සිනමාපටයක් තුළින් සුන්දර ප්‍රංශයට සවාරියක් යන්න එන්න

ලොව වටා සවාරියක් යන්නට අතේ මුදල් නැතත් අලංකාර සිනමා සිත්තමක ඇති පියකරු දේශාන්ත නරඹා සතුටුවන්නට මුදලක් වැයවන්නේ නැහැ. එනිසාමයි ලෝකයේ සුන්දර ස්ථාන රැගත් සිනමාපට කිහිපයක් ලොව දකින්න කැමති ඔබවෙත ගෙනඑන්නේ. මේ ප්‍රංශයෙහි අලංකාරතම ස්ථාන කැමරාවට හසුකරගත් ලස්සනම චිත්‍රපට 3ක්. 

  1. Midnight in Paris (පැරිසියේ මැදියම් රෑ)

2011 දී තිරගත කෙරුණු ආදර කතාවක්වන මෙය අද්විතීය සිනමාකරුවකු වන Woody Allenගේ නිර්මාණයකි. පැරිසියේදී රූගත කෙරුණු මෙය 1920දී වූ පැරිසියානු ජෑස් සංස්කෘතිය මුල්රහෙන ඇත. ජිල් නැමැති ලේඛකයෙකු තම පෙම්වතිය සහ ඇගේ පවුල සමඟ පැරිසියට නිවාඩුවකට පැමිණි විටකදී  කාලතරණය හරහා 1920 දශකයට යැවෙනවා. එකල සිටි ලෝ පූජිත ගත් කතුවරුන්, චිත්‍රශිල්පීන්, මෝස්තර නිර්මාණශිල්පීන් එහිදී එහුට මුණගැසේ. පැරිසියේ අලංකාරතම දර්ශන හා සාහිත්‍යය පිරිණිතුරුණු මෙම නිර්මාණය ලොව විලාසිතා අගනගරය වෙත සුන්දර සවාරියක් ගෙනයාවි.

  1. Amélie (Amélie Poulainගේ විස්මිත ඉරණම)

අනගි ප්‍රංශ සිනමා ගෙත්තමක් වන මෙය 2001 දී තිරගත කෙරුණු අතර Jean-Pierre Jeunet නම් ප්‍රංශ සිනමාකරුවගේ නිර්මාණයකි. අද්භූතරූපී ක්‍රමයට අනුතග තේමාවක් සහිත කතාවක් ඇති මෙම තත්කාලීන පැරිසියානු සමාජය තුල ඇති අරුමපුදුමභාවය කැටිකොට ගත්තකි. මෙම චිත්‍රපටය Montmartreහි රූගතකර ඇත. අධි ත්‍රියාකාරී මනසකින් යුත් අමේලි නම් සුන්දර තරුණියක් තමාගේ සහ අන් අයගේ ජීවිත වෙනස්කරන්ට දරණ තැත පිළිබඳව කතාකෙරෙන මෙම චිත්‍රපටය පැරිසියානු කෝපිකඩ metro දුම්රිය ආදී සාමාන්‍ය ජනජීවිතය ගෙවෙන තැන්වලින් ද Sacré Cœur බැසිලිකාව සහ තවත් පියකරු භූ දර්ශනවලින් සපිරි මෙය ඔබට නරඹන්නට ලැබෙන සුන්දරම සිනමා පටයකි.

  1. A Good Year (යහපත් වසරක්)

2006 දී තිරගතවූ මෙය රොමෑන්තික නාට්‍ය ගණයේ චිත්‍රපටයකි. සියුම් හාස්‍යය රැගත් මෙම සිනමා වෘතාන්තය සුපිරි හොලිවුඩ් නළු Russell Crowe ගේ රංගන දායකත්වයෙන් යුක්තය. ලන්ඩනයේ අති කාර්යබහුල දිවියක් ගතකරන ආයෝජකයෙකුට හදසියේම සිය මියගිය මාමාගෙන් උරුමවූ ප්‍රංශයේ Provence පෙදෙසේ සුන්දර මිදිවත්තක් බලාගන්නට යැමෙන් අනතරුව සිදුවන සිදුවීම් මාලාවක් මෙම චිත්‍රපටය පුරා දිගහැරේ. Bonnieux, Cucuron සහ Vaucluse හි Gordes, Marseille Provence ගුවන් පර්යන්තය සහ Avignon දුම්රියපළ ආදී අලංකාර ස්ථාන රැසක් ඔබට දැකගත හැක. විශේෂයෙන්ම ගම්බද ප්‍රංශයේ සුන්දරත්වය මෙම සිනමා සිත්තමෙන් ඔබට රසවිඳිය හැක.

වැරදිලාවත් ප්‍රංශයට යෑමට අවස්තාවක් ලැබුණොත් මෙම සිනමාපටවල දුටු සුන්දර ස්ථාන බලන්න යන්නත් අමතක කරන්න එපා.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles