One pot meal – Roasted Cabbage

අවශ්‍ය දේවල්:

  • කොළ පාට ගෝවා ගෙඩි 1
  • ඔලිව් ඔයිල් හෝ පොල් තෙල් මේස හැදි 2
  • සුදු ළුණු පව්ඩර්
  • දෙහි ගෙඩියක්
  • කෑලි මිරිස් තේ හැදි 1 1/2
  • ලුණු ස්වල්පයක්
  • ගම්මිරිස් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:

  • අවන් එක 230°C උෂ්ණත්වයට රත් කරන්න.

    ගෝවා ගෙඩිය අරගෙන කෑලි හතරකට කපා ගන්න.

  • ගෝවා කැබලිවල දෙපැත්තේ ඔලිව් ඔයිල් ගාගන්න.මේ සඳහා කුකින් බ්‍රෂ් එකක් යොදා ගන්න.
  • ඉන්පසු ගාර්ලික් පවුඩර් මේ ගෝවා කෑලි වල දෙපැත්තෙම තවරගන්න.
  • ගම්මිරිස් කුඩු ටිකක් ගෝවා කෑලි වලට ඉහගන්න.
  • කෑලි මිරිස් ඉන්පසු ඉස ගන්න.
  • අවන් එකට දමා දෙපැත්ත හරවමින් පිස ගන්න.
  • අවන් එකෙන් ගත් ගෝවා කෑලි වලට දෙහි යුෂ මිරිකා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles