මට අවුරුදු විසිදෙකයි, මේ කතාව වෙද්දි මං university එකේ අන්තිම අවුරුද්දේ හිටියේ.
අපි ඉතින් එහෙම ලොකුවට සල්ලි තිබිච්ච මිනිස්සු නෙවෙයි හන්දා අමතර ආදායමක් හොයාගන්න එක මට තිබ්බ ලොකු goal එකක්.
ඒ හන්දා තමා මම baby sitting වැඩක් හොයාගත්තෙ university එක කිට්ටුවෙන්ම. දවස් දෙකක්, බදාදායි, සිකුරාදායි, හවසට තමයි මේ babysitter වැඩේ ලැබුණෙ. සල්ලි ලැබිච්ච හන්දා විතරක් නෙවෙයි, මට හිතුණා මේක නියම රස්සාවක් කියලා. පොත්පත් වල එල්ලිලා, නිදිමත එනවට කෝපි බිබී, වැඩ එක්ක පොරබදමින් හිටපු මට මේක ටිකක් freedom එකක් වගේ දැනුණා. නිස්කලංක ගෙයක්, පැය දෙකක් විතරයි වැඩ කරන්න තියෙන්නෙ, diapers, tantrums, සද්දබද්ද නැහැ. හරිම නිස්කලංක ළමේක්.
ඒක ඒ බලාගන්න යන ළමයගෙ අම්මා මුලින්ම කතා කරද්දිම හොඳට පැහැදිලි කළා.
එයාගේ කටහඬ හරිම professional. එයා හැම වචනයක්ම හොඳට හිතලා මතලා තමයි එලියට දැම්මෙ. හිනාවෙන්නවත්, ඕපදූප කියන්නවත් එයාට වෙලාවක් තිබුණේ නැහැ.
“ඇත්තටම ඔයාට ලොකු දෙයක් කරන්න නෑ. මගේ පුතා ගොඩක් silent ලමයෙක්. ඔයාට එයාව කවන්න, නාවන්න, entertain කරවන්න ඕන වෙන්නේ නැහැ. ගෙදර ඉන්න විතරයි ඕනේ. ආ අනික අනේ කරුණාකරලා” එයා පොඩ්ඩක් නැවතුණා, ඒක මට හොඳටම මතකයි. හරියට නිකන් අමතක වෙන්න හොඳම නැති වැදගත්ම point එකක් අමතක උනා වගේ එයා ලොකු හුස්මක් අරගෙන තමා ඒ කතාව කිව්වේ.
“ගොඩක් ප්‍රශ්න අහන්න එපා.” මම කිසිම දෙයක් නොහිතා එකඟ වුණා. “ඕනවට වඩා සල්ලි තියෙන මිනිස්සුන්ට එයාලගේම අමුතු පුරුදු තියෙනවානේ” මං එහෙම තමයි හිතුවෙ.
ගෙදර තිබුණේ පටු, ගස්වලින් වටවෙලා හෙවන හොඳට තිබිච්ච පාරක, overgrown බෝගන්විලා වැටක් පිටිපස්සේ හැංගිලා. බිත්ති පාට කරලා තිබුණේ ක්‍රීම් පාටකින්. පිටින් බලද්දි විශේෂ දෙයක් තිබුණේ නැහැ. තට්ටු දෙකේ ගෙයක්, වහපු ජනෙල්, ලොකුවට පැල එහෙම වවලා තිබ්බා හරියට නිකන් එලියෙන් බලන කාටවත් පේන්නෙ නැතිවෙන්න වගේ, සපත්තු එළියේ තිබුණේ නැහැ. ගේ එලියෙන් බලන කෙනෙක්ට නිකන් “අනෙ මේ ගෙදර කවුරුවත් නෑනෙ” කියල හිතෙන අන්දමේ මහ මූසල පාලුවක් තිබ්බා.
හැබැයි ගේ ඇතුල එහෙම නෑ.
