Healthy lifestyle එකට කැමති ඔබට වැදගත් සැලඩ් රෙසිපි

සලාද කියන්නෙ බටහිර රටවල හරිම ජනප්‍රිය ආහාරයක්. අමුවෙන් සාදන නිසා බොහෝවිට පෝෂණය විනාශ නොවී ආරාක්ෂා වෙනවා. ඒ වගේම හදිසියකදී ඉක්මනින්හදා ගන්නත් පුලුවනි. කෑමට හොර පොඩිත්තන්ට වගේම බර අඩුකරගෙන ඇඟ ශේප් කරගන්න කැමති නෝනලාටත් සලාද කියන්නෙ ලඟම මිතුරෙක්. ඒ විතරක් නෙවේ ආහාර වේලකදී මිතුරන්ට, නෑයින්ට, නිවැසියන්ට ඔබේ ඉවුම් පිහුම් දස්කම් ව්ලට අමතරව නිර්මාණශීලී බව පෙන්වන්නත් සලාද කදිම උදාහරණයක්.

ගෝවා මල් ග්‍රීක් ස්ටයිල්

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 300, බේ කොළ 1, තයිව් තේ හැඳි 1, වයිට් වයින් මේස හැඳි 4, පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 20, ලුණු,ගම්මිරිස් රස අනුව.

ගෝවා මල් කිනිති කපා ගන්න. ඉන්පසු දෙහි යුෂ ලුණු මිශ්‍ර වතුරෙන් සෝදන්න. වතුර භාජනයක් ළිප තබා උතුරන විට, ලුණු එකතුකර ගෝවා මල් දමා විනාඩි දෙකක්පමණ තම්බා පෙරාගන්න.

තක්කාලි, ගෝවා මල් හැර අන් සියල්ල එකට කලවම් කරන්න. ඉන්පසු ගෝවා මල් වලට මිශ්‍රනය එකතු කොට පැය කිහිපයක් තබා බේලිෆ් ඉවත් කරන්න. පිලිගැන්වීමේදී ඊට උඩින් තක්කාලි එකතු කරන්න.

කෝල් ස්ලෝ

Coleslaw Salad

මේ නම තරමක් ආගන්තුක වුනත් තරු හෝටල් වල සුලබ කෑමක් ලෙස ඔබට බොහෝ අවස්ථා වලදී හමුවනවා.

අවශ්‍ය ද්‍රව්‍ය: සිහින් තීරුවලට කපාගත් ගෝවා ග්‍රෑම්75, තීරු ලෙස කපාගත් කැරට් ග්‍රෑම් 75 , හීනියට කපාගත් ලූනු ග්‍රෑම් 50 මෙයොනිස් සෝස් කෝප්ප බාගයයි, සිහින්ව කපාගත්පාස්ලි තේ හැඳි 1, ලුණු, ගම්මිරිස් රස අනුව.

පාස්ලි හැර අන් සියල්ල එකට මිශ්‍ර කරන්න. ඊට උඩින් පාස්ලි දමා ගන්න.

 

පොටැටෝ සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය: තම්බාගත් අල කිලෝ ග්‍රෑම් 1, සිහින්ව කපාගත් බී ලූණු ග්‍රෑම් 50, මෙයොනිස් සෝස් ලීටර් කාලයි, සිහින්ව කපාගත් පාස්ලි මේස හැඳි 2, විනාකිරි තේ හැඳි 2, රස අනුව ලුණුසහ ගම්මිරිස්

අල සිහින්ව පෙති කපා ගන්න. ලූනු, ලුණු, ගම්මිරිස් සමග හොඳින් මිශ්‍ර කර, සෝස්, පාස්ලි සහ විනාකිරි මිශ්‍ර කර අල පෙති පොඩි නොවන සේ අල වලට කලවම්කරන්න.

 

ස්වීට් කෝන් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය: තම්බාගත් ස්වීට් කෝන් ග්‍රෑම් 200, සෙන්ටි මීටර් දෙකක බෙල් පෙපර් කැබැලි කිහිපයක්, සෙ.මී.3 ප්‍රමාණයට කපාගත් රතු ලූණු කොළ මේස හැඳි 1, විනාකිරි සෝස් අඬුකෝප්ප කාලක්, සිහින්ව ලියාගත් ලූණු ග්‍රෑම් 50 දොඩම් ගෙඩියක යුෂ, රස අනුව ලුණු සහ ගම්මිරිස්.

බෙල් පෙපර් සහ ලූණු කොළ හැර, අන් සියල්ලම එකට කලවම් කරන්න. පිළිගැන්වීමට පෙර ලූණු කොළ සහ බෙල් පෙපර් එකට කලවම් කර පිළිගන්වන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles