Salicylic Acid කුරුලෑ වලට හොඳ ද?

Salicylic Acid කියන්නේ බීටා-හයිඩ්‍රොක්සි අම්ලයක් (BHA).

 මේක සමේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරලා, සිදුරු පිරිසිදුව තියාගන්න උදව් කරනවා. ඒ නිසාම කුරුලෑ අඩු කරන්න එහෙම නැත්තම් Acne Treatment එකක් විදියට මේක ගොඩක් අය පාවිච්චි කරනවා . විශේෂයෙන්ම කළු කුරුලෑ (blackheads) සහ සුදු කුරුලෑ (whiteheads) වගේ මෘදු කුරුලෑ වලට Salicylic Acidහොඳටම වැඩ කරනවා. අනාගතයේදී කුරුලෑ එන එක නවත්වන්නත් මේක උදව් වෙනවා.

ඔසුසල්වලින් ගන්න පුළුවන් සාමාන්‍ය නිෂ්පාදන වලත්, වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ වර්ග වලත් Salicylic Acidතියෙනවා.

Salicylic Acidකුරුලෑ නැති කරන්නේ කොහොමද, මේක මොන වගේ treatment එකක්ද, කොච්චර මාත්‍රාවක්ද පාවිච්චි කරන්න ඕනේ කියලා, ඒ වගේම ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ මොනවාද කියලා මේ ලිපියෙන් අද අපි ඔයාලාට කියලා දෙන්න හිතුවා.

Salicylic Acid කුරුලෑ වලට treat කරන්නේ කොහොමද?

ඔයාගෙ සමේ සිදුරු dead cells සහ තෙල්වලින් පිරුණාම තමයි කළු කුරුලෑ (open plugged pores), සුදු කුරුලෑ (closed plugged pores), නැත්නම් ගැටිති (pimples/pustules) එන්නේ.

Salicylic Acidඔයාගේ සමට හොඳින්ම විනිවිද ගිහින්, සිදුරු අවහිර කරන dead cells ඉවත් කරලා exfoliate කරනවා. මේකෙන් සම්පූර්ණ ප්‍රතිඵලයක් දකින්න සති කීපයක් ගත වෙන්න පුළුවන්. සති 6කට පස්සේත් ප්‍රතිඵල නැත්නම්, ඔයාගේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙලා කතා කරන්න ඔයාට පුලුවන්.

කුරුලෑ වලට Salicylic Acid වලමොන වගේ මාත්‍රාවක්ද නිර්දේශ කරන්නේ?

ඔයාගේ වෛද්‍යවරයා හරි චර්ම රෝග විශේෂඥයා හරි ඔයාගේ සමේ වර්ගයටයි, දැනට තියෙන තත්ත්වයටයි අනුව ගැලපෙන මාත්‍රාවක් නිර්දේශ කරනවා. මුළු සමටම ආලේප කරන්න කලින්, දවස් 2ක් 3ක් විතර බලපෑමට ලක් වුණු පොඩි තැනකට ටිකක් විතර ආලේප කරලා ඔයාගේ සම මේකට දක්වන ප්‍රතික්‍රියාව පරීක්ෂා කරලා බලන්න කියලත් එයාලා නිර්දේශ කරන්න පුළුවන්.

වැඩි සාන්ද්‍රණයන් තියෙන Salicylic Acid නිෂ්පාදන සම පීලිං කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.

වැඩි සාන්ද්‍රණයන්ගෙන් එන Salicylic Acid සම පීලිං කරන කාරකයක් (peeling agent) විදියටත් මේ දේවල් වලට පාවිච්චි කරනවා:

  • කුරුලෑ
  • කුරුලෑ කැළැල්
  • වයස් ලප (age spots)
  • මෙලාස්මා (melasma)

Salicylic Acid භාවිතා කරන එකේ මොනවා හරි අතුරු ආබාධ තියෙනවද?

Salicylic Acid සාමාන්‍යයෙන් ආරක්ෂිතයි කියලා සැලකුවත්, මුලින්ම පාවිච්චි කරනකොට සමේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට වැඩියෙන් තෙල් ඉවත් වෙලා සම වියළිලා යන්නත්, කැසීම් වගේ දේවල් ඇති වෙන්නත් ඉඩ තියෙනවා.