ගේ ඇතුල නම් මාරම පිරිසිදුයි. ඕනවටත් වඩා පිරිසිදුයි. Living room එකේ දිලිසෙන කළු පාට time අල්ලලා තිබුණා, ඒකෙන් හෙවනැල්ල හොඳට පෙනුණා, හරියට යටින් කවුරුහරි බලන් ඉන්නවා වගේ. පවුලේ ෆොටෝස් තිබුණේ නැහැ. වෙන පින්තුර එහෙම එල්ලලා තිබ්බෙත් තිබුණේ නැහැ. පොත්පත් තිබුණේ නැහැ. තිබුණේ beige පාට සෝෆා එකක්, එක කෙළවරක stand lamp එකක් එක්ක පොඩි මේසයක්. ඒක minimalistic living ද එහෙම නැත්තම් මේ මිනිස්සු මොකක් හරි දෙයක් හංගන් ඉන්න හදනවද කියලා ඒ දිහා දකින ඕනම කෙනෙක්ට question කරන්න හිතෙන අන්දමේ පෙනුමක් තිබිච්ච ගෙයක්.
එයා, මිසිස් ඒකනායක, ගේට්ටුව ළඟදී මට යනවා කියලා බායි කියන්න අත වැනුවා. ගෑණි හිටියෙ සුදු සාරියක් ඇඳගෙන. කොණ්ඩේ කොච්චර තදට බන් එකක් දාලා තිබුණද කිව්වොත් එයාට හොඳටම රිදෙනවා වගේ තමයි මං ඒක දැක්කෙ. එයා හිනා වුණේ නැහැ, ඒත් නපුරු වුණේත් නැහැ. වේලිච්ච මුද්දරස්පලං එකක් වගේ නිකන් කරකුට්ටන් පාටක් තමයි තිබුණෙ.
පරණ කඩදාසියක් වගේ. එයා මට කැපිටල් අකුරින් ටයිප් කරපු ලිස්ට් එකක් දුන්නා:
Music දාන්න එපා, ටීවී බලන්න එපා, හවස 6න් පස්සේ ලයිට් දාන්න එපා, ජනෙල් අරින්න එපා, ළමයා සෙල්ලම් කර කර ඉන්න පෙට්ටිය එහාට මෙහාට කරන්න එපා, ඒක අරින්න එපා, එයාට කතා කරන්න කියන්න එපා කියලා.
මට මතකයි මම කටත් ඇද කරගෙන, “පෙට්ටියක්?” කියලා ඇහුවා. ඒකට ඒ මනුස්සයා කරේ ඔළුව වනලා වචන දෙකක් කිව්ව එක විතරයි.
“ඔයාට තේරෙයි.”
ඒක තමයි සවිත් ඒකනායක එක්ක මං ගෙව්ව පළවෙනි දවස.
මම living room එකට යද්දිත් එයා වාඩි වෙලා හිටියේ.
ඒ ළමයා කොච්චර silent ද කිව්වොත් මම හිතුවේ එයා නිකන් පණ තියෙන කෙනෙක් නෙවෙයි මේ minimalist look එකක් තියෙන ගෙදර තියෙන අනික් පණ නැති furniture වගේ දෙයක් කියලා.
පොඩි කොල්ලෙක්, අවුරුදු හයකට වඩා වැඩි වෙන්න බෑ.
සුදු, අත් තියෙන ෂර්ට් එකක් ඇඳලා, රස්නේ තිබුණත් උඩටම බට්න් දාපු මිනිහව මම දැක්කෙ හරියට young Sheldon වගේ. හැබැයි පොඩ්ඩක් creepy.
මූණ නිකන් normally ඔය වයසෙ පොඩි උන්ට තියෙන හුරතල් බෝල පෙනුමට එහා ගියපු ලස්සන thin jawline එකක් තියෙන model කෙනෙක්ගෙ වගේ මූණක්. හම හරිම සුදුමැලි. සමහරවිට ඒ නම් වැඩිය ඉර එලියට එහෙම ගියේ නැති හන්දා වෙන්නත් පුලුවන් කියලා මට හිතුවා. කළු කොණ්ඩේ ඇහි බැමි උඩින් වැටිලා තිබුණා.
එයාගේ actions හරිම weird. ඔය වයසෙ අනිත් ළමයි වගේ එක එක shapes නෑ, හරිම straight. වාඩිවෙලා උන්නෙත් කොන්ද කෙලින් තියාගෙන මාර පිලිවෙලකට. හරියට පැය ගණන් එහෙම ඉන්න කියලා කවුරුහරි කියලා දීලා වගේ.
