Lunch එකට බත් වෙනුවට විනාඩි කිහිපයකින් සාදාගත හැකි රසවත් ආහාර වේලක්

Onepot meals කියන්නේ ඔබ අතර ඉතා ජනප්‍රිය ආහාර විශේෂයක්. භාජන සේදීම අවම නිසා වගේම ඉක්මනින් පහසුවෙන් සකසා ගත හැකි නිසා තරුණ ගෘහනියන් මෙයට ඉතාම මනාපයි. හැමදාම දවල්ට බත් කනවා වෙනුවට අඩු කාලයකින්, අඩු මහන්සියකින් සකසා ගත හැකි මේ onepot meals රෙසිපි ඔබටත් පහසුවෙන් උත්සහ කල හැකියි. විශේෂයෙන් මේ ආහාර ඉහළ පෝෂණ ගුණයෙනුත් ඉහල නිසා ඔබේ weekly meal plan එකටත් ගැලපේවි.

Mie Goreng

මේ වෙනස් රසක නූඩ්ල්ස් එකක්. විශේෂත්වය තමයි වන්පොට් මීල් එකක් ආකාරයට සකසා ගන්න හැකි වීම

අවශ්‍ය දේවල්:

  • තම්බා ගත් හාල් පිටි නූඩ්ල්ස් 400g
  • කෑලි මිරිස් තේ හැදි ½
  • කපා ගත් තක්කාලි ගෙඩි 2
  • කපා ගත් ලූණු ගෙඩි 2
  • හීනියට කපා ගත් කැරට් 100g
  • හීනියට කපා ගත් බෝංචී 100g
  • අඹරා ගත් ඉඟුරු 15g
  • අඹරා ගත් සුදුලූණු 15g
  • තක්කාලි සෝස් අඬු කෝප්ප ½
  • ගම්මිරිස් (රස අනුව)
  • ලුණු (රස අනුව)
  • තෙල් මේස හැදි 3-4
  • සීනි තේ හැදි ½

සාදා ගන්නා ආකාරය:

  • සුදුසු භාජනයක් ලිප තබා ගෙන තෙල් දමා රත් කර ගන්න.
  • රත් වූ තෙල් වලට ඉඟුරු, සුදුලූණු හා ලූණු දමා ගෙන තෙම්පරාදු කර ගන්න.
  • එයටම කැරට් සහ බෝංචී එකතු කර තෙම්පරාදු කර ගන්න.
  • පසුව කෑලි මිරිස්, තක්කාලි, රස අනුව ලුණු සහ රස අනුව ගම්මිරිස් ද එකතු කරන්න.
  • දැන් නූඩ්ල්ස් එක් කර හොඳින් කලවම් කර ගන්න.
  • අවසානයේ දී ලිපේ ගින්දර වැඩි කර එයට තක්කාලි සෝස් සහ සීනි එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  • උණු උණුවෙන්ම පිළිගන් වන්න

Lemon Butter Shrimp Pasta

අවශ්‍ය දේවල්:

  • පාස්තා 225g (ලුණු දමා තම්බාගත්)
  • ඉස්සන් 225g (පොතු ඉවත් කර, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු තැවරූ)
  • බටර් 100g
  • සුදුළුුනු බික් 4 (තලාගත්)
  • ලෙමන් යුෂ මේස හැන්දක්
  • පාම්සාන් චීස් කප් 1/2 (ග්‍රේට් කරගත්)

සාදාගන්නා ආකාරය:

  • සාස්පානක් ලිප තබා බටර් මේස හැඳි 2ක් දමා දියවෙන්න හරින්න.
  • එයට ඉස්සන් එකතු කර රෝසපැහැ වන තෙක් දෙපසම හොඳින් තෙම්පරාදු කරගන්න.
  • එයට සුදුළුුනු එකතු කර විනාඩියක් පමණ එහා මෙහා කරමින් බැදගන්න.
  • ඉතිරි බටර් ටික එකතු කර බටර් දියවන තෙක් හැඳිගාන්න.
  • බටර් දියවුණු පසු එයට ලෙමන් යුෂ එකතු කර කළවම් කරගන්න.
  • ඉන්පසු එයට පාම්සාන් චීස් එකතු කර සෝස් ගතිය එනතෙක් හොඳින් හැඳි ගාමින් කළවම් කරගන්න.
  • අවසානයේ පාස්තා එකතු කර සෝස් සමඟ හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරගන්න.
  • ලිපෙන් ඉවත් කරගත් ලයිම් බටර් ශ්‍රිම්ප් පාස්තා උඩින් තවත් පාම්සාන් චීස් ටිකක් ඉස උණු උණුවේ පවුලේ අයට පිළිගන්වන්න

Related Articles

Don't Miss


Latest Articles