ඇති වෙන්න පුළුවන් අනිත් අතුරු ආබාධ වෙන්නෙ:

  • සමේ හිරි වැටීමක්, දැවිල්ලක්
  • කැසීම
  • සම පීලිං වීම
  • හයිව්ස් (hives)

Salicylic Acid පාවිච්චි කරන්න කලින් දැනුවත් විය යුතු දේවල්

Salicylic Acid අඩංගු නිෂ්පාදන ඔසුසල්වලින් ගන්න පුළුවන් වුණත්, ඒවා පාවිච්චි කරන්න කලින් ඔයාගේ වෛද්‍යවරයා එක්ක කතා කරන එක හොඳයි. ඒකෙදි ඔයාට දැනගන්න පුලුවන් දේවල් වෙන්නෙ:

  • අසාත්මිකතා: කලින් Salicylic Acid හරි වෙනත් ආලේපන ඖෂධවලට හරි අසාත්මිකතා ඇති වෙලා තියෙනවා නම්, ඔයාගේ වෛද්‍යවරයාට කියන්න.
  • ළමයින්ට පාවිච්චිය: ළමයින්ට සමේ රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. ඔයාගේ දරුවාගේ සමට Salicylic Acid  නිෂ්පාදන පාවිච්චි කරන්න කලින් වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න.
  • ඖෂධ ප්‍රතික්‍රියා: සමහර ඖෂධ Salicylic Acid එක්ක හොඳට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. දැනට ගන්නා ඖෂධ මොනවාද කියලා ඔයාගේ වෛද්‍යවරයාට කියන්න.

පහත සඳහන් වෛද්‍ය තත්ත්වයන් ඔයාට තියෙනවා නම්, Salicylic Acid නිර්දේශ කරන එක ගැන වෛද්‍යවරයාගේ තීරණයට මේවා බලපාන්න පුළුවන් නිසා, ඔයා වෛද්‍යවරයාට ඒ ගැන දැනුම් දෙන්න:

  • අක්මා රෝග
  • වකුගඩු රෝග
  • රුධිර නාල රෝග
  • දියවැඩියාව
  • පැපොල (varicella)
  • උණ (influenza)

Salicylic Acid විෂ වීම

Salicylic Acid විෂ වීම ඉතාම දුර්ලභ වුණත්, Salicylic Acid සමට ආලේප කිරීමෙන් ඒක ඇති වෙන්න පුළුවන්. මේ අවදානම අඩු කරගන්න, මේ නිර්දේශ අනුගමනය කරන්න:

  • Salicylic Acid නිෂ්පාදන ඔයාගේ ශරීරයේ විශාල ප්‍රදේශවලට ආලේප කරන්න එපා.
  • දිගු කාලයක් මේක පාවිච්චි කරන්න එපා.
  • ප්ලාස්ටික් රැප් වගේ වාතය රහිත ආවරණ යටතේ මේක පාවිච්චි කරන්න එපා.
  • මේ රෝග ලක්ෂණ හරි සලකුණු හරි ඔයාට දැනෙනවා නම්, වහාම Salicylic Acid පාවිච්චි කරන එක නවත්වලා ඔයාගේ වෛද්‍යවරයා හමුවෙන්න:
    • අලසකම
    • හිසරදය
    • මනස අවුල් වීම
    • කන්වල ඝෝෂා (tinnitus)
    • ශ්‍රවණාබාධ
    • ඔක්කාරය
    • වමනය
    • පාචනය
    • හුස්ම ගැනීමේ අපහසුතා (hyperpnea)

ගර්භණී සමයේදී හරි මව්කිරි දෙන විට හරි Salicylic Acid පාවිච්චි කිරීම

ඇමරිකානු ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලය (ACOG) කියන විදියට, ගර්භණී සමයේදී Salicylic Acid සමට ආලේප කරන එක සාමාන්‍යයෙන් ආරක්ෂිතයි.

හැබැයි, ඔයා Salicylic Acid පාවිච්චි කරන්න හිතනවා නම්, ගැබිණියක් නම්  හරි මව්කිරි දෙනවා නම්  ඔයාගේ වෛද්‍යවරයා එක්ක කතා කරන්නම ඕනේ. ඔයාගේ තත්ත්වයට විශේෂිත උපදෙස් ගන්න එක වැදගත්, විශේෂයෙන්ම ඔයා ගන්නා වෙනත් ඖෂධ හරි ඔයාට තියෙන වෛද්‍ය තත්ත්වයන් ගැන කතා කරන්න අමතක කරන්න එපා.

මව්කිරි දෙන විට Salicylic Acidපාවිච්චි කිරීම ගැන 2018 වාර්තාවක සඳහන් වෙලා තියෙනවා, Salicylic Acidමව්කිරිවලට අවශෝෂණය වෙන්න ඉඩක් නැති වුණත්, ළදරුවෙකුගේ සමට හරි කටට හරි සම්බන්ධ වෙන්න පුළුවන් ශරීරයේ කිසිම තැනකට ඒක ආලේප නොකළ යුතුයි කියලා.

Reference: https://www.healthline.com/health/skin/salicylic-acid-for-acne

Related Articles

Don't Miss


Latest Articles