කකුලට තද Shoes දාගෙන ඇවිදින්න එපා කියන්නෙ ඇයි?

මේ දවස්වල social media වල ඉතාම ප්‍රසිද්ධ කෙනෙක් තමයි ශෝමේ කියලා කියන්නෙ.එයා ලංකාවෙ flag එකක් අරගෙන ලංකාව වටේම පයින් ඇවිදගෙන යනවා. එයාගෙ effort එක අපි ගොඩක් appreciate කරන්න ඕනේ. මේ ළඟදි එයා social media වල post එකක් දාලා තියෙනවා මේ ඇවිදීම නිසා එයාගෙ කකුලෙ බිබිලක් ඇවිල්ලා තියෙනවා.

ඉතින් මේ කතාව මේ ප්‍රසිද්ධ ශෝමේ කියන කෙනා ගැන නම් නෙවෙයි. එයාගේ කකුලෙ ආව මේ බිබිල ගැන. ඔයාගෙ කකුලෙත් මෙන්න මේ වගේ බිබිලි එනවද ශූස් දාගෙන ගොඩක් දුර ඇවිද්දම? ඔයා දන්නවද ඇයි එහෙම වෙන්නෙ කියලා.

ගොඩක් වෙලාවක් ශූස් දාගෙන ඇවිද්දම ශූස් වල ඇතුලු පැත්ත ඔයාගෙ කකුලෙ සමේ දිගින් දිගට ඇතිල්ලීමක් වෙන්න පටන් ගන්නවා. මේ ඇතිල්ලීම නිසා ඔයාගෙ ස්කින් එකේ එලියෙන් තියෙන layer එක ඇතුලෙ තියෙන layers වලින් වෙන් වෙන්න පටන් ගන්නවා. මේ ඇතිල්ලීම දිගටම වෙද්දිම ඔයාගෙ කකුලෙ සෛල වලට damage වෙලා inflammation එකක් ඇතිවෙන්න පටන්ගන්න.මෙතනදි මෙන්න මේ වෙන්වුණ layers අතරෙ fluid එකක් එකතුවෙලා blister එකක් එහෙම නැත්තම් බිබිලක් හටගන්නවා. ඒ බිබිල එන්නෙ ඔයාගෙ skin එකේ ඇතුලෙ තියෙන layers වලට යම් කිසි ආරක්ෂාවක් ලැබෙනවා. මොකද ඒක cushion එකක් විදියට වැඩ කරන නිසා.

ඉතින් මෙන්න මේ පහල තියෙන හේතු හන්දා තමයි ඔයා ඔයාගෙ කකුලට ගැලපෙන right shoe එක තෝර ගන්න ඕන.

වේදනාකාරී, ඉදිමුණු සහ අපහසුතාවයට පත් වෙච්ච කකුල් ඔයාගෙ daily life එකට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මේවට හරියට බැලුවේ නැත්නම් ලොකු ලෙඩක් වෙන්නත් පුළුවන්. අපේ කකුල් වලට විවිධ හේතු නිසා ලෙඩ හැදෙන්න පුළුවන්. හැබැයි මේ කකුල් වේදනාවලටයි අනිත් ප්‍රශ්න වලටයි ප්‍රධානම හේතුව තමයි තද, හරියට ෆිට් නැති සපත්තු දාන එක.

ඔයාගේ කකුල් වලට හරියන සපත්තු ජෝඩුවක් තෝරගන්නේ කොහොමද, ඒ වගේම පොදු ප්‍රශ්න වලින් බේරෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන හැමදේම මෙන්න මේ ටිකේ තියෙනවා.

ඇයි හරියන සපත්තු සයිස් එක අඳින එක වැදගත් වෙන්නේ?

සැපපහසුවට අමතරව, හරියට ෆිට් වෙන සපත්තු දානකොට ඔයාගේ කකුල් වලට නිකරුණේ ප්‍රෙෂර් වෙන එකයි, අතුල්ලන එකයි නිසා හැදෙන හැමෝටම පොදුවේ තියෙන කකුල් ප්‍රශ්නයක්ම වළක්වා ගන්න පුළුවන්. ලෝකේ පුරාම ගොඩක් අයට හරියට ෆිට් නැති සපත්තු නිසා හැදෙන කකුල් වල ප්‍රශ්න තියෙනවා.

