වැඩි බඩ ඉක්මනින්ම අඩුකරගන්නේ් මෙහෙමයි

බොහෝ දෙනෙකුට උදරය ඉදිරියට නෙරීම පොදු ගැටලුකාරී තත්ත්වයක්. මෙම ඉක්මනින්ම තත්වය මග හැරීම සඳහා අනිවාර්යයෙන්ම ව්‍යායාම කිරීම අත්‍යාවශ්‍ය කරුණක්. නමුත් ව්‍යායාම වලට අමතරව ඒ සඳහා අනුගමනය කළ යුතු මෙම සරළ පුරුදු කිහිපය ගැනත් අවධානය යොමු කරනවා නම් වඩාත් සුදුසුයි.

දෙහි යුෂ වීදුරුවකින් දවස අරඹන්න. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන එයට ලුණු ටිකක් එක් කරගෙන පානය කළ යුතු අතර මෙය දිනපතා සිදු කිරීම මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය අඩුවී යනවා. අමු සුදු ළූණු ස්වල්පයක් හැපීමට හැකි නම් මෙම ක්‍රියාවලිය දෙගුණ කිරීමට එය හේතු වෙනවා. මෙමගින් ශරීරයේ රුධිර සංසරණය මෘදු සහ වඩාත් කාර්යක්ෂම වෙනවා. එසේම හැකි පමණ ජලය පානය කිරීම ඉතාමත්ම වැදගත්. මෙලෙස හැකි පමණ ප්‍රමාණවත් තරම් ජලය පානය කළ විට අමතර මේදය පාලනය වීම මෙන්ම ශරීරයේ නිපදවෙන විෂ ශරීරයෙන් බැහැර වී පරිවෘත්තිය වේගය ඉහළ යාමට ද හේතු වෙනවා.

නිවුඩ්ඩ රහිත බත් ආහාරයෙන් වළකින්න. ඒ වෙනුවට රතු සහල් බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. ඒ සමඟම කුරුඳු, ඉඟුරු සහ ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කළ සැර ආහර අනුභවය මගින් රුධිරයේ ඉන්සියුලීන් මට්ටම වැඩි කර සීනි මට්ටම අඩු කිරීමට හේතු වෙනවා.

අනවශ්‍ය මේදය දහනය කිරීමට නම් මස් මාංශ අනුභවය සැලකිය යුතු ලෙස අවම කළ යුතුය. දිනපතා එළවලු සහ පළතුරු අනුභවය කිරීම අත්‍යාවශ්‍යයි. මෙමගින් ශරීරයට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක, ඛණිජ සහ විටමින් වලින් පරිපූර්ණ කෙරෙනවා. සීනි සහිත ආහාරයන් පාලනය කරන්න. සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්ම අධික තෙල් සහිත ආහාරයන් ලබා ගැනීමද අවම කළ යුතු වෙනවා. එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා කිරීම සිදු කරන නිසයි.

ඉදිරියට නෙරා ආ උදරය ඉක්මනින්ම අඩු කර ගැනීමට අනුගමනය කළ යුතු වැදගත්ම පියවර ලෙස මෙය කරුණු හැඳින්විය හැක. මුලදී මෙම කරුණු පිළිපැදීම අසීරු වූවත් ඔබ ඉක්මනින්ම මෙම හොඳ ස්‍යෙඛ්‍ය පුරුදු ඇති කරගතහොත් ඉක්මනින්ම උදරය අඩුකරගත හැකිවනු ඇත.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles