වැහි දවසකට සැරට කන්න පාන් වලින් කෙටි කෑම කිහිපයක්.

ගෙදරට ගේන පාන් ඉවත යන වෙලාවල් ඕනෑතරම් ඇති.එහෙම ඉවත නොදමා පාන්වලින් වෙනස් කෑම හදන්න උත්සාහ කරලා බලමු. හැමදාමත් ගෙදරට එන පාන් ගෙඩියෙන් වෙනස් කෑම හදලා ගෙදර අය පුදුම කරලා බලන්න.සැරට තියෙන නිසා වැහි දවසකට සැරට කන්න මේ කෙටි කෑම වර්ග අපූරුයි.

පාන් පීසා

අවශ්‍ය ද්‍රව්‍ය-

පාන්, කැමති මස් වර්ගයක්,චීස්,බටර්, සෝස්, ගම්මිරිස් කුඩු

  • සාදන ආකාරය
  • පාන් පෙති වලට බටර් ගා ගන්න.
  • ඔබ ගත් මස් වර්ගය (සැමන් හෝ සොසේජස් වැනි දෙයක් ද භාවිත කරන්න පුලුවනි) කුඩාවට කපා ෆ්‍රයි කරගන්න.
  • දැන් බටර් ගා ගත් පාන් පෙති වලට fry කරගත් මස් දමා, චීස් ඉස, සෝස් දමා ගන්න.
  • මේ පාන් පෙත්ත fry pan එකක අඩු ගින්දරේ පියනකින් වසා විනාඩි තුන හතරක් පුලුස්සා ගන්න .

පාන්වලින් මසාලා තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පෙති 8
  • රුලං කෝප්ප 1/2
  • හාල්පිටි මේසහැදි 2
  • මීකිරී හෝ යෝගට් කප් 1/4
  • වතුර කප් 1/4
  • ලුණු ටිකක්

සාදා ගන්නා ආකාරය.

පාන් පෙති වල වාටි කපා මැද කොටස් කුඩාවට කඩා ගන්න. දැන් එයට මීකිරි හෝ යෝගට්, රුලං ,වතුර, ලුනු එකතු කර මිශ්‍ර කරන්න.
පැය බාගයක් මිශ්‍රණය වසා තබන්න.ඒ අතර තෝසෙ පිරවුම සඳහා සාමාන්‍ය කට්ලට් පිරවුමක් සාදා ගන්න.

පැය බාගයකට පසු තෝසෙ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරන්න. බැටර් එක හැන්දෙන් ඉස්සූ විට එකදිගට වැටෙන ලෙස තිබිය යුතුයි. අවශ්‍ය නම් වතුර එකතු කරන්න. nonstick පෑන් එකක් රත් කර තෝසේ මිශ්‍රණයෙන් හැන්දක් මැදට දාලා හොඳින් රවුමට තුනී කරන්න. වටේට තෙල් ටිකක් මැදට මිශ්‍රණය තියා තෝසේ එක දුඹුරු වන විට රෝල් කර ගන්න.

පාන් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය :

පෙති පාන් කුඩා කොටු කපාගෙන

චිකන් හෝ මාළු හොදි

කුඩාවට කපාගත් කැමති එලවළු වර්ග(කැරට් ,ලීක්ස් ,ගෝවා)

කෑලි මිරිස් ,ගම්මිරිස් කුඩු.ලුණු කුඩු

අවශ්‍ය නම් සෝයා සෝස්,තක්කාලි සෝස්, කුඩාවට කපාගත් බී ළුනු,අමුමිරිස් ,කරපිංචා සහ ඉඟුරු සුදුළුනු පේස්ට්

සාදාගන්නා ආකාරය

මුලින්ම පෙති පාන් කුඩා කොටු වලට කපා ගන්න

පෑන් එක උදුන මත තබා අවශ්‍ය පමණට තෙල් එක් කරන්න.

තෙල් රත් වූ විට කොටු කපාගත් ලොකු ලූණු එක් කරන්න. ලොකු ළූනු තෙම්පරාදු වෙන විට කුඩාවට කපාගත් අමු මිරිස් ,කරපිංචා සහ ඉඟුරු සුදු ළූනු පේස්ට් එක් කරන්න.

සියල්ල හොදින් තෙම්පරාදු වු පසු කපාගත් එලවළු සහ මිරිස් කෑලි, ගම්මිරිස් කුඩු , ලුණු කුඩු දමා කලවම් කරන්න.

දැන් මෙයට බිත්තර එකතු කර හොඳින් කලවම් කරන්න.අවශ්‍ය නම් සෝයා සෝස් ටිකක් සහ තක්කාලි සෝස් ටිකක් එකතු කර ගන්න

බිත්තරසහ එලවලු හොදින් කලවම් කර එයට පාන් එකතු කරන්න

පාන් එකතු කළ විටම එයට උඩින් පොඩි කරගත් මාළු/මස් කෑලි සහ හොදි එකතු කරමින් හොඳින් කලවම් කර ගන්න.

Related Articles

Don't Miss


Latest Articles