කකුල් වේදනාව

කකුල් වල කැක්කුම කියන්නේ ඔයාගේ හරියට ෆිට් නැති සපත්තු වලින් හානියක් වෙනවා කියන එකට පළවෙනි ලක්ෂණයක්. තදට ෆිට් වෙන සපත්තු නිසා ඔයාගේ කකුලේ ඇටවලයි විලුඹේයි ඉදිමීම්, වේදනාවන් ඇතිවෙන්න පුළුවන්. වලලුකරට තද වෙන සපත්තු නිසා වළලුකර ඉදිමිලා, ලේ ගමනාගමනය අඩු වෙන්නත් පුළුවන්.

විකෘතිතා (Deformities)

ගල් තැලුම් (Corns) සහ කැළැල් (Calluses) කියන්නේ ගොඩක් වෙලාවට ඔයා හරිම තද සපත්තු දානකොට, ඇඟිලි වලට හරියට ඉඩ නැති සපත්තු ජෝඩුවක් නිතරම හිරට ඇතිල්ලෙන නිසා, ඇඟිලි වලින් වෙන ඝර්ෂණය නිසා හැදෙන කකුල්වල විකෘතිතා. වේදනාවට අමතරව, මෙහෙම තදට හිරවෙලා තියෙනකොට වේදනාකාරී, අපිරිසිදු තුවාල හැදෙන්න පුළුවන්.

පටු උස කාන්තා සපත්තු නිසා ගොඩක් වෙලාවට මේ විකෘතිතා හැදෙනවා. මේ වගේ සපත්තු එක්ක මිටි ඇඟිලි (Hammer Toes) සහ බනියන්ස් බහුලව දකින්න පුළුවන්. ඔයාගේ ඇඟිලි ඇතුලට නැවෙන්න පුළුවන්. මේ වේදනාකාරී තත්ත්වය මුල් අවධියේදී හරියට බලල හදාගත්තෙ නැත්නම් විකලාංග ශල්‍ය වෛද්‍යවරුන්ට (Orthopedic Surgeons) පෙන්නන්න වෙනවා. මිටි ඇඟිලි ප්‍රධාන වශයෙන් බලපාන්නේ මහපට ඇඟිල්ලට, මොකද ඒක දෙවෙනි ඇඟිල්ල පැත්තට ඇතුලට නැවෙනවා, ගොඩක් වෙලාවට හරස් අතට යනවා.

ඇඟිලිවල නියපොතු (Ingrown Toenails)

ඔයාගේ ඇඟිල්ල ඔයාගේ සපත්තුවේ ඇතුලත ඇතිල්ලන්න පටන් ගත්තාම නියපොතු ඇතුලට කැරකෙන්න පුළුවන්. ඝර්ෂණය, දහඩියයි, තදට ෆිට් වීමයි නිසා ඔයාගේ නියපොතු නැවෙන්නයි ඇතුලට වක්වෙන්න පුළුවන්. මේ වේදනාකාරී ලෙඩේට හරියට ප්‍රතිකාර කළේ නැත්නම්, ඔයාගේ නියපොතු කැඩෙන්නයි, වේදනාකාරී ආසාදන (Infections) හැදෙන්නයි පුළුවන්.

පාද දුර්වල කරන වේදනාව (Debilitating Pain)

කකුල් වල විකෘතිතායි ආසාදනයි නිසා ඔයාගෙ ඇවිදීම සහ පාදවල ක්‍රියාකාරිත්වය දුර්වල කරන, තියුණු වේදනාවක් එන්න පුළුවන්. ඔයාගේ කකුල් වල පිටිපස්සෙ කැලැල්, තුවාල සහ කැපීම් ඇතිවෙන්න පුලුවන්.

