රාත්‍රී ආහාරයට සුප් එකක් – Tom yum soup

අවශ්‍ය දේවල්:

  • ඉස්සන් 100g (පොතු ඉවත් කරගත්)
  • ගලන්ගාල් මේස හැඳි 1 (කපාගත්)
  • සේර කප් 1/4 (කපාගත්)
  • කෆීර් ලයිම් කොළ 6ක්
  • තායි මිරිස් කරල් 2
  • දෙහි යුෂ මේස හැන්දක්
  • ලූනු කොළ වල අල කොටස් 6ක්
  • ලූනු කොළ කප් 1/4 ( කපාගත් )
  • තක්කාලි ගෙඩි 1 ( පොඩියට කපාගත් )
  • වතුර කප් 2
  • තායි චිලි පේස්ට් තේ හැන්දක්
  • ෆිෂ් සෝස් තේ හැඳි 1 1/2
  • සීනි තේ හැන්දක්
  • ලුණු තේ හැඳි 1/2

 

සාදන ආකාරය:

  • තරමක් ලොකු සාස්පානක් ලිප තබා එයට වතුර එක් කර හොඳින් උතුරවාගන්න.
  • වතුර හොඳින් උතුරන විට එයට ගලන්ගාල්, කෆීර් ලයිම් කොළ සහ සේර සියල්ල එක් කරන්න.
  • ඒ සමඟම එයට ලූනු කොළ වල අල කොටස සහ තායි මිරිස් එක්කරන්න.
  • දැන් ඉස්සන් එකතු කරන්න.
  • ඉන්පසු එයට ෆිෂ් සෝස්, චිලි පේස්ට්, දෙහි යුෂ, සීනි සහ ලුණු එක් කරන්න.
  • මඳගින්නේ වරින් වර හැඳිගාමින් විනාඩි 5ක් පමණ ලිප තබන්න.
  • අවසානයේ තක්කාලි එක්කර දෙවරක් පමණ විනාඩි 2ක් පමණ තබාලිපෙන් ඉවත් කරගන්න.
  • ලිපෙන් ඉවත් කරගත් ටොම් යම් සුප් එකට ලූනු කොළ උඩින් ඉස උණු උණුවේ පිළිගන්වන්න

Related Articles

Don't Miss


Latest Articles