පසුදින සාරතී පැමිණීමෙන් පසු මනුජ ඇය පිළිගත් ආකාරයේ වෙනස මනුජගේ පියා හඳුනාගත්තේය.
” උඹ බාලාංශේ වගේ නේ ලොකූ වැඩ.. අර මනුස්සයා උඹට කතා කරලා යද්දී උඹ නිකන් ඔහේ ඉන්නේ…?”
“මට ඇහුන් නෑ…”
“උඹේ ඔය චරියාවන් අපි උහුලගෙන හිටියට පිට මිනිස්සු ඕවා කාගෙන ඉඳීවි හිතන්නෙපා පුතේ ඈ… හොඳට මතක තියාගනින් ඒක …. අන්තිමේදි ආයේ මේ දරු පැටියා බලාගන්න කට්ටිය හොයන එක ලේසි වෙන්නේ නෑ… අනෙක දෝණි එහෙම හැම කෙනාවම් ඇක්සෙප්ට් කරන්නේත් නෑ..”
මනුජ එයට කිසිත් නොකියා උන්නේය. තාත්තා පිටව යද්දී දියණිය ඔහු සමඟ යන්නටත් අවැසිව, තමා සමඟ සිටින්නටත් අවැසිව දෙපස හැරෙම් සිටින අයුරු දුටු මනුජ මොහොතකට තද සුසුමක් හෙලුවේය. ඇය ජීවිතයේ කෙතරම් දේවල් දරා ගැනීම සඳහා ශක්තිමත් විය යුතුද?
මනුජ පිටව ගියේ සාරතී හා නොදොඬාමය. එහෙත් සාරතී මනුජ කෙරෙහි මවුවත් කමින් එය ඉවසුවාය
” මේ පුත්තරයා වගේම වෙන් නැතෑ මගේ කොල්ලත් උන්න නම් …”
ඕ කඳුලු පිසගත්තේ දියණියගෙන් ඇස් ඉවතට නොගමිනි.
මනුජ පුහුණු සැසි දෙකක් සමඟ කාර්‍යබහුල විය. ඉන් පසුව ඔහු අම්මා අමතා තාත්තා පැමිණි වග තහවුරු කරගත්තේය. සාරතී අමතන්නට අම්මාට කීවේය. වෛද්‍ය මිතුරාගෙන් මඟහැරුණු ඇමතුම් කිහිපයක්ම තිබුනත් ඔහු සවස් වනතුරුම ප්‍රතිචාර දැක්වූයේ නැත.
සවස තේ පානය කරන වේලාවේ යළි මිතුරාගෙන් ඇමතුමක් ආවේය. මනුජ එයට පිළිතුරු දුන්නේය.
” කියහං … උදේ ඉඳන් පට්ට බිසි බං…”
“පලයං නිකන් කෙබර ඇදබාන්නේ නැතුව… මං කිහිප වතාවක් ගත්තා.. තොර ටෙක්ස්ට් එකක් දාගන්න බැරි තරමටම බිසිද ?.”
” බිසි යකෝ …. සිරාවටම..”
“හරි … ඒකෙන් වැඩක් නෑ…. උඹ ඩොක්ටර් සින්දූපා ට කතා කලාට තෑන්ක්ස් මචං… ඒකි ඒකෙන් ඔලුව හදන් …. අපි උඹලා වගේ නෙවි,උන් සැපට උන්නු කෙල්ලෝ..හතරවටෙන්ම වට කරලා ගහනකොට අප්සෙට් යනවානේ… අපේ ලොක්කට ඔය තියෙන්නේ කෙල්ලව ටැකල් කරගන්න බැරි වෙච්ච ඇරියස් එක… ඩොක්ටර් මාධවී හිතාගෙන ඉන්නේ, ඩොක්ටර් සින්දූපා කොළඹ ඉඳන් මෙහෙ ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්න නෙවෙයි, ලකුණු දාගන්න කියලා… ඉතින්, උන් දෙන්නා එකට එකතු වුනාම සින්දූපා ඩොක්ටර් ට කේස්…. දෝණිට කේස් බං..”
වෛද්‍ය මිතුරා සරදම් හඬකින් එලෙස පැවසුවේය. මනුජ කෝපයෙන් වටපිට බැලුවේ, කිසිවෙකුට ඒ සංවාදය ඇසී ඇතිදැයි සැක හිතී ලෙසිනි. ඇය එවැනි මුසාවක් පිරිසට පවසා බලාපොරොත්තු වන්නේ කුමක්ද ?
” තෝ ගංජා ගහලද බං හොස්පිට්ල් එකේ ඉන්නේ ? එක්කෝ, තොපි ඔක්කොමලා ගංජා ගහලාද ඉන්නේ ??”
“ඇයි ?”
” මං දන්න ඇති සින්දූපෙක් නෑ බං.. මං හම්බුනේ නෑ..”