Peripheral Neuropathy

මේ රෝග ලක්ෂණය ගොඩක් වෙලාවට අනිත් ලේ ගමනාගමන ප්‍රශ්නයි, දියවැඩියාව වගේ අනිත් තත්වයන් තියෙන අය අතරේ බහුලව දකින්න පුළුවන්. ස්නායු රෝගය “දියවැඩියා පාදය” කියලත් හඳුන්වනවා. දියවැඩියාව තියෙන අය ගොඩක් වෙලාවට කකුල් වලයි අනිත් අංග වලයි ස්නායු වලට හානි වීමෙන් පීඩා විඳිනවා. තද අලුත් සපත්තු දාගෙන ඉන්නකොට තමයි ගොඩක් වෙලාවට දියවැඩියා පාදයේ තුවාල (Diabetic Foot Ulcers) හැදෙන්නේ.

ආසාදන (Infections)

තද සපත්තු නිසා ගොඩක් වෙලාවට කකුල් වලට දහඩිය දාලා, දුගඳ එන්න පුළුවන්. සපත්තු තදට ෆිට් වෙලා, වාතය යන එන එකටයි චලනයටයි පොඩ්ඩක්වත් ඉඩ නැති වෙනකොට, ඒවා බැක්ටීරියා බෝවෙන තැනක් වෙන්න පුළුවන් – නියපොතුයි ඇඟිලි අතරයි හැදෙන පොදු දිලීර ආසාදනයක් (Fungal Infection) තමයි ඒ. “ඇත්ලීට්ස් ෆූට්” (Athlete’s Foot) වගේ දිලීර ආසාදන නිසා කැසීමයි, කැඩුණු, වේදනාකාරී සමයි එක්ක පිච්චෙන ගතියකුත් එන්න පුළුවන්. හරියට ෆිට් නැති සපත්තු එක්ක මේක තවත් නරක අතට හැරෙන්න පුළුවන්.

පෙළගැස්ම සහ ඉරියව්ව (Alignment and Posture)

ඔයාගේ කකුල් වලට ඉඩ මදි සපත්තු නිසා ඔයාට වෙනස් විදියකට අස්වාභාවික විදියට ඇවිදින්න සිද්ධ වෙන්න පුළුවන්. මේ විදියට නිතරම ඇවිදින එකෙන් අන්තිමට ඔයාගේ ශරීරයේ පෙළගැස්ම වෙනස් වෙනවා. ඔයාගේ කොඳු ඇට පෙළේ ඉරියව්වයි පෙළගැස්මයි මේ නිසා බලපෑම් වෙන්න පුළුවන් ප්‍රදේශ. ඒකෙන් ලොකු පිටේ කැක්කුමයි ඉනේ වේදනාවයි එන්න පුළුවන්.

හරියට ෆිට් වෙන සපත්තු පහසුවෙන් අඳුරගන්න පුළුවන්; දවසේ මොන වෙලාවේ වුණත් ඒවා සුවපහසුවට දැනෙනවා. ඔයාගේ කකුල් වලට හානියක් නැතුව ගොඩක් වෙලා අඳින්නත් පුළුවන්. ඔයාගේ ඇඳුම් කට්ටලයට අලුත් සපත්තු තෝරගන්නවා නම්, ඔයා නිවැරදි තේරීම් කරන්න ඕනේ. ඔයාගේ කකුල් වලට හානි කරන තදට ෆිට් වෙන සපත්තු ගන්න එක වළක්වා ගන්න මේ වැදගත් කරුණු ටික ගැන අවධානය දෙන්න.

