අවස්ථාවට ගැළපෙන නිවැරදිව මේක් අප් එකක් කරගමුද ?

මේක් අප් එකකින් අප බලාපොරොත්තු වන්නේ තිබෙන ලස්සන තව තවත් වැඩි කරගැනීමයි. ඉතින් කාර්යාලයට ,උත්සවයකට යන අවස්ථාවන්වලදී අවස්ථාවට ගැළපෙන ලෙස තමන්ට තනිවම පුංචි මේක් අප් එකක් දා ගන්නට පුළුවන් නම් එය කාලය වගේම මුදලුත් ඉතිරි කරන්නක් වෙනවා.

මෙන්න මේ උපකරණ ඕනා වෙනවා

  • ෆවුන්ඩේෂන් බේස්
  • පවුඩර්
  • ලිප්ස්ටික්
  • මස්කාරා
  • අයි බ්‍රෝ පෙන්සිල්බ්‍රෂ්
  • ටිෂූස්

රැකියාව මොකද්ද?

මතක තියා ගන්නම ඕනා දෙයක් තමා ස්ථානයට සුදුසු ලෙස මේක් අප් එක ගැල්වීම. නැත්තම් එය නොගැළපෙනදෙයක් වෙනවා.අපේ අරමුණ අවස්ථාවට සුදුසු ලෙස සැරසීම වන නිසා.

ක්‍රියාවලිය

  • මුලින්ම ෆවුන්ඩේෂන් බේස් එකක් භාවිතා කරන්න. ඉන් සමේ අව පැහැ වූ ස්ථාන වැසෙනවා. එය සමට ගැළපෙන වර්ණයක් විය යුතුයි.
  • පසුව සමේ වර්ණයට ගැලපෙන පවුඩර් එක ආලේප කරන්න.
  • වැඩි නොවන ලෙස මස්කාරා ආලේප කරන්න. යටි ඇසි පිය අයි බ්‍රෝ පෙන්සිල් එකෙන්
    ආලේප කරන්න.
  • මුහුණේ හැඩයට ඇහි බැම සකසා ගන්න. ඝන ඇහි බැමි පාට නොකරන්න.
  • ලිප්ස්ටික් ආලේප කිරීමේදී සමේ වර්ණය ගැන හොඳින් සැළකිලිමත් වන්න. දෙතොල සිහින් නම් ලා වර්නයක්ද දෙතොල මහත නම් තද වර්ණයක්ද භාවිතා කරන්න. ලිප් බේස් එකක් ආලේප කිරීම මගින් ලිප්ස්ටික් වැඩි වෙලාවක් දෙතොලේ රඳවා ගන්න පුළුවන්.
  • කට ඌ අකුර කියවන විටදී මෙන් සාදා ලොකු බ්‍රෂ් එකකින් බ්ලෂින් ආලේප කරන්න. එයත් සමේ වර්ණයට ගැළපෙන ලෙස තෝරා ගන්න.
  • සුදු පැහැති සමකට රෝස වර්ණයද, තලෙළු සමකට රත්රන් හෝ දුඹුරු, කහ පැහැති සමකට ලයිට් යෙලෝ වඩාත් සුදුසුයි.

මේ සියල්ල ලස්සන වන්නේ අවස්ථාවට ගැළපෙන ඇඳුම් පැළඳුම් වලින් සැරසී ඊට ගැළපෙන මේක් අප් එකක් යෙදුවෝතින් පමණයි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles