ලස්සන වෙන්න කවුද අකමැති. මේ කියන්නේ. කිසිම කරදරයක් නැතිව කුස්සියේ වගේම වටපිටේ තියෙන දේවල් වලින්ම, වැඩි වියදමකුත් නැතිව ලස්සන වෙන්න ක්‍රම හතක් ගැනයි. උයන පිහන අතරේ, ගෙදර දොරේ දරුවන්ගේ වැඩ රාජකාරි මැද්දේ, අපි මෙන්න මෙහෙම ලස්සන වෙමු.
රෝස තොල්
මී පැණි, දත් බෙහෙත්, ග්ලිසරින් එකට මිශ්‍ර කර තොල්වල ආලේප කරන්න. විනාඩි කිහිපයකින් පිස දමන්න. සතියක් පමණ එක දිගට සිදුකර වෙනස වටහා ගන්න.
සිල්ක් කොණ්ඩයකට
මේ සදහා අවශ්‍ය බේබි ඔයිල් පමණයි. ඒත් ටිකක් නෙවෙයි. ගොඩක්.. ඔබේ මුළු කෙස් වැටියම බේබි ඔයිල් හොදින් ගලවා මසාජ් කරන්න. කොණ්ඩය සම්පුර්ණයෙන්ම බේබි ඔයිල් වලින් තෙම්මවිම අනිවාර්යයි. විනාඩි කිහිපයකින් ෂැම්පු ගල්වා සෝදා හරින්න. කොණ්ඩය සිල්ක් කරගැනීමට හෝ අයන් කරගැනීමට ඔබ සැලෝනයට දෙන මුදල දැන් එහෙම පිටින්ම ඔබේ පසුම්බියේ…
කුරුලෑ කැළැල් වලට
කෝමාරිකා ජෙල් සමග දත් බෙහෙත් සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන හොදින් මිශ්‍ර කරගන්න. එය කැළැල් සහිත ස්ථාන වල ආලේප කර රැයක් තබන්න. පසුදා උදෑසන සෝදා හරින්න. ඉක්මන් ප්‍රතිපල සහිතයි.
කිහිලි යට තද පැහැයට
කිහිලි යට කලුවිම බොහොමයක් දෙනෙක්ට තියෙන ගැටළුවක්. ඔබේ මුළුතැන් ගෙන්ම මේ සදහා විසදුම් සොයා ගන්නට පුළුවන්. අර්තාපල් ගෙඩියක් සොයාගන්න. එය හොදින් පොතු හැර දෙකට පලන්න. දැන් අදුරු ප්‍රදේශයේ ආලේප කරන්න. දවසකට තුන් සැරයක් දින කිහිපයක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
කිහිලි යට දුර්ගන්දයට
සමහර කෙනෙක්ගේ කිහිලි යටින් තරමක සැර දහදිය ගදක් එනවා. මේ ගැන කලබල වෙන්න ඕන නම් නැහැ. දිනපතා උදේ සහ රාත්‍රී නින්දට පෙර කිහිලි යට පොල්තෙල් ස්වල්පයක් ආලේප කර හොදින් පිරිමදින්න. දින කිහිපයකින් වෙනස අත්විදින්න.
ඝනකම් නිරෝගී කෙස් කලඹකට
මේ සදහා අවශ්‍ය වන්නේ ඔලිව් ඔයිල්, කෙසෙල් ගෙඩියක්, සමග බිත්තරයක් පමණයි. මේ සියල්ල හොදින් මිශ්‍ර කරගන්න. ඉන්පසු හිස් කබලේ මෙන්ම කෙස් වලත් හොදින් ආලේප කරන්න. හිස ආවරණය කර මිනිත්තු 40 පමණ තබන්න. පසුව හොදින් සෝදා හරින්න.
ඇස්යට කළු වීමට
අර්තාපල්. කෝමාරිකා සහ පිපිඤ්ඤා මේ සදහා අවශ්‍ය වෙනවා. අල සහ පිපිඥා බ්ලෙන්ඩර් කර එයට කෝමාරිකා මේස හැන්දක් එක්කර ගන්න. මෙය ඇස්යට ආලේප කර මිනිත්තු කිහිපයකට පසුව සෝදා හරින්න.
– ඉරේෂා –