” ඇ ???”
” ඔව් යකෝ…තෝ මං කවුද කියලා නොදැන වගේ නේ මේ මනස්ගාත කියවන්නේ… ෆෝන් එක තියහං.. මම බිසි… උඹ අපේ දිහා එන්නේ කවදාද කියහංකෝ නංගි එක්ක ..?”
“එන්නන්…. ඊට කලින් මට කියහං, උඹ උදේ සින්දූපා ව මීට් උනේම නෑ ?”
ඇය පවසා ඇත්තේ රෙඩිමේඩ් මුසාවක් බව මනුජට පැහැදිලි විය. ඇය තම මිතුරාට එවැන්නක් පැවසීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මනුජට පැහැදිළිව වැටහුනේ නැත.
” නෑ කිව්වම නෑ..උඹ තියහං ෆෝන් එක …”
මනුජ කෝපයෙන් ඇමතුම විසන්ධි කලේය.
” මොකක්ද යකෝ ඒ කතාව ඒ… ඒකි එක්කෝ ඇත්ත සීන් එක මූට කියන්නෝනා… සාරතී නැන්දා ඒකිගේ ගෙදර ඉන්න විස්තරේ එක්ක ගලපලා මම එහෙ ආවා කියලානේ කියන්නෝනා මේකි.. ඒ වෙනුවට මම උදේ හම්බෙලා සොරි කිව්වා කියලා, ඒකෙන් හෙනම ආනන්දයක් ලබලා නේ… මොන සමයමක්ද ඒ ? එක්කෝ ඒකිට මොකා හරි ට්‍රැක් අවුට් කේස් එකක් වෙන්නෝනා… එහෙම නැත්නම් මේකි ප්ලෑන් කරලා මොකක් හරි නාඩගමක් නටනවා…”
මනුජ ගේ ඊළඟ පැය කිහිපයම ගෙවුනේ සින්දූපා යැයි නිවැරදිවම මතකයේ නොතිබූ වෛද්‍යවරියගේ වටහා ගත නොහැකි රෙඩිමේඩ් බොරුව ලෙහන්නටද කල් ගත කරමිනි. ඇය උත්සාහ කරන්නේ, තමා ඇය වෙත විත් සමාව ඉල්ලූ බව සමාජ ගත කරන්නට බව අවසානයේ ඔහු තීරණය කලේය. සමාව ඉල්ලා සිටින්නට තරමේ වරදක් තමා කල බව මනුජ තවම සිතන්නේ නැත. වරද කලේ ඇයය. රෝගින්ගේ සුව වෙනුවෙන් දිවුරා ප්‍රතිඥා දී ඇති ඇය, තම දියණිය නොසලකා හරිමින් සිටීම පහසුවෙන් අත් හැර දැමිය හැකි කාරණයක් වන්නේ කෙසේද ?
” ෆේස්බුක් පෝස්ට් එක ඩිලීට් කලේ මම ඒකිට බයේ කියලා හිතනවාද දන්නේ නෑ.. අනේ ඉතින්, ගෑණුනේ එක අතකට… හ්හ්… ඒක මට හරි නැති නිසයි මා ඒක ඩිලීට් කරලා දැම්මේ කියලා ඒ මෝඩ මොළේට තේරුම් කරලා දෙන්න ළඟ පහතකවත් කවුරුත්ම නැතුව ඇති ….ශිට්… අඒ එකාටත් මගෙයි, ඒ ඩොක්ටර්ගෙයි මැද්දෑවට වෙලා දූත මෙහෙවර කරනෙක ඇරෙන්න වෙන වැඩක් නෑ…ඕකට හොඳ පාඩමක් උගන්නන, කියන්නෝනි නංගීට කැරැට්ටුව අවුල් කියලා…”
මනුජ සිනාවක් සමඟ එලෙසින් සිතමින් උන්නේය. රාජකාරීමය කටයුතු වෙනුවෙන් තවත් පැය කිහිපයක් වෙහෙසෙන්නට සිදු විය. ඒ අතර වාරයේ නිර්ධා ගේ අම්මාගේ ඇමතුමක් නිසා මනුජ යම් කලබලයකටද හෙලුනේය
” පිට ගෑණු ළඟ දරුවා හැදෙනවාට අපි කැමති නෑ… මනුජගේ අම්මාට සනීප වෙනකල් දරුවා මාතර ගෙනල්ලා නවත්තලා යන්න…”
එයට තමා දිය යුතු පිළිතුර මනුජට නොවැටහුනා වුවද, දියණිය ඇස් මානයෙන් පිටමං නොකරන බව ඔහු තීරණය කර තිබුණේය.
කිසිවෙකු අයිතිවාසිමක් කියන්නට ඉදිරිපත් වුවද, දියණිය තමා සමීපයේ සිටිය යුතුය