එයා ඉස්සරහින් එයාගෙ අම්මා කිව්ව “පෙට්ටිය” තිබුණා. ඒ කාමරේ තිබුණු පරණම වගේ පෙනුණු එකම දේ ඒක. ඔප දමපු කළු පාට ලීයකින් කරපු, රවුම් edges තිබ්බ, මැදින් කොටස් දෙකකට වෙන් කරපු පෙට්ටියක්. ලොක් එකක් නැහැ. කැටයම් නැහැ. සපත්තු පෙට්ටියක සයිස්.
ඒක මේසය උඩ, එයා ඉස්සරහින්ම තිබුණ., එයා අත් දෙකම ඒක ළඟින් තියාගෙන හිටියා, අල්ලන්නෙ කරන්නේ නැතුව, උස්සන්නේ නැතුව, නිකම්ම… ළඟින් තියාගෙන හිටියා කියලා තමයි මම දැක්කෙ.
මම මුල් දවස් කීපය එයා එක්ක කතා කරන්න හැදුවා.
“Hey සවිත්, මම අමා. මම තමයි ඔයාව බලාගන්නේ.”
“ඔයාට මට මොනවා හරි කියවන්න ඕනද? නැත්නම් අපි happy families play කරමුද?”
කිසිම response එකක් නැහැ.අඩුම ඇස් පිල්ලමක්වත් ගැහුවේ නැහැ. ඒ වගේම මම මොනවා කිව්වත් එයාගෙ ඇස් කවදාවත් පෙට්ටියෙන් අයින් වුණේ නැහැ. මුල් දවස් කීපය, මම හිතුවේ මේක මොකක් හරි මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා. සමහරවිට එයාට ඔටිසම් වගේ දෙයක් ඇති. ලොකු shock එකකට මූන දීල ඇති. සයිකොලොජි වල මේ වගේ දේවල් ගැන කියවෙනවනෙ. ළමයි බඩු වලට හැඟීම් සම්බන්ධ කරනවා කියලා.ටෙඩි බෙයාර්ස්, ෂර්ට්, ෆොටෝස්. වගේ දේවල් එක්ක එයාලා emotional bonds හදාගන්නවා කියලා.
මම කවුද ඕව judge කරන්න? අනික මේ පොඩි එකෙක්ව judge කරන එක කොච්චර කැතද? කියල මම හිතුවා.
මම මුලින් සවිත්ගෙ silence එකට පුරුදු වෙන්න හැදුවා. ඒත් ඒක නිකම්ම silence එකක් නෙවෙයි. මට ඒක silence එකක් වගේ පෙනුනට සවිත් මට ඇහෙන්නේ නැති දෙයකට ඇහුන්කන් දෙනවා වගේ මට දැනුණා. සමහර වෙලාවට, එයා හෙමිහිට ඔළුව වැනුවා, ඒත් මම කියපු කිසිම දෙයකට නෙවෙයි. නිකම්ම… ඇහෙන්නේ නැති, නොපෙනෙන, එයා විතරක් දන්නා දෙයකට react කරනවා වගේ. ඒක මානසික ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, ඊට එහා ගිය දෙයක් කියලා මට හිතුණා.
අන්න ඒ feeling එකත් එක්ක තමා මුලින්ම මට නිකන් පොඩි අමුතු දෙයක් හිතුනෙ.
මම පොඩ්ඩක්වත් බය නැතුව, “සවිත්” කියලා කටහඬ සැහැල්ලුවෙන් තියාගෙන ඇහුවා.
“පෙට්ටියේ මොනවද තියෙන්නේ?” කියල මම ඇහුවෙ හරි හෙමින් උනාට එයාගේ ඇස් මගේ දිහාට හැරුණා. හරිම ඉක්මනට.
ඒක පළමු වතාවට මට දැකගන්න ලැබුණ දෙයක්. එයාගේ ඇස්වල මට බයක් වගේ දෙයක් පෙනුණා. ඒ බය මට නෙවෙයි. එයාගේ ඇස්වල තිබුණේ මං අහපු ප්‍රශ්නයට එයගෙ හිතේ තියෙන බයක්.
එයා කොඳුරලා වගේ කිව්වා, “අහන්න එපා.”කියලා.
