කුරුලෑ සදහට ම නවතින සම්පූර්ණ ස්වභාවික සත්කාරය

කුරුලෑ යනු වයස් භේදයකින් තොරව මුහුණේ හටගන්නා තත්ත්වයක්. බොහෝ කාන්තාවන් මෙයින් පීඩා විඳිනවා. නිසි ප්‍රතිකාර නොකිරීමෙන් කැලැල් ඇති වීම නිසා මුහුණේ සුන්දරත්වයට විශාල බලපෑමක් කරන්නට කුරුලෑ වලට පුලුවන්. සමහර විට කුරුලෑ නිසා මුහුණේ වළවල් පවා සෑදෙනවා.

ආයුර්වේදයට අනුව කුරුලෑ හටගැනීමට හේතු 

ආහාර, විහරණ, මානසික තත්ත්වය, සෘතුව, ස්වභාවික වේග ධාරණය කිරීම, අතිශය ශෝක වීම, අධිකව කෝප ගැනීම, පශ්චාත්තාප වීම, බඩගින්නේ සිටීම, දවල් කාලයේ නිදීම සහ රාත්‍රියේ නිදි මැරීම, හෝමෝනමය වෙනස් කම්, ප්‍රවේණියෙන්, රූපලාවණ්‍ය ආලේපන වල අධික තෙල් සහිත බව, ඇතැම් ඖෂධ කුරුලෑ සඳහා හේතු විය හැක.

කුරුලෑවක් ඇති වන්නේ කොහොමද?

කුරුලෑවක් ඇති වෙන්නෙ සාමාන්‍ය කේශ මූලයක් sebaceous glands වලින් නිපදවන සීබම් වලින් අවහිර වීම නිසා. මුලින්ම බ්ලැක් හෙඩ් එකක් විදියට පටන් අරන් ඒක වර්ධනය වෙනවා වයිට්හෙඩ් එකක් දක්වා. වයිට් හෙඩ් එකක බැක්ටීරියා ඉතා කුඩා ප්‍රමාණයක් ඉන්න පුලුවන්. ඒක වර්ධනය වෙනවා කුරුලෑවක් බවට. එතැන Infection එකක් තියෙනවා. ඒ නිසා තමයි රිදෙන්නෙ, ඇල්ලුවම රස්නෙ අතට දැනෙන්නෙ, සැරව එන්නෙ. 

කුරුලෑ නැතිකිරීමට නොවරදින පැක් එකක් හදමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

කොත්තමල්ලි කුඩු තේ හැන්දක්

වෙනිවැල් කුඩු තේ හැන්දක්

වැල්මී කුඩු තේ හැන්දක්

මේවා සම සමව ගන්න.ඉන්පසු පිරිසිදු වතුර ස්වල්පයක් අරන් එකට මිශ්‍ර කරගන්න. දැන් මුහුණ හොඳින් පිරිසිදු කරගෙන ස්ටීම් කරගන්න.ඉන්පසු පෙර සකස් කරගත්තු මිශ්‍රණය පැක් එකක් විදියට මූණේ ගාන්න. විනාඩි 20ක් තියලා පිරිසිදු ඇල් වතුරෙන් සෝදල ඉවත් කරන්න. අවසාන පියවර ලෙස ටෝනර් එකක් විදියට රෝස වතුර ගාන්න.

කොත්තමල්ලි වලින් මූණේ elasticity වැඩි කරනවා. ප්‍රතිශක්තිය වැඩි කරනවා.  වෙනිවැලුත් එම ගුණ ලබා දෙනවා.  වේදනාව සමනය කරනවා වගේම වෙනිවැල් සහ වැල්මී දෙකම සම පැහැපත් කරන්නට උපකාරී වෙනවා. මූණේ සම පෝෂණය කරන්නටත් මේ අමුද්‍රව්‍යවලට හැකියාව තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles