ, ඉන්දියානු නාවික හමුදාවේ MC-at-Arms II මදන් රායි Jia ට උදව් වෙනවා Jia ගෙ තියෙන මේ පිහිනීමේ ආසාව සහ දක්ෂතාවය හඳුනාගෙන යන්න. මුලින්ම පොඩි පොඩි swimming pools වලින් පටන් ගන්න ඒ ගමන පස්සෙ තමයි මූද දක්වා ගලාගෙන එන්නෙ. මේක මුලින්ම පටන් ගන්නෙ චිකිත්සක ක්‍රියාකාරකමක් විදියට. එහෙම ආරම්භ වෙච්ච දෙයක් ඉක්මනින් Jia කියන්නෙ පීනන්නම ඉපදිච්ච කෙල්ලෙක් බවට පෙන්නුම් කරනවා.

Jia කියන්නෙ එච්චර කතා කරන ළමයෙක් නොවුනත් එයාගේ මේ පිහිනීම කියන්නෙ ලෝකෙටම ඇහෙන්න කරපු නිහඬ කතාවක්. තමන්ගෙ තිබුණ නොපසුබට උත්සහය, අරමුණු ගැන ඒ කතාවෙන්  Jia ලෝකෙටම කියනවා. සමාජෙ “නෑ, බෑ” කියන තැනකදි හදවත “ඔයාට පුලුවන්” කියලා කිව්ව බව Jia අපිට තමන්ගෙ කතාවෙන් පෙන්නලා දෙනවා.

අන්න ඒ විදියට තමයි Jia තමන්ගෙ මේ ඒකල පිහිනීම, පැය 17 යි මිනිත්තු 25 කින් කිලෝමීටර් 34 ක දුරක් ආවරණය කරන්නෙ. ඒක කැපී පෙනෙන, English Channel පිහිනුම් ඉතිහාසයේ අවුරුදු 150ක් තුළ මේ ජයග්‍රහණය අත්කර ගත්ත ඔටිසම් වර්ණාවලී ආබාධයකින් පෙළෙන පළමු දැරිය වෙන්න Jia ට පුලුවන් වෙන්නෙත් ඒ තමන්ගෙ තිබුණ නිහඬ නමුත් නොපසුබට උත්සහය වගේම කැපවීම නිසා.

Jia ජූලි 28 වන දින එංගලන්තයේ ඇබොට්ස් ක්ලිෆ් වල ඉඳලා තමයි එයාගේ මේ Journey එක අරඹන්නෙ. ජුලි 29 වෙනිදා උදේ ප්‍රංශයේ  Pte De La Courte-Dune හිදී ඒ ගමන සාර්තකව ඉවර කරන්න Jia ට පුලුවන් වෙනවා.Jia කරපු මේ කැපකිරීම වෙනුවෙන් ඒ උත්සහය අගය කරලා ජූලි 21 සිට 28 දක්වා English Channel මුහුදු පිහිනුම් 2024  Autism Awareness වෙනුවෙන් Dedicate කරනවා.

2022 මාර්තු මාසයේදී, Jia පෝක් සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර් 29 ක දුර පැය 13 යි මිනිත්තු 10 කින් තරණය කරමින් නව ලෝක වාර්තාවක් නිර්මාණය කරන්න දක්ෂ වෙනවා. එයාගෙ පිහිනුම් දක්ෂතාව වෙනුවෙන් Jia ලොකුවටම පිළිගැනීමට ලක්වෙලා තියෙනවා.

වයස අවුරුදු දෙකේදී ඔටිසම් වර්ණාවලී ආබාධයකින් පෙළෙනවා කියලා අඳුරගත්තට Jia ඒක තමන්ට නතරවෙන්න හේතුවක් කරගන්නෙ නෑ. කතාකරන්න බැරි උනත් එයාගෙ දෙමව්පියො පෙන්නන වීඩියෝ හරහා Jia  පිහිනීම ගැන ඉගෙන ගන්නවා.

විවෘත ජල පිහිනුම් ක්‍රීඩාවේ Jia පෙන්නපු දක්ෂතාවයන් වෙනුවෙන් Jia  ශ්‍රීවර්-කෙනඩි ශිෂ්‍ය ජයග්‍රහණ සම්මානය-2023 පිරිනමනවා. Jia සැප්තැම්බර් 03 වන දා භගිරති ගඟේ මුර්ෂිදාබාද් පිහිනුම් සංගමය විසින් සංවිධානය කරන ලද 77 වන විවෘත ජල දිගු දුර පිහිනුම් තරඟයට සහභාගි වෙනවා. කිලෝමීටර් 81 ක ඉසව්වට සහභාගී වූ 24 දෙනාගෙන් 14 දෙනෙකු පමණක් නියමිත පැය 13 විනාඩි 30 කින් පිහිනීම සම්පූර්ණ කරා වගේම Jia  පැය 13 විනාඩි 10 කින් පිහිනීම සම්පූර්ණ  කරා වගේම තරඟයේ වසර 77 ක ඉතිහාසයේ එහෙම කරපු  ලාබාලතම සහ එකම විශේෂ අවශ්‍යතා තියෙන දරුවා බවටත් පත්වෙනවා.

ඉතින්,

මේ පුංචි කෙල්ල පීනන්නෙ තමන් වෙනුවෙන් විතරක් නෙවෙයි. විවිධ රෝගාබාද, සහ විශේෂ අවශ්‍යතා තත්ත්වයන් නිසා “ඔයාට බෑ” කියලා සමාජයෙන් restrict කරලා තියෙන දරුවන් හැමෝම වෙනුවෙන් තමයි Jia මේ පීනන්නෙ. එයා පීනන්නේ තමන්ගෙ හඬ ඒ හැම දරුවෙක්ටම ඇහෙන විදියට.

කිසිම barrier එකක් කිසිම කෙනෙක්ට මග නතරවෙන්න හේතුවක් නෙවෙයි කියලා පෙන්නන්න. තමන්ගෙ කතාව Jia වචනයෙන්ම කියන්න ඕන නෑ. මොකද Jia ගෙ actions speaks louder than words නිසා. ජීවිතයේ සැබෑවටම සීමාවන් නැති බව Jia Rai ඔප්පු කරලා තියෙනවා.

වයස, විශේෂ අවශ්‍යතා, මූද මේ කිසිවක් කිසිම කෙනෙක්ට බාධාවක් නෙවෙයි.

ආදරය, සහයෝගය සහ විශ්වාසය ඇතිව ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියන එක Jia අපිට ලස්සනට පෙන්නලා දෙනවා.

ඉතින් Jia ඔයා මේ තරණය කරන්නෙ වතුර පිරිච්ච මූදක් විතරක් නෙවෙයි, විවිධාකාර barriers වලින් පිරිච්ච විශාල සමාජයක්.

ඉතින් ඒ වෙනුවෙන් ඔයාට අපි ජය පතනවා!

Related Articles

Don't Miss


Latest Articles