  • සපත්තු සයිස් එක පොඩියි – විවිධ බ්‍රෑන්ඩ් වලයි ස්ටයිල් වලයි සපත්තු ඔයාගේ කකුලට ෆිට් වෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. සපත්තු දාලා බලලා ඔයාගේ කකුල් සුවපහසුද කියලා බලන එක අත්‍යවශ්‍යයි. කාන්තා සපත්තු ඇඟිලි පැත්තේ ටිකක් පටු නිසා, යුනිසෙක්ස් (Unisex) ස්ටයිල් පිරිමි සහ ගැහැණු අයට වෙනස් විදියට ෆිට් වෙනවා.
  • ෆිට් එක – ඔයා වයසට යනකොටයි, හෝමෝන වෙනස් වෙනකොටයි සපත්තු සයිස් එක නිතරම වෙනස් වෙනවා; ක්‍රියාකාරකම් මට්ටම් වගේ තව ගොඩක් දේවල් ඔයාගේ කකුලේ සයිස් එකට බලපානවා. හරියට ෆිට් එක බලන එකෙන් ඔයාට අපහසුතාවයක් ඇති කරන සපත්තු ජෝඩුවක් නොලැබෙන බව සහතික කරගන්න පුළුවන්.
  • විශාල කකුල මාර්ගෝපදේශයක් ලෙස පාවිච්චි කරන්න – ඔයාගෙ කකුල් දෙක එක හා සමාන නැහැ; එක් කකුලක් අනිත් කකුලට වඩා ටිකක් ලොකුයි. ඔයාගේ කකුල් මනිනකොට, සපත්තු ගන්න මාර්ගෝපදේශයක් විදියට ලොකු කකුලේ මිනුම පාවිච්චි කරන්න.
  • හැඩය – ඔයාගේ කකුලේ හැඩයයි, ඔයා කැමති සපත්තුවේ හැඩයයි ගැන හිතන්න; පළල් කකුල් වලට අවශ්‍ය වෙන්නේ ප්‍රමාණවත් ගැඹුරක් සහිත පළල් සපත්තුවක්. විශේෂයෙන්ම ඔයාට මිටි ඇඟිලි හෝ කැළැල් වගේ කකුල් විකෘතිතාවයක් තියෙනවා නම්, බලපෑමට ලක්වූ ප්‍රදේශය තවදුරටත් හානි වලට ලක් වෙන්නේ නැති බව සහතික කරගන්න කකුල් වලට හරියන හැඩයක් තියෙන සපත්තු තෝරගන්න එක අත්‍යවශ්‍යයි.
  • රෑට දාලා බලන්න – දවල්ට ඇවිදින එකෙන් ඔයාගේ කකුල් ටිකක් ඉදිමෙනවා. හරියට ෆිට් එක තියෙන සුවපහසු සපත්තුවක් ඔයාගේ කකුල් වලට සුවපහසු වෙන්න ඕනෙ, වැඩිය තද වෙන්න හොඳ නැහැ.
  • රැකියාවට සුදුසු සපත්තු වර්ගය – සමහර රැකියා වලට සමහර ස්ටයිල් හදලා තියෙනවා. ඔයාට ස්පෝර්ට්ස් ට්‍රේනින් ෆූට්වෙයාර් ඕන නම්, ඔයා හරියන වර්ගය ගන්න වග බලාගන්න. ඔයා දුවන ස්නීකර්ස්, ඔයා දුවන තැනටයි, දුවන බිමටයි හරියන එකක් වෙන්න ඕන. මේ වෙනස ගොඩක් වැදගත්, මොකද ඒකෙන් ඔයාගේ ඇඟිලි වලට හානියක් වෙන්නේ නැති බවයි, ඔයා ඇක්ටිව් වෙලා ඉන්න අතරේ ඔයාගේ කකුල් වලට දිගුකාලීන හානියක් වෙන්නේ නැති බවයි සහතික කරනවා.
  • ආරුක්කු ආධාරකය (Arch Support) – හොඳ ආරුක්කු ආධාරකයක් අත්‍යවශ්‍යයි, විශේෂයෙන්ම ඔයාට පැතලි කකුල් වගේ කලින් තිබ්බ තත්වයන් තියෙනවා නම්.

හරි guide එකක් එක්ක සපත්තු තෝරගත්තොත්, අපහසුතාවයක් ඇති කරන සහ තද සපත්තුවක් දාන එකෙන් ඇතිවෙන පොදු කකුල් ප්‍රශ්න වළක්වා ගන්න ඔයාට පුළුවන් වෙයි. හරියට ෆිට් නැති සපත්තුවක් නිතරම දාන එකෙන් ඔයාගේ කකුලෙ ප්‍රශ්න තවත් නරක අතට හැරෙන්න ඉඩක් තියෙනවා. ඒක පරීක්ෂා කරලා හදාගන්න ඔයාගේ ළඟම විකලාංග ශල්‍ය වෛද්‍යවරුන් (Orthopaedic Surgeons) ළඟට යන්න සිද්ධ වෙන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles