ඔසප් දින වඩාත් පහසු කරන Menstrual Cup

ඔසප් දින කිහිපය අපි ගෙවන්නේ ඉතාම අපහසුවෙන්.සනීපාරක්ෂක තුවා භාවිතයත් අපහසුතාවයක් වෙන අවස්ථා ඕනෑ තරම්. කාන්දු වීම්, බැහැර කිරීමේ අපහසුතා ආදිය නිසා සනීපාරක්ෂක තුවා ඔසප් දිනවල අපව වඩාත් සීමාවන්ට හිර කරනවා.ඒ සියල්ලටම විසඳුම ලෙසයි Menstrual cup හඳුන්වා දී තිබෙන්නේ.

මෙය පුංචි පුනීලයක හැඩයෙන් නිර්මාණය වූ ඔසප් කාලයේ පැළඳිය හැකි උපකරණයක්. ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිර්මාණය කර ඇති මෙය නැවත නැවතත් පාවිච්චි කල හැකි අතර වසර ගණනාවක් භාවිතා කරන්නටත් පුලුවනි.සනීපාරක්ෂක තුවා වෙනුවට මෙය පළඳින්නට පුලුවන්.

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මේ උපකරණය 2018 දී ලංකාවට හඳුන්වා දෙන්නේ නදීෂා පෝලිස් විසින්.

නදීෂා පවසන අන්දමට සනීපාරක්ෂක තුවා වලින් ඇතිවෙන අපහසුතා වලට සහ එමඟින් සිදුවන පරිසර හානියටත් මෙය හොඳම විසඳුමක්.

මෙමඟින් ඔබට ඇති වාසි.

  • එක menstrual cup එකක් බොහෝ කලක් පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා.
  • සනීපාරක්ෂක තුවා විටින් විට මාරු කරන්නට වුවත් මෙය පැය පහළොවක් පමණ පැළඳීමට හැකියි
  • මෙමගින් ඔසප් වීමේදී බැහැර වන රුධිරය එකතු කරගන්නා නිසා යෝනි ප්‍රදේශය ඉන් අපිරිසිදු වීමෙන් වැළකෙනවා.
  • මෙය පැළඳ ඔසප් දිනවලත් පිහිනීමට හැකියි

මුලදී මෙය භාවිතා කිරීමේදී ඔබට නුහුරු බවක් සහ අපහසුතා දැනීම සාමාන්‍ය දෙයක්. නමුත් ඉක්මනින් ඔබ එයට හුරු වේවි.

නටන වතුරේ විනාඩි පහක් පමණ මෙය ජීවාණුහරණය කිරීමෙන් පසු ඔබත් දෑත් හොඳින් සෝදා ගන්න. ඉන්පසු මෙය සිරුරට ඇතුල් කිරීමට වඩා පහසු ඉරියව්ව තෝරාගෙන මේ රූප සටහනේ දැක්වෙන පරිදි ඔබට මෙය පැළඳිය හැකියි.

කප් එක පිටතට ගන්නා විට දෑත් හොඳින් සෝදාගන්න.යටි බඩින් පහතට තෙරපමින්, ඔසප් කෝප්පය ඉවතට තල්ලු කරන්න.ඉන්පසු නටුව දෙපැත්තට පදවමින් සෙමින් කෝප්පය යෝනි මාර්ගයෙන් ඉවත් කරගන්න.එහි එකතු වූ රුධිරය ඉවත් කරගන්න. නැවත ජීවාණුහරණය කරන්න.

මෙය ඔබට සුපිරි වෙළඳ සැල් මඟින් හෝ online service මඟින් ලබා ගැනීමට හැකියි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...