එච්චරයි ඒක විතරයි. ඒක තර්ජනයක් නෙවෙයි. ඒක විරෝධයක් නෙවෙයි. ඒක අවවාදයක්.
ඒත් ඒකෙන් පස්සේ හැමදේම වෙනස් වෙන්න ගත්තා.
මගේ හයවෙනි හත් වෙනි දවසේ විතර, මම හවස shift එක වෙනුවෙන් ගෙදර එද්දිම පුදුම හයියෙන් වැස්සා. අහසෙ තිබ්බෙ මහ මූසල අළු පාටක්. අකුණු වකාරෙට පිරිලා තිබ්බා. මෙච්චර අකුණු ගහද්දි සවිත් වගේ පොඩි එකෙක් usually බය වෙනවනෙ කියලා හිතලා දුවගෙන මම ඇතුළට ගිහින් බලද්දි සවිත් කලින් හිටපු තැනම හිටියා.
ඒත් මේ පාර, එයාගේ අත් පෙට්ටිය උඩ තමයි තිබ්බේ. තදින් අල්ලගෙන. හරියට කවුරුහරි ඒක එයාගෙන් උදුරලා ගන්න හදනවා වගේ.
“Are you okay?” මම ඇහුවා.
එයා උත්තර දුන්නේ නැහැ. ඒත් එයා සීලිම දිහා බැලුවා, ඊට පස්සේ ජනේලය දිහා, ආයෙත් මගේ දිහා බැලුවා.
“එයා thundering වලට කැමති නැහැ.” කටහඬ කොච්චර සීරුවෙන්ද කිව්වොත් මට ඒක යන්තම් ඇහුණා. කටහඬේ පොඩි ළමයෙක්ගේ ගතියක් තිබුණේ නැහැ. ඒක මහන්සි වෙච්ච, පුරුදු කරපු කටහඬක්.
මට මතකයි මට තිබ්බ එකම ප්‍රශ්නෙ කවුද මේ සවිත් කියන එයා කියන එක. මම ඒක අහන්න කලින්, lights එකපාරටම දැල්විලා නිවිලා ගියා.
උඩ තට්ටුවෙන් මොකක් හරි සද්දයක් ඇහුණා. හරියට බර දෙයක් බිමට වැටුණා වගේ. මම සීලිම දිහා බැලුවා.
“කවුරුහරි උඩ තට්ටුවෙ ඉන්නවද?” කියලා මම ඇහුවා.
සවිත් නෑ කියන්න ඔලුව වැනුවා. “එයා උඩ තට්ටුවේ නෑ. යන්න එපා.” කියලා ඊලඟට කියද්දි මගේ උගුර කට වේලුනා. ගෙදර එකපාරටම ආයෙත් නිහඬ වුණා, හරියට ඇතුලෙ තිබුණු හැම සද්දයක්ම එලියට උරාගත්තා වගේ. මං හොඳටම බය උනේ ආන් ඒ silence එකට.
ඒ රෑ මිසිස් ඒකනායක ගෙදර ආවේ පරක්කු වෙලා. එයා ටිකක් කලබල වෙලා වගේ පෙනුණා. එයාගේ සාරිය ටිකක් පොඩි වෙලා, කොණ්ඩේ අවුල් වෙලා තිබ්බා.
මොකටද කියල මට හිතාගන්න බැරි reason එකකට එයා මට sorry කියලා සල්ලි දුන්නා.
මම යන්න හැරිලා ආපහු එයා දිහා බලලා හිනාවෙලා ඒ මරි මොංගල් ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවා.
“මොකද්ද ඒ සවිත් සෙල්ලම් කරන පෙට්ටිය? මොකක් හරි family එකෙන් ආව දෙයක්ද?”
එයාගේ දෑස්වල තිබුණේ අමුතු බරපතලකමක්. ඊට පස්සේ, සන්සුන්ව, එයා උත්තර දුන්නා:
“ඒක රහසක් නෙවෙයි. ඒක පොරොන්දුවක්.”
ඒ රෑයින් පස්සේ මට කවදාවත් මිසිස් ඒකනායක ආයෙත් කතා කළේ නැහැ. පණිවිඩයක් නැහැ. පැහැදිලි කිරීමක් නැහැ. මම හිතුවේ එයාලා වෙන තැනකට ගියා කියලා. එහෙමත් නැත්නම් එයාලගේ routine එක වෙනස් කළා කියලා. මමත් ඉතින් ලොකුවට හිතන්න ගියේ නෑ.
මම මටම කියාගත්තා “උන් මහ අමුතු පවුලක්. ඒ ළමයට මොකක් හරි ලෙඩක්. අම්මා හිතන් ඉන්නෙ මුලු ලෝකෙම කැරකෙන්නෙ එයාගෙ අතේ කියලා”
මං හිතුවෙ ඒ ගෙදර රස්සාවට යන එක නතර වෙච්ච ගමන් මට ටික දවසකින් ඕව අමතක වෙලා යාවි කියලා.
ඒත් මාසෙකට පස්සේ, එක හවසක මම ගෙදර එද්දි, මගේ මේසය උඩ මොකක්දෝ දෙයක් තිබුණා.
මම ගෙදරින් යද්දි ඒක තිබුණේ නෑ කියලා I am pretty sure. මම තනියම ජීවත් වෙන්නේ. කාටවත් extra යතුරක් දීලා නැහැ.
ඒ ඔතලා තිබ්බ පාර්සලේ මම ඇරලා බැලුවා.
විශ්වාස කරන්න ඒකෙ තිබ්බෙ අර පෙට්ටිය. සවිත්ගෙ පෙට්ටිය.
ඔප දමපු කළු පාට ලීයකින් කරපු, රවුම් edges තිබ්බ, මැදින් කොටස් දෙකකට වෙන් කරපු පෙට්ටියක්. ලොක් එකක් නැහැ. කැටයම් නැහැ. සපත්තු පෙට්ටියක සයිස්.
මම ඒක ඇරියේ නැහැ.
මගේ ඇඟේ මයිල් කෙළින් වුණා. අත් වෙව්ලුවා.
ඒ පෙට්ටිය කොහොමද මගේ මේසය උඩට ආවේ? සවිත්ගේ අම්මා නම් ඒක ගෙනාවෙ එයාට යතුරක් හම්බුනේ කොහොමද මගෙ කාමරේට enter වෙන්න? එහෙම නැත්නම් මේක මට explain කරගන්න බැරි වෙන දෙයක්ද? කවුද මේක මෙතනින් තිබ්බේ? ඒ ප්‍රශ්න මගේ ඔළුවට පුදුම විදියට වද දුන්නා.
මම පෙට්ටිය දිහාම බලාගෙන ඒක කල්පනා කරා.
සමහර වෙලාවට, මම ඒකට ගොඩක් ළඟින් වාඩි වෙලා ඉද්ද මට දැනෙනවා මම මොකක් හරි වැදගත් දෙයක් අමතක කරලා වගේ. අමුතු බරක් මගේ පපුවට දැනෙනවා. ඒ වගෙම රෑට, මම මහ අමුතු අකුණු ගහන හීන දකිනවා.
ඒ විතරක් නෙවෙයි කවුරුහරි මගෙ කනට කොඳුරලා අහනවා “ඔයා ගොඩක් ප්‍රශ්න ඇහුවා.” කියලා.
දැන් මම ඒ පෙට්ටිය දිහා බලන් ඉන්නේ දවස් ගාණක් තිස්සේ. ඒක මගේ මේසය උඩ මගේ ජීවිතේ කොටසක් වගේ වෙලා.
මම ඒක අරින්න බයද? නැත්නම් ඒක ඇරියාම මට මොනවා හමුවෙයිද කියලා හිතාගන්න බැරිද?
සවිත් කියපු “එයා” කවුද?
මිසිස් ඒකනායක කිව්ව ඒ පොරොන්දුව මොකක්ද?
මේ හැම ප්‍රශ්නයක්ම මගේ හිතේ දුවනවා. සමහරවිට ඒ පෙට්ටිය ඇතුළේ තියෙන්නේ සවිත්ගේ රහස විතරක් නෙවෙයි. මගේම කුතුහලයත් ඒක ඇතුළේ අගුළු දාලා තියෙනවා වගේ කියලා මට හිතෙනවා.
කවදාහරි මම මේක අරියිද? එහෙම අරියි නම් එදාට මොනවා වෙයිද? ඒ ප්‍රශ්නවලට උත්තරයක් තාම මට නැහැ.